ترجمة سورة التين

الترجمة السنهالية
ترجمة معاني سورة التين باللغة السنهالية من كتاب الترجمة السنهالية .
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

අත්තික්කා හා ඔලිව් මත ද,
සිනායි කන්ද මත ද,
අභයදායී මෙම නගරය මත ද දිවුරමින්.
සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.
පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි නැවත පත් කළෙමු.
විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්‍රතිඵල ඇත.
එබැවින් ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?
විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද?
Icon