الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الشمس හි පරිවර්තනය
Verse 1
ﭜﭝ
ﭞ
හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්
Verse 2
ﭟﭠﭡ
ﭢ
එය පසුපසින් හඹා යන සඳු මත ද,
Verse 3
ﭣﭤﭥ
ﭦ
දහවල එය ඔප් නංවන විට එය මත ද,
Verse 4
ﭧﭨﭩ
ﭪ
රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද,
Verse 5
ﭫﭬﭭ
ﭮ
අහස හා එය ගොඩ නැගූ දෑ මත ද,
Verse 6
ﭯﭰﭱ
ﭲ
පොළොව හා එය ව්‍යාප්ත කළ දෑ මත ද,
Verse 7
ﭳﭴﭵ
ﭶ
ආත්මය හා එය සැකසූ දෑ මත ද දිවුරමින්
Verse 8
ﭷﭸﭹ
ﭺ
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද, එහි ධාර්මිකතාව ද ප්‍රවිෂ්ට කළේය.
Verse 9
ﭻﭼﭽﭾ
ﭿ
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.
Verse 10
ﮀﮁﮂﮃ
ﮄ
තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
Verse 11
ﮅﮆﮇ
ﮈ
සමූද් ජනයා තම සීමා ඉක්මවා අපරාධ කරමින් (එය) බොරු යැයි පැවසුවෝය.
Verse 12
ﮉﮊﮋ
ﮌ
ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,
Verse 13
මෙය අල්ලාහ්ගේ ඔටු දෙනය. (මෙයට හිංසා නොකරනු) යැයි ද උගේ පැන් ස්ථානය (පැන් බීමෙන් නොවළක්වන්න) යැයි” ද අල්ලාහ්ගේ දූතයා පැවසුවේය.
Verse 14
එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.
Verse 15
ﮝﮞﮟ
ﮠ
තවද ඔවුන්ගේ අවසානය ගැන ඔහු බියවන්නේ නැත.
تقدم القراءة