ترجمة معاني سورة الواقعة باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 1
සිදු වන දෑ සිදු වූ විට
آية رقم 2
එම සිදුවීම බොරුවක් නොවෙයි.
آية رقم 3
(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.
آية رقم 4
මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට
آية رقم 5
තවද කඳු සුනු විසුනු කිරීමෙන් සුනු විසුනු කරනු ලැබූ විට
آية رقم 6
එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.
آية رقم 7
එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහුය.
آية رقم 8
එනම් දකුණු පසට වූ ජනයා. එම දකුණු පසට වූ ජනයා යනු කවරෙක් ද?
آية رقم 9
තවද වම් පසට වූ ජනයා. එම වම් පසට වූ ජනයා යනු කවරෙක් ද?
آية رقم 10
පෙරටුගාමීහු පෙරටු ගාමීහුය.
آية رقم 11
ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.
آية رقم 12
(ඔවුන්) සැපවත් උයන්හිය.
آية رقم 13
මුල් අයගෙන් වූ පිරිසකි.
آية رقم 14
තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.
آية رقم 15
(ඔවුන්) අලංකාර කරන ලද කවිච්චි මතය.
آية رقم 16
ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.
آية رقم 17
ළමා විය සදාතනික වූ ළමුන් ඔවුන් වටා යති.
آية رقم 18
දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)
آية رقم 19
එයින් ඔවුනට හිසේ රුදාව ඇති නොවේ. තවද ඔවුන් මත් නොවෙති.
آية رقم 20
ඔවුන් තෝරා ගන්නා පරිදි පලතුරු සමග
آية رقم 21
ඔවුන් ආශා කරන පරිදි කුරුලු මාංශ සමග
آية رقم 22
තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති.
آية رقم 23
(ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය
آية رقم 24
ඔවුන් (මොලොවෙහි) සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.
آية رقم 25
ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති.
آية رقم 26
ශාන්තියයි ශාන්තියයි යනුවෙන් පවසනු ලැබීම මිස. (වෙන කිසිවකට සවන් නොදෙති.)
آية رقم 27
දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?
آية رقم 28
(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහිය.
آية رقم 29
තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතරය.
آية رقم 30
දිගු කරනු ලැබූ සෙවණැලි අතරය
آية رقم 31
ගලා යවනු ලබන ජලය අතරය.
آية رقم 32
බොහෝ පලතුරු අතරය.
آية رقم 33
කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.
آية رقم 34
උස් ව තබන ලද ඇතිරිලි අතරය.
آية رقم 35
නියත වශයෙන්ම අපි ඔවුන් (අලංකාර) නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
آية رقم 36
එවිට අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු.
آية رقم 37
පෙම්බර සම වයසැති
آية رقم 38
දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)
آية رقم 39
(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි
آية رقم 40
තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.
آية رقم 41
තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?
آية رقم 42
(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතරය.
آية رقم 43
කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය.
آية رقم 44
තවද (එහි) කිසිදු සිසිලක් හෝ අලංකාර දර්ශනයක් හෝ නැත.
آية رقم 45
නියත වශයෙන්ම ඔවුහු එයට පෙර (මෙලොවෙහි) සැප විඳින්නන් ලෙස සිටියහ.
آية رقم 46
තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටින්නන් වූහ.
තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් සිටියහ.
آية رقم 48
“අපගේ මූලාරම්භක මුතුන් මිත්තන් ද?”
آية رقم 49
“නියත වශයෙන්ම මූලාරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය) නුඹ පවසනු.
آية رقم 50
නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති” යැයි
آية رقم 51
අහෝ බොරුකාර නොමග ගියවුනි!
آية رقم 52
අනතුරු ව නියත වශයෙන්ම නුඹලා zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.
آية رقم 53
එවිට එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.
آية رقم 54
ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.
آية رقم 55
පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.
آية رقم 56
මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.
آية رقم 57
අපය නුඹලා ව මැව්වේ. එහෙයින් නුඹලා සත්‍යය කළ යුතු නොවේ ද?
آية رقم 58
නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
آية رقم 59
එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නේ අප ද?
آية رقم 60
නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. අපි අසරණයින් නොවෙමු.
නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලා ව (යළි) බිහි කිරීමටත්
آية رقم 62
තවද මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
آية رقم 63
නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
آية رقم 64
එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අප ද?
آية رقم 65
අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත.
آية رقم 66
“නියත වශයෙන්ම අපි ණය කාරයෝ වෙමු.”
آية رقم 67
“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” (යැයි පවසති)
آية رقم 68
නුඹලා පානය කරන ජලය දෙස නුඹලා නිරීක්ෂා කොට බැලුවෙහු ද?
آية رقم 69
එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපද?
آية رقم 70
අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද?
آية رقم 71
නුඹලා දල්වන ගින්න විමසිල්ලෙන් බැලුවෙහු ද?
آية رقم 72
එහි ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අප ද?
آية رقم 73
අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගී(අවශ්‍යතා ඇත්ත)න්ට භාණ්ඩයක් ලෙසින් අපි එය පත් කළෙමු.
آية رقم 74
එහෙයින් නුඹගේ අති මහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු.
آية رقم 75
එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.
آية رقم 76
තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.
آية رقم 77
නියත වශයෙන්ම එය ගෞරවනීය කුර්ආනයකි.
آية رقم 78
ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහිය.
آية رقم 79
එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නොකරති.
آية رقم 80
ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.
آية رقم 81
නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නොසලකා හරින්නන් ලෙස සිටිනුයේ එහෙයින් ද?
آية رقم 82
තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන්ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?
آية رقم 83
(කෙනෙකුගේ ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට
آية رقم 84
නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහුය.
آية رقم 85
තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් වෙමු. නමුත් නුඹලා නොදකිනු ඇත.
آية رقم 86
එහෙයින් නුඹලා වගකිව යුත්තන් නොවන්නෙහු නම්
آية رقم 87
(නුඹලා සිතන පරිදි) නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය නැවත ගෙන එනු.
آية رقم 88
එහෙයින් ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතුරින් වූයේ නම්
آية رقم 89
සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද වෙති.
آية رقم 90
ඔහු දකුණු පස ජනයා අතුරින් වූ කෙනෙකු වූයේ නම්
آية رقم 91
එසේ නම් දකුණු පස ජනයා අතුරින් වූ ඔබට ශාන්තියයි.
آية رقم 92
ඔහු නොමග ගිය බොරු කරන්නන් අතුරින් වූයේ නම්
آية رقم 93
එවිට ලෝ දියෙන් වූ නවාතැනකි.
آية رقم 94
තවද නිරා ගින්නෙහි දැවීමකි.
آية رقم 95
ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන්ම මෙයමය.
آية رقم 96
එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.
تقدم القراءة