ﰊ
                    surah.translation
            .
            
    
                                    من تأليف: 
                                            فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
                                                            .
                                                
            ﰡ
                                                                                                                
                                    ﮉ
                                    ﰀ
                                                                        
                    පෙරවරු ව මත දිවුරමින්
                                                                        තවද රාත්‍රිය මත දිවුරමින් එය (දහවල) ආවරණය කරන විට,
                                                                        නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත.
                                                                        සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.
                                                                        තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට මතු පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.
                                                                        ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දුටුවේය. එවිට ඔහු රැකවරණය දුන්නේය.
                                                                        තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දුටුවේය. එවිට ඔහු මඟ පෙන්වූයේය.
                                                                        තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දුටුවේය. එවිට ඔහු ස්වයංපෝෂිත කළේය.
                                                                        එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.
                                                                        තවද අයදින්නා ව පලවා නොහරිනු.
                                                                        තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.