ترجمة معاني سورة الليل
 باللغة السنهالية من كتاب الترجمة السنهالية
            .
            
    
                                    من تأليف: 
                                            فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
                                                            .
                                                
            ﰡ
රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්
                                                                        දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත ද,
                                                                        පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්.
                                                                        නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය.
                                                                        එහෙයින් පරිත්‍යාග කර, බිය බැතිමත් වී
                                                                        
                                                                                                                
                                    ﯘﯙ
                                    ﰅ
                                                                        
                    යහපත ගෙන සාක්ෂාත් කළ කෙනෙකු වූ කලී
                                                                        
                                                                                                                
                                    ﯛﯜ
                                    ﰆ
                                                                        
                    අපි ඔහුට පහසුව වෙතට පහසු කරන්නෙමු.
                                                                        තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර (ස්වයං පූරිත) යැයි සිතා
                                                                        
                                                                                                                
                                    ﯣﯤ
                                    ﰈ
                                                                        
                    විශිෂ්ට දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී
                                                                        
                                                                                                                
                                    ﭑﭒ
                                    ﰉ
                                                                        
                    අපි ඔහු ව දුෂ්කරතාව වෙතට පහසු කරන්නෙමු.
                                                                        තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.
                                                                        නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය.
                                                                        තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව ඇත්තේ අපහට ය.
                                                                        එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.
                                                                        අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.
                                                                        පිටු පා අසත්‍යය කළ
                                                                        
                                                                                                                
                                    ﭱﭲ
                                    ﰐ
                                                                        
                    තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මුදවා ගන්නෙමු.
                                                                        තම ධනය පිරිනමා පිවිතුරු වන
                                                                        තමා අසල තිබී පිරිනමනු ලැබූ කිසිදු සම්පතක් (වෙන) කිසිවෙකු වෙනුවෙන් නොවීය.
                                                                        උත්තරීතර තම පරමාධිපතිගේ මුහුණට (තෘප්තිය අපේක්ෂාවෙන්) මිස
                                                                        
                                                                                                                
                                    ﮆﮇ
                                    ﰔ
                                                                        
                    තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.