Surah Al-'Alaq in සිංහල
سورة العلق · Verses: 19 · Meccan
Translation: සිංහල translation (الترجمة السنهالية)
-
1
ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ
මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. -
2
خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ
ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය. -
3
ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ
අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. -
4
ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ
පෑනෙන් ඉගැන් වූ -
5
عَلَّمَ ٱلۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ
ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය. -
6
كَلَّآ إِنَّ ٱلۡإِنسَٰنَ لَيَطۡغَىٰٓ
නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය. -
7
أَن رَّءَاهُ ٱسۡتَغۡنَىٰٓ
තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය. -
8
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجۡعَىٰٓ
නියත වශයෙන්ම නැවත හැරී යනුයේ නුඹගේ පරමාධිපති වෙතය. -
9
أَرَءَيۡتَ ٱلَّذِي يَنۡهَىٰ
ඔහු ව වළක්වන අය ව නුඹ දුටුවෙහිද? -
10
عَبۡدًا إِذَا صَلَّىٰٓ
ගැත්තා සලාතය ඉටු කරන විට -
11
أَرَءَيۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰٓ
ඔහු යහමඟෙහි සිටීම නුඹ දුටුවෙහිද? -
12
أَوۡ أَمَرَ بِٱلتَّقۡوَىٰٓ
නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටීම (නුඹ දුටුවෙහිද?) -
13
أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ
තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපෑම නුඹ දුටුවෙහි ද? -
14
أَلَمۡ يَعۡلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ
නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියේද? -
15
كَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِيَةِ
නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු. -
16
نَاصِيَةࣲ كَٰذِبَةٍ خَاطِئَةࣲ
එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි. -
17
فَلۡيَدۡعُ نَادِيَهُۥ
එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන්(වන උදව්කරුවන්)ව කැඳවත්වා! -
18
سَنَدۡعُ ٱلزَّبَانِيَةَ
මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු. -
19
كَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡۤ وَٱقۡتَرِب۩
නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.