Surah Ash-Sharh in සිංහල
سورة الشرح · Verses: 8 · Meccan
Translation: සිංහල translation (الترجمة السنهالية)
-
1
أَلَمۡ نَشۡرَحۡ لَكَ صَدۡرَكَ
අපි නුඹගේ හදවත නුඹට පුළුල් නොකළෙමු ද? -
2
وَوَضَعۡنَا عَنكَ وِزۡرَكَ
නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු. -
3
ٱلَّذِيٓ أَنقَضَ ظَهۡرَكَ
නුඹේ පිට තළමින් තිබූ -
4
وَرَفَعۡنَا لَكَ ذِكۡرَكَ
තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු. -
5
فَإِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرًا
එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත. -
6
إِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرࣰا
සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත. -
7
فَإِذَا فَرَغۡتَ فَٱنصَبۡ
එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) නැගී සිටිනු. -
8
وَإِلَىٰ رَبِّكَ فَٱرۡغَب
තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.