ترجمة سورة الضحى

الترجمة السنهالية
ترجمة معاني سورة الضحى باللغة السنهالية من كتاب الترجمة السنهالية .
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

පෙරවරු ව මත දිවුරමින්
තවද රාත්‍රිය මත දිවුරමින් එය (දහවල) ආවරණය කරන විට,
නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත.
සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.
තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට මතු පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.
ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දුටුවේය. එවිට ඔහු රැකවරණය දුන්නේය.
තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දුටුවේය. එවිට ඔහු මඟ පෙන්වූයේය.
තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දුටුවේය. එවිට ඔහු ස්වයංපෝෂිත කළේය.
එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.
තවද අයදින්නා ව පලවා නොහරිනු.
තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.
Icon