ترجمة معاني سورة الإسراء باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة الإنجليزية - صحيح انترناشونال
المنتدى الإسلامي
الترجمة الإنجليزية
الترجمة الفرنسية - المنتدى الإسلامي
نبيل رضوان
الترجمة الإسبانية
محمد عيسى غارسيا
الترجمة الإسبانية - المنتدى الإسلامي
الترجمة الإسبانية (أمريكا اللاتينية) - المنتدى الإسلامي
المنتدى الإسلامي
الترجمة البرتغالية
حلمي نصر
الترجمة الألمانية - بوبنهايم
عبد الله الصامت
الترجمة الألمانية - أبو رضا
أبو رضا محمد بن أحمد بن رسول
الترجمة الإيطالية
عثمان الشريف
الترجمة التركية - مركز رواد الترجمة
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة التركية - شعبان بريتش
شعبان بريتش
الترجمة التركية - مجمع الملك فهد
مجموعة من العلماء
الترجمة الإندونيسية - شركة سابق
شركة سابق
الترجمة الإندونيسية - المجمع
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الإندونيسية - وزارة الشؤون الإسلامية
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الفلبينية (تجالوج)
مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الفارسية - دار الإسلام
فريق عمل اللغة الفارسية بموقع دار الإسلام
الترجمة الفارسية - حسين تاجي
حسين تاجي كله داري
الترجمة الأردية
محمد إبراهيم جوناكري
الترجمة البنغالية
أبو بكر محمد زكريا
الترجمة الكردية
حمد صالح باموكي
الترجمة البشتوية
زكريا عبد السلام
الترجمة البوسنية - كوركت
بسيم كوركورت
الترجمة البوسنية - ميهانوفيتش
محمد مهانوفيتش
الترجمة الألبانية
حسن ناهي
الترجمة الأوكرانية
ميخائيلو يعقوبوفيتش
الترجمة الصينية
محمد مكين الصيني
الترجمة الأويغورية
محمد صالح
الترجمة اليابانية
روايتشي ميتا
الترجمة الكورية
حامد تشوي
الترجمة الفيتنامية
حسن عبد الكريم
الترجمة الكازاخية - مجمع الملك فهد
خليفة الطاي
الترجمة الكازاخية - جمعية خليفة ألطاي
جمعية خليفة الطاي الخيرية
الترجمة الأوزبكية - علاء الدين منصور
علاء الدين منصور
الترجمة الأوزبكية - محمد صادق
محمد صادق محمد
الترجمة الأذرية
علي خان موساييف
الترجمة الطاجيكية - عارفي
فريق متخصص مكلف من مركز رواد الترجمة بالشراكة مع موقع دار الإسلام
الترجمة الطاجيكية
خوجه ميروف خوجه مير
الترجمة الهندية
مولانا عزيز الحق العمري
الترجمة المليبارية
عبد الحميد حيدر المدني
الترجمة الغوجراتية
رابيلا العُمري
الترجمة الماراتية
محمد شفيع أنصاري
الترجمة التلجوية
مولانا عبد الرحيم بن محمد
الترجمة التاميلية
عبد الحميد الباقوي
الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الأسامية
رفيق الإسلام حبيب الرحمن
الترجمة الخميرية
جمعية تطوير المجتمع الاسلامي الكمبودي
الترجمة النيبالية
جمعية أهل الحديث المركزية
الترجمة التايلاندية
مجموعة من جمعية خريجي الجامعات والمعاهد بتايلاند
الترجمة الصومالية
محمد أحمد عبدي
الترجمة الهوساوية
الترجمة الأمهرية
محمد صادق
الترجمة اليورباوية
أبو رحيمة ميكائيل أيكوييني
الترجمة الأورومية
الترجمة التركية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفرنسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإندونيسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفيتنامية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة البوسنية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإيطالية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفلبينية (تجالوج) للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفارسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
Dr. Ghali - English translation
Muhsin Khan - English translation
Pickthall - English translation
Yusuf Ali - English translation
Azerbaijani - Azerbaijani translation
Sadiq and Sani - Amharic translation
Farsi - Persian translation
Finnish - Finnish translation
Muhammad Hamidullah - French translation
Korean - Korean translation
Maranao - Maranao translation
Abdul Hameed and Kunhi Mohammed - Malayalam translation
Salomo Keyzer - Flemish (Dutch) translation
Norwegian - Norwegian translation
Samir El - Portuguese translation
Polish - Polish translation
Romanian - Romanian translation
Elmir Kuliev - Russian translation
Albanian - Albanian translation
Tatar - Tatar translation
Japanese - Japanese translation
محمد جوناگڑھی - Urdu translation
Ma Jian - Chinese translation
Turkish - Turkish translation
King Fahad Quran Complex - Thai translation
Ali Muhsin Al - Swahili translation
Abdullah Muhammad Basmeih - Malay translation
Hamza Roberto Piccardo - Italian translation
Indonesian - Indonesian translation
Bubenheim & Elyas - German / Deutsch translation
Bosnian - Bosnian translation
Hasan Efendi Nahi - Albanian translation
Sherif Ahmeti - Albanian translation
Sahih International - English translation
Czech - Czech translation
Abul Ala Maududi(With tafsir) - English translation
Tajik - Tajik translation
Alikhan Musayev - Azerbaijani translation
Muhammad Saleh - Uighur; Uyghur translation
Abdul Haleem - English translation
Mufti Taqi Usmani - English translation
Muhammad Karakunnu and Vanidas Elayavoor - Malayalam translation
Sheikh Isa Garcia - Spanish; Castilian translation
Divehi - Divehi; Dhivehi; Maldivian translation
Abubakar Mahmoud Gumi - Hausa translation
Mahmud Muhammad Abduh - Somali translation
Knut Bernström - Swedish translation
Jan Trust Foundation - Tamil translation
Mykhaylo Yakubovych - Ukrainian translation
Uzbek - Uzbek translation
Diyanet Isleri - Turkish translation
Ministry of Awqaf, Egypt - Russian translation
Abu Adel - Russian translation
Burhan Muhammad - Kurdish translation
Dr. Mustafa Khattab, The Clear Quran - English translation
Dr. Mustafa Khattab - English translation
الترجمة الإنجليزية - مركز رواد الترجمة
الترجمة الفرنسية - محمد حميد الله
الترجمة البوسنية - مركز رواد الترجمة
الترجمة الصربية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة الألبانية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة اليابانية - سعيد ساتو
الترجمة الفيتنامية - مركز رواد الترجمة
الترجمة التاميلية - عمر شريف
الترجمة السواحلية - عبد الله محمد وناصر خميس
الترجمة اللوغندية - المؤسسة الإفريقية للتنمية
الترجمة الإنكو بامبارا - ديان محمد
الترجمة العبرية
الترجمة الإنجليزية للمختصر في تفسير القرآن الكريم
الترجمة الروسية للمختصر في تفسير القرآن الكريم
الترجمة البنغالية للمختصر في تفسير القرآن الكريم
الترجمة الصينية للمختصر في تفسير القرآن الكريم
الترجمة اليابانية للمختصر في تفسير القرآن الكريم
ترجمة معاني القرآن الكريم - عادل صلاحي
عادل صلاحي

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

අපගේ සංඥාවන් ඔහුට පෙන්වනු පිණිස (මක්කාහ්වේ පිහිටි) මස්ජිදුල් හරාම්හි සිට ඒ අවට අපි සමෘද්ධිමත් කළ (ජෙරුසලමේ පිහිටි) මස්ජිදුල් අක්සා දක්වා තම ගැත්තා ව එක් රාත්‍රියක ගමන් කෙරෙව්වා වූ ඔහු (අල්ලාහ්) සුවිශුද්ධය. නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක. සර්ව නිරීක්ෂක.
තවද අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. නුඹලා මගෙන් තොර ව භාරකරුවකු නොගනු යැයි පවසා ඉස්රාඊල්ගේ දරුවන්ට එය මග පෙන්වීමක් බවට පත් කළෙමු.
නූහ් සමග අප ඉසිලූ අයගේ පරපුරයි. නියත වශයෙන්ම ඔහු කෘතවේදී ගැත්තෙකු විය.
තවද අපි දේව ග්‍රන්ථයේ නුඹලා මහපොළොවේ දෙවරක් කලහකම් කරනු ඇතැයි ද නුඹලා මහත් උදම්වීමකින් උසස් වනු ඇතැයි ද අපි ඉස්රාඊල් දරුවන්ට තීන්දු කළෙමු.
ඒ දෙකින් පළමු ප්‍රතිඥාව පැමිණි විට අප සතු වඩාත් බලවත් ගැත්තන් නුඹලාට එරෙහි ව අපි එව්වෙමු. එවිට ඔවුහු නිවෙස් අතර සොයා (නුඹලා ව) විනාශ කර දැමුවෝය. එය සිදු කරනු ලබන ප්‍රතිඥාවක් විය.
පසු ව ඔවුනට එරෙහි ව වාරය නුඹලා වෙත අපි නැවත ලබා දුනිමු. තවද ධනයෙන් හා දරුවන්ගෙන් අපි නුඹලාට උපකාර කළෙමු. තවද අපි නුඹලා ව පිරිස් බලයෙන් අධික කළෙමු.
නුඹලා යහපත කර ඇත්නම් (එසේ) නුඹලා යහපත කර ඇත්තේ නුඹලාගේ ආත්මාවන්ටය. තවද නුඹලා නපුරක් කර ඇත්නම් එය ද එයටමය. එහෙයින් අවසන් ප්‍රතිඥාව පැමිණි විට නුඹලාගේ මුහුණු ඔවුන් නරක් කිරීමටත් ඔවුන් එහි මුල් වරට පිවිසුණාක් මෙන් මස්ජිදයට පිවිසීමටත් ඔවුහු උදම් වූ දෑ දැඩි ලෙස විනාශ කර දැමීමටත් (අපි ඔවුන් ව එවන්නෙමු.)
නුඹලාගේ පරමාධිපති නුඹලාට කරුණාව පෙන්විය හැක. තවද නුඹලා නැවත හැරුණේ නම් අපි ද හැරෙන්නෙමු. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට නිරය සිර ගෙයක් බවට අපි පත් කළෙමු.
නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. තවද යහකම් කරන්නා වූ දේව විශ්වාසවන්තයින් වනාහි, සැබැවින්ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට ශුභාරංචි දන්වයි.
තවද නියත වශයෙන්ම මතුලොව පිළිබඳව විශ්වාස නොකරන්නන් වන ඔවුනට වේදනීය දඬුවමක් අපි සූදානම් කළෙමු.
තවද යහපත පිළිබඳ මිනිසා පතනවාක් මෙන් අයහපත පිළිබඳව ද ඔහු පතයි. තවද මිනිසා ඉක්මන් සුළු විය.
රාත්‍රිය හා දහවල සංඥාවන් දෙකක් බවට අපි පත් කළෙමු. එවිට අපි රාත්‍රියේ සංඥාව මකා දමා දහවලේ සංඥාව පෙනෙන්නක් බවට පත් කළෙමු. එය නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍ය්‍ය සොයනු පිණිසත් වසර ගණන් හා කාල ගණනය නුඹලා දැන ගනු පිණිසත්ය. තවද සියලු දෑ අපි විස්තරාත්මකව පැහැදිලි කළෙමු.
සෑම මිනිසකුටම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ ගෙලෙහි අපි හෙළුවෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්‍රියා ලේකනය අපි ඔහුට හෙළි කරන්නෙමු. ඔහු එය විවෘත කරනු ලැබූවක් ලෙස දකිනු ඇත.
آية رقم 14
නුඹ නුඹේ ක්‍රියා ලේකනය කියවනු. අද දින නුඹට එරෙහිව පිහිටන විනිශ්චය නුඹට ප්‍රමාණවත්ය.
කවරෙකු යහමඟ ලැබුවේ ද එසේ ඔහු යහමඟ ලබනුයේ ඔහුගේ ආත්මය වෙනුවෙනි. තවද කවරෙකු නොමඟ ගියේ ද එසේ ඔහු නොමඟ යනුයේ එයට එරෙහිවය. තවද බර උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර නොඋසුලයි. තවද අපි ධර්ම දූතයකු එවන තෙක් (කිසිදු සමාජයකට) දඬුවම් කරන්නන් ලෙස නොසිටියෙමු.
තවද යම් ගම්මානයක් අපි විනාශ කිරීමට සිතූ විට එහි (ආඩම්බර කමින්) භුක්ති විඳිමින් සිටින්නන් හට අණ කරන්නෙමු. එවිට ඔවුහු පාපකම් කරන්නෝය. එහෙයින් ඒ වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වෙයි. එවිට අපි එය කඩා බිඳ දමා සුණු විසුණු කළෙමු.
අපි නූහ්ගෙන් පසුව පරම්පරාවන් කොපමණක් විනාශ කළෙමු ද? තම ගැත්තන්ගේ පාපකම් පිළිබඳව නුඹගේ පරමාධිපති අභිඥානවන්තයකු ලෙසින් හා නිරීක්ෂක ලෙසින් ප්‍රමාණවත් විය.
කවරෙකු මෙලොව පතන්නේ ද අපි ප්‍රිය කරන අයට අපගේ අභිමතය පරිදි එහි ඔහුට ඉක්මන් කර දෙන්නෙමු. පසු ව නිරය ඔහුට නියම කරන්නෙමු. ඔහු එහි අවමානයට ලක් වූ අභාග්‍ය සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු ඇත.
කවරෙකු මතු ලොව අපේක්ෂා කොට දේව විශ්වාසවන්තයකු ව සිට ඒ වෙනුවෙන් එහි මහත් පරිශ්‍රමයකින් වෙහෙසෙන්නේ ද එවිට ඔවුන්ගේ පරිශ්‍රමය කෘතඥතාවට ලක් වූවෝ ඔවුහුමය.
ඔවුන් හා මොවුන් සියල්ලටම නුඹගේ පරමාධිපති(වන අප)ගේ අනුග්‍රහයෙන් අපි පිරිනැමුවෙමු. නුඹගේ පරමාධිපතිගේ අනුග්‍රහය වළක්වනු ලබන්නක් නොවීය.
ඔවුන්ගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා අපි උසස් කළේ කෙසේ දැයි නුඹ අධීක්ෂණයෙන් යුතු ව බලනු. තවද මතු ලොව තරාතිරම් වලින් අති මහත්ය. එමෙන්ම මහිමයට පත් කිරීමෙන් ද අති මහත්ය.
අල්ලාහ් සමග වෙනත් දෙවියකු නොගනු. එසේ කළහොත් නුඹ නින්දාවටත් අසරණ බවටත් පත්වනු ඇත
නුඹලා ඔහුට පමණක් මිස (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකළ යුතු බවටත් දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචනයෙන්) නොපවසනු. තවද ඔවුන් දෙදෙනා සමග පිළිකුල් අයුරින් කටයුතු නොකරනු. ඔවුන් දෙදෙනාව ගෞරවනීය වදනින් අමතනු.
කරුණාවෙන් යුත් මෘදු පියාපත් ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු. තවද මාගේ පරමාධිපතියාණනි ! ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ හදාවඩා ගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ද කරුණා කරනු මැනව !
නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සිත් තුළ ඇති දෑ මැනවින් දන්නාය. නුඹලා දැහැමියන් වන්නේ නම් නියත වශයෙන්ම ඔහු (පසුතැවිලි වී ඔහු වෙත) නැඹුරුවන්නන්හට අති ක්ෂමාශීලී විය.
සමීප ඥාතියාට ඔහුගේ උරුමය නුඹ දෙනු. තවද දුගියාට හා මගියාට ද දෙනු. තවද නුඹලා නාස්තිකාර ලෙසින් අපතේ නොයවනු.
නියත වශයෙන්ම නාස්තිකාරයින් ෂෙයිතානුන්ගේ සහෝදරයෝ වූහ. තවද ෂෙයිතාන් තම පරමාධිපතිට මහා ගුණමකුවකු විය.
නුඹගේ පරමාධිපතිගෙන් නුඹ බලාපොරොත්තු වන දයාලුභාවය අපේක්ෂාවෙන් ඔවුන්ගෙන් නුඹ වැළකෙන්නෙහි නම් එවිට නුඹ ඔවුනට පහසු වදනින් අමතනු.
තවද නුඹ නුඹගේ අත නුඹගේ ගෙල වෙත විලංගු දමනු ලබන්නක් බවට පත් නොකරනු. තවද සම්පූර්ණ විවෘත කිරීමකින් නුඹ එය විවෘත නොකරනු. එවිට නුඹ (කිසිවක් නොමැති ව) නිරාවරණය වූ දොස් නගනු ලබන්නකු බවට පත් වනු ඇත.
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහු කැමැති අයට පෝෂණය වීවෘත කර දෙයි. එමෙන්ම ඔහු ව සීමා ද කරයි. නියත වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ මනා ඥානය ඇති සර්ව නිරීක්ෂක විය.
දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා මරා නොදමනු. ඔවුන්ට ද නුඹලාට ද පෝෂණය ලබා දෙනුයේ අපය. නියත වශයෙන්ම ඔවුන් ව මරා දැමීම මහත් පවක් විය.
තවද නුඹලා කාම අපචාරයට ළං නොවනු. නියත වශයෙන්ම එය අශික්ෂිත කරුණකි. තවද එය මාර්ගයෙන් නපුරු ද විය.
අල්ලාහ් තහනම් කළ ආත්මයක් යුක්තියකින් තොර ව නුඹලා ඝාතනය නොකරනු. තවද කවරෙකු අපරාධ කරනු ලැබූවකු ලෙසින් ඝාතනය කරනු ලැබුවේ ද ඔහුගේ භාරකරුට සැබැවින්ම අපි බලයක් පැවරුවෙමු. නමුත් ඔහු ඝාතනය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා නොයා යුතුය. නියත වශයෙන්ම ඔහු උදව් කරනු ලබන්නෙකි.
තවද අනාථයාගේ වස්තුවට ඔහු වැඩිවියට පත් වන තෙක් වඩාත් යහපත් වනුයේ කුමක් ද එවැනි දෙයකින් හැර නුඹලා සමීප නොවනු. තවද නුඹලා ගිවිසුම පූර්ණවත් කරනු. නියත වශයෙන්ම ගිවිසුම විමසනු ලබන්නක් විය.
තවද නුඹලා මනින විට මිණුම සම්පූර්ණ කරනු. තවද නිවැරදි තුලාවකින් නුඹලා කිරනු. එය උතුම්ය. තවද අවාසානයේ ද වඩාත් අලංකාරය.
නුඹට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ මත නුඹ රැඳී නොසිටිනු. නියත වශයෙන්ම ශ්‍රවණය බැල්ම හා සිත යන ඒවා සියල්ල ඒ පිළිබඳ ව විමසනු ලබන්නක් විය.
මහපොළොවේ උඩඟුවෙන් ගමන් නොකරනු. නියත වශයෙන්ම නුඹට මහපොළොව හාරා ගමන් කළ නොහැක්කේමය. තවද කඳුවලට උසින් ළං විය නොහැක්කේමය.
آية رقم 38
මේ සියල්ල, එහි නපුර නුඹේ පරමාධිපති වෙත පිළිකුල් සහගත විය.
මෙය ප්‍රඥාවෙන් යුතු ව නුඹගේ පරමාධිපති නුඹ වෙත දන්වා සිටි දැයිනි. තවද නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු පත් නොකරනු. එවිට නුඹ දොස් නගනු ලැබ (සියල්ල) අහිමි කර ගත් අයකු සේ නිරයට හෙළනු ලබනු ඇත.
නුඹලාගේ පරමාධිපති නුඹලාට පිරිමි දරුවන් තෝරා දී ඔහු මලක්වරුන් අතුරින් ගැහැනුන් ගත්තේ ද? නියත වශයෙන්ම නුඹලා අතිමහත් (භයානක) ප්‍රකාශයක් පවසන්නෙහුය.
ඔවුන් මෙනෙහි කරනු පිණිස මෙම කුර්ආනයේ සැබැවින්ම අපි බොහෝ කරුණු පැහැදිලි කළෙමු. නමුත් එය පලා යෑම මිස වෙන කිසිවකු ඔවුනට වැඩි නොකළේය.
ඔවුන් පවසන අයුරින් ඔහු සමග දෙවියකු වී නම් එවිට අර්ෂ් හිමිපාණන් වෙත ඔවුන් මග සොයන්නට තිබුණි යැයි නුඹ පවසනු.
آية رقم 43
ඔහු සුවිශුද්ධය. ඔවුන් පවසන දැයින් අතිමහත් උත්තරීතර භාවයෙන් ඔහු උසස් විය.
අහස් හත හා මහපොළොව ද ඒවායෙහි සිටින දෑ ද ඔහුව සුවිශුද්ධ කරයි. (ඒ) කිසිවක් හෝ ඔහුගේ ප්‍රශංසාව තුළින් ඔහුව සුවිශුද්ධ කරනු මිස නැත. නමුත් ඔවුන් සුවිශුද්ධ කරන අයුරු නුඹලා වටහා නොගන්නෙහුය. නියත වශයෙන්ම ඔහු දයාලුය. අති ක්ෂමාශීලීය.
නුඹ අල් කුර්ආනය පාරායනය කරන විට නුඹ අතර හා මතු ලොව විශ්වාස නොකරන්නන් අතර ආවරණය කරනු ලබන තිරයක් ඇති කළෙමු.
තවද ඔවුන් එය වටහා නොගන්නා අයුරින් ඔවුන්ගේ හදවත් මත අපි වහන්තරාවක් ද ඔවුන්ගේ කන් තුළ බිහිරිබව ද ඇති කළෙමු. අල්කුර්ආනයේ නුඹ නුඹේ පරමාධිපති ගැන පමණක් මෙනෙහි කළ විට ඔවුන් (ඉන්) ඈත් වී ඔවුන්ගේ පසුපස ලා හැරී යති.
ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සවන් දෙන්නේ ද ඒ පිළිබඳ ව මැනවින් දන්නේ අපය. ඔවුන් නුඹ වෙත සවන් දෙන විට ද ‘නුඹලා හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස අනුගමනය නොකරන්නෙහුය’ යැයි අපරාධකරුවෝ පවසන විට ද ඔවුහු රහස් සාකච්ඡා වල නිරත ව සිටියහ.
ඔවුහු නුඹට උපමාවන් ගෙන හැර පෑවේ කෙසේ දැයි නුඹ අවධානයෙන් බලනු. එවිට ඔවුහු නොමග වූහ. එහෙයින් කිසිදු මගක් (සොයා ගැනීමට) ඔවුහු හැකියාව නොලබති.
තවද නියත වශයෙන්ම අපි අස්ථි හා දූවිලි බවට පත් වූ විට නව මැවීමක් ලෙස නැවත නැගිටුවනු ලබන්නන් වෙමු දැයි ඔවුහු විමසුවෝය.
آية رقم 50
නුඹලා ගලක් හෝ යකඩයක් හෝ වනු යැයි නුඹ පවසනු.
නැතහොත් නුඹගේ සිත් තුළ විශාල ලෙස මවා ගන්නා දැයින් වූ මැවීමක් හෝ වනු. එවිට අපව නැවත ගෙන එනුයේ කවුරුන්දැයි ඔවුහු විමසති. නුඹලා ව මුල් වරට මැවූ අය වේ යැයි නුඹ පවසනු. එවිට නුඹ වෙත ඔවුන්ගේ හිස් සොලවා එය කවදා දැයි විමසා සිටිති. එය සමීපයෙන් විය හැකැයි නුඹ පවසනු.
ඔහු නුඹලා ව කැඳවන දින නුඹලා ඔහුගේ ප්‍රශංසාව තුළින් ප්‍රතිචාර දක්වනු ඇත. තවද ස්වල්ප කාලයක් මිස (මෙලොවෙහි) නුඹලා රැඳී නොසිටි බව නුඹලා සිතනු ඇත.
තවද වඩාත් අලංකාර වනුයේ කුමක් ද එය පවසන්නැයි මාගේ ගැත්තන්හට නුඹ පවසනු. නියත වශයෙන්ම ෂෙයිතාන් ඔවුන් අතර බෙදුම් ඇති කරයි. නියත වශයෙන්ම ෂෙයිතාන් මිනිසාට ප්‍රකට සතුරෙකු විය.
නුඹලා පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපතියාය. ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට කරුණාව දක්වනු ඇත. නැතහොත් ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට ඔහු දඬුවම් කරනු ඇත. තවද ඔවුන් වෙත භාරකරුවකු ලෙස අපි නුඹ ව නොඑව්වෙමු.
අහස්හි හා මහපොළොවේ සිටින අය පිළිබඳ ව මැනවින් දන්නා නුඹගේ පරමාධිපතිය. නබිවරුන්ගෙන් ඇතැමෙකුට වඩා ඇතැමෙකු ව සැබැවින්ම අපි උසස් කළෙමු. තවද අපි දාවූද් ට සබූර් (ග්‍රන්ථය) පිරිනැමුවෙමු.
ඔහු හැර නුඹලා විශ්වාස කරමින් සිටි අයව අයැදිනු. නමුත් නුඹලාගෙන් පීඩා ඉවත් කිරීමට හෝ (එය වෙනතකට) හැරවීමට හෝ ඔවුහු බලය නොදරති.
ඔවුන් අයැද සිටින්නන් වන ඔවුහු ඔවුන්ගෙන් කවරෙකු හෝ වේවා ඔවුන්ගේ පරමාධිපති වෙත වඩා සමීප විය හැකි මං සොයති. තවද ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙති. තවද ඔහුගේ දඬුවමට එකිනෙකා බිය වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම ප්‍රවේශම් විය යුත්තකි.
කිසිදු ගම්මානයක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනට පෙර එය අපි විනාශ කරන්නන් ලෙස හෝ එයට දැඩි දඬුවමකින් දඬුවම් කරන්නන් ලෙස මිස අපි නොසිටියෙමු. එය දේව ග්‍රන්ථයේ සටහන් කරනු ලබන්නක් විය.
අප සංඥාවන් එවන විට පෙර සිටියවුන් ඒවා බොරු කිරීම මිස වෙනත් කිසිවක් අප ව වැළැක්වූයේ නැත. තවද අපි සමූද් ජනයාට ඔටු දෙන පැහැදිලි සංඥාවක් ලෙස පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඌට අපරාධ කළෝය. බිය වැද්දීමට මිස අපි සංඥාවන් නොඑවන්නෙමු.
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා වට කර ගෙන සිටින බව නුඹට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹට අප පෙන් වූ සිහිනය ද කුර්ආනයේ සඳහන් ශාප කරන ලද ගස ද ජනයාට පරීක්ෂණයක් ලෙස මිස අපි ඇති නොකළෙමු. තවද අපි ඔවුන් බිය ගන්වන්නෙමු. මහත් සේ සීමාව ඉක්මවා යෑම මිස වෙනකක් ඔවුනට එය වර්ධනය නොකරනු ඇත.
නුඹලා ආදම්ට සුජූද් කරනු යැයි අපි මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු අය) සුජූද් කළෝය. නුඹ මැටියෙන් මැවූ අයට මම සුජූද් කළ යුතු දැයි ඔහු(ඉබ්ලීස්) විමසුවේය.
මට වඩා නුඹ ගරු කළ ඔහු ගැන නුඹ කුමක් පවසන්නෙහු ද? මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් නුඹ මා ප්‍රමාද කරන්නේ නම් ස්වල්ප දෙනෙකු ව හැර ඔහුගේ පරපුර මම (යහමගින්) ලිස්සා යෑමට සලස්වමි යැයි ඔහු පැවසුවේය.
නුඹ යනු. ඔවුන් අතුරින් නුඹ ව කවරෙකු අනුගමනය කළේ ද නියත වශයෙන්ම ප්‍රතිවිපාකයක් වශයෙන් පූර්ණ ව දෙනු ලබන නුඹලාගේ කුලිය නිරය වේ යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
ඔවුන් අතුරින් නුඹේ හඬින් නුඹට හැකියාව ඇත්තන් පොලඹවා ගනු. ඔවුනට එරෙහි ව නුඹගේ අශ්වාරෝහකයින් හා නුඹගේ පාබල සේනාව විධිමත් කර ගනු. වස්තුවෙහි හා දරුවන්හි නුඹ ඔවුනට හවුල් වනු. තවද නුඹ ඔවුනට ප්‍රතිඥා දෙනු. ෂෙයිතාන් ඔවුනට රැවටීම මිස වෙනත් කිසිවක් පොරොන්දු නොදෙයි.
නියත වශයෙන්ම මාගේ ගැත්තන්ට, ඔවුනට එරෙහි ව නුඹට කිසිදු බලයක් නොමැත. තවද භාරකරු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත්ය.
නුඹලා ඔහුගේ භාග්‍යය සෙවීම පිණිස නුඹලා වෙනුවෙන් මුහුදෙහි නැව් යාත්‍රා කරවනුයේ නුඹලාගේ පරමාධිපතිය. නියත වශයෙන්ම ඔහු නුඹලාට මහා කාරුණික විය.
නුඹලාට මුහුදෙහි පීඩාවක් ඇති වූ කල්හි ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය මුළා වී යනු ඇත. ඔහු නුඹලා ව මුදවා ගොඩබිම වෙත ගෙන ආ විට නුඹලා පිටුපාන්නෙහුය. තවද මිනිසා මහා ගුණමකුවකු විය.
ඔහු නුඹලා ව පොළොවේ පැත්තක ගිල්වීමෙන් හෝ නුඹලා වෙත සුළී සුළඟක් යැවීමෙන් හෝ නුඹලා නිර්භිය ව සිටින්නෙහු ද? පසු ව නුඹලා වෙනුවෙන් කිසිදු භාරකරුවකු නුඹලා නොදකිනු ඇත.
එසේ නැතහොත් නුඹලා ව එහි නැවත වාරයක් ගෙන්වා නුඹලා වෙත චණ්ඩමාරුතයක් එවා නුඹලා ප්‍රතික්ෂේප කළ හේතුවෙන් නුඹලා ව ගිල්වීම පිළිබඳ නුඹලා නිර්භිය ව සිටින්නෙහු ද? පසු ව නුඹලා වෙනුවෙන් අපගෙන් ඒ ගැන විමසන්නට කිසිදු ලුහුබඳින්නෙකු නුඹලා නොදකිනු ඇත.
තවද සැබැවින්ම අපි ආදම්ගේ දරුවන්ට ගරු කළෙමු. ගොඩබිමෙහි හා මුහුදෙහි අපි ඔවුන් ඉසිලීමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය කළෙමු. තවද අප මැව්වා වූ දැයින් බොහෝ දෑට වඩා අපි ඔවුන් මහිමයට පත් කරමින් උසස් කළෙමු.
සෑම ජන සමූහයක්ම ඔවුන්ගේ මෙහෙයුම්කරු සමග අපි අමතන දින, කවරෙකුට තම දකුණතෙහි තම වාර්තා පොත දෙනු ලැබුවේ ද එවිට ඔවුහු ඔවුන්ගේ වාර්තා පොත කියවති. කීතුවක් තරම් හෝ ඔවුහු අපරාධ කරනු නොලබති.
තවද කවරෙකු මෙ(ලොවෙ)හි අන්ධයකු වූයේ ද ඔහු මතු ලොවෙහි ද අන්ධයකු වේ. තවද මාර්ගයෙන් දැඩි මුළාවූවකු ද වේ.
නුඹ වෙත අපි දන්වා සිටි දැයින් නුඹ අප වෙත ඒ හැර වෙනත් දෙයක් ගොතා පවසනු පිණිස ඔවුහු නුඹ ව අර්බුදයට පත් කිරීමට තැත් කළේ නම් එවිට නුඹ ව මිතුරෙකු සේ ඔවුන් ගනු ඇත.
තවද අපි නුඹ ව ස්ථාවර නොකළේ නම් සැබැවින්ම නුඹ අල්ප දෙයකින් ඔවුන් වෙත නැඹුරුවන්නට තිබුණි.
එවිට අපි (මෙලොව) ජීවිතයේ දෙගුණයක් ද මරණයේ දී දෙගුණයක් ද (දඬුවම්) අපි නුඹට විඳවන්නට සලස්වමු. පසු ව නුඹ අපට එරෙහි ව කිසිදු උදව්කරුවකු නොදකිනු ඇත.
නුඹ ව මෙම භූමියෙන් පිටමං කරනු පිණිස එයින් නුඹ ව පලවා හරින්නට ඔවුන් තැත් කළ ද එවිට ඔවුහු නුඹෙන් පසු ව මද කලක් මිස රැඳී නොසිටිනු ඇත.
අපගේ රසූල්වරුන් අතුරින් නුඹට පෙර සැබැවින්ම අප එවූ අයගේ පිළිවෙතය (මෙය). තවද අපගේ පිළිවෙතට වෙනස් කිරීමක් නුඹ නොදකිනු ඇත.
හිරු මුදුනින් අවරට යෑමේ සිට රාත්‍රි අන්ධකාරය හට ගන්නා තෙක් සලාතය විධිමත් ව ඉටු කරනු. අලුයම් කාලයේ පාරායනය (හෙවත් සුබ්හු සලාතය) ද ඉටු කරනු. නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය සාක්ෂි පවසනු ලබන්නක් විය.
රාත්‍රියෙහි නුඹ වෙත (පැවරුණු) අතිරේක(සලාත)යක් වශයෙන්ම එහි තහජ්ජුද් (සලාතය) ඉටු කරනු. නුඹේ පරමාධිපති නුඹ ව මකාම් මහ්මූද් (හෙවත් ප්‍රශංසාලාභී ස්ථානයෙ)හි සැබැවින්ම නුඹ ව නැගිටුවනු ඇත.
මගේ පරමාධිපතියාණනි, සත්‍යයේ පිවිසුමෙන් ඔබ මා ඇතුළු කරනු මැනව ! තවද සත්‍යයේ පිටවුමෙන් ඔබ මා පිටත් කරනු මැනව ! තවද නුඹ වෙතින් වූ උපකාරී වන බලයක් මා වෙත ඇති කරනු මැනව ! යැයි නුඹ පවසනු.
සත්‍යය පැමිණියේය. අසත්‍යය විනාශ වී ගියේය. නියත වශයෙන්ම අසත්‍යය විනාශ වී යන්නක්ම විය යැයි නුඹ පවසනු.
දේව විශ්වාසවන්තයින්ට දයාව හා සුවය ඇති දෑ අපි අල්කුර්ආනයෙන් පහළ කරන්නෙමු. නමුත් අපරාධකරුවන් ව අලාභය මිස (වෙනත් කිසිවක්) එය වැඩි නොකරනු ඇත.
තවද මිනිසාට අපි ආශිර්වාද කළ විට ඔහු පිටුපා ඔහුගේ ඉළ පැත්තෙන් හැරී ගියේය. නමුත් ඔහුට පීඩාවක් ස්පර්ශ වූ විට ඔහු අපේක්ෂාභංග විය.
සෑම අයෙකුම තම මාර්ගයට අනුව කටයුතු කරයි. එහෙයින් මාර්ගයෙන් වඩාත් නිවැරදි අය කවුරුන්දැයි නුඹලාගේ පරමාධිපති මැනවින් දන්නාය.
තවද ඔවුහු රූහ් (හෙවත් ප්‍රාණය) පිළිබඳ නුඹගෙන් විමසති. රූහ් (පිළිබඳ දැනුම) මාගේ පරමාධිපතිගේ කරුණු අතුරිනි. දැනුමෙන් නුඹලා වෙත පිරිනමනු ලැබ ඇත්තේ ස්වල්පයක් මිස නැතැයි නුඹ පවසනු.
තවද අපි අභිමත කළේ නම් නුඹ වෙත අපි දන්වා සිටි දෑ (නුඹෙන්) ඉවත් කරන්නෙමු. පසු ව නුඹ ඒ සම්බන්ධයෙන් අපට එරෙහි ව කිසිදු භාරකරුවකු නොදකිනු ඇත.
නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාලුභාවයක් ලෙසින් මිස නැත. නියත වශයෙන්ම නුඹ වෙත වූ ඔහුගේ භාග්‍යය අතිමහත් විය.
මෙම කුර්ආනය හා සමාන දෙයක් ගෙන ඒමට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා ඒකරාශී වුව ද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරට උර සිටිය ද ඒ හා සමාන දෙයක් ඔවුහු ගෙන එන්නේ නැත.
තවද මෙම කුර්ආනයෙහි සෑම උපමාවක් තුළින්ම (විවිධ පැතිකඩ වලින්) අපි විස්තර කළෙමු. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස සිටියා මිස (එය) පිළිගත්තේ නැත.
තවද මහපොළොවෙන් උල්පතක් අප වෙත නුඹ මතු කර දෙන තෙක් අපි නුඹ ව විශ්වාස නොකරන්නේමය යැයි ඔවුහු පැවසූහ.
නැතහොත් ඉඳි හා මිදි වලින් යුත් උයනක් නුඹට තිබී ඒ අතර ගංගාවන් නුඹ මතු කළ යුතුය.
නැතහොත් නුඹ ප්‍රතිඥා කළ පරිදි අප වෙත අහස කැබලි වලට කඩා නුඹ බිම හෙළිය යුතුය. නැතහොත් අල්ලාහ් හා මලක්වරුන් (අප) ඉදිරියට නුඹ ගෙන ආ යුතුය.
නැතහොත් නුඹට රනින් වූ නිවසක් තිබිය යුතුය. නැතහොත් අහසට නුඹ නැග යා යුතුය. නුඹ අප වෙත ග්‍රන්ථයක් පහළ කොට එය අපි කියවන තෙක් නුඹගේ ආරෝහණ ගමන සැබැවින්ම අපි විශ්වාස නොකරන්නෙමු. මාගේ පරමාධිපති සුවිශුද්ධය. මම ධර්ම දූතයකු වූ මිනිසෙකු විනා (වෙනත් ස්වරූපයකින්) මම සිටියෙම්දැයි (නබිවරය !) නුඹ විමසනු.
ජනයා වෙත යහ මග පැමිණි විට ඔවුහු විශ්වාස කිරීමෙන් ඔවුන් ව වැළැක්වූයේ අල්ලාහ් ධර්ම දූතයකු වශයෙන් මිනිසෙකු එව්වේදැයි විමසීම මිස (වෙනකක්) නොවීය.
මහපොළොවේ තැන්පත් ව ගමන් කරන මලක්වරුන් වී නම් අපි ඔවුන් වෙත අහසින් රසූල්වරයකු වශයෙන්ම මලක්වරයකු එවන්නට තිබුණි යැයි (නබිවරය !) නුඹ පවසනු.
මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය. නියත වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ ව අභිඥානවන්ත නිරීක්ෂකයා විය යැයි නුඹ පවසනු.
තවද අල්ලාහ් කවරෙකුට යහ මග පෙන්වන්නේ ද ඔහු යහ මග ලැබූවෙකි. තවද ඔහු කවරෙකු නොමග හරින්නේ ද එවිට ඔවුන් වෙනුවෙන් (අල්ලාහ් වන) ඔහු හැර වෙනත් කිසිවකු භාරකරුවන් වශයෙන් නුඹ නොදකිනු ඇත. තවද අපි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන්ගේ මුහුණු මුණින් අත තිබිය දී අන්ධ ගොළු හා බිහිරි ලෙසින් අපි ඔවුන් නැගිටුවන්නෙමු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එය නිවී ගිය සෑම විටකම අපි ඔවුනට දලු ලා ඇවිළෙන ගින්න අධික කළෙමු.
එය සැබැවින්ම ඔවුන් අපගේ වදන් ප්‍රතික්ෂේප කළ බැවින් හා අප අස්ථි හා දූවිලි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නව මැවීමක් ලෙස නැගිටුවනු ලබන්නන් වන්නෙමු දැයි ඔවුහු විමසා සිටි බැවින් ඔවුනට සතු ප්‍රතිවිපාකයයි.
අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ් ඔවුන් මෙන් දෑ මැවීමට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ ද? තවද ඔවුනට නියමිත කාලයක් ඔහු ඇති කළේය. එහි කිසිදු සැකයක් නැත. නමුත් අපරාධකරුවෝ දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස මිස එය පිළිගත්තේ නැත.
මාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩා නුඹලා සතු කර ඇත්තේ නම් එවිට නුඹලා දිළිඳුභාවයට බිය ව (කිසිවක් වියදම් නොකොට) නුඹලා රඳවා ගන්නෙහුය. තවද මිනිසා මසුරු විය.
තවද සැබැවින්ම අපි මූසාට පැහැදිලි සංඥා නවයක් පිරිනැමුවෙමු. එහෙයින් (ඒ ගැන) ඉස්රාඊල් දරුවන්ගෙන් විමසනු. ඔවුන් වෙත ඔහු පැමිණි විට අහෝ ! මූසා, නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවෙකි යැයි මම සිතමි යැයි ෆිර්අවුන් ඔහු අමතා පැවසුවේය.
මේවා පැහැදිලි සාධක ලෙස අහස් හි හා මහපොළොවේ පරමාධිපති මිස (වෙනත් කිසිවකු) පහළ නොකළ බව සැබැවින්ම නුඹ දන්නෙහිය. තවද අහෝ ! ෆිර්අවුන්, නුඹ විනාශ කරනු ලබන්නකු බව සැබැවින්ම මම සිතමි යැයි ඔහු කීවේය.
آية رقم 103
එවිට මහපොළොවෙන් ඔවුන් ව පන්නා දමන්නට ඔහු(ෆිර්අවුන්) සිතුවේය. එවිට අපි ඔහු හා ඔහු සමග වූ සියල්ලන් දියෙහි ගිල්වූයෙමු.
තවද ‘නුඹලා මෙම භූමියේ වාසය කරනු. අවසාන ප්‍රතිඥාව පැමිණි විට නුඹලා සියලු දෙනා ව (වෙළා ගනිමින්) අපි පැමිණෙන්නෙමු යැයි ඔහුගෙන් පසු ව ඉස්රාඊල් දරුවන්ට අපි කීවෙමු.
තවද අපි එය සත්‍යය පදනම් කර ගෙන පහළ කළෙමු. එය සත්‍යය පදනම් කර ගෙන පහළ විය. තවද නුඹ ව ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙස මිස අපි නොඑව්වෙමු.
آية رقم 106
කුර්ආනය, එය නවත නවතා ජනයාට නුඹ පාරායනා කරනු පිණිස අපි එය කොටස් කළෙමු. තවද අපි එය (වෙන් වෙන් වූ) පහළ කිරීම් වශයෙන් අපි එය පහළ කළෙමු.
නුඹලා එය විශ්වාස කරනු. නැතහොත් විශ්වාස නොකරනු යැයි (නබිවරය) නුඹ පවසනු. නියත වශයෙන්ම මීට පෙර දැනුම දෙනු ලැබූවන් වූ ඔවුන් වෙත එය පාරායනය කරනු ලබන විට සුජූද් කරන්නන් ලෙසින් ඔවුහු මුණින් ඇද වැටෙති.
آية رقم 108
තවද අපගේ පරමාධිපති සුවිශුද්ධය. අපගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නක්ම විය.
آية رقم 109
තවද ඔවුහු අඩමින් (සුජූද් කරන්නන් ලෙසින්) මුණින් ඇද වැටෙති. තවද එය ඔවුනට යටහත් පහත්භාවය වර්ධනය කරයි.
නුඹලා අල්ලාහ් යැයි අමතනු. නැතහොත් රහ්මාන් යැයි අමතනු. නුඹලා කවර දෙයක් පවසා ඇමතුව ද ඔහුට අලංකාර නාමයන් ඇත. තවද නුඹගේ සලාතය හඬ නගා ඉටු නොකරනු. තවද එය පහත් හඬින් ද ඉටු නොකරනු. ඒ අතර වූ මාර්ගයක් සොයනු.
සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. (ඔවුන් පවසන අන්දමින්) ඔහු වනාහි ඔහු දරුවෙකු නොගත්තේ ය. තවද පාලනයෙහි ඔහුට කිසිදු හවුල්කරුවකු ද නොවීය. දුර්වලතාවෙන් යුත් ආරක්ෂකයින් ද නොවීය යැයි නුඹ පවසනු. තවද නුඹ ඔහු ව අති ශ්‍රේෂ්ඨ අන්දමින් විභූතිමත් කරනු.
تقدم القراءة