Surah Al-Buruj in සිංහල
سورة البروج · Verses: 22 · Meccan
Translation: සිංහල translation (الترجمة السنهالية)
-
1
وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ
ග්‍රහ මණ්ඩලයන් ගෙන් යුත් අහස මත ද, -
2
وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ
ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත ද, -
3
وَشَاهِدࣲ وَمَشۡهُودࣲ
සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්. -
4
قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ
අගල් වැසියෝ (අල්ලාහ් විසින්) විනාශ කරනු ලැබුවෝය. -
5
ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ
ඉන්ධන වලින් යුක්ත ගින්නෙන් වූ -
6
إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودࣱ
ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය. -
7
وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودࣱ
එකල් හි විශ්වාස කළවුන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් (ඒ මත වාඩි වී සිටියෝය.) -
8
وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ
ප්‍රශංසාලාභී සර්ව බලපරාක්රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය. -
9
ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءࣲ شَهِيدٌ
අහස් හා මහපොළොවෙහි රාජ්‍ය බලය සතු (අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන්) තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය. -
10
إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ
නියත වශයෙන්ම විශ්වාස කරන පිරිමින්ට හා විශ්වාස කරන කාන්තාවන්ට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම ද තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත. -
11
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتࣱ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය. -
12
إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය. -
13
إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ
(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය. -
14
وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ
ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය. -
15
ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ
කීර්තිමත් අර්ෂ්හි (රාජ්‍යයෙහි) හිමිකරු ය. -
16
فَعَّالࣱ لِّمَا يُرِيدُ
ඔහු සිතන දේ මැනවින් කරන්නා ය. -
17
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ
(නබිවරය) නුඹට ප්රජාවන්ගේ පුවත පැමිණියේ ද? -
18
فِرۡعَوۡنَ وَثَمُودَ
ෆිර්අවුන් හා සමූද් (ප්රජාවන්ගේ පුවත පැමිණියේ ද?) -
19
بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبࣲ
නමුත් ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය. -
20
وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ
තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය. -
21
بَلۡ هُوَ قُرۡءَانࣱ مَّجِيدࣱ
නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ. -
22
فِي لَوۡحࣲ مَّحۡفُوظِۭ
ආරක්ෂා කරනු ලැබූ ඵලකයෙහි වූ