ﯾ
                    surah.translation
            .
            
    
                                    من تأليف: 
                                            فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
                                                            .
                                                
            ﰡ
හිරු හකුළනු ලබන විට
                                                                        තවද තරු කඩා හැළුණු විට
                                                                        තවද කඳු ගමන් කරවනු ලබන විට
                                                                        තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට
                                                                        තවද වන සතුන් රැස් කරනු ලබන විට
                                                                        තවද මුහුදු ගිනිගනු ලබන විට
                                                                        තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට
                                                                        තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලැබූ විට
                                                                        තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැ?යි
                                                                        තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලැබූ විට
                                                                        තවද අහස නිරාවරණය කරනු ලැබූ විට
                                                                        තවද නිරය මොලවනු ලැබූ විට
                                                                        තවද (දේව විශ්වාසවන්තයින් වෙත) ස්වර්ගය සමීප කරවනු ලැබූ විට
                                                                        ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක්දැයි දැන ගනු ඇත.
                                                                        එබැවින් ගමන් කරන ග්‍රහතාරකාව මත දිවුරමි.
                                                                        
                                                                                                                
                                    ﮖﮗ
                                    ﰏ
                                                                        
                    සැඟ වී නොපෙනී (යන ග්‍රහතාරකාව මත දිවුරමි.)
                                                                        රාත්‍රිය මත දිවුරමින්. එය ගෙවී යන විට.
                                                                        පෙරවරුව මත දිවුරමින්. එය උදා වී පවතින විට
                                                                        නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.
                                                                        බලයෙන් යුක්ත ස්ථාවර ව පවතින සර්වරාජ්යයේ හිමිකරු අබියස සිටින,
                                                                        තවද එහි යටහත් වනු ලබන විශ්වාසවන්ත, (දූතයකුගේ වදන වේ.)
                                                                        තවද නුඹලාගේ සගයා උම්මත්තකයෙකු නොවේ.
                                                                        තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්ෂිතිජයෙහි දුටුවේය.
                                                                        තවද ඔහු (සත්‍ය) සඟවන මසුරෙකු නොවේ.
                                                                        තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නොවේ.
                                                                        
                                                                                                                
                                    ﯧﯨ
                                    ﰙ
                                                                        
                    එබැවින් නුඹලා කොහේ යන්නෙහු ද?
                                                                        එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.
                                                                        නුඹලා අතුරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද ඔහුටය.
                                                                        තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත වන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය.