ترجمة معاني سورة الزخرف باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة الإنجليزية - صحيح انترناشونال
المنتدى الإسلامي
الترجمة الإنجليزية
الترجمة الفرنسية - المنتدى الإسلامي
نبيل رضوان
الترجمة الإسبانية
محمد عيسى غارسيا
الترجمة الإسبانية - المنتدى الإسلامي
الترجمة الإسبانية (أمريكا اللاتينية) - المنتدى الإسلامي
المنتدى الإسلامي
الترجمة البرتغالية
حلمي نصر
الترجمة الألمانية - بوبنهايم
عبد الله الصامت
الترجمة الألمانية - أبو رضا
أبو رضا محمد بن أحمد بن رسول
الترجمة الإيطالية
عثمان الشريف
الترجمة التركية - مركز رواد الترجمة
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة التركية - شعبان بريتش
شعبان بريتش
الترجمة التركية - مجمع الملك فهد
مجموعة من العلماء
الترجمة الإندونيسية - شركة سابق
شركة سابق
الترجمة الإندونيسية - المجمع
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الإندونيسية - وزارة الشؤون الإسلامية
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الفلبينية (تجالوج)
مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الفارسية - دار الإسلام
فريق عمل اللغة الفارسية بموقع دار الإسلام
الترجمة الفارسية - حسين تاجي
حسين تاجي كله داري
الترجمة الأردية
محمد إبراهيم جوناكري
الترجمة البنغالية
أبو بكر محمد زكريا
الترجمة الكردية
حمد صالح باموكي
الترجمة البشتوية
زكريا عبد السلام
الترجمة البوسنية - كوركت
بسيم كوركورت
الترجمة البوسنية - ميهانوفيتش
محمد مهانوفيتش
الترجمة الألبانية
حسن ناهي
الترجمة الأوكرانية
ميخائيلو يعقوبوفيتش
الترجمة الصينية
محمد مكين الصيني
الترجمة الأويغورية
محمد صالح
الترجمة اليابانية
روايتشي ميتا
الترجمة الكورية
حامد تشوي
الترجمة الفيتنامية
حسن عبد الكريم
الترجمة الكازاخية - مجمع الملك فهد
خليفة الطاي
الترجمة الكازاخية - جمعية خليفة ألطاي
جمعية خليفة الطاي الخيرية
الترجمة الأوزبكية - علاء الدين منصور
علاء الدين منصور
الترجمة الأوزبكية - محمد صادق
محمد صادق محمد
الترجمة الأذرية
علي خان موساييف
الترجمة الطاجيكية - عارفي
فريق متخصص مكلف من مركز رواد الترجمة بالشراكة مع موقع دار الإسلام
الترجمة الطاجيكية
خوجه ميروف خوجه مير
الترجمة الهندية
مولانا عزيز الحق العمري
الترجمة المليبارية
عبد الحميد حيدر المدني
الترجمة الغوجراتية
رابيلا العُمري
الترجمة الماراتية
محمد شفيع أنصاري
الترجمة التلجوية
مولانا عبد الرحيم بن محمد
الترجمة التاميلية
عبد الحميد الباقوي
الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الأسامية
رفيق الإسلام حبيب الرحمن
الترجمة الخميرية
جمعية تطوير المجتمع الاسلامي الكمبودي
الترجمة النيبالية
جمعية أهل الحديث المركزية
الترجمة التايلاندية
مجموعة من جمعية خريجي الجامعات والمعاهد بتايلاند
الترجمة الصومالية
محمد أحمد عبدي
الترجمة الهوساوية
الترجمة الأمهرية
محمد صادق
الترجمة اليورباوية
أبو رحيمة ميكائيل أيكوييني
الترجمة الأورومية
الترجمة التركية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفرنسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإندونيسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفيتنامية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة البوسنية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإيطالية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفلبينية (تجالوج) للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفارسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
Dr. Ghali - English translation
Muhsin Khan - English translation
Pickthall - English translation
Yusuf Ali - English translation
Azerbaijani - Azerbaijani translation
Sadiq and Sani - Amharic translation
Farsi - Persian translation
Finnish - Finnish translation
Muhammad Hamidullah - French translation
Korean - Korean translation
Maranao - Maranao translation
Abdul Hameed and Kunhi Mohammed - Malayalam translation
Salomo Keyzer - Flemish (Dutch) translation
Norwegian - Norwegian translation
Samir El - Portuguese translation
Polish - Polish translation
Romanian - Romanian translation
Elmir Kuliev - Russian translation
Albanian - Albanian translation
Tatar - Tatar translation
Japanese - Japanese translation
محمد جوناگڑھی - Urdu translation
Ma Jian - Chinese translation
Turkish - Turkish translation
King Fahad Quran Complex - Thai translation
Ali Muhsin Al - Swahili translation
Abdullah Muhammad Basmeih - Malay translation
Hamza Roberto Piccardo - Italian translation
Indonesian - Indonesian translation
Bubenheim & Elyas - German / Deutsch translation
Bosnian - Bosnian translation
Hasan Efendi Nahi - Albanian translation
Sherif Ahmeti - Albanian translation
Sahih International - English translation
Czech - Czech translation
Abul Ala Maududi(With tafsir) - English translation
Tajik - Tajik translation
Alikhan Musayev - Azerbaijani translation
Muhammad Saleh - Uighur; Uyghur translation
Abdul Haleem - English translation
Mufti Taqi Usmani - English translation
Muhammad Karakunnu and Vanidas Elayavoor - Malayalam translation
Sheikh Isa Garcia - Spanish; Castilian translation
Divehi - Divehi; Dhivehi; Maldivian translation
Abubakar Mahmoud Gumi - Hausa translation
Mahmud Muhammad Abduh - Somali translation
Knut Bernström - Swedish translation
Jan Trust Foundation - Tamil translation
Mykhaylo Yakubovych - Ukrainian translation
Uzbek - Uzbek translation
Diyanet Isleri - Turkish translation
Ministry of Awqaf, Egypt - Russian translation
Abu Adel - Russian translation
Burhan Muhammad - Kurdish translation
Dr. Mustafa Khattab, The Clear Quran - English translation
Dr. Mustafa Khattab - English translation
الترجمة الإنجليزية - مركز رواد الترجمة
الترجمة الفرنسية - محمد حميد الله
الترجمة البوسنية - مركز رواد الترجمة
الترجمة الصربية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة الألبانية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة اليابانية - سعيد ساتو
الترجمة الفيتنامية - مركز رواد الترجمة
الترجمة التاميلية - عمر شريف
الترجمة السواحلية - عبد الله محمد وناصر خميس
الترجمة اللوغندية - المؤسسة الإفريقية للتنمية
الترجمة الإنكو بامبارا - ديان محمد
الترجمة العبرية
الترجمة الإنجليزية للمختصر في تفسير القرآن الكريم
الترجمة الروسية للمختصر في تفسير القرآن الكريم
الترجمة البنغالية للمختصر في تفسير القرآن الكريم
الترجمة الصينية للمختصر في تفسير القرآن الكريم
الترجمة اليابانية للمختصر في تفسير القرآن الكريم
ترجمة معاني القرآن الكريم - عادل صلاحي
عادل صلاحي

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 1
හා මීම්
آية رقم 2
පැහැදිලි දේව ග්‍රන්ථය මත දිවුරමින්
آية رقم 3
නුඹලා වටහා ගත හැකි වනු පිණිස අරාබි බසින් වූ පාරායනයක් බවට නියත වශයෙන්ම අපි එය පත් කළෙමු.
آية رقم 4
තවද නියත වශයෙන්ම එය අප අබියස ඇති ප්‍රඥාවෙන් සපිරුණු උත්කෘෂ්ට මව් ග්‍රන්ථයේ විය.
آية رقم 5
නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් ලෙස සිටි බැවින් එම මෙනෙහි කිරීම නුඹලාගෙන් වළක්වා අපි රඳවා ගන්නෙමු ද?
آية رقم 6
අපි කොපමණක් නබිවරුන් මුතුන් මිත්තන් අතරට එවා ඇත්තෙමු ද?
آية رقم 7
කිසියම් නබිවරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔහුට සරදම් කරමින් සිටියා මිස නැත.
آية رقم 8
එහෙයින් අපි ඔවුනට වඩා දරුණු අය ග්‍රහණය කොට විනාශ කළෙමු. මුතුන් මිත්තන්ගේ උපමාව ඉකුත් ව ගොස් ඇත.
අහස් හා මහපොළොව මැව්වේ කවුරුන්දැයි ඔබ ඔවුන්ගෙන් විමසා සිටියෙහි නම්. සර්වඥ සර්ව බලධාරියාණන් ඒවා මැව්වේ යැයි සැබැවින්ම ඔවුන් පවසනු ඇත.
ඔහු වනාහි ඔහු නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේය. තවද නුඹලා මග ලැබිය හැකි වනු පිණිස නුඹලා වෙනුවෙන් එහි මංමාවත් ඇති කළේය.
තවද ඔහු වනාහි ඔහු අහසින් ජලය ප්‍රමාණ කොට පහළ කරයි. එවිට අපි මියැදුණු භූමියක් එමගින් පුබුදුමත් කළෙමු. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ.
තවද ඔහු වනාහි ජෝඩු සියල්ල මැව්වේය. තවද නැව් හා ගොවිපළ සතුන්ගෙන් නුඹලා ප්‍රවාහනය කරන දෑ ඇති කළේය.
එහි පිට මත නුඹලා අසුන් ගෙන යනු පිණිසත් පසු ව ඒ මත නුඹලා නැග යන විට නුඹලාගේ පරමාධිපතිගේ ආශිර්වාදය මෙනෙහි කරනු පිණිසත් ‘අපට මෙය වසඟ කර දුන් ඔහු සුවිශුද්ධය. අපි එයට ළඟාවන්නන් ලෙස නොසිටියෙමු.
آية رقم 14
තවද නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නෝමය’ යැයි ඔවුන් පවසනු පිණිසත්ය.
නමුත් ඔවුහු ඔහුගේ ගැත්තන්ගෙන් පිරිසකට ඔහු(ගේ දේවත්වය) සතු කොටසක් පත් කළෝය. නියත වශයෙන්ම මිනිසා පැහැදිලි ගුණමකුවෙකි.
آية رقم 16
එසේ නැතහොත් ඔහු මවන දැයින් ඔහු දූවරුන් ගෙන නුඹලාට ඔහු පුතුන් තෝරා දුන්නේ ද?
මහා කරුණාන්විතයාණන්හට උපමාවක් ලෙස ගෙන හැර දැක් වූ දෙයක් පිළිබඳ ව ඔවුන්ගෙන් කිසිවකුට ශුභාරංචි වශයෙන් දන්වනු ලැබූ විට ඔහු කෝපයට පත් ව ඔහුගේ මුහුණ කළු පැහැ ගැන් විය.
ඔහු වාද කිරීමෙහි පැහැදිලි කළ නොහැකි ව සිටිය දී ආභරණයන් තුළ සරසනු ලබන්නන්ට ද? (ඔවුහු ගැතිකම් කරන්නේ)
ඔවුන් මහා කරුණාන්විතයාණන්ගේ ගැත්තන් ව සිටියදී මලක්වරුන් ගැහැනුන් බවට මොවුහු පත් කර ගත්තෝය. ඔවුන් මැවීමේ දී මොවුහු පෙනී සිටියෝ ද? මොවුන්ගේ සාක්ෂිය සටහන් කරනු ලැබේ. තවද ඔවුහු ප්‍රශ්න කරනු ලබති
තවද “මහා කරුණාන්විතයාණන් අභිමත කර තිබුණේ නම් අපි ඔවුනට ගැතිකම් නොකරන්නට තිබුණි.” යැයි ඔවුහු පැවසූහ. ඒ පිළිබඳ ඔවුනට දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.
آية رقم 21
එසේ නැතහොත් මීට පෙර දේව ග්‍රන්ථයක් අපි ඔවුනට පිරිනමා ඔවුහු එය ග්‍රහණය කර ගෙන සිටියෝ ද?
එසේ නොව, “නියත වශයෙන්ම අපගේ මුතුන් මිත්තන් යම් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පා සලකුණු මත මග ලැබූවන් වූයෙමු.” යැයි ඔවුහු පැවසූහ.
එලෙසය ඔබට පෙර ද ගම්මානයක් වෙත අවවාද කරන්නෙකු අපි එවූ විට එහි සිටි ප්‍රභූවරුන් “නියත වශයෙන්ම අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පා සලකුණු මත අනුගමනය කරනු ලැබූවෝ වෙමු” යැයි පවසා සිටියා මිස (වෙනත් දෙයක් සිදුවූයේ) නැත.
කවර දෙයක් මත නුඹලාගේ මුතුන් මිත්තන් සිටිනු නුඹලා දුටුවේ ද ඊට වඩා නිවැරදි දෑ මම නුඹලා වෙත නොගෙනාවෙම් දැයි ඔහු විමසීය. එයට “කවර දෙයක් සමග නුඹලා එවනු ලැබුවේ ද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.” යැයි ඔවුහු පැවසූහ.
آية رقم 25
එවිට අපි ඔවුනට දඬුවම් කළෙමු. එහෙයින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි ඔබ අධීක්ෂණයෙන් බලනු.
තවද “නියත වශයෙන්ම නුඹලා නමදින දැයින් මම ඉවත් වූයෙක්මි යැයි ඉබ්‍රාහීම් තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 27
මා මැවූ අය හැර, නියත වශයෙන්ම ඔහු මට මග පෙන්වනු ඇත
آية رقم 28
තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස ඔහු එය(එම ප්‍රකාශය) ඔහුගෙන් පැවත එන්නන් අතර පවතින ප්‍රකාශයක් බවට පත් කළේය.
නමුත් මොවුන් හා මොවුන්ගේ මුතුන් මිත්තන්හට ඔවුන් වෙත සත්‍යය හා පැහැදිලි දහම් දූතයකු පැමිණෙන තෙක් භුක්ති විඳින්නට මම සැලැස්වූයෙමි.
තවද ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ‘මෙය හූනියමකි. තවද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.’ යැයි ඔවුහු පැවසූහ.
තවද “මෙම කුර්ආනය ගම්මාන දෙකෙහි ප්‍රබල මිනිසෙකු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේද?” යැයි ඔවුහු පැවසූහ.
ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය බෙදා හරිනුයේ ඔවුන් ද? මෙලොව ජීවිතයේ දී ඔවුන්ගේ ජීවන සම්පත් ඔවුන් අතර බෙදා හැරියේ අපය. තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් සේවා සලසා ගැනීම සඳහා ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා ඉහළින් තරාතිරම් වලින් උසස් කළෙමු. ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨය.
ජනයා එකම සමූහයක් නොවන්නේ නම් මහා කරුණාන්විතයාණන් ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ නිවෙස් රිදියෙන් වූ වියනින් ද ඒ මත ඔවුන් නැග යන පියගැට පෙළින් ද.
آية رقم 34
තවද ඔවුන්ගේ නිවෙස් දොරටු වලින් ද ඔවුන් ඒ මත හාන්සි ව සිටින කවිච්චි වලින් ද
විසිතුරු භාණ්ඩ වලින්ද අපි ඇති කරන්නට තිබුණි. මේ සියල්ල මෙලොව ජීවිතයේ (සුළු) භුක්ති විඳීමක් මිස නැත. තවද ඔබේ පරමාධිපති අබියස මතු ලොව පිහිටනුයේ බිය බැතිමතුන්හටය
මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීම කවරෙකු පිටුපාන්නේ ද අපි ඔහුට ෂෙයිතානුවකු පවරන්නෙමු. එවිට ඔහු ඔහුට සමීප මිතුරෙකු වෙයි.
آية رقم 37
තවද නියත වශයෙන්ම ඔවුහු (ෂෙයිතානුන්) ඔවුන් යහ මාර්ගයෙන් වළක්වති. තවද නියත වශයෙන්ම තමන් යහ මග ලැබූවෝ යැයි ඔවුහු සිතති.
ඔහු අප වෙත පැමිණි අවස්ථාවේ ‘මා අතර හා ඔබ අතර නැගෙනහිර හා බටහිර මෙන් දුරස්ථභාවයක් තිබුණා විය යුතු නොවේ ද?’ යැයි ඔහු පවසයි. එහෙයින් එම සමීප මිතුරා නපුරුය.
නුඹලා අපරාධ කර ඇති බැවින් අද දින නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. නියත වශයෙන්ම නුඹලා දඬුවමෙහි සහකාරයෝය.
ඔබ බිහිරාට සවන් වැකෙන්නට සලස්වන්නෙහි ද? එසේ නැතහොත් අන්ධයාට හා පැහැදිලි මුළාවෙහි සිටින්නාට ඔබ මග පෙන්වන්නෙහි ද?
آية رقم 41
එහෙයින් අපි ඔබ (මෙලොවින්) ඉවත් කළ ද, සැබැවින්ම අපි ඔවුනට දඬුවම් කරන්නන් වෙමු.
آية رقم 42
එසේ නැතහොත් ඔවුනට අපි ප්‍රතිඥා දුන් දෑ, අපි ඔබට පෙන්වන්නෙමු. සැබැවින්ම අපි ඔවුන් මත බලය දරන්නෝ වෙමු.
එහෙයින් ඔබ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ ඔබ ග්‍රහණය කර ගනු. නියත වශයෙන්ම ඔබ ඍජු මාර්ගය මතය.
آية رقم 44
තවද නියත වශයෙන්ම මෙය ඔබට හා ඔබේ සමූහයාට මෙනෙහි කිරීමකි. තවද නුඹලා මතු ප්‍රශ්න කරනු ලබනු ඇත.
මහා කරුණාන්විතයාණන්ගෙන් තොර ව ගැතිකම් කරනු ලබන්නට වෙනත් දෙවිවරුන් අප පත් කළෙමු දැයි ඔබට පෙර අප එවූ අපගේ දූතවරුන්ගෙන් ඔබ විමසනු.
ෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත සැබැවින්ම අපි අපගේ සාධක සමග මූසා ව එව්වෙමු. එවිට “ඔහු නියත වශයෙන්ම මම ලෝකයන්හි පරමාධිපතිගේ දහම් දූතයා වෙමි” යැයි පැවසීය.
آية رقم 47
අපගේ සාධක සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි එවිට ඒ ගැන ඔවුහු (සමච්චලයට) සිනහසුනහ.
අපි ඔවුනට කවර සාධකයක් පෙන්වුව ද එවැන්නට වඩා විශාල දෙයක් මිස වෙනකක් නොවීය. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස අපි ඔවුන් දඬුවමින් හසු කර ගත්තෙමු.
“අහෝ හූනියම් කරුව! ඔබ අබියස ගිවිස ගත් දෑ අනුව ඔබ අප වෙනුවෙන් ඔබේ පරමාධිපතිගෙන් අයැද සිටිනු. නියත වශයෙන්ම අපි යහ මග ලැබූවෝ වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
آية رقم 50
ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එවිට ඔවුහු (දිවුරුම) කඩ කරති.
තවද ෆිර්අවුන් තම සමූහයා අතර අමතා “අහෝ ජනයිනි! මිසරයේ ආධිපත්‍යය මා සතු නොවේ ද? මෙම ගංගාවන් මාගේ (පාලනය) යටතේ ගලා යයි. එහෙයින් නුඹලා නොදකින්නෙහු ද?
එසේ නැතහොත් පැහැදිලි ව කතා කළ නොහැකි මේ නින්දිත පුද්ගලයාට වඩා මා ශ්‍රේෂ්ඨ නොවේ ද?
එසේනම් රනින් වූ වළලු ඔහු වෙත පලඳවනු ලැබිය යුතු නොවේ ද? එසේ නැතහොත් ඔහු සමග පරිවාරකයින් ලෙස මලක්වරුන් පැමිණියේ ද?”
آية رقم 54
එවිට ඔහු තම ජනයා සුළුකොට සැලකුවේය. එහෙයින් ඔවුහු ඔහුට අවනත වූහ. නියත වශයෙන්ම ඔවුහු (අල්ලාහ්ට එරෙහි වු) කලහකාරී පිරිසක් වූහ.
آية رقم 55
ඔවුහු අප කෝපයට පත් කළ කල්හි අපි ඔවුනට දඬුවම් කළෙමු. එවිට අපි ඔවුන් සියලු දෙනා (දියේ) ගිල්වූයෙමු.
آية رقم 56
එවිට ඉකුත් ව ගිය පරපුරක් ලෙසත් පසු පැමිණෙන්නන්හට උපමාවක් ලෙසත් අපි ඔවුන් පත් කළෙමු
මර්යම්ගේ පුතණුවන් උපමාවක් ලෙස ගෙන හැර පෙන්වනු ලැබූ කල්හි එවිට ඔබේ ජනයා ඒ ගැන (අපහාස ලෙස) සිනහසුනහ.
තවද “ශ්‍රේෂ්ඨ වනුයේ අපගේ දෙවියන් ද එසේ නැතහොත් ඔහු දැ?”යි ඔවුහු විමසූහ. තර්කයක් ලෙසින් මිස ඔවුහු එය ඔබට ඉදිරිපත් නොකළෝය. එසේය. ඔවුහු තර්ක කරන පිරිසකි.
අපි ඔහුට ආශිර්වාද කළ ගැත්තෙකු මිස ඔහු නැත. ඉස්රාඊල් දරුවන්ට උදාහරණයක් ලෙස අපි ඔහු පත් කළෙමු.
آية رقم 60
තවද අපි අභිමත කර තිබුණේ නම් නුඹලා අතුරින් මහපොළොවේ නියෝජනය කරමින් පැමිණෙන මලක්වරුන් පත් කරන්නට තිබුණි.
තවද නියත වශයෙන්ම ඔහු (ජේසු) අවසන් හෝරාවේ සංඥාවයි. එහෙයින් ඒ ගැන නුඹලා සැක නොකරනු. තවද නුඹලා මා අනුගමනය කරනු. මෙය ඍජු මාර්ගයයි.
آية رقم 62
ෂෙයිතාන් නුඹලා නොවැළක්විය යුතුය, නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
ඊසා පැහැදිලි සාධක සමග පැමිණි කල්හි, “මම නුඹලා වෙත ප්‍රඥාව සමග පැමිණියෙමි. තවද නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගන්නෙහු ද එහි ඇතැම් දෑ මම නුඹලාට පැහැදිලි කරනු පිණිස (පැමිණියෙමි.) එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.” යැයි ඔහු පැවසීය.
“නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු මාගේ පරමාධිපතිය. තවද නුඹලාගේද පරමාධිපතිය. එහෙයින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. මෙය ඍජු මාර්ගයයි.”
එවිට ඔවුන් අතුරින් වූ කණ්ඩායම් මත භේද ඇති කර ගත්තෝය. එහෙයින් අපරාධ කළවුන්ට වේදනීය දිනයේ දඬුවමින් විනාශ අත්වේවා!
ඔවුන් නොහගමින් සිටිය දී ක්ෂණික ව ඔවුන් වෙත පැමිණෙන අවසන් හෝරාව ගැන හැර (වෙනත් කිසිවක්) ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද?
آية رقم 67
දේව බිය බැතිමතුන් හැර, එම මිතුරන් එදින ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරු වෙති.
آية رقم 68
අහෝ මාගේ ගැත්තනි! අද දින නුඹලා වෙත කිසිදු බියක් නැත. තවද නුඹලා දුකට පත් නොවන්නෙහුය.
آية رقم 69
ඔවුහු වනාහි අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් වූහ.
آية رقم 70
නුඹලා හා නුඹලාගේ බිරියන් සතුටු කරවනු ලබන තත්ත්වයේ නුඹලා ස්වර්ගයට පිවිසෙනු (යැයි එදින ඔවුනට කියනු ලැබේ.)
රනින් වූ තැටි හා බදුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ. සිත් ආශා කරන දෑ ද ඇස් පිනවන දෑ ද එහි ඇත. තවද නුඹලා එහි සදාතනිකයෝය.
آية رقم 72
නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කර දෙනු ලැබූ ස්වර්ගය එයයි.
آية رقم 73
නුඹලාට එහි බොහෝමයක් පලතුරු ඇත. එයින් නුඹලා අනුභව කරන්නෙහුය (එහිදී කියනු ලැබේ.)
آية رقم 74
නියත වශයෙන්ම වැරදිකරුවන් නිරයේ දඬුවමෙහි සදාතනිකයෝ වෙති.
آية رقم 75
ඔවුහු එහි නිරායාසයට පත් ව සිටියදී ඔවුන්ගෙන් (දඬුවම) ලිහිල් කරනු නොලැබේ.
آية رقم 76
තවද අපි ඔවුනට අපරාධ නොකළෙමු. නමුත් ඔවුහු (තමන්ම) අපරාධකරුවන් වූහ.
අහෝ (නිරයේ භාරකරු වන) “මාලික්! ඔබේ පරමාධිපති (අපේ අවසානය) අප වෙත තීන්දු කරත්වා ! යැයි ඔවුහු අමතති. (එවිට) “නියත වශයෙන් නුඹලා රැඳී සිටින්නෝ වෙති” යැයි ඔහු පවසයි.
آية رقم 78
සැබැවින්ම අපි සත්‍යය සමග නුඹලා වෙත පැමිණියෙමු. නමුත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වෙති.
آية رقم 79
එසේ නැතහොත් ඔවුහු යම් කරුණක් තීන්දු කළෝ ද? එවිට නියත වශයෙන්ම අපි ද තීන්දු කරන්නෝ වෙමු.
ඔවුන් රහසින් පවසන දෑට හා ඔවුන්ගේ රහස් සාකච්ඡා වලට සැබැවින්ම අප සවන් නොදෙනු ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එසේ නොව ඔවුන් අබියසට වී අපගේ දූතවරු (සියල්ල) සටහන් කරති.
آية رقم 81
“මහා කරුණාන්විතයාණන් හට දරුවකු වී නම් ගැතිකම් කරන්නන් අතුරින් පළමුවැන්නා මම වෙමි” යැයි (නබිවරය,) ඔබ පවසනු.
آية رقم 82
අහස් හි හා මහපොළොවේ හිමිපාණන් වූ එමෙන්ම අර්ෂ් (හෙවත් සවර්ග රාජ්‍යයේ) හිමිපාණන් ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.
آية رقم 83
එහෙයින් ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනය හමුවන තෙක් එසේ ඔවුන් නිරත වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔබ ඔවුන් අත්හැර දමනු.
ඔහු වනාහි අහස් හි දෙවිඳාය. මහපොළොවෙහි ද දෙවිඳාය. තවද මහා ප්‍රඥාවන්තය. සර්වඥානීය.
අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය තමන් සතු වූ ඔහු අති උත්කෘෂ්ඨ විය. තවද අවසන් හෝරාව පිළිබඳ දැනුම ඔහු වෙතය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අයට මැදිහත් වීමට බලය නොමැත. නමුත්, ඔවුන් දැනුවත්ව සත්‍යයට සාක්ෂි දැරූවන් හැර.
තවද ඔවුන් මැව්වේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසූ විට අල්ලාහ් යැයි සැබැවින්ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුන් වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද?
آية رقم 88
තවද ‘අහෝ මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මොවුහු විශ්වාස නොකරන පිරිසකි.’ යන ඔහුගේ ප්‍රකාශය වේ.
آية رقم 89
එහෙයින් ඔබ ඔවුන් නොසළකා හරිනු. තවද සලාම් (ශාන්තිය) යැයි පවසනු. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.
تقدم القراءة