ﮱ
                    surah.translation
            .
            
    
                                    من تأليف: 
                                            فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
                                                            .
                                                
            ﰡ
                                                                                                                
                                    ﭑﭒ
                                    ﰀ
                                                                        
                    පෙළින් පෙළට පෙළ ගැසී සිටින්නන්(මලක්වරු)මත දිවුරමින්.
                                                                        
                                                                                                                
                                    ﭔﭕ
                                    ﰁ
                                                                        
                    තවද පසුපසින් මෙහෙයවා යන්නන් (මලක්වරු) මත දිවුරමින්.
                                                                        
                                                                                                                
                                    ﭗﭘ
                                    ﰂ
                                                                        
                    තවද මෙනෙහි කිරීම පාරායනය කරන්නන් මත දිවුරමින්.
                                                                        නියත වශයෙන්ම නුඹලාගේ දෙවියා එකමය.
                                                                        අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. තවද නැගෙනහිරවල්හි ද හිමිපාණන්ය.
                                                                        නියත වශයෙන්ම සමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මගින් අලංකාරවත් කළෙමු.
                                                                        තවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන්ම ආරක්ෂාවක් වශයෙනි.
                                                                        උසස් වූ පිරිස (මලක්වරු) වෙත ඔවුන් සවන් දිය නොහැකිය. තවද ඔවුහු සෑම පැත්තකින්ම පහර දෙනු ලබති.
                                                                        (එය) පලවා හැරීමක් වශයෙනි. තවද ඔවුනට නිරන්තර දඬුවමක් ඇත.
                                                                        (රහස් කතා) පැහැර ගෙන සවන් දෙන්නා හැර. එවිට සිදුරු කරන උල්කාවන් ඔහු ලුහුබඳියි.
                                                                        “මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙන සුළු මැටියෙන් මැව්වෙමු.
                                                                        නමුත් ඔබ පුදුම වූයෙහිය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති.
                                                                        තවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නොලබති.
                                                                        තවද ඔවුහු සංඥාවක් දුටු විට සමච්චල් කරති.
                                                                        තවද ඔවුහු මෙසේ පවසා සිටියහ. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”
                                                                        “අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”
                                                                        
                                                                                                                
                                    ﯗﯘ
                                    ﰐ
                                                                        
                    “අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද)”
                                                                        “එසේය. තවද නුඹලා (අල්ලාහ් ඉදිරියේ) පහත් වූවන් යැ”යි ඔබ පවසනු.
                                                                        නියත වශයෙන්ම එය එක් හඬකි. එවිට ඔවුහු එය දකිති.
                                                                        තවද “අහෝ! අපගේ විනාශය. මෙය විනිශ්චය දිනය වේ” යැයි ඔවුහු පවසති.
                                                                        “නුඹලා කවර දෙයක බොරුකරමින් සිටියේ ද එම විනිශ්චය දිනය මෙය වේ” (යැයි කියනු ලැබේ.)
                                                                        අපරාධ කළවුන් හා ඔවුන්ගේ ජොඩු ද අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් ගැතිකම් කරමින් සිටි දෑ ද නුඹලා එක්රැස් කරනු.
                                                                        (අල්ලාහ්ගෙන් තොර ව) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.
                                                                        තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝය.
                                                                        නුඹලාට කුමක්වීද? නුඹලා එකිනෙකා උදව් කර නොගන්නෙහුය.
                                                                        එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝය.
                                                                        ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති.
                                                                        නියත වශයෙන්ම නුඹලා දකුණු දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය යැයි ඔවුහු පවසා සිටියහ.
                                                                        “එසේ නොව නුඹලා දෙවියන් විශ්වාස කරන්නන් නොවූයෙහු” යැයි ඔවුහු පවසා සිටියහ.
                                                                        නුඹලා මත කිසිදු බලයක් (යෙදවීමට) අපට නොවීය. නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.
                                                                        එහෙයින් අපට එරෙහි ව අපගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වී ඇත. නියත වශයෙන්ම අපි (එය) රස විඳින්නෝ වෙමු.
                                                                        එහෙයින් අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන්ම අප ද නොමග ගියවුන් වූයෙමු.
                                                                        එහෙයින් නියත වශයෙන්ම ඔවුහු එදින දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.
                                                                        නියත වශයෙන්ම අපි වැරදිකරුවන් සමග කටයුතු කරන්නේ එලෙසය.
                                                                        “අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි” ඔවුනට පැවසූ විට, නියත වශයෙන්ම ඔවුහු උඩඟුකම් පාමින් සිටියහ.
                                                                        තවද “උමතු වූ කවියෙකු වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන් අතහැර දමන්නෝ වෙමුදැ”යි ඔවුහු පවසා සිටිති.
                                                                        නමුත් ඔහු සත්‍යය සමග පැමිණියේය. තවද ඔහු (පෙර සිටි) දහම් දූතයින් සත්‍යය කළේය.
                                                                        නියත වශයෙන්ම (අෂිශ්ට ජනයා වන) නුඹලා එම වේදනීය දඬුවම රස විඳින්නෝමය.
                                                                        නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලාට ප්‍රතිඵල දෙනු නොලබනු ඇත.
                                                                        නමුත් අල්ලාහ්ගේ අවංක වූ ගැත්තන් හැර.
                                                                        තමන්ට නියම කරන ලද පෝෂණය ඇත්තෝ ඔවුහුමය.
                                                                        පලතුරු ද ඇත. තවද ඔවුහු ගරු කරනු ලබන්නෝය.
                                                                        (ඔවුන්) සැප පහසුකම් සහිත උයන්හි (සිටිති)
                                                                        යහන් මත එකිනෙකාට මුහුණ ලා සිටිති.
                                                                        උල්පතින් වූ කුසලාන (ජලබඳුන්) ඔවුන් වටා යවනු ලැබේ.
                                                                        එය සුදු පැහැතිය. පානය කරන්නන් හට ප්‍රණීතය.
                                                                        එහි (සිහිවිකල් වන ආකාරයේ) උවදුරක් නොමැත. තවද ඔවුහු එයින් මත් බවට පත් කරනු ලබන්නෝ නොවෙති.
                                                                        තවද දමිත බැල්මෙන් යුත් ලලනාවෝ ඔවුන් අබියස වෙති.
                                                                        නියත වශයෙන්ම ඔවුන් සඟවා තබනු ලැබූ බිත්තර මෙනි.
                                                                        ඔවුන් එකිනෙකා (මෙලොව කටයුතු කළ ආකාරය) විමසා ගනිමින් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ඉදිරියට එනු ඇත.
                                                                        නියත වශයෙන්ම මට සමීප මිතුරෙකු සිටියේ යැයි ඔවුන් අතුරින් ප්‍රකාශකයකු පවසනු ඇත.
                                                                        නියත වශයෙන්ම ඔබ සත්‍ය කරන්නන් අතුරින් දැ?යි ඔහු පවසයි.
                                                                        අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අප විමසනු ලබන්නේ දැ?(යි ද ඔහු විමසයි.)
                                                                        නුඹලා එබී බැලිය යුත්තෝ දැයි ඔහු විමසයි.
                                                                        එවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත.
                                                                        අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය.
                                                                        මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නොවී නම් මම (විනිශ්චය සඳහා) සම්මුඛ කරනු ලබන්නන් අතුරින් වෙමි.
                                                                        එසේ නම් අප මිය යන්නන් ලෙස නොවන්නෙමු ද?
                                                                        අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු.
                                                                        නියත වශයෙන්ම මෙයමය අතිමහත් ජයග්‍රහණය.
                                                                        මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!
                                                                        සංග්‍රහයෙන් ශ්‍රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගසද?
                                                                        නියත වශයෙන්ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු.
                                                                        නියත වශයෙන්ම එය නිරය පතුලෙහි මතු වෙන ගසකි.
                                                                        එහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි.
                                                                        එවිට ඔවුහු එයින් අනුභව කරන්නෝ වෙති. එවිට ඔවුහු එයින් කුසවල් පුරවාගන්නෝ වෙති.
                                                                        පසු ව නියත වශයෙන්ම ඔවුනට එහි ලෝ දියෙන් යුත් පානයක් ඇත.
                                                                        පසු ව නියත වශයෙන්ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙතය.
                                                                        නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝය.
                                                                        එහෙත් ඔවුහු ඔවුන්ගේ සලකුණු මත යන්නට යුහුසුළු වෙති.
                                                                        ඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින්ම නොමග ගියෝය.
                                                                        තවද සැබැවින්ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු.
                                                                        අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර අවවාද කරනු ලැබූ (නමුත් ඒවා ඉවත දැමු)වන්ගේ අවසානය කෙසේ වූයේ දැයි මැනවින් බලනු.
                                                                        අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර
                                                                        තවද සැබැවින්ම නූහ් අප ඇමතුවේය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නෝ වූයෙමු.
                                                                        අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු.
                                                                        තවද අපි ඔහුගේ පරපුර ඉතිරිවූවන් බවට පත් කළෙමු.
                                                                        තවද පසු පරපුර අතර ඔහු (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.
                                                                        ලෝවැසියන් අතර නූහ් ට ශාන්තිය අත්වේවා!
                                                                        නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
                                                                        නියත වශයෙන්ම (නූහ් වන) ඔහු දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් විය.
                                                                        පසු ව අපි සෙස්සන් (දියේ) ගිල්වූයෙමු.
                                                                        තවද නියත වශයෙන්ම ඔහුගේ පිළිවෙතින් වූ කෙනෙකි ඉබ්‍රාහීම්.
                                                                        සන්සුන් හදවතකින් ඔහු ඔහුගේ පරමාධිපති වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරනු.
                                                                        ‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
                                                                        “අල්ලාහ් හැර ව්‍යාජ දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”
                                                                        “එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”
                                                                        එවිට ඔහු තාරකා අතර මනා බැල්මකින් අධීක්ෂණයෙන් බැලුවේය.
                                                                        එවිට (ඔවුන්ගේ උත්සවයට සහභාගි වීම වළක්වනු පිණිස) ‘නියත වශයෙන්ම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේය.
                                                                        එවිට ඔවුහු පිටුපාන්නන් ලෙසින් ඔහු වෙතින් හැරී ගියෝය.
                                                                        පසු ව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ නැඹුරු වී “නුඹලා අනුභව නොකරන්නෙහුදැ”යි විමසා සිටියේය.
                                                                        “නුඹලා කතා නොකර සිටීමට නුඹලාට කුමක් වීද?“
                                                                        පසු ව ඔහු (ඉබ්‍රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේය.
                                                                        ඔවුහු වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට පැමිණියෝය.
                                                                        “නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහුදැ?”යි ඔහු විමසුවේය.
                                                                        “තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මැව්වේය.“
                                                                        “ඔහු වෙනුවෙන් ගොඩනැගිල්ලක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ.
                                                                        එවිට ඔවුහු ඔහුට (ඉබ්‍රාහීම් ට) කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළෝය. එහෙයින් අපි ඔවුන් පහත්වූවන් බවට පත් කළෙමු.
                                                                        “නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙත යන්නෙකු වෙමි. ඔහු මට මග පෙන්වනු ඇතැයි” (ගින්නෙන් මිදුනු) ඔහු පැවසුවේය.
                                                                        මාගේ පරමාධිපතියාණනි! මා හට දැහැමියන් අතුරින් කෙනෙකු පිරිනමනු. (යැයි පැවසුවේය.)
                                                                        එවිට ඉවසිලිවන්ත දරුවකු පිළිබඳ ව අපි ඔහුට ශුභාරංචි දුන්නෙමු.
                                                                        ඔහු සමග ඇවිද යන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන්ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක්දැයි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතුරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසීය.
                                                                        පසු ව ඔවුන් දෙදෙනා (අල්ලාහ්ගේ අභිමතයට) එකඟ වූ කල්හි (ඉබ්‍රාහීම්) ඔහු (ඉස්මායිල් වන) ඔහු ව මුණින් අතට පෙරළා දැමීය.
                                                                        තවද ‘අහෝ ඉබ්‍රාහීම්!’ යැයි අපි ඔහු ඇමතුවෙමු.
                                                                        “සැබැවින්ම ඔබ සිහිනය සැබෑ කළෙහිය.” නියත වශයෙන්ම අපි එලෙසය දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
                                                                        නියත වශයෙන්ම පැහැදිලි පරීක්ෂාව මෙයමය.
                                                                        මහත් වූ (සත්ව) කැපයක් අපි ඔහුට ඇප වශයෙන් පිරිනැමුවෙමු.
                                                                        තවද සෙස්සන් අතර ඔහු (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.
                                                                        “ඉබ්‍රාහීම් වෙත ශාන්තිය අත්වේවා!”
                                                                        අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
                                                                        නියත වශයෙන්ම ඔහු දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් විය.
                                                                        තවද අපි දැහැමියන් අතුරින් නබිවරයකු වශයෙන් ඉස්හාක් පිළිබඳව ඔහුට ශුභාරංචි දැන්වූයෙමු.
                                                                        තවද අපි ඔහු වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්‍රකට ලෙස තමන්ටම අපරාධ කර ගන්නා අය ද විය.
                                                                        තවද සැබැවින්ම අපි මූසා හා හාරූන් වෙත උපකාර කළෙමු.
                                                                        තවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්‍යසනයෙන් මුදවා ගත්තෙමු.
                                                                        තවද අපි ඔවුනට උදව් කළෙමු. එහෙයින් ඔවුහු අබිබවා යන්නන් වූහ.
                                                                        තවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු.
                                                                        තවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට මග පෙන්වූයෙමු.
                                                                        තවද සෙස්සන් අතර ඔවුන් දෙදෙනා වෙත (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.
                                                                        තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!
                                                                        නියත වශයෙන්ම අපි දැහැමියන්ට ත්‍යාග පිරිනමනුයේ එලෙසය.
                                                                        නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් වෙති.
                                                                        තවද නියත වශයෙන්ම ඉල්යාස් දහම් දූතයින් අතුරිනි.
                                                                        “නුඹලා බැතිමත් නොවන්නෙහු දැ”යි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහියට නගනු.
                                                                        “මැවුම්කරුවන්ගෙන් වඩාත් විශිෂ්ටතයා අතහැර දමා නුඹලා (බඅල් නම්) වෙනත් දෙවියකුට ඇරයුම් කරන්නෙහු ද?
                                                                        ඔහු නුඹලාගේ පරමාධිපති වූ ද නුඹලාගේ මුල් මුතුන්මිත්තන්ගේ පරමාධිපති වූ අල්ලාහ් ය.
                                                                        නමුත් ඔවුහු ඔහු බොරු කළෝය. එහෙයින් ඔවුහු (විනිශ්චය වෙත) ඉදිරිපත් කරනු ලබන්නෝ වූහ.
                                                                        නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
                                                                        තවද සෙස්සන් අතර ඔහු (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.
                                                                        ඉල්යාසීන් වෙත ශාන්තිය අත්වේවා!
                                                                        නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
                                                                        නියත වශයෙන්ම ඔහු දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් වෙයි.
                                                                        තවද නියත වශයෙන්ම ලූත් දහම් දූතයින් අතුරිනි.
                                                                        ඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු.
                                                                        ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර
                                                                        පසු ව අපි සෙස්සන් සහමුලින්ම විනාශ කළෙමු.
                                                                        තවද නියත වශයෙන්ම නුඹලා උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහුය.
                                                                        රාත්‍රියෙහි ද (ඔවුන්ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන පසුකර ගමන් ගන්නෙහුය) එහෙයින් නුඹලා වටහා නොගන්නෙහු ද?
                                                                        තවද නියත වශයෙන්ම යූනුස් දහම් දූතයින් අතුරිනි.
                                                                        පටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව සිහියට නගනු.
                                                                        එවිට කුසපත් ඇද්දේය. එවිට ඔහු කුසපත් ඇදීමෙන් තෝරා ගනු ලැබූවන් අතුරින් විය.
                                                                        පසු ව ඔහු දොස් නගනු ලැබූ තත්ත්වයේ මත්සයා ඔහු ගිල දැමීය.
                                                                        නියත වශයෙන්ම ඔහු සුවිශුද්ධ කරන්නන් අතුරින් කෙනෙකු නොවී නම්
                                                                        ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා උගේ කුස තුළ රැඳෙන්නට තිබුණි.
                                                                        එවිට ඔහු රෝගී ව සිටිය දී අපි ඔහු පාළු වෙරළකට හෙළුවෙමු.
                                                                        තවද අපි ඒ මත වැල් වලින් යුත් (ලබු වැනි) ගසක් හට ගැන්වූයෙමු.
                                                                        තවද අපි ඔහු සිය දහසක් දෙනා වෙත හෝ (ඊට වඩා) අධික වූ අය වෙත දහම් දූතයකු ලෙස එව්වෙමු
                                                                        එවිට ඔවුහු විශ්වාස කළෝය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු.
                                                                        ඔබේ පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් දැයි ඔබ ඔවුන්ගෙන් කරුණු විමසනු.
                                                                        එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?
                                                                        දැන ගනු. නියත වශයෙන්ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ
                                                                        අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
                                                                        ඔහු පුතුන්ට වඩා දූවරුන් තෝරා ගත්තේද?
                                                                        නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?
                                                                        
                                                                                                                
                                    ﭖﭗ
                                    ﲚ
                                                                        
                    නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
                                                                        නැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි බලයක් තිබේ ද?
                                                                        එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ (බල සහිත) පුස්තකය ගෙන එනු.
                                                                        තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝය. තවද නියත වශයෙන්ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්නුන් සැබැවින්ම දැනගත්තෝය.
                                                                        ඔවුන් ආරෝපණය කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
                                                                        නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
                                                                        එහෙයින් සැබැවින්ම නුඹලා හා නුඹලා නමදින දෑ
                                                                        ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස නුඹලා නැත.
                                                                        නිරා ගින්නට පිවිසීමට කළින් නියම කරනු ලැබුවන් හැර
                                                                        නියම කරනු ලැබූ ස්ථානයක් තමන්ට හිමිව ඇත්තන් මිස අප අතුරින් (කිසිවෙක්) නැත.
                                                                        තවද නියත වශයෙන්ම අපමය පෙළගැසෙන්නෝ.
                                                                        තවද නියත වශයෙන්ම අපමය පිවිතුරු කරන්නෝ.
                                                                        ඔවුහු පවසමින් සිටියෝය.
                                                                        මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින්ම අප වෙත තිබුණේ නම්
                                                                        සැබැවින්ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝය.)
                                                                        නමුත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
                                                                        දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන් හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින්ම පෙරටු විය.
                                                                        නියත වශයෙන්ම ඔවුහුමය උදව් කරනු ලබන්නෝ.
                                                                        තවද නියත වශයෙන්ම අපගේ සේනාව වන ඔවුහුමය (අබිබවා යමින්) ජය ලබන්නෝ.
                                                                        එහෙයින් ඔබ මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු.
                                                                        තවද ඔවුන් ගැන ඔබ බලා සිටිනු. එවිට ඔවුන් (ඔවුන්ගේ දඬුවම) මතු දකිනු ඇත.
                                                                        
                                                                                                                
                                    ﯧﯨ
                                    ﲯ
                                                                        
                    එහෙයින් අපගේ දඬුවම ද ඔවුන් ඉක්මණින් පතනුයේ?
                                                                        ඔවුන්ගේ මිදුලට එය පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය.
                                                                        මද කලක් දක්වා ඔවුන්ගෙන් ඔබ ඉවත් ව සිටිනු.
                                                                        තවද ඔවුන් ගැන ඔබ බලා සිටිනු. එවිට ඔවුන්(ගේ දඬුවම) මතු දකිනු ඇත.
                                                                        ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.
                                                                        සියලුම දහම් දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා!
                                                                        ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමිය.