ترجمة معاني سورة التغابن باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
ﰡ
آية رقم 1
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. සියලු ආධිපත්‍යය ඔහු සතුය. තවද සියලු ප්‍රශංසා ඔහු සතුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
آية رقم 2
ඔහු වනාහි නුඹලා මැව්වේය. තවද නුඹලා අතුරින් ප්‍රතික්ෂේප කරන්නන් ද නුඹලා අතුරින් විශ්වාස කරන්නන් ද සිටිති. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්ව නිරීක්ෂකය.
آية رقم 3
ඔහු අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතු ව මැව්වේය. තවද ඔහු නුඹලා හැඩගැන්නුවේය. එවිට නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඔහු වෙතය.
آية رقم 4
අහස් හි හා මහපොළොවෙහි ඇති දෑ ඔහු දනී. තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද ඔහු දනී. තවද අල්ලාහ් හදවත් සතු දෑ පිළිබඳ ව සර්වඥානීය.
آية رقم 5
මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ පුවත නුඹලා වෙත නොපැමිණියේ ද? එවිට ඔවුන්ගේ විෂයයෙහි විපාකය ඔවුහු භුක්ති වින්දෝය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද විය.
آية رقم 6
එය ඔවුන්ගේ දූතවරුන් පැහැදිලි සාධක සමග ඔවුන් වෙත පැමිණි විට “අපට මග පෙන්වනුයේ මිනිසෙකු දැ”යි පවසා ප්‍රතික්ෂේප කොට පිටුපා ගිය බැවිණි. තවද අල්ලාහ් ස්වයං පෝෂිතය. තවද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොරය. ප්‍රසංශාලාභීය.
آية رقم 7
තමන් (මළවුන් කෙරෙන්) අවදි කරනු නොලබන්නෝම යැයි ප්‍රතික්ෂේප කළවුන් තරයේම සිතුවෝය. “එසේ නොව මාගේ පරමාධිපති මත දිවුරමින් නියත වශයෙන්ම නුඹලා අවදි කරනු ලබනු ඇත. පසු ව නුඹලා සිදු කළ දෑ පිළිබඳ ව නුඹලාට දන්වනු ලබනු ඇත” යැයි (නබිවරය) නුඹ පවසනු. තවද එය අල්ලාහ් වෙත පහසුය.
آية رقم 8
එහෙයින් නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ ව ද අපි පහළ කළ ආලෝකය පිළිබඳ ව ද විශ්වාස කරනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
آية رقم 9
එදින එක් රැස් කරන දිනය සඳහා නුඹලා ව එක් රැස් කරනු ඇත. එය අන්‍යෝන්‍ය පාඩු ලබන දිනයයි. තවද කවරෙකු අල්ලාහ් ව විශ්වාස කර යහකම් කරන්නේ ද ඔහුගේ පාපයන් ඔහුගෙන් ඔහු ඉවත් කරයි. තවද ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඔහු ව ඇතුළත් කරයි. එහි ඔවුන් නිරන්තරයෙන්ම සාදතනිකයින් වෙති. එය අතිමහත් වූ ජයග්‍රහණයයි.
آية رقم 10
තවද අපගේ වදන් බොරු කොට ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු (නිරා) ගින්නේ වාසීහුය. එහි ඔවුන් සදාතනිකයින්ය. නැවත යොමු වන ස්ථානය නපුරු විය.
آية رقم 11
අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු ආපදාවක් සිදු නොවේ. තවද කවරෙකු අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද ඔහුගේ හදවතට ඔහු(අල්ලාහ්) මග පෙන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය.
آية رقم 12
තවද නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද අවනත වනු. නමුත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට (දැන ගනු) නියත වශයෙන්ම අපගේ දහම් දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව ප්‍රචාරය කිරීම පමණය.
آية رقم 13
අල්ලාහ්! ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද විශ්වාස වන්තයෝ අල්ලාහ් වෙතම (සියල්ල) භාර කරත්වා!
آية رقم 14
අහෝ විශ්වාස කළවුනි! නියත වශයෙන්ම නුඹලාගේ බිරියන් හා නුඹලාගේ දරුවන්ගෙන් සතුරන් වෙති. එහෙයින් නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. තවද නුඹලා නොසලකා හැර ගණන් නොගෙන සමාව දුන්නෙහු නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතය.
آية رقم 15
නියත වශයෙන්ම නුඹලාගේ ධනය ද නුඹලාගේ දරුවන් ද පරීක්ෂණයකි. තවද අල්ලාහ් වන ඔහු අබියස මහත් වූ කුලියක් ඇත.
آية رقم 16
එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සවන් දෙනු. තවද නුඹලා අවනත වනු. තවද නුඹලා වියදම් කරනු. එය නුඹලාට යහපතකි. තවද කවරෙකු තම සිත මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේ ද එවිට ඔවුහුමය ජයග්‍රාහකයෝ.
آية رقم 17
නුඹලා අල්ලාහ්ට අලංකාර ණයක් දුන්නෙහු නම් ඔහු එය නුඹලාට ගුණ කර දෙයි. තවද නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් ගුණ ගරුකය. ඉවසිලිවන්තය.
آية رقم 18
ﯨﯩﯪﯫﯬ
ﯭ
(ඔහු) ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ ව සර්ව ඥානීය. සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.
تقدم القراءة