Surah Al-Haqqah in සිංහල
سورة الحاقة · Verses: 52 · Meccan
Translation: සිංහල translation (الترجمة السنهالية)
-
1
ٱلۡحَآقَّةُ
අල්-හාක්කා -
2
مَا ٱلۡحَآقَّةُ
අල්-හාක්කා යනු කුමක් ද? -
3
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ
අල්-හාක්කා යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද? -
4
كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ
(හදවත්) තට්ටු කරන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝය. -
5
فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ
සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබූහ. -
6
وَأَمَّا عَادࣱ فَأُهۡلِكُواْ بِرِيحࣲ صَرۡصَرٍ عَاتِيَةࣲ
තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළී සුළඟකින් විනාශ කරනු ලැබීය. -
7
سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالࣲ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومࣰاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةࣲ
එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩ ව ඔහු එවීය. එවිට ඔවුන් බොල් වූ ඉඳි ගස් වල කඳන් මෙන් එහි විනාශයට පත් ව සිටිනු නුඹ දකින්නට තිබුණි. -
8
فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةࣲ
එවිට ඔවුන්ගෙන් ඉතිරි ව සිටින කිසිවකු හෝ නුඹ දුටුවේද? -
9
وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ
ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝය. -
10
فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةࣰ رَّابِيَةً
එවිට ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑහ. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේය. -
11
إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ
ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන්ම අපි නුඹලා ව යාත්‍රාවේ ඉසිලුවෙමු. -
12
لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةࣰ وَتَعِيَهَآ أُذُنࣱ وَٰعِيَةࣱ
එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිසය. -
13
فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةࣱ وَٰحِدَةࣱ
හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට -
14
وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةࣰ وَٰحِدَةࣰ
තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් හෙළනු ලබන විට, -
15
فَيَوۡمَئِذࣲ وَقَعَتِ ٱلۡوَاقِعَةُ
එදින සිදු වන දෑ සිදු වනු ඇත. -
16
وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذࣲ وَاهِيَةࣱ
තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වල ව පවතී. -
17
وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذࣲ ثَمَٰنِيَةࣱ
තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති. -
18
يَوۡمَئِذࣲ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةࣱ
එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. සඟවන කිසිවක් නුඹලා අතුරින් සැඟවෙන්නේ නැත. -
19
فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ
තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු. -
20
إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ
නියත වශයෙන්ම මාගේ විනිශ්චයට නියත වශයෙන්ම මම සම්මුඛ වන බව සැබැවින්ම මම සිතුවෙමි” යැයි පවසයි. -
21
فَهُوَ فِي عِيشَةࣲ رَّاضِيَةࣲ
එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි වෙයි. -
22
فِي جَنَّةٍ عَالِيَةࣲ
උසස් (ස්වර්ග) උයනෙහි වෙයි. -
23
قُطُوفُهَا دَانِيَةࣱ
එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි. -
24
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ
“පසු ගිය දින වල නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.) -
25
وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ
තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ ! මාගේ විනාශය ! මාගේ වාර්තාව මට දෙනු නොලැබුවේ නම් !” යැයි පවසයි. -
26
وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ
“තවද මාගේ විනිශ්චය කුමක්දැයි මා නොදනී නම් !” -
27
يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ
“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” යැයි පවසයි. -
28
مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ
“මාගේ ධනය මට කිසිදු ඵලක් නොදුන්නේය.” -
29
هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ
“මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.) -
30
خُذُوهُ فَغُلُّوهُ
“නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.” -
31
ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ
පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු. -
32
ثُمَّ فِي سِلۡسِلَةࣲ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعࣰا فَٱسۡلُكُوهُ
ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු. -
33
إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ
නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය. -
34
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
තවද දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත. -
35
فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمࣱ
එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත. -
36
وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينࣲ
(තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත. -
37
لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ
වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නොකරයි. -
38
فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ
නුඹලා දකින දෑ මත ද මම දිවුරමි. -
39
وَمَا لَا تُبۡصِرُونَ
නුඹලා නොදකින දෑ මත ද මම දිවුරමි. -
40
إِنَّهُۥ لَقَوۡلُ رَسُولࣲ كَرِيمࣲ
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි. -
41
وَمَا هُوَ بِقَوۡلِ شَاعِرࣲۚ قَلِيلࣰا مَّا تُؤۡمِنُونَ
තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි. -
42
وَلَا بِقَوۡلِ كَاهِنࣲۚ قَلِيلࣰا مَّا تَذَكَّرُونَ
එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි. -
43
تَنزِيلࣱ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ
(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි. -
44
وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ
ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම් -
45
لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ
අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු. -
46
ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ
පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු. -
47
فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ
එවිට නුඹලා අතුරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නොසිටියි. -
48
وَإِنَّهُۥ لَتَذۡكِرَةࣱ لِّلۡمُتَّقِينَ
තවද නියත වශයෙන්ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි. -
49
وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ
නියත වශයෙන්ම නුඹලා අතුරින් මුසාවාදීන් සිටින බව සැබැවින්ම අපි දනිමු. -
50
وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ
තවද නියත වශයෙන්ම එය දේව ප්‍රතික්ෂේපකයින්හට බලවත් ශෝකයකි. -
51
وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ
තවද නියත වශයෙන්ම එය ස්ථීර සත්‍යයකි. -
52
فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ
එහෙයින් නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.