Surah Al-Infitar in සිංහල
سورة الإنفطار · Verses: 19 · Meccan
Translation: සිංහල translation (الترجمة السنهالية)
-
1
إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ
අහස පිපිරී වෙන් ව ගිය විට -
2
وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ
තවද තාරුකාවන් වැටී විසිරී ගිය විට -
3
وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ
තවද සමුද්‍රයන් පුපුරා (එකිනෙක මිශ්‍ර වී) ගලා යන විට -
4
وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ
තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට -
5
عَلِمَتۡ نَفۡسࣱ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ
සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත. -
6
يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ
අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මංමුළා කළේ කුමක් ද? -
7
ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ
නුඹ ව හැඩගස්වා නුඹට සමබරතාව ඇති කළේ ඔහුය. -
8
فِيٓ أَيِّ صُورَةࣲ مَّا شَآءَ رَكَّبَكَ
කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් නුඹ මවා, -
9
كَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّينِ
නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය. -
10
وَإِنَّ عَلَيۡكُمۡ لَحَٰفِظِينَ
නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් ඇත -
11
كِرَامࣰا كَٰتِبِينَ
ගෞරවනීය ලේඛකයින් -
12
يَعۡلَمُونَ مَا تَفۡعَلُونَ
ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝය. -
13
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمࣲ
නියත වශයෙන්ම දැහැමියන් සුව සැපයෙහි ය. -
14
وَإِنَّ ٱلۡفُجَّارَ لَفِي جَحِيمࣲ
තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය. -
15
يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ
විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙන්නෝය. -
16
وَمَا هُمۡ عَنۡهَا بِغَآئِبِينَ
තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟවී සිටින්නන් නොවෙති. -
17
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද? -
18
ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
පසු ව ද විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද? -
19
يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسࣱ لِّنَفۡسࣲ شَيۡـࣰٔاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذࣲ لِّلَّهِ
එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් (හෝ පිහිටවීමේ) බලය නොදරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් වෙත ය.