سورة الليل

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الليل හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්
Verse 2
දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත ද,
Verse 3
පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්.
Verse 4
නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය.
Verse 5
එහෙයින් පරිත්‍යාග කර, බිය බැතිමත් වී
Verse 6
යහපත ගෙන සාක්ෂාත් කළ කෙනෙකු වූ කලී
Verse 7
අපි ඔහුට පහසුව වෙතට පහසු කරන්නෙමු.
Verse 8
තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර (ස්වයං පූරිත) යැයි සිතා
Verse 9
විශිෂ්ට දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී
Verse 10
අපි ඔහු ව දුෂ්කරතාව වෙතට පහසු කරන්නෙමු.
තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.
Verse 12
නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය.
Verse 13
තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව ඇත්තේ අපහට ය.
Verse 14
එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.
Verse 15
අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.
Verse 16
පිටු පා අසත්‍යය කළ
Verse 17
තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මුදවා ගන්නෙමු.
Verse 18
තම ධනය පිරිනමා පිවිතුරු වන
තමා අසල තිබී පිරිනමනු ලැබූ කිසිදු සම්පතක් (වෙන) කිසිවෙකු වෙනුවෙන් නොවීය.
උත්තරීතර තම පරමාධිපතිගේ මුහුණට (තෘප්තිය අපේක්ෂාවෙන්) මිස
Verse 21
තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.
تقدم القراءة