Surah Al-Lail in සිංහල
سورة الليل · Verses: 21 · Meccan
Translation: සිංහල translation (الترجمة السنهالية)
-
1
وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰ
රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින් -
2
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ
දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත ද, -
3
وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ
පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්. -
4
إِنَّ سَعۡيَكُمۡ لَشَتَّىٰ
නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය. -
5
فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ
එහෙයින් පරිත්‍යාග කර, බිය බැතිමත් වී -
6
وَصَدَّقَ بِٱلۡحُسۡنَىٰ
යහපත ගෙන සාක්ෂාත් කළ කෙනෙකු වූ කලී -
7
فَسَنُيَسِّرُهُۥ لِلۡيُسۡرَىٰ
අපි ඔහුට පහසුව වෙතට පහසු කරන්නෙමු. -
8
وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ
තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර (ස්වයං පූරිත) යැයි සිතා -
9
وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ
විශිෂ්ට දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී -
10
فَسَنُيَسِّرُهُۥ لِلۡعُسۡرَىٰ
අපි ඔහු ව දුෂ්කරතාව වෙතට පහසු කරන්නෙමු. -
11
وَمَا يُغۡنِي عَنۡهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ
තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත. -
12
إِنَّ عَلَيۡنَا لَلۡهُدَىٰ
නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය. -
13
وَإِنَّ لَنَا لَلۡأٓخِرَةَ وَٱلۡأُولَىٰ
තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව ඇත්තේ අපහට ය. -
14
فَأَنذَرۡتُكُمۡ نَارࣰا تَلَظَّىٰ
එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි. -
15
لَا يَصۡلَىٰهَآ إِلَّا ٱلۡأَشۡقَى
අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත. -
16
ٱلَّذِي كَذَّبَ وَتَوَلَّىٰ
පිටු පා අසත්‍යය කළ -
17
وَسَيُجَنَّبُهَا ٱلۡأَتۡقَى
තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මුදවා ගන්නෙමු. -
18
ٱلَّذِي يُؤۡتِي مَالَهُۥ يَتَزَكَّىٰ
තම ධනය පිරිනමා පිවිතුරු වන -
19
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعۡمَةࣲ تُجۡزَىٰٓ
තමා අසල තිබී පිරිනමනු ලැබූ කිසිදු සම්පතක් (වෙන) කිසිවෙකු වෙනුවෙන් නොවීය. -
20
إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِ ٱلۡأَعۡلَىٰ
උත්තරීතර තම පරමාධිපතිගේ මුහුණට (තෘප්තිය අපේක්ෂාවෙන්) මිස -
21
وَلَسَوۡفَ يَرۡضَىٰ
තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.