ترجمة معاني سورة الإنشقاق باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 2
එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
آية رقم 3
මහපොළොව සමතලා කරනු ලැබ
آية رقم 4
එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී
آية رقم 5
එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
آية رقم 6
අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය.
آية رقم 7
එවිට තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී
آية رقم 8
ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.
آية رقم 9
තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත් ව හැරී යනු ඇත.
آية رقم 10
තවද තම වාර්තා පොත තමන්ගේ කොන්ද පිටුපසට දෙනු ලැබූ අය වූ කලී
آية رقم 11
ඔහු විනාශය යැයි මතු වැලපෙනු ඇත.
آية رقم 12
තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත.
آية رقم 13
නියත වශයෙන්ම ඔහු තම පවුලෙහි ප්‍රීතියට පත් වූවෙකු ලෙස සිටියේය.
آية رقم 14
නියත වශයෙන්ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නොපැමිණෙන්නේමය යැයි සිතුවේය.
آية رقم 15
එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිත්‍ය නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.
آية رقم 16
තවද ගොම්මන මත ද මම දිවුරමි.
آية رقم 17
රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද, (මම දිවුරමි.)
آية رقم 18
චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද මම (දිවුරමි.)
آية رقم 19
සැබැවින්ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහුමය.
آية رقم 20
එහෙයින් ඔවුහු විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?
آية رقم 21
තවද ඔවුනට අල්-කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නොකරති.
آية رقم 22
නමුත් (දේව විශ්වාසය) ප්‍රතික්ෂේප කළ අය එය බොරු යැයි පවසන්නෝය.
آية رقم 23
තවද ඔවුන් (තම හදවත් තුළ) සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය.
آية رقم 24
එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
නමුත් විශ්වාස කර දැහැමි දෑ කළවුන් හැර ඔවුනට අඛණ්ඩ ප්‍රතිඵල ඇත.
تقدم القراءة