ترجمة معاني سورة الأنبياء باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الإنجليزية - صحيح انترناشونال
المنتدى الإسلامي
الترجمة الإنجليزية
الترجمة الفرنسية - المنتدى الإسلامي
نبيل رضوان
الترجمة الإسبانية
محمد عيسى غارسيا
الترجمة الإسبانية - المنتدى الإسلامي
الترجمة الإسبانية (أمريكا اللاتينية) - المنتدى الإسلامي
المنتدى الإسلامي
الترجمة البرتغالية
حلمي نصر
الترجمة الألمانية - بوبنهايم
عبد الله الصامت
الترجمة الألمانية - أبو رضا
أبو رضا محمد بن أحمد بن رسول
الترجمة الإيطالية
عثمان الشريف
الترجمة التركية - مركز رواد الترجمة
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة التركية - شعبان بريتش
شعبان بريتش
الترجمة التركية - مجمع الملك فهد
مجموعة من العلماء
الترجمة الإندونيسية - شركة سابق
شركة سابق
الترجمة الإندونيسية - المجمع
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الإندونيسية - وزارة الشؤون الإسلامية
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الفلبينية (تجالوج)
مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الفارسية - دار الإسلام
فريق عمل اللغة الفارسية بموقع دار الإسلام
الترجمة الفارسية - حسين تاجي
حسين تاجي كله داري
الترجمة الأردية
محمد إبراهيم جوناكري
الترجمة البنغالية
أبو بكر محمد زكريا
الترجمة الكردية
حمد صالح باموكي
الترجمة البشتوية
زكريا عبد السلام
الترجمة البوسنية - كوركت
بسيم كوركورت
الترجمة البوسنية - ميهانوفيتش
محمد مهانوفيتش
الترجمة الألبانية
حسن ناهي
الترجمة الأوكرانية
ميخائيلو يعقوبوفيتش
الترجمة الصينية
محمد مكين الصيني
الترجمة الأويغورية
محمد صالح
الترجمة اليابانية
روايتشي ميتا
الترجمة الكورية
حامد تشوي
الترجمة الفيتنامية
حسن عبد الكريم
الترجمة الكازاخية - مجمع الملك فهد
خليفة الطاي
الترجمة الكازاخية - جمعية خليفة ألطاي
جمعية خليفة الطاي الخيرية
الترجمة الأوزبكية - علاء الدين منصور
علاء الدين منصور
الترجمة الأوزبكية - محمد صادق
محمد صادق محمد
الترجمة الأذرية
علي خان موساييف
الترجمة الطاجيكية - عارفي
فريق متخصص مكلف من مركز رواد الترجمة بالشراكة مع موقع دار الإسلام
الترجمة الطاجيكية
خوجه ميروف خوجه مير
الترجمة الهندية
مولانا عزيز الحق العمري
الترجمة المليبارية
عبد الحميد حيدر المدني
الترجمة الغوجراتية
رابيلا العُمري
الترجمة الماراتية
محمد شفيع أنصاري
الترجمة التلجوية
مولانا عبد الرحيم بن محمد
الترجمة التاميلية
عبد الحميد الباقوي
الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الأسامية
رفيق الإسلام حبيب الرحمن
الترجمة الخميرية
جمعية تطوير المجتمع الاسلامي الكمبودي
الترجمة النيبالية
جمعية أهل الحديث المركزية
الترجمة التايلاندية
مجموعة من جمعية خريجي الجامعات والمعاهد بتايلاند
الترجمة الصومالية
محمد أحمد عبدي
الترجمة الهوساوية
الترجمة الأمهرية
محمد صادق
الترجمة اليورباوية
أبو رحيمة ميكائيل أيكوييني
الترجمة الأورومية
الترجمة التركية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفرنسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإندونيسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفيتنامية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة البوسنية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإيطالية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفلبينية (تجالوج) للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفارسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
Dr. Ghali - English translation
Muhsin Khan - English translation
Pickthall - English translation
Yusuf Ali - English translation
Azerbaijani - Azerbaijani translation
Sadiq and Sani - Amharic translation
Farsi - Persian translation
Finnish - Finnish translation
Muhammad Hamidullah - French translation
Korean - Korean translation
Maranao - Maranao translation
Abdul Hameed and Kunhi Mohammed - Malayalam translation
Salomo Keyzer - Flemish (Dutch) translation
Norwegian - Norwegian translation
Samir El - Portuguese translation
Polish - Polish translation
Romanian - Romanian translation
Elmir Kuliev - Russian translation
Albanian - Albanian translation
Tatar - Tatar translation
Japanese - Japanese translation
محمد جوناگڑھی - Urdu translation
Ma Jian - Chinese translation
Turkish - Turkish translation
King Fahad Quran Complex - Thai translation
Ali Muhsin Al - Swahili translation
Abdullah Muhammad Basmeih - Malay translation
Hamza Roberto Piccardo - Italian translation
Indonesian - Indonesian translation
Bubenheim & Elyas - German / Deutsch translation
Bosnian - Bosnian translation
Hasan Efendi Nahi - Albanian translation
Sherif Ahmeti - Albanian translation
Sahih International - English translation
Czech - Czech translation
Abul Ala Maududi(With tafsir) - English translation
Tajik - Tajik translation
Alikhan Musayev - Azerbaijani translation
Muhammad Saleh - Uighur; Uyghur translation
Abdul Haleem - English translation
Mufti Taqi Usmani - English translation
Muhammad Karakunnu and Vanidas Elayavoor - Malayalam translation
Sheikh Isa Garcia - Spanish; Castilian translation
Divehi - Divehi; Dhivehi; Maldivian translation
Abubakar Mahmoud Gumi - Hausa translation
Mahmud Muhammad Abduh - Somali translation
Knut Bernström - Swedish translation
Jan Trust Foundation - Tamil translation
Mykhaylo Yakubovych - Ukrainian translation
Uzbek - Uzbek translation
Diyanet Isleri - Turkish translation
Ministry of Awqaf, Egypt - Russian translation
Abu Adel - Russian translation
Burhan Muhammad - Kurdish translation
Dr. Mustafa Khattab, The Clear Quran - English translation
Dr. Mustafa Khattab - English translation
الترجمة الإنجليزية - مركز رواد الترجمة
الترجمة الفرنسية - محمد حميد الله
الترجمة البوسنية - مركز رواد الترجمة
الترجمة الصربية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة الألبانية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة اليابانية - سعيد ساتو
الترجمة الفيتنامية - مركز رواد الترجمة
الترجمة التاميلية - عمر شريف
الترجمة السواحلية - عبد الله محمد وناصر خميس
الترجمة اللوغندية - المؤسسة الإفريقية للتنمية
الترجمة الإنكو بامبارا - ديان محمد
الترجمة العبرية
الترجمة الإنجليزية للمختصر في تفسير القرآن الكريم
الترجمة الروسية للمختصر في تفسير القرآن الكريم
الترجمة البنغالية للمختصر في تفسير القرآن الكريم
الترجمة الصينية للمختصر في تفسير القرآن الكريم
الترجمة اليابانية للمختصر في تفسير القرآن الكريم
ترجمة معاني القرآن الكريم - عادل صلاحي
عادل صلاحي
ﰡ
آية رقم 1
ජනයාට, ඔවුන් අනවධානයෙහි පිටුදකින්නන් ලෙස සිටිය දී ඔවුන්ගේ විනිශ්චය සමීප විය.
آية رقم 2
ඔවුන් වෙත ඔවුන්ගේ පරමාධිපතිගෙන් කිසිදු නව උපදෙසක් පැමිණි සෑම විටෙකම ඔවුන් එය හාස්‍යයට ලක් කරමින් සවන් දුන්නා මිස නැත.
آية رقم 3
ඔවුන්ගේ හදවත් අනවධානයෙන් පවතී. තවද මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස වෙන කවුරුද? නුඹලා දැක දැකම හූනියම වෙතට යන්නෙහුදැ?යි අපරාධ කළවුන් රහස් සාකච්ඡාවන් රහසින් කතා කළෝය.
آية رقم 4
මාගේ පරමාධිපති අහස්හි හා මහපොළොවෙහි (සිදු වන) ප්‍රකාශයන් දනී. තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය යැයි ඔහු පැවසුවේය.
آية رقم 5
නැත. (එය) සිහින වල ව්‍යාකූලත්වයකි. එසේ නොව ඔහු එය ගෙතුවේය. නැත. ඔහු කවියෙකි. මුතුන්මිත්තන්ට එවනු ලැබුවාක් මෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙන එත්වා යැයි ඔවුහු පැවසූහ.
آية رقم 6
ඔවුනට පෙර අපි විනාශ කළ කිසිදු ගම්මානයක් විශ්වාස නොකළේය. එසේ නම් ඔවුහු විශ්වාස කරනු ඇත් ද?
آية رقم 7
නුඹට පෙර අපි දූතයින් ලෙස එව්වේ පිරිමින් මිස නැත. අපි ඔවුනට දේව පණිවිඩ ලබා දුනිමු. එහෙයින් නුඹලා නොදැන සිටින්නේ නම් දැනුම ඇත්තන්ගෙන් නුඹලා විමසනු.
آية رقم 8
තවද ආහාර අනුභව නොකරන ශරීරයක් බවට අපි ඔවුන් පත් නොකළෙමු. තවද ඔවුහු සදාතනිකයින් නොවූහ.
آية رقم 9
පසු ව එම ප්‍රතිඥාව ඔවුනට අපි සැබෑ කළෙමු. එවිට අපි ඔවුන් හා අප අභිමත කරන්නා වූ අය මුදවා ගත්තෙමු. තවද සීමාව ඉක්මවා ගියවුන් අපි විනාශ කළෙමු.
آية رقم 10
එහි නුඹලා ගැන සඳහනක් ඇති දේව ග්‍රන්ථයක් නුඹලා වෙත සැබැවින්ම අපි පහළ කළෙමු. නුඹලා වටහා ගත යුතු නොවේද?
آية رقم 11
තවද අපරාධකාරී වූ ගම්මාන කොපමණක් අපි සුනු විසුනු කළෙමු ද?. තවද එයට පසු ව අපි වෙනත් පිරිසක් බිහි කළෙමු.
آية رقم 12
ඔවුනට අපගේ දඬුවම හැඟී ගිය කල්හි ඔවුන් එයින් පලා යති.
آية رقم 13
නුඹලා පලා නොයනු. එහි නුඹලා භුක්ති විඳිනු ලැබුවා වූ දෑ වෙත ද නුඹලාගේ වාසස්ථාන වෙත ද නුඹලා නැවත හැරී යනු. නුඹලා ප්‍රශ්න කරනු ලැබිය හැකි වනු පිණිස.
آية رقم 14
ﭯﭰﭱﭲﭳ
ﭴ
අහෝ අපගේ විනාශය, නියත වශයෙන්ම අපි අපරාධකාරයින් ලෙස සිටියෙමු යැයි ඔවුහු පැවසූහ.
آية رقم 15
අපි ඔවුන් නෙළන ලද ඉපැනැලි බවට පත් කරන තෙක් ඔවුන්ගේ එම වැලපීම ඉවත් නොවීය.
آية رقم 16
තවද අහස් හා මහපොළොවද ඒ දෙක අතර ඇති දෑ ද කෙළි ලොල් කරන්නක් වශයෙන් අපි නොමැව්වෙමු.
آية رقم 17
අපි හාස්‍යයට ගන්නට සිතුවේ නම්, එසේ අපි සිදු කරන්නන් ලෙස සිටියෙමු නම් අප විසින්ම එය ගන්නට තිබුණි.
آية رقم 18
නමුත් අපි සත්‍යය ගෙන අසත්‍යයට එරෙහි ව පහර දෙන්නෙමු. එය එවිට එය(අසත්‍යය) පහ කර දමයි. එවිට එය විනාශ වී යන්නකි. තවද නුඹලා (අල්ලාහ්ට දරුවෙකු හෝ බිරියකු ඇතැයි) වර්ණනා කරන දෑ හේතුවෙන් නුඹලාට (වයිල් නම්) විනාශය ඇත.
آية رقم 19
අහස්හි හා මහපොළොවෙහි සිටින්නන් ද ඔහු අබියස සිටින්නන් ද (මලක්වරුන්) ඔහු සතුය. ඔහුට ගැතිකම් කිරීම සම්බන්ධයෙන් ඔවුහු උඩඟු නොවෙති. තවද ඔවුහු විඩාවට පත් නොවෙති.
آية رقم 20
ﮰﮱﯓﯔﯕ
ﯖ
රාත්‍රි හා දහවල් කාලයේ ඔවුහු සුවිශුද්ධ කරති. තවද ඔවුහු වෙනතකට යොමු නොවෙති.
آية رقم 21
එසේ නැතහොත් මළවුන් අවදි කළ හැකි දෙවිවරුන් ඔවුහු මහපොළොවෙන් (තෝරා) ගත්තෝ ද?
آية رقم 22
ඒ දෙකෙහි අල්ලාහ් හැර තවත් දෙවියකු තිබේ නම් ඒ දෙකම අර්බුදයට පත්වනු ඇත. එහෙයින් ඔවුන් වර්ණනා කරන දැයින් (අර්ෂ් හෙවත්) සැබෑ රාජධානියේ හිමිපාණන් වූ අල්ලාහ් සුවිශුද්ධය.
آية رقم 23
ﯮﯯﯰﯱﯲﯳ
ﯴ
ඔහු කරන දෑ පිළිබඳ ව විමසනු නොලබයි. නමුත් විමසනු ලබනුයේ ඔවුහුමය.
آية رقم 24
එසේ නැතහොත් ඔහුගෙන් තොර ව දෙවිවරුන් ඔවුහු ගත්තෝ ද? නුඹලාගේ සාධක ගෙන එනු. මෙය මා සමග වූවන්ගේ මෙනෙහි කිරීමකි. එමෙන්ම මට පෙර සිටියවුන්ගේ ද මෙනෙහි කිරීමකි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය නොදනිති. එහෙයින් ඔවුහු පිටුපාන්නන් වෙති.
آية رقم 25
‘නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවියකු නොමැත. එහෙයින් නුඹලා මට ගැතිකම් කරනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස නුඹට පෙර කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු.
آية رقم 26
තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පවසති. ඔහු සුවිශුද්ධය. නමුත් (මලක්වරුන් වන) ඔවුහු ගරුත්වයට පත් කරනු ලැබූ ගැත්තෝ වෙති.
آية رقم 27
ﭬﭭﭮﭯﭰﭱ
ﭲ
ඔවුහු ප්‍රකාශයෙන් ඔහු ව අබිබවා නොයති. තවද ඔවුහු ඔහුගේ අණ ක්‍රියාත්මක කරති.
آية رقم 28
ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. ඔහුගේ තෘප්තියට පත් වූ අය වෙනුවෙන් මිස ඔවුහු මැදිහත් නොවෙති. තවද ඔවුහු ඔහු ගැන ඇති බිය හේතුවෙන් තැති ගන්නන් වෙති.
آية رقم 29
ඔහු නොව සැබැවින්ම මමය දෙවියා යැයි ඔවුන් අතුරින් කවරෙකු පවසන්නේ ද ඔහුට නිරය ප්‍රතිවිපාකයක් ලෙස අපි දෙන්නෙමු. එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
آية رقم 30
නියත වශයෙන්ම අහස් හා පොළොව එකට තිබුනි. පසු ව අපි ඒ දෙක වෙන් කළ බවත් තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?
آية رقم 31
එය ඔවුන් නොසොල්වන අයුරින් කඳු මුදුන් මහපොළොවේ අපි ඇති කළෙමු. තවද ඔවුන් මග ලැබිය හැකි වනු පිණිස එහි මිටියාවත් හා මාර්ග ද ඇති කළෙමු.
آية رقم 32
තවද අහස සුරක්ෂිත වියනක් බවට අපි පත් කළෙමු. නමුත් ඔවුහු එම සංඥාවන් පිටුපාන්නන් වෙති.
آية رقم 33
රාත්‍රිය, දහවල, හිරු හා සඳු මැව්වේ ඔහුය. (ඒ) සියල්ල එක කක්ෂයක පා වෙති.
آية رقم 34
නුඹට පෙර කිසිදු මිනිසෙකුට සදාකල් ජීවිතයක් අපි ඇති නොකළෙමු. එහෙයින් නුඹ මිය ගියේ නම් එවිට ඔවුහු සදාතනිකයෝ වෙත්ද?
آية رقم 35
සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳවන්නකි. තවද අපි නපුරෙන් හා යහපතින් පරීක්ෂණයක් ලෙසින් අපි නුඹලා පිරික්සන්නෙමු. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.
آية رقم 36
ප්‍රතික්ෂේප කළවුන් නුඹ ව දුටු විට නුඹලාගේ දෙවිවරුන් ගැන මෙනෙහි කරනුයේ මොහු දැයි පවසමින් නුඹ ව සරදමක් ලෙස මිස ඔවුහු නොගනු ඇත. තවද ඔවුහු මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීමට ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
آية رقم 37
මිනිසා ඉක්මන් සුළු ගතියෙන් මවනු ලැබීය. මාගේ සංඥාවන් මම නුඹලාට මතු පෙන්වමි. එහෙයින් නුඹලා මගෙන් (ඒවා) ඉක්මණින් නොපතනු.
آية رقم 38
නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා දැයි ඔවුහු විමසති.
آية رقم 39
ප්‍රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ කොඳු (නිරා) ගින්නෙන් ඔවුනට වළකාගත නොහැකි එමෙන්ම ඔවුනට උදව් කරනු නොලබන අවස්ථාව ගැන දැන සිටියා නම්!
آية رقم 40
නමුත් ඔවුන් වෙත හදිසියේම එය පැමිණෙයි. එවිට එය ඔවුන් කම්පනයට පත් කරයි. එවිට එයට ප්‍රතිචාර දැක්වීමට ඔවුහු හැකියාව නොදරති. එමෙන්ම ඔවුනට අවකාශද දෙනු නොලබති.
آية رقم 41
තවද නුඹට පෙර ධර්ම දූතයින් සමච්චලයට ලක් කරනු ලැබීය. එහෙයින් කවර දෙයක් පිළිබඳ ව ඔවුන් සමච්චල් කරමින් සිටියේ ද එය, ඔවුන් අතුරින් සරදම් කළවුන් වටලා ගත්තේය.
آية رقم 42
මහා කරුණාන්විතයාණන්ගෙන් රාත්‍රියෙහි හා දහවලෙහි නුඹලා ව ආරක්ෂා කරන්නේ කවරහුදැයි නුඹ විමසනු. නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මෙනෙහි කිරීමෙන් පිටු දකින්නන් වෙති.
آية رقم 43
එසේ නැතහොත්, අපගෙන් තොරව ඔවුන් වළක්වාලන දෙවිවරුන් ඔවුනට වෙත්ද? තමන්ටම උපකාර කිරීමට පවා ඔවුහු හැකියාව නොදරති. තවද ඔවුහු අපගෙන් මිතු දහමක් පෙන්වනු නොලබති.
آية رقم 44
එසේ නොව, මොවුනට හා මොවුන්ගේ මුතුන් මිත්තන් හට දිගු ආයුෂ කාලයක් ගත වන තෙක් අපි භුක්ති විඳීමට සලස්වන්නෙමු. අපි මහපොළොව එහි පැතිකඩ වලින් අඩු කරමින් එන බව ඔවුහු නොදුටුවෝද? එහෙයින් ඔවුන් (අප) අභිබවා යන්නන් වෙත්ද?
آية رقم 45
සැබැවින්ම මම නුඹලාට අවවාද කරනුයේ දේව පණිවිඩය මගිනි. නමුත් ඔවුනට අවවාද කරනු ලබන විට එම අයැදුමට බිහිරන් සවන් නොදෙති.
آية رقم 46
නුඹගේ පරමාධිපතිගේ දඬුවමින් කොටසක් ඔවුනට ස්පර්ශ වූයේ නම්, අහෝ අපගේ විනාශය! නියත වශයෙන්ම අපි අපරාධකරුවන් ලෙස සිටියෙමු යැයි ඔවුහු පවසනු ඇත.
آية رقم 47
තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සඳහා සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලැබේ. එය අබ ඇටයක තරම් ප්‍රමාණයක් වුවද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අපම ප්‍රමාණවත් වේ.
آية رقم 48
(සත්‍යය හා අසත්‍යය වෙන් කර දක්වන) මිණුම් දණ්ඩය ද ආලෝකය ද බිය බැතිමතුන්හට වූ උපදෙස් ද අපි මූසාට හා හාරූන්ට පිරිනැමුවෙමු.
آية رقم 49
ඔවුහු වනාහි ගුප්ත ව සිටිය දී ඔවුන්ගේ පරමාධිපතිට බිය වෙති. තවද අවසන් හෝරාව පිළිබඳ බියෙන් පසුවන්නන් වෙති.
آية رقم 50
තවද මෙය අපි පහළ කළා වූ සමෘද්ධිමත් උපදෙසකි. එහෙයින් නුඹලා එය පිටුදකින්නන් වෙත්ද?
آية رقم 51
මීට පෙර (වැඩිහිටිභාවයට පත්වීමට පෙරම) ඉබ්‍රාහීම්ට ඔහුගේ යහ මග අපි පිරිනැමුවෙමු. ඒ පිළිබඳ ව අපි දැන සිටින්නන් වූයෙමු.
آية رقم 52
‘නුඹලා මෙහි (ඇලුම් කරමින්) රැඳී සිටින මෙම ප්‍රතිමාවන් කුමක්දැ?යි ඔහුගේ පියාණන්ගෙන් හා ඔහුගේ ජනයාගෙන් ඔහු විමසූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 53
ﯔﯕﯖﯗﯘ
ﯙ
අපගේ මුතුන්මිත්තන් ඒවාට ගැතිකම් කරන්නන් ලෙසින් සිටිනු අපි දුටුවෙමු යැයි ඔවුහු පැවසූහ.
آية رقم 54
නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් පැහැදිලි මුළාවෙහි සැබැවින්ම සිටියෙහු යැයි ඔහු පැවසුවේය.
آية رقم 55
නුඹ අප වෙත සත්‍යය ගෙන ආවෙහිද? එසේ නැතහොත් නුඹ කෙළිලොල් කරන්නන් අතුරින් කෙනෙකුදැ?යි ඔවුහු විමසූහ.
آية رقم 56
එසේ නොව, නුඹලාගේ පරමාධිපති අහස් හා මහපොළොවෙහි හිමිපාණන් වේ. ඔහු වනාහි ඒවා මැව්වේය. ඒ සඳහා මම සාක්ෂිකරුවන් අතුරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
آية رقم 57
තවද අල්ලාහ් මත දිවුරමින්. නුඹලා හැරී ගිය පසු නුඹලාගේ පිළිම වලට මම සැලැස්මක් යොදමි.
آية رقم 58
පසු ව ඔවුන් ඒ වෙත නැවත හැරී ආ හැකි පිණිස විශාල (ප්‍රතිමාව) හැර (සෙසු) ඒවා ඔහු කැබලි වලට පත් කළේය.
آية رقم 59
කවරෙකු අපගේ දෙවිවරුන්ට මෙය සිදු කළේද නියත වශයෙන්ම ඔහු අපරාධකරුවන් අතුරිනි යැයි ඔවුහු පැවසූහ.
آية رقم 60
ඔවුන්(පිළිම) ගැන සඳහන් කරන තරුණයෙක් පිළිබඳ ව අපි අසා ඇත්තෙමු. ඔහුට ඉබ්‍රාහීම් යැයි කියනු ලැබේ යැයි ඔවුහු පැවසූහ.
آية رقم 61
එසේ නම් ජනයාගේ දෑස් ඉදිරිපිටට ඔවුන් දැකිය හැකි වනු පිණිස නුඹලා ඔහු ගෙන එනු යැයි ඔවුහු පැවසූහ.
آية رقم 62
ﭴﭵﭶﭷﭸﭹ
ﭺ
අහෝ ඉබ්‍රාහීම්! අපගේ දෙවිවරුන්ට මේ දේ සිදු කළේ නුඹදැයි ඔවුහු විමසූහ.
آية رقم 63
නැත. මෙය සිදු කළේ ඔවුන්ගෙන් මේ ලොකු ප්‍රතිමාවයි. එහෙයින් ඔවුන් කතා කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා ඔවුන්ගෙන් විමසනු යැයි ඔහු පැවසුවේය.
آية رقم 64
එවිට ඔවුහු ඔවුන් වෙතට හැරී නියත වශයෙන්ම අපරාධකරුවෝ නුඹලාමය යැයි පැවසුවෝය.
آية رقم 65
පසු ව ඔවුන්ගේ හිස් මතට ඔවුන් නැමෙන්නට සලස්වන ලදී. සැබැවින්ම මොවුහු කතා නොකරන බව නුඹ දන්නෙහිය.
آية رقم 66
අල්ලාහ්ගෙන් තොර ව නුඹලාට කිසිදු ඵලක් නොදෙන එමෙන්ම නුඹලාට කිසිදු හානියක් නොකරන දෑට ද නුඹලා ගැතිකම් කරනුයේ? යැයි ඔහු පැවසුවේය.
آية رقم 67
නුඹලාට හා අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ගැතිකම් කරන දෑට විනාශයම වේවා! නුඹලා වටහාගත යුතු නොවේද?
آية رقم 68
නුඹලා (යමක්) සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා ඔහු ව පුලුස්සා දමනු. නුඹලාගේ දෙවිවරුන්ට උදව් කරනු යනුවෙන් ඔවුන් පැවසූහ.
آية رقم 69
අහෝ ගින්න! නුඹ ඉබ්‍රාහීම්ට සිසිලක් හා ආරක්ෂාවක් වනු.
آية رقم 70
ﯟﯠﯡﯢﯣ
ﯤ
තවද ඔවුහු ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට සිතූහ. නමුත් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු.
آية رقم 71
තවද ලෝවැසියන්හට එහි සමෘද්ධිය ඇති කළා වූ භූමියකට අපි ඔහු හා ලූත් මුදවා හැරියෙමු.
آية رقم 72
තවද ඉස්හාක් හා ඊට අමතර ව යඃකූබ් ව ද ඔහුට අපි පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුවම දැහැමියන් බවට අපි පත් කළෙමු.
آية رقم 73
තවද අපගේ නියෝගය පරිදි මග පෙන්වන නායකයින් බවට අපි ඔවුන් පත් කළෙමු. තවද යහ ක්‍රියා සිදු කිරීමටත් සලාතය විධිමත් ව ඉටු කිරීමටත් සකාත් පිරිනැමීමටත් ඔවුන් වෙත අපි දේව පණිවිඩ එව්වෙමු. තවද ඔවුහු අපට ගැතිකම් කරන්නන් වූහ.
آية رقم 74
තවද ලූත් ගැන මෙනෙහි කරනු. ඔහු වෙත ප්‍රඥාව හා ඥානය අපි පිරිනැමුවෙමු. තවද අශීලාචාරකම් සිදුකරමින් තිබූ ගම්මානයෙන් අපි ඔහු ව මුදවා ගත්තෙමු. නියත වශයෙන්ම ඔවුහු පාපතර නපුරු පිරිසක් වූහ.
آية رقم 75
තවද අපි ඔහු ව අපගේ ආශිර්වාදය තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන්ම ඔහු දැහැමියන් අතුරිනි.
آية رقم 76
තවද නූහ් ගැනද මෙනෙහි කරනු. මීට පෙර ඔහු ඇමතූ අවස්ථාවේ අපි ඔහුට පිළිතුරු දුනිමු. එවිට අපි ඔහු හා ඔහුගේ පවුල මහත් වූ විනාශයෙන් මුදවා ගත්තෙමු.
آية رقم 77
තවද අපගේ වදන් බොරු කළ ජනයාගෙන් (මුදවා) අපි ඔහුට උදව් කළෙමු. නියත වශයෙන්ම ඔවුහු නපුරු පිරිසක් වූහ. එහෙයින් ඔවුන් සියලු දෙනා අපි (ජලයේ) ගිල්වූයෙමු.
آية رقم 78
තවද දාවූද් හා සුලෙයිමාන් ගැන මෙනෙහි කරනු. පිරිසකගේ එළුවන් (රාත්‍රියෙහි අයාලෙ) එහි කඩා වැදුණු ගොවිබිමක් සම්බන්ධ (නඩු)ව ඔවුන් දෙදෙනා විනිශ්චය කළ අවස්ථාව මෙනෙහි කර බලනු. තවද ඔවුන්ගේ විනිශ්චය සඳහා අපි සාක්ෂිකරුවන් ලෙස සිටියෙමු.
آية رقم 79
සුලෙයිමාන්ට අපි එය අවබෝධ කර දුන්නෙමු. තවද ඒ සෑම කෙනෙකුටම අපි ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. දාවූද් සමග සුවිශුද්ධ කරන කඳු හා පක්ෂීන් වසඟ කර දුන්නෙමු. තවද අපි එය සිදුකරන්නන් ලෙස සිටියෙමු.
آية رقم 80
නුඹලාගේ යුද ගැටුමින් නුඹලා ව ආරක්ෂා කරනු පිණිස නුඹලා වෙනුවෙන් යුද ඇඳුම් නිපදවීමේ කලාව අපි ඔහුට ඉගැන්වූයෙමු. (මෙසේ තිබියදී) නුඹලා තුති පුදන්නන් වන්නෙහු ද?
آية رقم 81
තවද සුලෙයිමාන්ට සැඩ සුළඟද පිරිනැමුවෙමු. ඔහුගේ අණින් එහි අපි සමෘද්ධිමත් කළ භූමිය වෙත එය ගමන් කරයි. සියලු දෑ පිළිබඳ ව අපි දැනුමැත්තන් වූයෙමු.
آية رقم 82
තවද ඔහු වෙනුවෙන් කිමිද යන්නන් හා ඒ හැර (ඔහුට) සේවය කරන්නන් ද ෂෙයිතානුන් අතුරින් වූහ. තවද ඔවුනට ආරක්ෂාව සපයන්නන් ලෙස අපි සිටියෙමු.
آية رقم 83
තවද අය්යූබ් ගැනද මෙනෙහි කරනු. නියත වශයෙන්ම පීඩාව මා වැලද ඇත. තවද නුඹ කරුණාවන්තයින් ගෙන් මහා කරුණාන්විතයාණන් යැයි ඔහු ඔහුගේ පරමාධිපති ව ඇමතූ අවස්ථාව සිහියට නගනු.
آية رقم 84
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. එවිට පීඩාවෙන් කවර දෙයක් ඔහු සමග වී ද එය අපි ඉවත් කළෙමු. තවද අපි ඔහුට ඔහුගේ පවුල ද ඔවුන් සමග වූ ඔවුන් හා සමාන අය ද අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙන් හා ගැතිකම් කරන්නන්හට මෙනෙහි කිරීමක් වශයෙන් පිරිනැමුවෙමු.
آية رقم 85
තවද ඉස්මාඊල් හා ඉද්රීස් හා දුල් කිෆ්ල් ගැන ද මෙනෙහි කර බලනු. සියල්ලෝම ඉවසිලිවන්තයින් අතුරිනි.
آية رقم 86
තවද අපි ඔවුන් ව අපගේ දයාව තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන්ම ඔවුහු දැහැමියන් අතුරින් වූහ.
آية رقم 87
තවද මත්සයාට අයත් අය (යූනුස්) ගැනද මෙනෙහි කර බලනු. ඔහු කෝපයට පත් ව ගිය අවස්ථාවේ ඔහු වෙත අපි ශක්තිය නොදරනු ඇතැයි ඔහු සිතුවේය. පසු ව ඔහු අන්ධකාරයේ සිට “ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔබ සුවිශුද්ධය. නියත වශයෙන්ම මම අපරාධකරුවන්ගෙන් කෙනෙකු වීමි“ යැයි ඇමතීය.
آية رقم 88
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහු ව දුකින් මුදවා ගත්තෙමු. එසෙලය අපි දේව විශ්වාසවන්තයින් මුදවා ගනුයේ.
آية رقم 89
තවද සකරිය්යා ගැනද මෙනෙහි කර බලනු. මාගේ පරමාධිපතියාණනි! ඔබ මා තනි ව අත හැර නොදමනු. තවද ඔබ උරුමක්කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨයා යැයි ඔහු ඔහුගේ පරමාධිපතිව ඇමතුවේය.
آية رقم 90
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහුට යහ්යා ව පිරිනැමුවෙමු. තවද අපි ඔහුට ඔහුගේ බිරිය දැහැමි කළෙමු. නියත වශයෙන්ම ඔවුහු යහකම් කිරීමෙහි යුහුසුලු වූහ. තවද ඔවුහු කැමැත්තෙන් හා බියෙන් අප ඇමතූහ. තවද ඔවුහු අපහට බියෙන් පසුවන්නන් වූහ.
آية رقم 91
තම කන්‍යාභව ආරක්ෂා කර ගත් තැනැත්තිය (වන මර්යම්) ගැන ද මෙනෙහි කරනු. එවිට අපි අපගේ ආත්මයෙන් එහි පිඹිවෙමු. තවද ඇය හා ඇයගේ දරුවා ලෝවැසියන්හට සංඥාවක් බවට පත් කළෙමු.
آية رقم 92
නියත වශයෙන්ම මේ නුඹලාගේ ජනසමූහය එකම ජන සමූහයකි. තවද නුඹලාගේ පරමාධිපති මම වෙමි. එහෙයින් නුඹලා මට ගැතිකම් කරනු.
آية رقم 93
ඔවුන්ගේ කරුණ ඔවුන් අතර වෙන් කළෝය. සියල්ල අප වෙත නැවත හැරී එන්නන් වෙති.
آية رقم 94
එහෙයින් කවරෙකු විශ්වාසවන්තයකු ලෙස සිට යහකම් අතුරින් යමක් කරන්නේද එවිට ඔහුගේ ශ්‍රමයට කිසිදු ප්‍රතික්ෂේප කිරීමක් නොමැත. තවද නියත වශයෙන්ම අපි ඔහු වෙනුවෙන් (එය) සටහන් කරන්නන් වෙමු.
آية رقم 95
අප විනාශ කළ ගම්මාන වෙත (එහි ජනයා නැවත පැමිණීම) තහනම් විය. නියත වශයෙන්ම ඔවුහු නැවත හැරී නොඑති.
آية رقم 96
අවසානයේ (බාධන) විවෘත කරනු ලැබු විට යඃජූජ් හා මඃජූජ් වන ඔවුහු සෑම උස් තැනිතලාවකින්ම වේගයෙන් පැමිණෙනු ඇත.
آية رقم 97
සත්‍ය ප්‍රතිඥාව සමීප වී ඇත. එවිට ප්‍රතික්ෂේප කළවුන්ගේ බැල්ම පහත් ව පවතී. අහෝ අපගේ විනාශය! සැබැවින්ම අපි මේ ගැන අනවධානයෙහි පසු වූයෙමු. එසේ නොව අපි අපරාධකරුවන් වූයෙමු.
آية رقم 98
නියත වශයෙන්ම නුඹලා හා අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින දෑ නිරයේ ඉන්ධන වෙයි. නුඹලා ඒ වෙත පැමිණෙන්නන් වන්නෙහුය.
آية رقم 99
ඔවුන් දෙවිවරුන් වූයේ නම් ඔවුහු ඒ (නිරය) වෙත පැමිණෙන්නේ නැත. තවද සියල්ලෝම එහි සදාතනිකයෝ වෙති.
آية رقم 100
ඔවුනට ඇත්තේ එහි විලාප නැගීමය. එහෙයින් ඔවුනට එහි (වෙනත් කිසිවක්) නොඇසෙති.
آية رقم 101
නියත වශයෙන්ම පෙර ඉකුත් ව ගිය අපගෙන් යහපත තමන්ට හිමි වූවන් වනාහි ඔවුහු එයින් (නිරයෙන්) දුරස් කරනු ලබන්නන් වෙති.
آية رقم 102
ඔවුහු එහි කිසිදු හඬකට සවන් නොදෙති. තවද ඔවුන්ගේ සිත් ආශා කරන දෑහි ඔවුහු සදාතනිකයෝ වෙති.
آية رقم 103
ඉමහත් භීතිය ඔවුන් දුකට පත් නොකරයි. තවද මෙය නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි නුඹලාගේ දිනය වේ යැයි (පවසමින්) මලක්වරුන් ඔවුන් මුණ ගැසෙති.
آية رقم 104
පොත් හි ලේඛන හකුළන්නාක් මෙන් අහස අපි හකුළන දින, මුල්වරට අපි මැවීම් ආරම්භ කළාක් මෙන් එය නැවත ගෙන එන්නෙමු. එය අප වෙත පැවරුණු ප්‍රතිඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි එය සිදු කරන්නන් වෙමු.
آية رقم 105
නියත වශයෙන්ම මහපොළොව එය මාගේ දැහැමි ගැත්තන් උරුම කර ගනු ඇතැයි මෙනෙහි කිරීමෙන් පසු ව සැබැවින්ම සබූර් දේව ග්‍රන්ථයෙහි අපි සටහන් කළෙමු.
آية رقم 106
ﮉﮊﮋﮌﮍﮎ
ﮏ
නියත වශයෙන්ම මෙහි ගැතිකම් කරන ජනයාහට නිවේදනයක් ඇත.
آية رقم 107
ﮐﮑﮒﮓﮔ
ﮕ
තවද ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹ නොඑව්වෙමු.
آية رقم 108
මා වෙත දේව පණිවිඩ දන්වනු ලබනුයේ, නුඹලාගේ දෙවිඳා එකම දෙවිඳාණන් වූ බවය. එහෙයින් නුඹලා අවනත වන්නන් වෙත්ද?
آية رقم 109
එහෙයින් නුඹලා පිටුපෑවෙහු නම් එවිට මම නුඹලාට එක සමාන ව දැනුම් දී ඇත්තෙමි. නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීපයෙන් ද එසේ නැතහොත් දුරින්දැයි මම නොදනිමි.
آية رقم 110
නියත වශයෙන්ම ප්‍රකාශයෙන් හෙළිවන දෑ ද ඔහු දනියි. තවද නුඹලා සඟවන දෑ ද ඔහු දනියි.
آية رقم 111
එය (එසේ ප්‍රමාදවීම) නුඹලාට පරීක්ෂණයක් ලෙස හෝ මද කලකට භුක්ති විඳීමක් ලෙස හෝ විය හැකි දැයි මම නොදනිමි.
آية رقم 112
මාගේ පරමාධිපතියාණනි, නුඹ සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු මැනව! නුඹලා වර්ණනා කරන දෑට විරුද්ධව මහා කරුණාන්විතයාණන් වූ අපගේ පරමාධිපති උදව් පතනු ලබන්නාය. යැයි ඔහු (මුහම්මද්) පැවසීය.
تقدم القراءة