Surah Ash-Shams in සිංහල
سورة الشمس · Verses: 15 · Meccan
Translation: සිංහල translation (الترجمة السنهالية)
-
1
وَٱلشَّمۡسِ وَضُحَىٰهَا
හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින් -
2
وَٱلۡقَمَرِ إِذَا تَلَىٰهَا
එය පසුපසින් හඹා යන සඳු මත ද, -
3
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا
දහවල එය ඔප් නංවන විට එය මත ද, -
4
وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰهَا
රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද, -
5
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا
අහස හා එය ගොඩ නැගූ දෑ මත ද, -
6
وَٱلۡأَرۡضِ وَمَا طَحَىٰهَا
පොළොව හා එය ව්‍යාප්ත කළ දෑ මත ද, -
7
وَنَفۡسࣲ وَمَا سَوَّىٰهَا
ආත්මය හා එය සැකසූ දෑ මත ද දිවුරමින් -
8
فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද, එහි ධාර්මිකතාව ද ප්‍රවිෂ්ට කළේය. -
9
قَدۡ أَفۡلَحَ مَن زَكَّىٰهَا
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය. -
10
وَقَدۡ خَابَ مَن دَسَّىٰهَا
තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය. -
11
كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَآ
සමූද් ජනයා තම සීමා ඉක්මවා අපරාධ කරමින් (එය) බොරු යැයි පැවසුවෝය. -
12
إِذِ ٱنۢبَعَثَ أَشۡقَىٰهَا
ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට, -
13
فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡيَٰهَا
මෙය අල්ලාහ්ගේ ඔටු දෙනය. (මෙයට හිංසා නොකරනු) යැයි ද උගේ පැන් ස්ථානය (පැන් බීමෙන් නොවළක්වන්න) යැයි” ද අල්ලාහ්ගේ දූතයා පැවසුවේය. -
14
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَيۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا
එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය. -
15
وَلَا يَخَافُ عُقۡبَٰهَا
තවද ඔවුන්ගේ අවසානය ගැන ඔහු බියවන්නේ නැත.