ترجمة معاني سورة الأنفال باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الإنجليزية - صحيح انترناشونال
المنتدى الإسلامي
الترجمة الإنجليزية
الترجمة الفرنسية - المنتدى الإسلامي
نبيل رضوان
الترجمة الإسبانية
محمد عيسى غارسيا
الترجمة الإسبانية - المنتدى الإسلامي
الترجمة الإسبانية (أمريكا اللاتينية) - المنتدى الإسلامي
المنتدى الإسلامي
الترجمة البرتغالية
حلمي نصر
الترجمة الألمانية - بوبنهايم
عبد الله الصامت
الترجمة الألمانية - أبو رضا
أبو رضا محمد بن أحمد بن رسول
الترجمة الإيطالية
عثمان الشريف
الترجمة التركية - مركز رواد الترجمة
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة التركية - شعبان بريتش
شعبان بريتش
الترجمة التركية - مجمع الملك فهد
مجموعة من العلماء
الترجمة الإندونيسية - شركة سابق
شركة سابق
الترجمة الإندونيسية - المجمع
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الإندونيسية - وزارة الشؤون الإسلامية
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الفلبينية (تجالوج)
مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الفارسية - دار الإسلام
فريق عمل اللغة الفارسية بموقع دار الإسلام
الترجمة الفارسية - حسين تاجي
حسين تاجي كله داري
الترجمة الأردية
محمد إبراهيم جوناكري
الترجمة البنغالية
أبو بكر محمد زكريا
الترجمة الكردية
حمد صالح باموكي
الترجمة البشتوية
زكريا عبد السلام
الترجمة البوسنية - كوركت
بسيم كوركورت
الترجمة البوسنية - ميهانوفيتش
محمد مهانوفيتش
الترجمة الألبانية
حسن ناهي
الترجمة الأوكرانية
ميخائيلو يعقوبوفيتش
الترجمة الصينية
محمد مكين الصيني
الترجمة الأويغورية
محمد صالح
الترجمة اليابانية
روايتشي ميتا
الترجمة الكورية
حامد تشوي
الترجمة الفيتنامية
حسن عبد الكريم
الترجمة الكازاخية - مجمع الملك فهد
خليفة الطاي
الترجمة الكازاخية - جمعية خليفة ألطاي
جمعية خليفة الطاي الخيرية
الترجمة الأوزبكية - علاء الدين منصور
علاء الدين منصور
الترجمة الأوزبكية - محمد صادق
محمد صادق محمد
الترجمة الأذرية
علي خان موساييف
الترجمة الطاجيكية - عارفي
فريق متخصص مكلف من مركز رواد الترجمة بالشراكة مع موقع دار الإسلام
الترجمة الطاجيكية
خوجه ميروف خوجه مير
الترجمة الهندية
مولانا عزيز الحق العمري
الترجمة المليبارية
عبد الحميد حيدر المدني
الترجمة الغوجراتية
رابيلا العُمري
الترجمة الماراتية
محمد شفيع أنصاري
الترجمة التلجوية
مولانا عبد الرحيم بن محمد
الترجمة التاميلية
عبد الحميد الباقوي
الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الأسامية
رفيق الإسلام حبيب الرحمن
الترجمة الخميرية
جمعية تطوير المجتمع الاسلامي الكمبودي
الترجمة النيبالية
جمعية أهل الحديث المركزية
الترجمة التايلاندية
مجموعة من جمعية خريجي الجامعات والمعاهد بتايلاند
الترجمة الصومالية
محمد أحمد عبدي
الترجمة الهوساوية
الترجمة الأمهرية
محمد صادق
الترجمة اليورباوية
أبو رحيمة ميكائيل أيكوييني
الترجمة الأورومية
الترجمة التركية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفرنسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإندونيسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفيتنامية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة البوسنية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإيطالية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفلبينية (تجالوج) للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفارسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
Dr. Ghali - English translation
Muhsin Khan - English translation
Pickthall - English translation
Yusuf Ali - English translation
Azerbaijani - Azerbaijani translation
Sadiq and Sani - Amharic translation
Farsi - Persian translation
Finnish - Finnish translation
Muhammad Hamidullah - French translation
Korean - Korean translation
Maranao - Maranao translation
Abdul Hameed and Kunhi Mohammed - Malayalam translation
Salomo Keyzer - Flemish (Dutch) translation
Norwegian - Norwegian translation
Samir El - Portuguese translation
Polish - Polish translation
Romanian - Romanian translation
Elmir Kuliev - Russian translation
Albanian - Albanian translation
Tatar - Tatar translation
Japanese - Japanese translation
محمد جوناگڑھی - Urdu translation
Ma Jian - Chinese translation
Turkish - Turkish translation
King Fahad Quran Complex - Thai translation
Ali Muhsin Al - Swahili translation
Abdullah Muhammad Basmeih - Malay translation
Hamza Roberto Piccardo - Italian translation
Indonesian - Indonesian translation
Bubenheim & Elyas - German / Deutsch translation
Bosnian - Bosnian translation
Hasan Efendi Nahi - Albanian translation
Sherif Ahmeti - Albanian translation
Sahih International - English translation
Czech - Czech translation
Abul Ala Maududi(With tafsir) - English translation
Tajik - Tajik translation
Alikhan Musayev - Azerbaijani translation
Muhammad Saleh - Uighur; Uyghur translation
Abdul Haleem - English translation
Mufti Taqi Usmani - English translation
Muhammad Karakunnu and Vanidas Elayavoor - Malayalam translation
Sheikh Isa Garcia - Spanish; Castilian translation
Divehi - Divehi; Dhivehi; Maldivian translation
Abubakar Mahmoud Gumi - Hausa translation
Mahmud Muhammad Abduh - Somali translation
Knut Bernström - Swedish translation
Jan Trust Foundation - Tamil translation
Mykhaylo Yakubovych - Ukrainian translation
Uzbek - Uzbek translation
Diyanet Isleri - Turkish translation
Ministry of Awqaf, Egypt - Russian translation
Abu Adel - Russian translation
Burhan Muhammad - Kurdish translation
Dr. Mustafa Khattab, The Clear Quran - English translation
Dr. Mustafa Khattab - English translation
الترجمة الإنجليزية - مركز رواد الترجمة
الترجمة الفرنسية - محمد حميد الله
الترجمة البوسنية - مركز رواد الترجمة
الترجمة الصربية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة الألبانية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة اليابانية - سعيد ساتو
الترجمة الفيتنامية - مركز رواد الترجمة
الترجمة التاميلية - عمر شريف
الترجمة السواحلية - عبد الله محمد وناصر خميس
الترجمة اللوغندية - المؤسسة الإفريقية للتنمية
الترجمة الإنكو بامبارا - ديان محمد
الترجمة العبرية
الترجمة الإنجليزية للمختصر في تفسير القرآن الكريم
الترجمة الروسية للمختصر في تفسير القرآن الكريم
الترجمة البنغالية للمختصر في تفسير القرآن الكريم
الترجمة الصينية للمختصر في تفسير القرآن الكريم
الترجمة اليابانية للمختصر في تفسير القرآن الكريم
ترجمة معاني القرآن الكريم - عادل صلاحي
عادل صلاحي
ﰡ
آية رقم 1
(නබිවරය) යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු අල්ලාහ්ට හා රසූල්වරයාට හිමි බව පවසනු. එබැවින් නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු. තවද නුඹලා අතර ඇති දෑ හැඩගස්වා ගනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ලෙස සිටියෙහු නම් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු.
آية رقم 2
නියත වශයෙන්ම දේව විශ්වාසවන්තයින් වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සින. තවද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති.
آية رقم 3
ﭹﭺﭻﭼﭽﭾ
ﭿ
ඔවුහු වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් වියදම් කරති.
آية رقم 4
සැබෑ දේව විශ්වාසවන්තයෝ ඔවුහුමය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට තරාතිරම් ද සමාව ද ගෞරවාන්විත පෝෂණය ද ඇත.
آية رقم 5
(නබිවරය) නුඹේ පරමාධිපති නුඹේ නිවසින් සත්‍යය සමඟ නුඹ ව පිට කළාක් මෙන් නියත වශයෙන්ම දේව විශ්වාස වන්තයින් අතුරින් පිරිසක් (නුඹ සමඟ පැමිණීමට) පිළිකුල් කරන්නෝ වෙති.
آية رقم 6
බලා සිටිය දී ම මරණය වෙත ඔවුන් මෙහෙයවනු ලබන්නාක් මෙන් (යුද වැදීම අවශ්‍ය බව ඔවුනට) පැහැදිලි වූවායින් පසු ඔවුහු සත්‍යය සම්බන්ධයෙන් නුඹ සමඟ තර්ක කරති.
آية رقم 7
(සතුරන්ගේ) කණ්ඩායම් දෙකින් එකක් සැබැවින්ම නුඹලාට (හිමි වනු) ඇතැයි අල්ලාහ් නුඹලාට ප්‍රතිඥා දුන් අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම ආයුධ වලින් තොර වූ එය නුඹලාට විය යුතු යැයි නුඹලා ප්‍රිය කරන්නෙහුය. අල්ලාහ් ඔහුගේ වදන් තුළින් සත්‍ය්‍ය සැබෑ ලෙසින් ස්ථාපිත කිරීමටත් දේව ප්‍රතික්ෂේපකයින්ගේ මුදුන් මුල කපා හරින්නටත් අපේක්ෂා කරයි.
آية رقم 8
වැරදි කරන්නවුන් පිළිකුල් කළ ද ඔහු සත්‍යය ස්ථාපිත කොට අසත්‍යය විනාශ කරනු පිණිසය.
آية رقم 9
නුඹලා නුඹලාගේ පරමාධිපති ගෙන් උදව් පතන විට ‘නියත වශයෙන්ම මම මලක්වරුන් දහසක් දෙනා පෙළගස්වා නුඹලාට උදව් කරන්නෙමි’ යැයි ඔහු නුඹලාට පිළිතුරු දුන්නේය.
آية رقم 10
ශුභාරංචියක් වශයෙන් හා නුඹලාගේ හදවත් එමගින් සැනසුම ලබනු පිණිස මිස අල්ලාහ් එය පත් කළේ නැත. සැබෑ උපකාරය අල්ලාහ්ගෙන් මිස නැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. සර්ව ප්‍රඥාවන්තය.
آية رقم 11
එවිට ඉන් සැනසුමක් වශයෙන් සුළු නින්දෙන් ඔහු නුඹලා වෙළා ගත්තේය. නුඹලා එමගින් පිරිසිදු කරවා ෂෙයිතාන්ගේ කිලිටි නුඹලාගෙන් පහ කරනු පිණිසත් නුඹලාගේ හදවත් බලවත් කරවා පාද එමගින් ස්ථාවර කරනු පිණිසත් නුඹලා වෙත ඔහු අහසින් ජලය පහළ කළේය.
آية رقم 12
එවිට නුඹගේ පරමාධිපති මලක්වරුන් වෙත ‘විශ්වාස කළවුන් ව නුඹලා ස්ථාවර කරනු. ප්‍රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළ මම බිය හෙළමි. එබැවින් නුඹලා ගෙලවල් වලට ඉහළින් කපා දමනු. තවද ඔවුන්ගෙන් වූ සෑම පුරුකක්ම කපා දමනු’ යැයි දන්වා සිටියේය.
آية رقم 13
එය ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට වෙනස් කම් කළ බැවිනි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන් හට වෙනස් කම් කරන්නේ ද එවිට (දැන ගනු) සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
آية رقم 14
ﮱﯓﯔﯕﯖﯗ
ﯘ
මෙන්න, නුඹලා එය භුක්ති විදිනු. තවද නියත වශයෙන්ම නිරා ගින්නේ දඬුවම දේව ප්‍රතික්ෂේපකයින් සතුය.
آية رقم 15
අහෝ විශ්වාස කළවුනි!, දේව ප්‍රතික්ෂේප කළවුන් ව කණ්ඩායමක් ලෙසින් නුඹලා මුණ ගැසුණු විට ඔවුනට පිටු පා නුඹලා පලා නොයනු.
آية رقم 16
යුද්ධයේ (යුද්ධෝපාය ලෙස) ප්‍රමාද වී පහර දෙන්නකු හා කණ්ඩායමක් වෙත එකතු වන්නෙකු හැර එදින කවරෙකු පිටු පා ඔවුන්ගෙන් පලා යන්නේද එවිට සැබැවින්ම ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය සමඟ හැරී ගියේය. තවද ඔහුගේ නවාතැන නිරයයි. තවද එම (නිරය) යොමු කරනු ලබන ස්ථානයෙන් නපුරු විය.
آية رقم 17
එහෙයින් නුඹලා ඔවුන් ඝාතනය නොකළෙහුය. එනමුත් අල්ලාහ් ඔවුන් ඝාතනය කළේය. තවද නුඹ (පස්) විසි කළ විට දී (එය) නුඹ විසි නොකළෙහිය. එනමුත් අල්ලාහ් විසි කළේය. එය දේව විශ්වාසවන්තයින් ව එමගින් අලංකාර පිරික්සුමකින් පිරික්සනු පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
آية رقم 18
ﭩﭪﭫﭬﭭﭮ
ﭯ
තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණ දුර්වල කරන්නා බැවිනි.
آية رقم 19
(ප්‍රතික්ෂෙප කළවුනි!) නුඹලා තීන්දුවක් පැතුවේ නම් සැබැවින්ම නුඹලා වෙත එම තීන්දුව පැමිණ ඇත. තවද නුඹලා වැළකී සිටියේ නම් එය නුඹලාට යහපතකි. තවද නුඹලා ( සටන් කිරීමට) නැවත හැරෙන්නේ නම් අපි ද හැරෙන්නෙමු. තවද නුඹලාගේ පිරිස අධික වූවත් එය නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව විශ්වාසවන්තයින් සමඟය.
آية رقم 20
විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට අවනත වනු. නුඹලා සවන් දෙමින් සිටිය දී (ඔහුට පිටුපා) ඔහුගෙන් නුඹලා හැරී නොයනු.
آية رقم 21
ඔවුන් සවන් නොදී සිට අපි සවන් දුනිමු යැයි පැවසූ අය මෙන් නුඹලා නොවනු.
آية رقم 22
නියත වශයෙන්ම අල්ලාහ් අබියස පොළොවේ සැරිසරන්නන් අතුරින් ඉතා නපුරුවන්නේ (සත්‍යය) වටහා නොගන්නා බිහිරන් හා ගොළුවන්ය.
آية رقم 23
ඔවුන් තුළ යහපතක් තිබේ යැයි අල්ලාහ් දන්නේ නම් ඔහු ඔවුනට සවන් දීමට සලස් වන්නට තිබුණි. තවද ඔවුනට සවන් දීමට ඔහු සැලැස්සුව ද ඔවුන් පිටුපාන්නන් ලෙසින්ම හැරී යනු ඇත.
آية رقم 24
අහෝ විශ්වාස කළවුනි!, නුඹලා ව ජීවත් කරවනු පිණිස නුඹලාට අල්ලාහ් ඇරයුම් කළ විට නුඹලා ඔහුට හා රසූල් වරයාට පිළිතුරු දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් පුද්ගලයකු හා ඔහුගේ හදවත අතර සිටින බවත් සැබැවින්ම නුඹලා ඔහු වෙතටම එක්රැස් කරනු ලබන බවත් නුඹලා දැන ගනු.
آية رقم 25
තවද නුඹලා අතුරින් අපරාධ කළවුනට පමණක් ඇති නොවන අර්බුදයක් ගැන නුඹලා බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව දැන ගනු.
آية رقم 26
නුඹලා පොළොවේ ස්වල්ප දෙනෙකු වශයෙන් දුබලයින් ව සිට ජනයා නුඹලාව පැහැර ගෙන යනු ඇතැයි නුඹලා බියෙන් සිටි අවස්ථාව නුඹලා මෙනෙහි කර බලනු. එවිට නුඹලා කෘතවේදී විය හැකිවනු පිණිස ඔහු නුඹලා භාරගෙන ඔහුගේ උපකාරය තුළින් නුඹලාව ඔහු ශක්තිමත් කළේය. තවද යහපත් දැයින් නුඹලාට පෝෂණය කළේය.
آية رقم 27
අහෝ විශ්වාස කළවුනි!, නුඹලා දැන දැනම නුඹලා අල්ලාහ්ට හා ධර්ම දූතයාණන්ට වංචා නොකරනු. තවද නුඹලාට භාර කරන ලද දෑ වලට ද වංචා නොකරනු.
آية رقم 28
නියත වශයෙන්ම නුඹලාගේ සම්පත් හා නුඹලාගේ දරුවන් (නුඹලාට) පරීක්ෂණයක් වේ යැයි ද නියත වශයෙන්ම අල්ලාහ්, ඔහු අබියස මහත් වූ ප්‍රතිඵල ඇතැයි ද නුඹලා දැන ගනු.
آية رقم 29
අහෝ විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වන්නෙහු නම් ඔහු නුඹලාට (හොද හා නරක දෑ පිළිබඳ ව) පැහැදිලි බව ඇති කරයි. නුඹලාගේ නපුරුකම් නුඹලා ගෙන් ඉවත් කර නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අති මහත් වූ භාග්‍ය සම්පන්නය.
آية رقم 30
නුඹ ව සිරගත කිරීමට හෝ නුඹ ව මරා දැමීමට හෝ නුඹ ව පිටුවහල් කිරීමට හෝ දේව ප්‍රතික්ෂේප කළවුන් නුඹට කුමන්ත්‍රණ කළ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුහු කුමන්ත්‍රණ කරති. අල්ලාහ් ද සැලසුම් කරනු ඇත. සැලසුම් කරන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ්ය.
آية رقم 31
අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට ‘අපි සවන් දුනිමු. අපි සිතුවේ නම් මෙවැනිම දෙයක් පවසන්නට තිබුණි. මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධයන් මිස නැත යැයි ඔවුහු පැවසුවෝය.
آية رقم 32
අහෝ අල්ලාහ්!, මෙය නුඹ වෙතින් වූ සැබෑවක් නම් අප මත අහසින් ගල් වස්සවනු. නැතිනම් වේදනීය දඬුවමක් අප වෙත ගෙන එනු යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 33
නුඹ ඔවුන් අතර සිටිය දී ඔවුනට දඬුවම් කිරීමට අල්ලාහ් නොවීය. තවද ඔවුන් සමාව අයැදිමින් සිටියදී ඔවුනට දඬුවම් කරන්නෙකු වශයෙන් ද අල්ලාහ් නොවීය.
آية رقم 34
මස්ජිදුල් හරාමයෙන් ඔවුන් වළක්වමින් සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් නොකරනුයේ ඇයි? තවද ඔවුහු එහි භාරකරු වන් නොවෙති. එහි භාරකරුවන් වන්නේ දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් මිස වෙනත් කිසිවකු නොවේ. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
آية رقم 35
මෙම ගෘහය අබියස උරුවන් බෑම හා අත්පුඩි ගැසීම හැර ඔවුන්ගේ නැමදුම නොවීය. එබැවින් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු.
آية رقم 36
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් (ජනයා) අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීම පිණිස තමන්ගේ ධනය වියදම් කරති. එබැවින් ඔවුන් මතුවටත් වියදම් කරනු ඇත. පසු ව එය ඔවුනට තැවුලක් බවට පත් වේ. පසු ව ඔවුන් අබිබවා යනු ලබනු ඇත. තවද ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත එක් රැස් කරනු ලබති.
آية رقم 37
(එය) අයහපත් අයගෙන් පිවිතුරු අය අල්ලාහ් වෙන් කොට එම අයහපත් අයගෙන් සමහරුන් සමහරුන් මත තබා පසුව ඔවුන් සියල්ල ගොඩ ගසා නිරයෙහි තැන්පත් කරනු පිණිසය. අලාභවන්තයෝ ඔවුහුමය.
آية رقم 38
ඔවුන් වැළකුණේ නම් ඔවුන් පෙර කළ දෑට සමා ව දෙනු ලබන බවත් තවද ඔවුන් (යුද්ධය වෙත) නැවත හැරුණේ නම් (විනාශ කර දැමීමේ) පැරැන්නන්ගේ පිළිවෙත සැබැවින්ම ඉකුත් ව ගොස් ඇති බවත් දේව ප්‍රතික්ෂේප කළවුනට නුඹ පවසනු.
آية رقم 39
ෆිත්නා (අර්බුදයක්) නොපවතින තෙක් එමෙන්ම දහම මුළුමනින්ම අල්ලාහ් සතු වන තෙක් නුඹලා ඔවුන් සමග සටන් කරනු. නමුත් ඔවුන් වැළකුණේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සුපරික්ෂාකාරීය.
آية رقم 40
තවද ඔවුන් පිටුපෑවේ නම් අල්ලාහ් නුඹලාගේ භාරකරු බව නුඹලා දැන ගනු. එම භාරකරු ශ්‍රේෂ්ඨ විය. එම උදව්කරු ද යහපත් විය.
آية رقم 41
කණ්ඩායම් දෙක හමු වූ දින (සත්‍ය අසත්‍යයෙන්) වෙන් කළ දින අපගේ ගැත්තා වෙත අපි පහළ කළ දෑ නුඹලා විශ්වාස කර සිටියෙහු නම් නියත වශයෙන්ම යමක් නුඹලා යුද්ධයෙන් අත්පත් කර ගත්තේ ද ඉන් පහෙන් කොටසක් අල්ලාහ්ට ද ධර්ම දූතයාණන්ට ද ඥාතී වන්නන්ට ද අනාථයින්ට ද දුගියන්ට ද මගියන්ට ද සතු බව දැන ගනු. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව ශක්තිය ඇත්තාය.
آية رقم 42
අසල පිහිටි මිටියාවතෙහි නුඹලා ද දූරින් පිහිටි මිටියාවතෙහි ඔවුන් ද නුඹලාට පහළින් වෙළඳ කණ්ඩායම ද සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලා එය සැලසුම් කර තිබුණේ නම් නියමිත වේලාවෙහි නුඹලා භේද වන්නට තිබුණි. එනමුත් සිදු කරනු ලැබිය යුතු කාර්යය ඉටු කිරීම පිණිසත් විනාශ කරනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත විනාශ කරනු පිණිසත් ජීවත් කරවනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත ජීවත් කරවනු පිණිසත් (අල්ලාහ් මෙම තත්ත්වය උදා කළේය.) තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
آية رقم 43
(නබිවරය) නුඹේ සිහිනයෙහි නුඹට ඔවුන් ව ස්වල්ප දෙනකු වශයෙන් අල්ලාහ් පෙන් වූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් ව අධික වශයෙන් ඔහු නුඹට පෙන්වා තිබුණේ නම් නුඹලා අධෛර්යයට පත් වනු ඇත. තවද නුඹලා එම විෂයයෙහි මත ගැටුම් ඇති කර ගනු ඇත. එනමුත් අල්ලාහ් ආරක්ෂා කළේය. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
آية رقم 44
නුඹලා (යුද බිමෙහි) හමු වූ විට නුඹලාගේ ඇස්වලට ඔවුන් ස්වල්ප දෙනකු වශයෙන් පෙන්වා නුඹලා ව ඔවුන්ගේ ඇස්වලට ස්වල්ප දෙනකු වශයෙන් පෙන් වූ අවස්ථාව සිහිපත් කරනු. එය සිදු කරනු ලැබිය යුත්තක් වූ කරුණ අල්ලාහ් ඉටු කරනු පිණිසය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.
آية رقم 45
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා පිරිසක් හමු වූ විට ස්ථාවර ව සිටිනු. තවද නුඹලා ජය ලබා ගත හැකි වනු පිණිස අධික වශයෙන් නුඹලා අල්ලාහ් ව සිහිපත් කරනු.
آية رقم 46
තවද අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්හට නුඹලා අවනත වනු. නුඹලා ගැටුම් ඇති කර නොගනු. එවිට නුඹලා අධෛර්යයට පත් වනු ඇත. නුඹලාගේ බලය පහ ව යනු ඇත. තවද නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලි වන්තයින් සමඟය.
آية رقم 47
තම නිවෙස් වලින් අහංකාර යෙන් හා ජනයාට ප්‍රදර්ශනය කොට මුණිච්චාවෙන් පිටත් ව ගියවුන් මෙන් නුඹලා නොවනු. තවද ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වති. තවද අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව සර්වප්‍රකාරයෙන් දන්නාය.
آية رقم 48
ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට අලංකාර කර පෙන් වූ අවස්ථා ව සිහිපත් කරනු. අද දින ජනයා අතුරින් නුඹලා අබිබවා යන කිසිවකු නොමැත. තවද සැබැවින්ම මම නුඹලාගේ අසල් වැසියකු වෙමි. නමුත් දෙපිරිස හමුවීම ඔහු දුටු විට ඔහුගේ විලුඹ දෙක මත ඔහු හැරී ගොස් මම නුඹලාගෙන් නික්ම යමි. නුඹලා නොදකින දෑ සැබැවින්ම මම දකිමි. සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි. තවද අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි යැයි ඔහු පැවසුවේය.
آية رقم 49
ඔවුන්ගේ දහම ඔවුන් මුළා කළේය යැයි කුහකයෝ හා තම හදවත් වල රෝග ඇත්තෝ පවසා සිටි අවස්ථා ව සිහිපත් කරනු. තවද කවරෙකු අල්ලාහ් වෙත භාර කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. සියුම් ඥානීය.
آية رقم 50
දේව ප්‍රතික්ෂේපකයින්ගේ මුහුණු වලට හා පිටවල් වලට පහර දෙමින් නුඹලා දැවෙන වේදනාවේ දඬුවම භුක්ති විඳිනු යැයි මලක්වරු පවසා සිටි අවස්ථාව නුඹ දකින්නේ නම් !
آية رقم 51
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් හට අසාධාරණකම් කරන්නෙකු නොවේ.
آية رقم 52
(එය) ෆිර්අවුන්ගේ සේනාවේ හා අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළා වූ ඔවුනට පෙර සිටි අයගේ වේදනාව මෙනි. එවිට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ව ග්‍රහණය කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත්ය. දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
آية رقم 53
එය කිසිදු සමූහයක් තමන් සතු ව ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් ඔවුනට පිරිනැමූ දායාදය සැබැවින්ම අල්ලාහ් වෙනස් කරන්නෙකු නොවූ බැවිනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
آية رقم 54
එය ෆිර්අවුන්ගේ සේනාව හා තම පරමාධිපතිගේ වදන් බොරු කළා වූ ඔවුනට පෙර සිටි අයගේ වේදනාව මෙනි. එවිට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන් ව අපි විනාශ කළෙමු. තවද අපි ෆිර්අවුන්ගේ සේනාව හා අපරාධකරුවන් ලෙස සිටි සියලු දෙනා ව දියේ ගිල්වූයෙමු.
آية رقم 55
අල්ලාහ් අබියස නියත වශයෙන්ම ප්‍රාණීන් අතුරින් වඩාත් නපුරු අය වන්නේ දේව ප්‍රතික්ෂේප කළවුන්ය. ඔවුහු විශ්වාස නොකරති.
آية رقم 56
(නබිවරය) නුඹ ඔවුන් සමඟ ගිවිස ගත්තෙහිය. පසු ව ඔවුන් ඒ හැම විටකම ඔවුන්ගේ ගිවිසුම කඩ කරති. තවද ඔවුහු බිය හැඟීමෙන් යුතු ව කටයුතු නොකරති.
آية رقم 57
එහෙයින් යුද බිමෙහි නුඹ ඔවුන් හමු වන්නෙහි නම් ඔවුන්ගේ පසුපසින් සිටින්නවුන් ඔවුන් ගෙන් විසිර යන්නට සලස්වනු. ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස.
آية رقم 58
(නබිවරය) යම් පිරිසකගෙන් (ගිවිසුමෙහි) වංචාවක් සිදු වනු ඇතැයි නුඹ බිය වෙතොත් ඔවුන් වෙත ඊට සමාන අයුරින්ම (ගිවිසුම) හෙළා දමනු. නියත වශයෙන්ම අල්ලාහ් වංචා කරන්නන් ප්‍රිය නොකරයි.
آية رقم 59
දේව ප්‍රතික්ෂේප කළවුන් තමන් ජය ලැබූ බව සැබැවින්ම නොසිතිය යුතුය. නියත වශයෙන්ම ඔවුන් (ඊට) හැකියාව නොදරති.
آية رقم 60
(ආයුධ) බලයෙන් හා අශ්ව සේනාවන්ගෙන් නුඹලාට හැකි පමණින් ඔවුනට එරෙහි ව නුඹලා සූදානම් වනු. අල්ලාහ්ගේ සතුරන් ද නුඹලාගේ සතුරන් ද ඔවුනට අමතර ව ඔවුන් ගැන නුඹලා නොදන්නා නමුත් අල්ලාහ් ඔවුන් ගැන දන්නා වෙනත් අය ද නුඹලා එමගින් බිය වද්දනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා කවර කරුණක් වියදම් කළ ද නුඹලා වෙත එය පූර්ණ ව දෙනු ලැබේ. නුඹලා අසාධාරණකම් කරනු නොලබනු ඇත.
آية رقم 61
තවද ඔවුන් සමාදානය සඳහා යොමු වූයේ නම් එවිට නුඹ ද ඒ සඳහා යොමු වනු. තවද අල්ලාහ් වෙත (සියල්ල) භාර කරනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය.
آية رقم 62
නුඹට ද්‍රෝහිකම් කිරීමට ඔවුන් සිතන්නේ නම් එවිට (දැන ගනු) නියත වශයෙන්ම අල්ලාහ් නුඹට ප්‍රමාණවත්ය. ඔහු ඔහුගේ උදව් ව හා දේව විශ්වාසවන්තයින් මඟින් නුඹ ව ස්ථාවර කළේය.
آية رقم 63
ඔවුන්ගේ හදවත් අතර ඔහු සෙනෙහස ගොඩ නැගුවේය. මහපොළොවේ ඇති සියලු දෑ නුඹ වියදම් කළ ද ඔවුන්ගේ හදවත් අතර සෙනෙහස ගොඩ නැගීමට නුඹට නොහැකිය. එනමුත් අල්ලාහ් ඔවුන් අතර සෙනෙහස ගොඩ නැගුවේය. නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී සියුම් ඥානීය.
آية رقم 64
අහෝ නබිවරය ! නුඹට හා දේව විශ්වාසවන්තයින් අතුරින් නුඹ ව අනුගමනය කරන්නන්හට අල්ලාහ් ප්‍රමාණවත්ය.
آية رقم 65
අහෝ නබිවරය ! දේව විශ්වාසවන්තයින් ව යුද්ධය සඳහා දිරි ගන්වනු. නුඹලා අතුරින් විසි දෙනෙකු සිටින්නේ නම් ඔවුහු ඔවුන්ගෙන් දෙසිය දෙනකු අබිබවා යනු ඇත. නුඹලා අතුරින් සිය දෙනෙකු සිටින්නේ නම් ඔවුහු දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් දහසක් දෙනා අබිබවා යනු ඇත. හේතුව සැබැවින්ම ඔවුන් වටහා නොගන්නා පිරිසක් බැවිනි.
آية رقم 66
දැන් අල්ලාහ් නුඹලාගෙන් සැහැල්ලු කළේය. තවද නුඹලා තුළ දුර්වලකම් ඇති බව ඔහු දැන සිටියේය. එහෙයින් නුඹලා අතුරින් ඉවසා දරා ගන්නා සිය දෙනකු වන්නේ නම් ඔවුහු (ඔවුන්ගෙන්) දෙසිය දෙනකු අබිබවා යනු ඇත. තවද නුඹලා අතුරින් දහසක් දෙනා වන්නේ නම් අල්ලාහ්ගේ අනුහසින් දෙදහසක් දෙනා ඔවුහු අබිබවා යනු ඇත. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය.
آية رقم 67
මිහිතලයේ සතුරන් මර්දනය කරන තුරු යුද සිරකරුවන් තබා ගැනීම කිසිදු නබිවරයකුට නොවීය. නුඹලා මෙලොව සම්පත් අපේක්ෂා කරන්නෙහුය. අල්ලාහ් මතු ලොව අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව බලධාරීය. සියුම් ඥානීය.
آية رقم 68
අල්ලාහ්ගේ පෙර නියමයක් නොවූයේ නම් (සිරකරුවන් මුදා හරින්නට) නුඹලා ගත් දෑ හි මහත් දඬුවමක් නුඹලා ව ස්පර්ශ කරන්නට තිබුණි.
آية رقم 69
එහෙයින් යුද බිමෙන් නුඹලා ලැබූ දැයින් අනුමත පිවිතුරු දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
آية رقم 70
අහෝ නබිවරය ! ‘නුඹලාගේ හදවත් තුළ ඇති යම් යහපතක් ගැන අල්ලාහ් දන්නේ නම් නුඹලාගෙන් ගනු ලැබූ දෑට වඩා යහපත් දෑ නුඹලාට ඔහු පිරිනමනු ඇත. තවද නුඹලාට ඔහු සමා ව දෙනු ඇත’ යැයි සිරුකරුවන් අතුරින් නුඹලාගේ අත්අඩංගුවේ පසුවන්නන්හට නුඹ පවසනු. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
آية رقم 71
ඔවුහු නුඹට ද්‍රෝහිකම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් මීට පෙර ද සැබැවින්ම ඔවුහු අල්ලාහ්ට ද්‍රෝහිකම් කළෝය. ඔහු ඔවුන් විශයයෙහි (නුඹට) ඉඩ ලබා දී ඇත. තවද අල්ලාහ් සර්වඥානී සියුම් ඥානය ඇත්තාය.
آية رقم 72
නියත වශයෙන්ම විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් ද තවද සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් ද ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගේ මිතුරන් වෙති. විශ්වාස කොට නික්ම නොගිය අය ඔවුන් නික්ම යන තුරු ඔවුන් සමඟ කිසිදු ආකාරයේ මිතු දහමක් නුඹලාට නොවනු ඇත. නමුත් දහම විෂයයෙහි ඔවුන් නුඹලාගෙන් උදව් පැතුවේ නම් නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති ජනයා වෙත හැර (අන් අයට) උදව් කිරීම නුඹලා වෙත පැවරෙන වගකීමය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව නිරීක්ෂා කරන්නාය.
آية رقم 73
මෙය (එකිනෙකා රැකගැනීම) නුඹලා නොකරන්නේ නම් මහ පොළොවේ අර්බුද හා මහා කලහකම් සිදු වනු ඇත. දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති.
آية رقم 74
තවද විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් හා සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් වන ඔවුහුමය සැබෑ ලෙසින් දේව විශ්වාසවන්තයින් වන්නෝ. ඔවුනට සමාව ද ගෞරවාන්විත සංග්‍රහය ද ඇත.
آية رقم 75
තවද විශ්වාස කොට පසුව (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් නුඹලා සමඟම (අල්ලාහ්ගේ මාර්ගයේ) කැප කළවුන් වන ඔවුහු නුඹලා ගෙන් ය. අල්ලාහ්ගේ නියමය පරිදි ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට ඉතා සමීප ඥාතීන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය.
تقدم القراءة