ترجمة معاني سورة البقرة باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الإنجليزية - صحيح انترناشونال
المنتدى الإسلامي
الترجمة الإنجليزية
الترجمة الفرنسية - المنتدى الإسلامي
نبيل رضوان
الترجمة الإسبانية
محمد عيسى غارسيا
الترجمة الإسبانية - المنتدى الإسلامي
الترجمة الإسبانية (أمريكا اللاتينية) - المنتدى الإسلامي
المنتدى الإسلامي
الترجمة البرتغالية
حلمي نصر
الترجمة الألمانية - بوبنهايم
عبد الله الصامت
الترجمة الألمانية - أبو رضا
أبو رضا محمد بن أحمد بن رسول
الترجمة الإيطالية
عثمان الشريف
الترجمة التركية - مركز رواد الترجمة
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة التركية - شعبان بريتش
شعبان بريتش
الترجمة التركية - مجمع الملك فهد
مجموعة من العلماء
الترجمة الإندونيسية - شركة سابق
شركة سابق
الترجمة الإندونيسية - المجمع
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الإندونيسية - وزارة الشؤون الإسلامية
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الفلبينية (تجالوج)
مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الفارسية - دار الإسلام
فريق عمل اللغة الفارسية بموقع دار الإسلام
الترجمة الفارسية - حسين تاجي
حسين تاجي كله داري
الترجمة الأردية
محمد إبراهيم جوناكري
الترجمة البنغالية
أبو بكر محمد زكريا
الترجمة الكردية
حمد صالح باموكي
الترجمة البشتوية
زكريا عبد السلام
الترجمة البوسنية - كوركت
بسيم كوركورت
الترجمة البوسنية - ميهانوفيتش
محمد مهانوفيتش
الترجمة الألبانية
حسن ناهي
الترجمة الأوكرانية
ميخائيلو يعقوبوفيتش
الترجمة الصينية
محمد مكين الصيني
الترجمة الأويغورية
محمد صالح
الترجمة اليابانية
روايتشي ميتا
الترجمة الكورية
حامد تشوي
الترجمة الفيتنامية
حسن عبد الكريم
الترجمة الكازاخية - مجمع الملك فهد
خليفة الطاي
الترجمة الكازاخية - جمعية خليفة ألطاي
جمعية خليفة الطاي الخيرية
الترجمة الأوزبكية - علاء الدين منصور
علاء الدين منصور
الترجمة الأوزبكية - محمد صادق
محمد صادق محمد
الترجمة الأذرية
علي خان موساييف
الترجمة الطاجيكية - عارفي
فريق متخصص مكلف من مركز رواد الترجمة بالشراكة مع موقع دار الإسلام
الترجمة الطاجيكية
خوجه ميروف خوجه مير
الترجمة الهندية
مولانا عزيز الحق العمري
الترجمة المليبارية
عبد الحميد حيدر المدني
الترجمة الغوجراتية
رابيلا العُمري
الترجمة الماراتية
محمد شفيع أنصاري
الترجمة التلجوية
مولانا عبد الرحيم بن محمد
الترجمة التاميلية
عبد الحميد الباقوي
الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الأسامية
رفيق الإسلام حبيب الرحمن
الترجمة الخميرية
جمعية تطوير المجتمع الاسلامي الكمبودي
الترجمة النيبالية
جمعية أهل الحديث المركزية
الترجمة التايلاندية
مجموعة من جمعية خريجي الجامعات والمعاهد بتايلاند
الترجمة الصومالية
محمد أحمد عبدي
الترجمة الهوساوية
الترجمة الأمهرية
محمد صادق
الترجمة اليورباوية
أبو رحيمة ميكائيل أيكوييني
الترجمة الأورومية
الترجمة التركية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفرنسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإندونيسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفيتنامية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة البوسنية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإيطالية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفلبينية (تجالوج) للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفارسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
Dr. Ghali - English translation
Muhsin Khan - English translation
Pickthall - English translation
Yusuf Ali - English translation
Azerbaijani - Azerbaijani translation
Sadiq and Sani - Amharic translation
Farsi - Persian translation
Finnish - Finnish translation
Muhammad Hamidullah - French translation
Korean - Korean translation
Maranao - Maranao translation
Abdul Hameed and Kunhi Mohammed - Malayalam translation
Salomo Keyzer - Flemish (Dutch) translation
Norwegian - Norwegian translation
Samir El - Portuguese translation
Polish - Polish translation
Romanian - Romanian translation
Elmir Kuliev - Russian translation
Albanian - Albanian translation
Tatar - Tatar translation
Japanese - Japanese translation
محمد جوناگڑھی - Urdu translation
Ma Jian - Chinese translation
Turkish - Turkish translation
King Fahad Quran Complex - Thai translation
Ali Muhsin Al - Swahili translation
Abdullah Muhammad Basmeih - Malay translation
Hamza Roberto Piccardo - Italian translation
Indonesian - Indonesian translation
Bubenheim & Elyas - German / Deutsch translation
Bosnian - Bosnian translation
Hasan Efendi Nahi - Albanian translation
Sherif Ahmeti - Albanian translation
Sahih International - English translation
Czech - Czech translation
Abul Ala Maududi(With tafsir) - English translation
Tajik - Tajik translation
Alikhan Musayev - Azerbaijani translation
Muhammad Saleh - Uighur; Uyghur translation
Abdul Haleem - English translation
Mufti Taqi Usmani - English translation
Muhammad Karakunnu and Vanidas Elayavoor - Malayalam translation
Sheikh Isa Garcia - Spanish; Castilian translation
Divehi - Divehi; Dhivehi; Maldivian translation
Abubakar Mahmoud Gumi - Hausa translation
Mahmud Muhammad Abduh - Somali translation
Knut Bernström - Swedish translation
Jan Trust Foundation - Tamil translation
Mykhaylo Yakubovych - Ukrainian translation
Uzbek - Uzbek translation
Diyanet Isleri - Turkish translation
Ministry of Awqaf, Egypt - Russian translation
Abu Adel - Russian translation
Burhan Muhammad - Kurdish translation
Dr. Mustafa Khattab, The Clear Quran - English translation
Dr. Mustafa Khattab - English translation
الترجمة الإنجليزية - مركز رواد الترجمة
الترجمة الفرنسية - محمد حميد الله
الترجمة الجورجية
الترجمة البوسنية - مركز رواد الترجمة
الترجمة الصربية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة الألبانية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة اليابانية - سعيد ساتو
الترجمة الفيتنامية - مركز رواد الترجمة
الترجمة التاميلية - عمر شريف
الترجمة السواحلية - عبد الله محمد وناصر خميس
الترجمة اللوغندية - المؤسسة الإفريقية للتنمية
الترجمة الإنكو بامبارا - ديان محمد
الترجمة العبرية
الترجمة الإنجليزية للمختصر في تفسير القرآن الكريم
الترجمة الروسية للمختصر في تفسير القرآن الكريم
الترجمة البنغالية للمختصر في تفسير القرآن الكريم
الترجمة الصينية للمختصر في تفسير القرآن الكريم
الترجمة اليابانية للمختصر في تفسير القرآن الكريم
ترجمة معاني القرآن الكريم - عادل صلاحي
عادل صلاحي
ﰡ
آية رقم 1
ﭑ
ﭒ
අලිෆ්, ලාම්, මීම්,
آية رقم 2
එම පුස්තකය, එහි කිසිදු සැකයක් නැත. බිය බැතිමතුන් හට (එය) මඟ පෙන්වන්නකි.
آية رقم 3
ඔවුහු කවරහු ද යත් ගුප්ත දෑ පිළිබඳ ව විශ්වාස කරති. තව ද අප ඔවුන ට ලබා දුන් දැයින් වියදම් කරති.
آية رقم 4
ඔවුහු කවරහු ද යත් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද, නුඹ ට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තව ද පරමාන්ත දිනය ගැන ද ඔවුහු තරයේ ම විශ්වාස කරති.
آية رقم 5
ඔවුහු තම පරමාධිපතිගෙන් වූ යහ මඟ මත සිටිනවුන් ය. තව ද ඔවුහුම ය ජයග්‍රාහකයෝ.
آية رقم 6
නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන ට නුඹ අවවාද කළ ද නැතිනම් අවවාද නොකළ ද එක සමාන ය. ඔවුහු විශ්වාස නොකරති.
آية رقم 7
අල්ලාහ් ඔවුන් ගේ හදවත් මත ද ඔවුන් ගේ සවන් මත ද මුද්‍රා තැබීය. තව ද ඔවුන් ගේ දෘෂ්ටිය මත ආවරණයක් ඇත. තව ද ඔවුන ට මහත් වූ දඬුවමක් ඇත.
آية رقم 8
තව ද ජනයා අතුරින් ඇතැමුන් සැබැවින් ම අපි අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස කළෙමු යැයි පවසන්නන් සිටිති. නමුත් ඔවුන් දේව විශ්වාසවන්තයින් නොවෙති.
آية رقم 9
ඔවුහු අල්ලාහ් ට ද දේව විශ්වාස කළවුන් ට ද වංචා කරති. ඔවුහු තමන්ට ම මිස වංචා නොකරන්නෝ ය. තව ද ඔවුන් (මේ බව) වටහා ගන්නේ නැත.
آية رقم 10
ඔවුන් ගේ හදවත් තුළ රෝගයක් ඇත. එබැවින් අල්ලාහ් ඔවුන ට රෝගය වර්ධනය කළේය. ඔවුන් බොරු කරමින් සිටි බැවින් ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
آية رقم 11
තව ද නුඹලා අනර්ථකම් නොකරනු යැයි ඔවුන ට පවසනු ලැබූ විට සැබැවින් ම අපිම ය සංශෝධකයෝ යැයි ඔවුහු පැවසුවෝය.
آية رقم 12
අවධානය ට ගනු. සැබැවින් ම ඔවුන් ම ය අනර්ථකාරීන් වන්නේ. නමුත් ඔවුහු (ඒ බව) වටහා නොගනිති.
آية رقم 13
තව ද (දැහැමි) ජනයා විශ්වාස කළාක් මෙන් නුඹලා ද විශ්වාස කරනු යැයි ඔවුන ට කියනු ලැබූ කල්හි අඥානයින් විශ්වාස කළාක් මෙන් අපත් විශ්වාස කළ යුතු දැ? යි විමසති. අවධානය ට ගනු. සැබැවින් ම අඥානයෝ ඔවුහු ම ය. නමුත් ඔවුහු (ඒ බව) නොදනිති.
آية رقم 14
තව ද ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට අපි විශ්වාස කළෙමු යැයි පවසති. නමුත් ඔවුහු ඔවුන් ගේ නායකයින් සමඟ තනි වූ විට සැබැවින් ම අපි නුඹලා සමඟ ය. අපම ය සමච්චල් කරන්නෝ යැයි පැවසුවෝය.
آية رقم 15
අල්ලාහ් ඔවුන ට සමච්චල් කරන්නේය. තව ද ඔවුන් ව සීමාව ඉක්මවීමෙහි සැරිසැරීම ට ඉඩ හරින්නේ ය.
آية رقم 16
ඔවුහු ම ය යහ මඟ වෙනුව ට මුළා ව මිල ට ගත්තවුන් වන්නේ. එබැවින් ඔවුන් ගේ ව්‍යාපාරය ලාබදායී නොවී ය. තව ද ඔවුහු යහ මඟ ගිය අය නොවූහ.
آية رقم 17
ඔවුන ට උපමා ව ගිනි ඇවිළ වූ කෙනෙකු මෙනි. එය ඒ අවට වූ දෑ ට ආලෝකය ලබා දුන් විට අල්ලාහ් ඔවුන් ගේ ආලෝකය ඉවත් කළේය. තව ද ඔවුන ට දැකිය නොහැකි වන පරිදි අන්ධකාරයන් හි ඔවුන් ව අත හැර දැමීය.
آية رقم 18
ﭣﭤﭥﭦﭧﭨ
ﭩ
බිහිරි ය, ගොළු ය, අන්ධ ය එබැවින් ඔවුහු (යහමඟ ට) නොහැරෙන්නෝ ය.
آية رقم 19
නැතහොත් අහසින් (වැටෙන) වර්ෂාවක් මෙනි. එහි අන්ධ කාරයන් ද අකුණු ද අකුණු එළිය ද ඇත. අකුණු හඬ හේතුවෙන් මර බියෙන් ඔවුන් ගේ ඇඟිලි ඔවුන් ගේ කන් තුළ ඔබා ගනිති. තව ද දේව ප්‍රතික්ෂේපකයින් පිළිබඳ ව අල්ලාහ් සර්ව ප්‍රකාරයෙන් දන්නා ය.
آية رقم 20
අකුණු එළිය ඔවුන් ගේ බැල්ම පැහැර ගන්නාක් මෙනි. එය ආලෝකවත් කළ සෑම විටක ම ඔවුහු ඇවිදුණහ. එය ඔවුන් මත අඳුරු කළ විට ඔවුහු සිට ගත්හ. අල්ලාහ් අභිමත වී නම් ඔවුන් ගේ ශ්‍රවණය ද ඔවුන් ගේ බැල්ම ද ඉවත් කරන්න ට තිබුණි. සැබැවින් ම අල්ලාහ් සෑම දෙයක් කෙරෙහි ම අති බලවත්ය.
آية رقم 21
අහෝ ජනයිනි! නුඹලා හා නුඹලා ට පෙර සිටි අය මැව්වා වූ නුඹලා ගේ පරමාධිපති ට නමදිනු. නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස.
آية رقم 22
ඔහු නුඹලා ට මහපොළොව ඇතිරිල්ලක් බව ට ද අහස වියනක් බව ට ද පත් කළේය. තව ද අහසින් (වැසි) ජලය පහළ කර එමගින් නුඹලා ගේ පෝෂණ ය පිණිස පලතුරු හට ගැන්වීය. එබැවින් දැනුවත් ව ම නුඹලා අල්ලාහ් ට සමානයන් නොතබනු.
آية رقم 23
අප පහළ කළ දෑ හි නුඹලා සැකයෙ හි පසු වූයෙහු නම් එවැනි පරිච්ඡේදයක් ගෙන එනු. තව ද අල්ලාහ් හැර නුඹලා ගේ සාක්ෂිකරුවන් (හවුල්කරුවන්) කැඳවනු. නුඹලා සත්‍යවාදීහු නම්.
آية رقم 24
නමුත් නුඹලා (එය) නොකළෙහු නම්. - තව ද නුඹලා නොකරන්නෙහුම ය. - එසේ නම් එහි (නිරයේ) මිනිසුන් හා ගල් ඉන්ධන වූ ගින්න ට බිය වනු. එය දේව ප්‍රතික්ෂේපකයින් ට සූදානම් කරනු ලැබ ඇත.
آية رقم 25
තව ද විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුන ට සැබැවින් ම පහළින් ගංගාවන් ගලා යන උයන් ඇත යැයි සුබාරංචි දන්වනු. එහි පලතුරු වලින් ඔවුන් පෝෂණය කරනු ලබන සෑම විටක ම මීට පෙර අප පෝෂණය කරනු ලැබුවේ ද මෙය ම යැයි පවසති. තව ද එකිනෙක ට සමාන වූ දෑ ඔවුනට ගෙන දෙනු ලැබේ. තව ද ඔවුනට එහි පිවිතුරු සහකාර අයවලුන් ඇත. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
آية رقم 26
නියත වශයෙන් ම කෝඳුරු වෙකු ගේ හෝ ඊට වඩා ඉහළින් ඇති දෙයක උපමාවක් ගෙන හැර පෑම ට අල්ලාහ් ලැජ්ජා නොවන්නේ ය. එවිට විශ්වාස කළවුන් නම් සැබැවින් ම මෙය තම පරමාධිපතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනිති. ප්‍රතික්ෂේප කළවුන් නම් අල්ලාහ් මෙම උපමාවෙන් කුමක් අපේක්ෂා කළේ දැයි විමසති. එමගින් බොහෝ දෙනා නොමඟ හැරියේ ය. තව ද එමගින් බොහෝ දෙනා යහ මඟට යොමු කළේය. පාපිෂ්ඨයින් මිස වෙන කිසිවෙකු නොමඟ නොහැරියේ ය.
آية رقم 27
ඔවුහු කවරහු ද යත් අල්ලාහ් ගේ ගිවිසුම, එය තහවුරු කිරීමෙන් පසු කඩ කරන, ඥාතී සම්බන්ධ කම් පැවැත්වීම පිළිබඳ ව අල්ලාහ් නියෝග කළ දෑ විසන්ධි කරන, මහපොළොවේ කලහකම් කරන අය වෙති. ඔවුහුම ය අලාභවන්තයෝ.
آية رقم 28
නුඹලා අල්ලාහ් ව ප්‍රතික්ෂේප කළ හැක්කේ කෙසේ ද? නුඹලා අජීවී ව සිටිය දී නුඹලා ට ඔහු ප්‍රාණය දුන්නේ ය. පසු ව නුඹලා ව ඔහු මරණය ට පත් කරන්නේ ය. පසු ව නුඹලා ට ඔහු (යළි) ප්‍රාණය දෙන්නේ ය. පසු ව ඔහු වෙත ම නුඹලා (නැවත) යොමු කරනු ලබන්නෙහු ය.
آية رقم 29
නුඹලා වෙනුවෙන් මහ පොළොවේ ඇති සියල්ල මැව්වේ ඔහු ය. පසු ව අහස දෙසට හැරී ඒවා අහස් හතක් ලෙස සැකසුවේ ය. තව ද ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥානී ය.
آية رقم 30
තව ද නුඹ ගේ පරමාධිපති මලක් වරුන් හට සැබැවින් ම මම මහපොළොවේ නියෝජිත (පරම්පරාවක්) පත් කරන්න ට යමි යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අපි ඔබ ව ඔබ ගේ ප්‍රශංසාව තුළින් පිවිතුරු කරමින් ඔබ ව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තව ද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැයි ඔවුහු පැවසූහ. නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි යැයි ඔහු පැවසුවේය.
آية رقم 31
ආදම් ට සියලු නාමයන් ඔහු ඉගැන්නුවේ ය. පසු ව ඒවා මලක් වරුන් වෙත ගෙන හැර පා නුඹලා සත්‍යවාදීහු නම් මේවායෙ හි නාමයන් මට දැනුම් දෙනු යි ඔහු පැවසුවේ ය.
آية رقم 32
ඔබ සුපිවිතුරු ය. ඔබ අප ට ඉගැන් වූ දෑ හැර වෙන කිසිදු දැනුමක් අප ට නොමැත. සැබැවින් ම ඔබ සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත ය.
آية رقم 33
අහෝ ! ආදම්, ඒවායෙ හි නාමයන් ඔවුන ට දන්වනු යැයි ඔහු පැවසීය. ඔවුන ට ඔහු ඒවායෙ හි නාමයන් දැන් වූ කල් හි. අහස් හි හා මහපොළොවේ ගුප්ත ය සැබැවින් ම මම දනිමි. තව ද නුඹලා හෙළිදරව් කරන දෑ ද නුඹලා වසං කරමින් සිටින දෑ ද මම දනිමි යැයි නොකීවෙම් ද?
آية رقم 34
නුඹලා ආදම් ට නමස්කාර කරනු යි අප පැවසූ විට ඉබ්ලීස් (ෂෙයිතාන්) හැර ඔවුන් (සියල්ලෝම) නමස්කාර කළහ. ඔහු (එය ට) පිටුපෑවේ ය. උඩඟු විය. තව ද ඔහු දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් කෙනෙකු විය.
آية رقم 35
තව ද අහෝ ආදම්! නුඹ ද නුඹ ගේ සහකාරිය ද ස්වර්ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තව ද නුඹලා දෙදෙනා මෙම ගස ට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු.
آية رقم 36
එවිට ෂෙයිතාන් ඔවුන් දෙදෙනා ව එයින් ලිස්සා හැරෙව්වේ ය. ඔවුන් දෙදෙනා සිටි තත්වයෙන් ඔහු ඔවුන් දෙදෙනා ව බැහැර කළේය. තව ද නුඹලා පහළ ට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු ට සතුරු ය. නුඹලා ට කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත යැයි අපි පැවසුවෙමු.
آية رقم 37
පසු ව ආදම් තම පරමාධිපති ගෙන් වදන් (කිහිපයක්) හැදෑරුවේ ය. පසු ව ඔහු ඔහු ට පාප ක්ෂමා ව දුන්නේය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තයා ය.
آية رقم 38
නුඹලා සියල්ලෝ ම එයින් පහළ ට බසිනු. මාගෙන් නුඹලා ට යහ මඟ පැමිණෙනු ඇත. එවිට කවරෙකු මාගේ මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔවුන් ට බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත යැයි අපි පැවසුවෙමු.
آية رقم 39
දේවත්වය ප්‍රතික්ෂේප කොට අප ගේ වදන් බොරු කළවුන් වන ඔවුහු ම ය නිරා ගින්නෙ හි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
آية رقم 40
අහෝ ! ඉස්රාඊල් දරුවනි, මා නුඹලා ට දායාද කළ මාගේ දායාදය නුඹලා සිහිපත් කර බලනු. තව ද නුඹලා මාගේ ගිවිසුම ඉටු කරනු. මම නුඹලා ගේ ගිවිසුම ඉටු කරමි. තව ද නුඹලා මටම බිය වනු.
آية رقم 41
නුඹලා සමඟ ඇති දෑ තහවුරු කරමින් මා පහළ කළ දෑ පිළිබඳ ව නුඹලා විශ්වාස කරනු. තව ද ඒ ගැන ප්‍රතික්ෂේප කරන්නා ගෙන් පළමුවැන්නා නොවනු. තව ද මාගේ වදන් අල්ප මිලක ට නොවිකුණනු. තව ද මට ම නුඹලා බිය බැතිමත් වනු.
آية رقم 42
තව ද නුඹලා සත්‍යය අසත්‍යය සමඟ මුසු නොකරනු. තව ද නුඹලා දැනුවත්ව ම සත්‍යය වසන් නොකරනු.
آية رقم 43
තව ද නුඹලා සලාතය ස්ථාපිත කර zසකාත් ද දෙනු. තවද (දණහිස මත අත් තබා නැමී) රුකූඋ කරන්නන් සමඟ රුකූඋ කරනු.
آية رقم 44
නුඹලා දේව ග්‍රන්ථය කියවමින් ම නුඹලා නුඹලා ව අමතක කර දමා ජනයා ට යහපත විධානය කරන්නෙහු ද ? (ඒ බව) නුඹලා වටහා නොගන්නෙහු ද?
آية رقم 45
තව ද නුඹලා ඉවසීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් උදව් පතනු. සැබැවින් ම එය (සලාතය) දේව බියෙන් යටහත් වන්නන් ට හැර සෙසු අය ට බැරෑරුම් ය.
آية رقم 46
ඔවුහු කවරහු ද යත් සැබැවින් ම තමන් තම පරමාධිපති ව මුණ ගැසෙන්නන් බවත් තව ද සැබැවින් ම තමන් ඔහු වෙත නැවත යොමු වන්නන් බවත් වටහා ගනිති.
آية رقم 47
ඉස්රාඊල් දරුවනි, මා නුඹලා ට දායාද කළ මාගේ දායාදය සිහිපත් කරනු. තව ද සැබැවින් ම මම නුඹලා ව සියලු ලෝවැසියන ට වඩා උසස් කළෙමි.
آية رقم 48
තව ද කිසිදු ආත්මයක් කිසිදු ආත්මයක ට කිසිවක් කිරීම ට හැකියාවක් නොමැති, එයින් කිසිදු මැදිහත් වීමක් පිළි ගනු නොලබන, එයින් කිසිදු වන්දියන් භාර ගනු නොලබන දිනයක ට නුඹලා බිය වනු. ඔවුහු (එදින) උදව් කරනු නොලබන්නෝය.
آية رقم 49
නුඹලා ට දැඩි වේදනා දී හිංසා කරමින් ද නුඹලා ගේ පිරිමි දරුවන් මරා දමමින් ද නුඹලාගේ ගැහැනු දරුවන් ට ජීවිත දානය දෙමින් ද සිටි ෆිර්අවුන් ගේ පරපුරෙන් නුඹලා ව අපි මුදවා ගත් අවස්ථා ව සිහිපත් කරනු. තව ද ඒවායෙ හි නුඹලා ගේ පරමාධිපතිගෙන් වූ අතිමහත් පිරික්සුමක් තිබිණ.
آية رقم 50
තව ද අපි නුඹලා ට මුහුද වෙන් කර පසු ව එයින් නුඹලා ව මුදවා ගෙන නුඹලා බලමින් සිටියදී ම ෆිර්අවුන් ගේ පිරිස (මුහුදෙහි) ගිල් වූ සැටි සිහිපත් කරනු.
අප මූසා ට හතළිස් රැයක් ප්‍රතිඥා දුන් අවස්ථා ව සිහිපත් කරනු. අනතුරු ව නුඹලා ඔහුගෙන් පසු ව (ඔහු ගිය පසු ව) වසු පැටවා ව (නැමදුම ට) ගත්තෙහු ය. නුඹලා අපරාධකරුවෝම ය.
අප මූසා ට හතළිස් රැයක් ප්‍රතිඥා දුන් අවස්ථා ව සිහිපත් කරනු. අනතුරු ව නුඹලා ඔහුගෙන් පසු ව (ඔහු ගිය පසු ව) වසු පැටවා ව (නැමදුම ට) ගත්තෙහු ය. නුඹලා අපරාධකරුවෝම ය.
آية رقم 51
එය ට පසුව ද අපි නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා ට සමාව දුනිමු.
آية رقم 52
තව ද අප නුඹලා යහ මඟ ලැබිය හැකි වනු පිණිස මූසා ට දේව ග්‍රන්ථය ද (සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) නිර්ණායකය ද පිරිනැමූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 53
මාගේ ජනයිනි, සැබැවින් ම නුඹලා වසු පැටවා (නැමදුම ට) ගැනීමෙන් මහත් අපරාධයක් කළෙහු ය. එබැවින් නුඹලා නුඹලා ගේ උත්පාදකයා වෙත පශ්චාත්තාප වී යොමු වනු. එනම් නුඹලා නුඹලා ට අයත් (ආදේශ තැබූ) අය ව ඝාතනය කරනු. එය නුඹලා ගේ උත්පාදකයා අබියස නුඹලා ට ශ්‍රේෂ්ඨ වෙයි. එවිට ඔහු නුඹලා ට සමාව දෙයි. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා ය. අසීමිත කරුණාවන්තයා ය යැයි මූසා තම ජනයා ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 54
තව ද අහෝ මූසා! අප අල්ලාහ් ව එළිමහනේ දකින තුරු ඔබ ව අප විශ්වාස නොකරන්නේ ම යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹලා බලා සිටිය දීම අකුණු සැර නුඹලා ව ග්‍රහණය කළේය.
آية رقم 55
පසු ව නුඹලා කෘතවේදී වනු හැකි පිණිස නුඹලා ගේ මරණයෙන් පසු අපි නුඹලා ව අවදි කළෙමු.
آية رقم 56
තව ද අපි නුඹලා ට වලාකුළින් සෙවණ ලබා දුනිමු. තව ද මන්නු (නම් ආහාරය) ද සල්වා (නම් ආහාරය) ද අපි නුඹලා ට පහළ කළෙමු. අප නුඹලා ට ආහාර වශයෙන් ලබා දුන් දෑ නුඹලා අනුභව කරනු. තව ද ඔවුහු අප ට අපරාධ නොකළෝය. නමුත් ඔවුහු තමන්ට ම අපරාධ කර ගනිමින් සිටියෙහු ය.
آية رقم 57
නුඹලා මෙම නගරය ට පිවිසෙනු. එහි ඇති දැයින් කැමති දෑ කැමති තැනක අනුභව කරනු. සිරස නමමින් දොරටුවෙන් ඇතුළු වනු. හිත්තතුන් (අප ට සමාව දෙනු මැනව) යැයි පවසනු. නුඹලා ගේ වැරදි වල ට අපි සමාව දෙන්නෙමු. යහ වැඩ කළවුන් ට අපි අධික කරන්නෙමු.
آية رقم 58
එවිට අපරාධ කළවුන් ඔවුන ට පවසනු ලැබූ දෑ නොවන වෙනත් වදනක් හරවා පැවසූහ. එවිට අපරාධ කළවුන් ට ඔවුන් කලහකම් කරමින් සිටි හේතු වෙන් අහසින් ව්‍යසනයක් අපි පහළ කළෙමු.
آية رقم 59
එවිට අපරාධ කළවුන් ඔවුන ට පවසනු ලැබූ දෑ නොවන වෙනත් වදනක් හරවා පැවසූහ. එවිට අපරාධ කළවුන් ට ඔවුන් කලහකම් කරමින් සිටි හේතු වෙන් අහසින් ව්‍යසනයක් අපි පහළ කළෙමු.
آية رقم 60
තව ද මූසා තම ජනයා වෙනු වෙන් ජලය පැතූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹ නුඹ ගේ සැරයටියෙන් ගල ට ගසනු යැයි අපි පැවසුවෙමු. එවිට උල්පත් දොළොසක් එයින් පිපිරී මතු විය. සෑම ජන සමූහයක් ම ඔවුන් පානය කළ යුතු ස්ථානය දැන ගත්හ. නුඹලා අල්ලාහ් පිරිනැමූ පෝෂණයෙන් අනුභව කරනු. තව ද පානය කරනු. කලහ කරන්නන් ලෙස මහපොළොවේ සීමාව ඉක්මවා සැරි නොසරනු.
අහෝ මූසා! අප ට එකම ආහාරයක් මත පමණක් ඉවසා සිටිය නොහැක එබැවින් අපට මහපොළොවෙන් හට ගැන් වන පලා වර්ග කැකිරි සුදු ලූනු පරිප්පු හා ලූනු වැනි දෑ අප වෙනුවෙන් මතු කරන්නැ යි නුඹ ගේ පරමාධිපතිගෙන් අයැද සිටිනු යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු මෙසේ කීය. කවර දෙයක් ශ්‍රේෂ්ඨ වන්නේ ද ඒ වෙනුව ට කවර දෙයක් පහත් ව ඇත්තේ ද එය මාරු කර දෙන මෙන් නුඹලා පතන්නෙහු ද? නුඹලා නගරයක ට ගොඩ බසිනු. එවිට නුඹලා ඉල්ලන දෑ නුඹලා ට හිමි වේ. තව ද ඔවුන් වෙත අවමානය ද දිළිඳුකම ද වෙළා ගනු ලැබීය. අල්ලාහ් ගේ කෝපය ට ලක් වූහ. එය ඔවුන් අල්ලාහ් ගේ වදන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් හා යුක්තියෙන් තොර ව නබි වරුන් ව ඝාතනය කරමින් සිටි හේතු වෙනි. එය ඔවුන් පිටු පා සීමාව ඉක්මවා යමින් සිටි හේතුවෙනි.
آية رقم 62
නියත වශයෙන් ම විශ්වාස කළ වුන් ද යුදෙව් වූවන් ද කිතුනුවන් ද සාබිඊන් වරුන් ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අය ට තම පරමාධිපති අබියසින් වූ ඔවුන් ගේ ප්‍රතිඵල ඔවුන ට ඇත. ඔවුන ට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තව ද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුක ට පත්වන්නෝ ද නොවෙති.
آية رقم 63
අපි නුඹලා ට ඉහළින් තූර් කන්ද ඔසවා තබා අපි නුඹලා ට පිරිනැමූ දෑ නුඹලා ඉතා බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තව ද නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස එහි (සඳහන් ව) ඇති දෑ සිහිපත් කරනු යැයි අපි නුඹලාගෙන් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 64
අනතුරු ව එය ට පසු ව පවා නුඹලා පිටුපෑවෙහු නම් එවිට නුඹලා ට අල්ලාහ් ගේ භාග්‍යය හා ඔහු ගේ කරුණාව නොවී නම් නුඹලා අලාභවන්තයින් අතුරින් වන්නට තිබුණි.
آية رقم 65
සෙනසුරාදාවෙ හි නුඹලා අතුරින් සීමාව ඉක්මවා ගියවුන් (ට සිදු වූ විපාකය) පිළිබඳ ව නුඹලා මැනවින් දන්නෙහු ය. එවිට අපි නුඹලා අවමානය ට ලක් වූ වඳුරන් වනු යැයි පැවසුවෙමු.
آية رقم 66
එවිට එය ඔවුන් ට හා ඔවුන ට පසු පැමිණෙන්නන් ට පාඩමක් වශයෙන් ද බිය බැතිමතුන් ට උපදෙසක් වශයෙන් ද අපි පත් කළෙමු.
آية رقم 67
නුඹලා එළදෙනක කැපිය යුතු යැයි අල්ලාහ් නුඹලා ට අණ කරන්නේ යැයි මූසා තම ජනයා ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹ අප ව විහිළුව ට ගන්නෙහි ද යැයි ඔවුහු පැවසූහ. අඥානයින්ගෙන් කෙනෙකු වීමෙන් මම අල්ලාගෙන් රැකවරණය පතමි යැයි ඔහු (මූසා) කීය.
آية رقم 68
එය කවරක් දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධි පතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැයි ඔවුහු පැවසූහ. නියත වශයෙන් ම ඔහු (පරමාධිපති) සැබැවින් ම එය (වයසින්) මුහුකුරා නොගිය ළපටි ද නොවූ ඒ අතර මැදිවියේ පසුවන්නකි. එබැවින් නුඹලා අණ කරනු ලබන දෑ සිදු කරනු යැයි ඔහු පැවසීය.
آية رقم 69
එය කවර වර්ණයක (එළදෙනක දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැයි ඔවුහු පැවසූහ. නියත වශයෙන් ම ඔහු එය දකින්නන් සතුට ට පත් කරවන කහ පැහැති එම වර්ණය ද වඩා පැහැදිලි ව පවතින එළදෙනක යැයි ඔහු පැවසීය.
آية رقم 70
එය කවරක් දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධි පතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්න. සැබැවින් ම එම එළදෙන අප ට පැටලවී ඇත. තව ද අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින් ම අපි යහ මඟ ලබන්නන් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
آية رقم 71
සැබැවින් ම එය පොළොව සී සාන්නට හෝ ගොවි බිම ට ජලය සපයන්න ට හෝ පුහුණු නොකළ, වර්ණයෙ හි කිසිදු වෙනසක් නොමැති, නිකැළැල් එළදෙනකු බව ඔහු පවසා සිටින්නේ යැයි පැවසීය. දැන් ය ඔබ සත්‍යය ගෙන ආවේ යැයි ඔවුහු පැවසූහ. (එසේ) සිදු කරන්න ට නොසිටිය ද ඔවුහු එය කපා හැරියහ.
آية رقم 72
තව ද නුඹලා ආත්මයක් ඝාතනය කොට පසු ව එම විෂයෙ හි නුඹලා එකිනෙකා අතර (වරද) හෙළූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලා වසන් කරමින් සිටි දෑ අල්ලාහ් හෙළි කරන්නා ය.
آية رقم 73
එවිට එහි (එළදෙන ගේ) කොටසකින් නුඹලා (මිය ගිය) ඔහු ට ගසනු යැයි අපි කීවෙමු. මියගියවුන් ට අල්ලාහ් ප්‍රාණය දෙන්නේ එලෙස ය. තවද නුඹලා ට වටහා ගත හැකි වනු පිණිස ඔහු නුඹලා ට ඔහු ගේ සාධකයන් පෙන්වන්නේ ය.
آية رقم 74
අනතුරු ව, ඉන් පසු ව පවා නුඹලා ගේ හදවත් ගල් මෙන් තද විය. එසේ නොමැතිනම් ඊටත් වඩා දැඩි ලෙස තද විය. ගල් අතුරින් පිපිරී එමගින් ගංගාවන් ගලන දෑ ඇත. තව ද සැබැවින් ම ඒ අතුරින් පැළී විවර වී එමගින් ජලය පිට කරන දෑ ද ඇත. තව ද සැබැවින් ම ඒ අතුරින් අල්ලාහ් ට බියෙන් ඇද හැළෙන දෑ ද ඇත. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් නොසලකා හරින්නෙක් නොවේ.
آية رقم 75
ඔවුන් අතුරින් පිරිසක් අල්ලාහ් ගේ වදන්වලට සවන් දී අනතුරු ව එය වටහා ගත් පසු ව පවා ඔවුන් දැනුවත්ව ම එය වෙනස් කරන පිරිසක් සිටිය දී නුඹලා ව ඔවුන් විශ්වාස කරනු ඇතැයි නුඹලා ප්‍රිය කරන්නෙහු ද?
آية رقم 76
ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට අපි විශ්වාස කළෙමු යැයි පවසති. ඔවුන්ගෙන් ඇතැම් හු ඇතැමුන් සමඟ වෙන් ව ගිය විට නුඹලා ගේ පරමාධිපති ඉදිරියේ ඔවුන් නුඹලා සමඟ වාද කරනු පිණිස නුඹලා ට එරෙහි ව අල්ලාහ් ජය අත්පත් කර දුන් දෑ නුඹලා ඔවුන ට දන්වන්නෙහු ද යැයි පැවසූහ.
آية رقم 77
සැබැවින් ම ඔවුන් සඟවන දෑ ද තව ද ඔවුන් හෙළි කරන දෑ ද අල්ලාහ් දන්නේය යැයි ඔවුහු නොදන්නෝ ද?
آية رقم 78
ඔවුන් අතුරින් ලිවීම ට කියවීම ට නොහැකි (දේව ග්‍රන්ථ නොලත්) අය ද වෙති. ඔවුහු මනඃකල්පිතය හැර ග්‍රන්ථ ය පිළිබඳ නොදනිති. තව ද ඔවුන් අනුමාන කරනවා මිසක නැත.
آية رقم 79
එබැවින් තම දෑත් වලින් ග්‍රන්ථ ය ලියා පසු ව එය සුළු මිලක ට විකුණනු පිණිස මෙය අල්ලාහ් වෙතින් යැයි පවසන අය ට විනාශ ය අත් වේවා! එබැවින් ඔවුන් ගේ දෑත් ලියූ දැයින් ඔවුනට විනාශ ය අත්වේවා! තවද ඔවුන් උපයන දැයින් ද ඔවුන ට විනාශ ය අත්වේවා!
آية رقم 80
තව ද නිරා ගින්න සීමිත දින ගණනක ට මිස අප ව ස්පර්ශ නොකරන්නේම ය යැයි ඔවුහු පැවසූහ. (නබිවරය) පවසනු. (ඒ බව ට) නුඹලා අල්ලාහ් වෙතින් ගිවිසුමක් ගෙන ඇත්තෙහු ද? එසේ නම් අල්ලාහ් ඔහු ගේ ගිවිසුම කිසි විටක කඩ නොකරන්නේම ය. නැතහොත් නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි පවසන්නෙහු ද?
آية رقم 81
එසේ නොව කවරෙකු පාපයක් උපයා ඔහු ගේ වැරදි ඔහු ව වෙළාගෙන ඇත්තේ ද ඔවුහුම ය නිරා ගින්නේ සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
آية رقم 82
තව ද විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුහුම ය ස්වර්ග උයනෙ හි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
آية رقم 83
තව ද නුඹලා අල්ලාහ් හැර (වෙන කිසිවෙකු ට) නැමදුම් නොකරනු. දෙමව්පියන් සමඟ යහ අයුරින් කටයුතු කරනු. එමෙන් ම ඥාතීන් අනාථයින් හා දුගියන් සමඟ ද (යහ අයුරින් කටයුතු කරනු) තව ද ජනයා ට යහ වදනින් අමතනු. තව ද සලාතය ස්ථාපිත කරනු. zසකාත් ද දෙනු යැයි ඉස්රාඊල් දරුවන් ගෙන් අප ප්‍රතිඥාවක් ගත් සැටි සිහිපත් කරනු. පසු ව නුඹලා අතුරින් ස්වල්ප දෙනෙකු හැර නුඹලා නොසලකා හරින්නන් ලෙසින් එය ට පිටු පෑවෙහු ය.
آية رقم 84
තව ද නුඹලා නුඹලා ගේ රුධිරය නොහළනු. තව ද නුඹලා අතුරින් වූවන් ව නුඹලා ගේ නිවෙස් වලින් බැහැර නොකරනු යැයි නුඹලාගෙන් අප ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. එවිට නුඹලා (එයට) සාක්ෂි දරමින් ම එය සනාථ කළෙහුය
පසු ව නුඹලා නුඹලාව ම ඝාතන ය කරන්නෙහු ය. නුඹලා අතුරින් පිරිසක් ව ඔවුන් ගේ නිවෙස් වලින් නුඹලා බැහැර කරන්නෙ හුය. පාපී ලෙස හා සතුරුකමින් ඔවුන ට එරෙහි ව නුඹලා එකිනෙකා උදව් කර ගන්නෙ හුය. නුඹලා වෙත සිරකරුවන් ලෙස ඔවුන් පැමිණි විට නුඹලා වන්දි ලබා දී ඔවුන් ව මුදවා ගන්නෙහුය. එසේ නුඹලා ඔවුන් ව බැහැර කිරීම පවා තහනම් ව තිබීය ද. නුඹලා දේව ග්‍රන්ථ යෙන් කොටසක් විශ්වාස කර මින් තවත් කොටසක් ප්‍රතික් ෂේප කරන්නෙහු ද? නුඹලා අතුරින් එසේ කරන්නන් හට මෙලොව ජීවිතයේ අවමාන ය මිස වෙනත් ප්‍රතිඵලයක් නො මැත. තව ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ දැඩි වේදනාව ට ඔවුහු යොමු කරනු ලැබෙති. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් නොසලකා හරින්නෙකු නොවේ.
آية رقم 86
ඔවුහුම ය මතු ලොව වෙනුව ට මෙලොව ජීවිතය මිල ට ගත්ත වුන් වන්නේ. එබැවින් ඔවුන් ගෙන් දඬුවම සැහැල්ලු කරනු නොලැබේ. තව ද ඔවුහු උදව් කරනු ද නොලබති.
آية رقم 87
තව ද නියත වශයෙන් ම අපි මූසා ට ග්‍රන්ථය පිරිනැමුවෙමු. තව ද ඔහුගෙන් පසු ව ධර්ම දූත යින් ව අනුපිළිවෙළින් යැව්වෙමු. තව ද මර්යම් ගේ පුත් ඊසා ට පැහැදිලි සාධකයන් පිරිනැමු වෙමු. තව ද පිවිතුරු ආත්මය තුළින් ඔහු ව අපි බලවත් කළෙමු. නුඹලා ප්‍රිය නොකරන යමක් ධර්ම දූතයෙකු නුඹලා වෙත ගෙන ආ සෑම විටක ම නුඹලා උඩඟුකම් පෑවෙහුය. එවිට නුඹලා පිරිසක් බොරු කළ අතර තවත් පිරිසක් ඝාතනය කළාහුය.
آية رقم 88
අප ගේ හදවත් ආවරණය වී ඇතැයි ඔවුහු පැවසූහ. එසේ නොව ඔවුන් ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන ට ශාප කළේය. එහෙයින් (දේව ග්‍රන්ථයේ සඳහන් බොහෝ දෑ අත හැර දමා එයින්) ඔවුන් විශ්වාස කරනු යේ ස්වල්ප ප්‍රමාණයකි.
آية رقم 89
ඔවුන් සමග වූ දැය සත්‍ය කරවන ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල් හි ඔවුහු එය ට පෙර ප්‍රතික්ෂේප කළවුන් ට එරෙහි ව ජය පතමින් සිටියහ. පසු ව ඔවුන් වෙත ඔවුන් දත් දෑ පැමිණි කල් හි ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් දේව ප්‍රතික්ෂේපකයින් කෙරෙහි අල්ලාහ් ගේ ශාපය අත් විය.
آية رقم 90
අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කළ අය ට තම භාග්‍යය පහළ කිරීම සම්බන්ධ යෙන් ඊර්ෂ්‍යාවෙන් යුතු ව අල්ලාහ් පහළ කළ දෑ ප්‍රතික් ෂේප කර ඔවුන් ගේ ආත්මාවන් මිල ට ගත් දෑ නපුරු විය. එවිට ඔවුහු කෝපයෙන් කෝපය ට භාජනය වූහ. තව ද දේව ප්‍රතික්ෂේපක යින් ට නින්දා සහගත දඬුවම් ඇත.
آية رقم 91
අල්ලාහ් පහළ කළ දෑ නුඹලා විශ්වාස කරනු යැයි ඔවුන ට පවසනු ලැබූ විට අප වෙත පහළ කරනු ලැබූ දෑ අපි විශ්වාස කරන්නෙමු යැයි ඔවුහු පවසති. එය ට බාහිරින් ඇති දෑ ඔවුහු ප්‍රතික්ෂේප කරති. එය ඔවුන් සමඟ ඇති දෑ තහවුරු කරන සත්‍යයක් ව තිබිණ. එබැවින් “නුඹලා විශ්වාස වන්තයින් ව සිටියෙහු නම් මීට පෙර අල්ලාහ් ගේ නබි වරුන් ව ඝාතනය කළේ මන්දැ” යි අසනු.
آية رقم 92
නියත වශයෙන් ම මූසා පැහැදිලි සාධක සමඟ නුඹලා වෙත පැමිණියේ ය. අනතුරු ව නුඹලා ඔහු(ගියා) ට පසු ව වසු පැටවා (නැමදුම ට) ගත්තෙහු ය. තව ද නුඹලා අපරාධකරුවෝම ය.
آية رقم 93
නුඹලා මත තූර් කන්ද ඔසවා නුඹලා අප පිරිනැමූ දෑ බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තව ද සවන් දෙනු යැයි අප නුඹලා ගෙන් ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. ඔවුහු අප සවන් දී පිටුපෑවෙමු යැයි පැවසූහ. ඔවුන් ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් ඔවුන්ගේ සිත් තුළ වසු පැටවා (නැමදීම පිළිබඳ) ව පොවනු ලැබීය. (නබිවරය) “නුඹලා විශ්වාසවන්තයින් නම් නුඹලා ගේ විශ්වාස ය කවර කරුණක් පිළිබඳ නුඹලා ට අණ කරන්නේ ද එය නපුරු විය” යැයි පවසනු
آية رقم 94
“අල්ලාහ් අබියස ජනයාගෙන් තොර ව නුඹලා ට පමණක් පරලොව නිවහන වෙත් නම් (එසේ පවසන දෑ හි) නුඹලා සත්‍යවන්තයින් නම් නුඹලා මරණය ප්‍රිය කරනු.”යැයි පවසනු
آية رقم 95
තව ද ඔවුන් ගේ දෑත් ඉදිරිපත් කොට ඇති දෑ හේතුවෙන් කවදත් එය(මරණය) ඔවුහු ප්‍රිය නොකරන්නේම ය. තව ද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ ව සර්වඥානී ය.
آية رقم 96
මිනිසුන් ට වඩා, තව ද (විශේෂ යෙන්) ආදේශ කළවුන ට වඩා මෙලොව ජීවිතය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නන් ලෙස නුඹ ඔවුන් ව දකිනු ඇත. ඔවුන්ගෙන් කෙනෙක් තමන් ට වසර දහසක් ආයුෂ දෙනු නොලබන්නේ දැයි ආශා කරයි. නමුත් ඔහු ට ආයුෂ දෙනු ලැබුව ද එම දඬුවමින් ඔහු දුරස්වන්නෙක් නොවෙයි. ඔවුන් කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.
آية رقم 97
කවරෙක් ජිබ්රීල් ට සතුරු වන්නේ ද ඔහු ට පවසනු. සැබැවින් ම ජිබ්රීල් (වන) ඔහු තමන් අතර පවතින දෑ තහවුරු කරන්නක් ලෙස ද මඟ පෙන් වීමක් ලෙස ද විශ්වාස වන්තයින් ට සුබාරංචියක් ලෙස ද එය (කුර්ආනය) අල්ලාහ්ගේ අනුබලයෙන් නුඹේ සිතට පහළ කළේ ය.
آية رقم 98
කවරෙක් අල්ලාහ් ට ද ඔහු ගේ දේව දූතයින්ට ද ඔහු ගේ ධර්ම දූතයින්ට ද ජිබ්රීල් මීකාල් නම් දේව දූතයින් ට ද සතුරු වන්නේ ද එසේ නම් සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින් ට සතුරා ය (යන වග දැන ගනු)
آية رقم 99
තව ද සැබැවින් ම අපි ඔබ වෙත පැහැදිලි වදන් පහළ කළෙමු. පාපිෂ්ඨයින් මිස වෙන කිසිවෙක් ඒවා ප්‍රතික්ෂේප නොකරති
آية رقم 100
ඔවුන් එකිනෙකා ගිවිසුමක් ගිවිස ගත් සෑම අවස්ථාවක ම ඔවුන්ගෙන් පිරිසක් එය ඉවත හෙළුවා නොවේ ද? නමුත් ඔවුන්ගෙන් බහුතරය විශ්වාස නොකරති.
آية رقم 101
අල්ලාහ් වෙතින් ඔවුන් සමඟ වූ දෑ සත්‍ය කර වන ධර්ම දූතයෙකු ඔවුන් වෙත පැමිණි කල් හි ග්‍රන්ථය දෙනු ලැබූවන් අතුරින් පිරිසක් ඇත්තෙන් ම තමන් නොදන්නා මෙන් අල්ලාහ් ගේ ග්‍රන්ථය ඔවුන් ගේ පිට පිටු පසට හෙළුහ.
සුලෙයිමාන් ගේ පාලන සමයේ ෂෙයිතානුන් පාරායනා කළ දෑ ඔවුහු අනුගමනය කළහ. සුලෙයිමාන් ප්‍රතික්ෂේප නොකළේ ය. නමුත් ෂෙයිතාන් හු ප්‍රතික්ෂේප කළහ. ඔවුහු ජනයා ට හූනියම ද බැබිලෝනියාවේ හාරූත් මාරූත් යන මලක් වරුන් දෙදෙනා ට පහළ කරනු ලැබූ දෑ ද ජනයා ට ඉගැන් වූහ. නමුත් ඔවුන් දෙදෙනා සැබැවින් ම “අපි පරීක්ෂණයකි. එබැවින් නුඹ ප්‍රතික්ෂේප නොකරනු”යි පවසා සිටීමෙන් මිස කිසිවෙකු ට ඉගැන්නුවේ නැත. එවිට ඔවුන් දෙදෙනාගෙන් සැමියා හා තම බිරිය අතර කවර දෙයක් වෙන් කරවන්නේ ද එවැනි දෑ ඉගෙන ගනිති. අල්ලාහ් ගේ අනුබල යෙන් මිස කිසිවෙකු ට කිසි වකින් හානි පමුණුවන්නන් ලෙස ඔවුහු නොවූහ. තව ද ඔවුන ට හානි පමුණු වන ප්‍රයෝජනවත් නොවන දෑ ඉගෙන ගනිති. තව ද සැබැවින්ම එය මිල ට ගත් අය ට පර ලොවෙ හි කිසිදු කොටසක් නොමැති බව සැබැවින් ම ඔවුහු දැන සිටියහ. ඔවුහු කවර දෙයක් ඒ වෙනුවට තමන්ව විකුණා දැමුවේ ද සැබැවින් ම එය නපුරු විය. ඔවුහු (මේ ගැන) දැන සිටියාහු නම්.
آية رقم 103
නියත වශයෙන් ම ඔවුන් විශ්වාස කොට බිය බැතිමත් වූයේ නම් අල්ලාහ් අබියසින් ලැබෙන කුසල් ශ්‍රේෂ්ඨ ය. ඔවුහු (ඒ බව) දැන සිටියාහු නම්.
آية رقم 104
අහෝ විශ්වාස කළවුනි! නුඹලා (යුදෙව්වන් අතර වැරදි අදහසක් ගෙන දෙන) රාඉනා (යන යෙදුම) නොපවසනු. උන්ළුර්නා (අප ගැන සැලකිලිමත් වනු) යැයි පවසනු. තව ද නුඹලා (ඔවුන් ගේ ප්‍රකාශය ට) සවන් දෙනු. ප්‍රතික්ෂේපකයින් ට වේදනා සහගත දඬුවමක් ඇත.
آية رقم 105
නුඹලා ගේ පරමාධිපතිගෙන් යම් යහපතක් නුඹලා වෙත පහළ කරනු ලැබීම දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද දේව ආදේශකයෝ ද ප්‍රිය නොකරති. අල්ලාහ් තමන් අභිමත කරන අය ට ඔහු ගේ කරුණා ව සුවිශේෂ ලෙස නියම කරයි. තව ද අල්ලාහ් අති මහත් භාග්‍යයේ හිමිකරු ය.
آية رقم 106
අප යම් වදනක් නිෂ්ප්‍රභා කරන්නේ නම් හෝ එය අමතක කර දමන්නේ නම් හෝ ඊට වඩා යහපත් එසේත් නොමැති නම් ඊට සමාන දෙයක් අපි ගෙන එන්නෙමු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න බව නුඹ නොදන්නෙහි ද?
آية رقم 107
නියත වශයෙන් ම අල්ලාහ් ඔහු ට අහස් හි හා මහපොළොවේ පාලනය හිමි බවත් අල්ලාහ් ගෙන් තොර කිසිදු භාරකරු වෙක් හෝ කිසිදු උදව් කරුවෙක් හෝ නුඹලා ට නොමැති බවත් නුඹ නොදන්නෙහි ද?
آية رقم 108
එසේ නොමැති නම් මීට පෙර මූසාගෙන් ප්‍රශ්න කරනු ලැබුවාක් මෙන් නුඹලා ද නුඹලා ගේ ධර්ම දූතයාණන්ගෙන් ප්‍රශ්න කිරීම ට අපේක්ෂා කරන්නෙහු ද? තව ද කවරෙක් විශ්වාසය වෙනුව ට ප්‍රතික්ෂේප ය හුවමාරු කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියේ ය.
آية رقم 109
පුස්තක ලත් ජනයින් අතුරින් බොහෝ දෙනා තමන් ට සත්‍යය පැහැදිලි වූවායින් පසුව ද තමන් තුළ ඇති ඊර්ෂ්‍යාව හේතුවෙන් නුඹලා ගේ විශ්වාසයෙන් පසු ව ඔවුහු නුඹලා ව ප්‍රතික්ෂේපකයින් බව ට නැවත පත් කරන්න ට හැකි නම් යැයි ආශා කරති. එබැවින් අල්ලාහ් තම නියෝගය ගෙන එන තෙක් (ඔවුන ට) සමාව දී අත හැර දමනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බල සම්පන්න ය.
آية رقم 110
තව ද නුඹලා සලාත ය ස්ථාපිත කරනු. zසකාතය ද දෙනු. නුඹලා වෙනුවෙන් නුඹලා යම් යහපතක් ඉදිරිපත් කර ඇත්නම් අල්ලාහ් අබියස එය නුඹලා දැක ගනු ඇත. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
آية رقم 111
යුදෙව්වෙකු ව හෝ කිතුනුවෙකු ව හෝ සිටි අය මිස වෙන කිසිවෙකු ස්වර්ග උයන ට පිවිසෙන්නේ නැතැ යි ඔවුහු පැවසූහ. එය ඔවුන් ගේ මනඃකල්පිතය යි. (නබිවරය) නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් නුඹලා ගේ සාධක ගෙන එන්නැ යි පවසනු.
آية رقم 112
එසේ නොව කවරෙක් දැහැමියෙකු ව සිට තම මුහුණ අල්ලාහ් ට අවනත කළේ ද එවිට ඔහු ට ඔහු ගේ ප්‍රතිඵල ඔහු ගේ පරමාධිපති අබියස හිමි වනු ඇත. ඔවුන ට කිසිදු බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත.
آية رقم 113
ඔවුන් ග්‍රන්ථ ය කියවමින් ම කිතුනුවන් කිසිදු පදනමක් මත නොමැති බව යුදෙව්වෝ පවසති. යුදෙව්වන් කිසිදු පදනමක් මත නොමැති බව කිතුනුවෝ ද පවසති. මෙලෙස ඔවුන් ගේ ප්‍රකාශ මෙන් ම අවබෝධයක් නොමැත්තෝ ද පවසති. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙ හි ඔවුන් කවර දෙයක් පිළිබඳ මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එම විෂයය සම්බන්ධයෙන් ඔවුන් අතර අල්ලාහ් තීන්දු කරනු ඇත.
آية رقم 114
අල්ලාහ් ගේ මස්ජිදයන් හි ඔහු ගේ නාමය මෙනෙහි කරනු ලැබීමෙන් වළක්වාලන, තව ද එය විනාශ කිරීම ට වෑයම් කරන අය ට වඩා මහා අපරාධකරු කවරෙක් වෙත් ද? ඔවුන් බිය ට පත් වූවන් ලෙසම මිස එහි පිවිසීම ට ඔවුන ට නොවීය. ඔවුන ට මෙලොවෙ හි අවමානය ඇත. තව ද පරලොවෙ හි ඔවුන ට අතිමහත් දඬුවමක් ඇත.
آية رقم 115
තව ද නැගෙනහිර හා බටහිර අල්ලාහ් සතු ය. එබැවින් නුඹලා කවර දෙසක ට හැරුණ ද එහි අල්ලාහ් ගේ මුහුණ වේ. සැබැවින් ම අල්ලාහ් සර්ව ව්‍යාපක ය. සර්ව ඥානී ය
آية رقم 116
තව ද අල්ලාහ් පුතෙකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ. (ඔවුන් පවසන දැයින්) ඔහු සුවිශුද්ධ ය. එසේ නොව අහස් හි හා මහපොළොවෙ හි ඇති දෑ ඔහු සතු ය. සියල්ල ඔහු ට අවනත වන්නන් ය.
آية رقم 117
අහස් හි හා මහපොළොවේ උත්පාදකයා ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එය ට වනු යැයි පවසනවා පමණ ය, එවිට එය සිදු වන්නේ ය.
آية رقم 118
තව ද දැනුම නොමැත්තෝ “අල්ලාහ් අප සමඟ කතා කළ යුතු නොවේ ද? නැතිනම් අප වෙත වැකියක් පැමිණිය යුතු නොවේ දැ”යි අසති. ඔවුන ට පෙර සිටි අය ද මොවුන් පවසනවාක් මෙන් ම පැවසූහ. ඔවුන්ගේ හදවත් එකිනෙක ට ඒකාකාර විය. සැබැවින් ම තරයේ විශ්වාස කරන පිරිස ට අපි මෙම වැකි පැහැදිලි කරන්නෙමු.
آية رقم 119
නියත වශයෙන් ම අපි නුඹ ව සුබාරංචි පවසන්නෙකු ලෙස ද අවවාද කරන්නෙකු ලෙස ද සත්‍ය සමඟ යැව්වෙමු. නිරයේ සගයින් පිළිබඳ ව නුඹ ප්‍රශ්න කරනු නොලබන්නෙහි ය.
آية رقم 120
යුදෙව්වෝ ද කිතුනුවෝ ද ඔවුන් ගේ පිළිවෙත නුඹ අනුගමනය කරන තෙක් නුඹ ගැන තෘප්තිය ට පත් නොවෙති. (නබිවරය) පවසනු. සැබැවින් ම අල්ලාහ් ගේ යහ මග, එයම ය යහ මග වනුයේ. ඥානය නුඹ වෙත පැමිණි පසුව ද නුඹ ඔවුන් ගේ මනෝආශාවන් පිළිපදින්නෙ හි නම් අල්ලාහ්ගෙන් කිසිදු භාරකරුවෙක් හෝ උදව්කරු වෙක් හෝ නුඹ ට නොමැත. (යන වග දැන ගනු)
آية رقم 121
කවරෙකු ට අප දේව ග්‍රන්ථය පිරිනැමුවේ ද ඔවුන් එය පාරායනය කළ යුතු නියම අයුරින් පාරායනය කරති. ඔවුහු එය විශ්වාස කරති. තව ද කවරෙක් එය ප්‍රතික්ෂේප කරන්නෝ ද එවැන්නන් වන ඔවුහුම ය අලාභවන්තයෝ.
آية رقم 122
අහෝ ඉස්රාඊල් දරුවනි! මා නුඹලා ට දායාද කළ මාගේ දායාද ය මෙනෙහි කරනු. තව ද සැබැවින් ම මම නුඹලා ව ලෝ වැසියන ට වඩා උසස් කළෙමි.
آية رقم 123
තව ද කිසිදු ආත්මයක් කිසිදු ආත්මයක ට කිසිවක් කිරීම ට හැකියාවක් නොමැති, එයින් කිසිදු වන්දියක් පිළි ගනු නොලබන, එයින් කිසිදු මැදිහත් වීමක් ප්‍රයෝජනවත් නොවන දිනයක ට නුඹලා බිය වනු. ඔවුහු (එදින)උදව් කරනු නොලැබෙති.
آية رقم 124
ඉබ්‍රාහීම් ව ඔහු ගේ පරමාධිපති වදන් කිහිපයකින් පිරික්සුම ට ලක් කළ අවස්ථා ව (සිහිපත් කරනු.) එවිට ඔහු ඒවා සම්පූර්ණ කළේ ය. සැබැවින් ම මම නුඹ ව ජනයා ට මෙහෙයුම් කරුවෙකු ලෙස පත් කරන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය. මාගේ පරපුරින් ද (එසේ පත් කරනු මැනව!) යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය. අපරාධකරුවන් ට මාගේ ගිවිසුම හිමි නොවන්නේ යැයි ඔහු පැවසීය.
آية رقم 125
එම ගෘහය ජනයා ට සැරිසරන ස්ථානයක් ලෙස ද අභයදායී ලෙස ද අපි පත් කළෙමු. (ඒ අවස්ථාව සිහිපත් කරනු.) තව ද නුඹලා ඉබ්‍රාහීම් ගේ ස්ථානය නැමදුම් ස්ථානයක් ලෙස ගනු. ඉබ්‍රාහීම් හා ඉස්මාඊල් යන දෙදෙනා මාගේ නිවස තවාෆ් (වටා ගමන්) කරන්නන් ට ද ඉඃතිකාෆ් (රැඳී) සිටින්නන් ට ද රුකූඋ කරන්නන් ට ද සුජූද් කරන්නන් ට ද පවිත්‍ර කරන මෙන් අපි ගිවිසුමක් ගත්තෙමු.
آية رقم 126
“මාගේ පරමාධිපතියාණනි, මෙය අභයදායී නගරයක් බවට පත් කරනු මැනව! එහි වැසියන් අතුරින් අල්ලාහ් ව හා පරමාන්ත දිනය ගැන විශ්වාස කළවුන් ට බවභෝග වලින් පෝෂණය කරනු මැනව!” යැයි ඉබ්‍රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. “තව ද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට මම ස්වල්ප කලක ට ඔහු ට බුක්ති විඳින්න ට හරිමි. පසු ව ඔහු ව මම නිරා ගින්නේ දඬුවම ට බල කරන්නෙමි. එම පිවිසුම් ස්ථානය නපුරු විය” යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.
آية رقم 127
ඉබ්‍රාහීම් හා ඉස්මාඊල් (කඃබාව නම්) නිවසේ අත්තිවාරම එස වූ අවස්ථාව සිහිපත් කරනු. “අප ගේ පරමාධිපතියාණනි, (අප කළ ක්‍රියාවන්) අපගෙන් පිළි ගනු මැනව! නියත වශයෙන් ම සර්ව ශ්‍රාවක සර්ව ඥානී වන්නේ ඔබම ය.”
آية رقم 128
“අප ගේ පරමාධිපතියාණනි, අප ව ඔබ ට අවනත වන දෙදෙනෙකු බව ට පත් කරනු මැනව! තව ද අප ගේ පරපුරින් ද ඔබ ට අවනත වන සමූහයක් ඇති කරනු මැනව ! අප ගේ නැමදුම් ස්ථාන අප ට පෙන්වා දෙනු මැනව ! තව ද අප වෙත පාප ක්ෂමා ව පිරි නමනු මැනව! සැබැවින් ම අති ක්‍ෂමාශීලී අසමසම කරුණාන්විත වන්නේ ඔබම ය.”
آية رقم 129
“අප ගේ පරමාධිපතියාණනි! තව ද ඔබ ගේ වැකි ඔවුන ට පාරායනය කර පෙන් වන දේව ග්‍රන්ථය හා ප්‍රඥා ව ඔවුන ට උගන් වන ඔවුන් ව පිවිතුරු කරන ඔවුන්ගෙන් ම වූ ධර්ම දූතයෙකු ඔවුන් අතර ට එවනු මැනව! සැබැවින් ම සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත වන්නේ ඔබම ය.” (යනුවෙන් ඉබ්‍රාහීම් නබි තුමා ප්‍රාර්ථනා කළහ.)
آية رقم 130
තමන් ව අඥාන භාවය ට පත් කර ගත්තෙකු මිස ඉබ්‍රාහීම් ගේ පිළිවෙතින් ඉවත් වනුයේ කවරෙක් ද? තව ද සැබැවින් ම මෙලොවෙ හි අපි ඔහු ව තෝරා ගත්තෙමු. තව ද සැබැවින් ම ඔහු පරලොවෙ හි දැහැමියන් අතුරිනි.
آية رقم 131
ඔහු ගේ පරමාධිපති “නුඹ අවනත වනු“ යැයි ඔහු ට පැවසූ අවස්ථා ව සිහිපත් කරනු. “මම ලෝ වැසියන් ගේ පරමාධිපති ට අවනත වූයෙමි” යැයි ඔහු පැවසීය.
آية رقم 132
ඉබ්‍රාහීම් තම පුතණුවන් ට ද, යඃකූබ් ද මෙසේ උපදෙස් දුන්හ. “අහෝ පුතණුවනි! සැබැවින් ම අල්ලාහ් නුඹලා ට මෙම දහම තෝරා දී ඇත. එබැවින් නුඹලා (අල්ලාහ් ට) අවනත වන්නන් ලෙස මිස මරණය ට පත් නොවනු.”
آية رقم 133
නැතහොත් යඃකූබ් ට මරණය පැමිණි අවස්ථාවේ නුඹලා එහි පෙනී සිටියාහු ද? “මගෙන් පසු ව නුඹලා නමදිනුයේ කුමක් දැ” යි තම දරුවන්ගෙන් ඔහු ඇසූ විට “ඔබ ගේ දෙවියා වූ ද ඔබ ගේ මුතුන් මිත්තන් වන ඉබ්‍රාහීම් ඉස්මාඊල් හා ඉස්හාක් ගේ දෙවියා වූ ද එකම දෙවියා ව අපි නමදිමු. තව ද අපි ඔහු ට අවනත වන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසූහ.
آية رقم 134
එය ඉකුත් වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එය ට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලා ට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නොලබන්නෙ හුය.
آية رقم 135
“නුඹලා යුදෙව්වන් වනු. එසේ නොමැති නම් කිතුනුවන් වනු. නුඹලා යහ මඟ ලබනු ඇතැ“යි ඔවුහු තව දුරටත් පැවසූහ. එසේ නොව “(නබිවරය) පිවිතුරු ඉබ්‍රාහීම් ගේ පිළිවෙත ම (නුඹලා පිළිපදිනු.) තව ද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නොවීය” යැයි පවසනු.
آية رقم 136
“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්‍රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.” යැයි නුඹලා පවසනු.
آية رقم 137
එබැවින් නුඹලා විශ්වාස කළාක් මෙන් ඔවුන් විශ්වාස කළේ නම් එවිට ඔවුන් ද යහ මඟ ලබනු ඇත. ඔවුහු පිටු පෑවෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු බේද යෙහි ය. ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹ ට ප්‍රමාණවත් වනු ඇත. තව ද ඔහු සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය.
آية رقم 138
(අපව වර්ණවත් කරවන) අල්ලාහ් ගේ රන්ජනය (පිළිපදිනු). රන්ජනයෙන් අල්ලාහ් ට වඩා කවරෙක් අලංකාරමත් වේ ද? තව ද අපි ඔහු ට යටහත් වන්නෝ වෙමු.
آية رقم 139
“අපගේ ද නුඹලාගේ ද පරමාධි පති ව අල්ලාහ් සිටිය දී නුඹලා ඔහු සම්බන්ධයෙන් අප සමඟ වාද කරන්නෙහු ද? අප ගේ ක්‍රියාවන් අපට ය නුඹලා ගේ ක්‍රියාවන් නුඹලාට ය. තව ද අපි ඔහු ට අවංකයෝ වෙමු.” නුඹ යැයි පවසනු.
آية رقم 140
“නැතහොත් සැබැවින් ම ඉබ්‍රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) යුදෙව්වන් ලෙසින් හෝ කිතුනුවන් ලෙසින් සිටි බව නුඹලා පවසන්නෙහු ද? මැනවින් දන්නා නුඹලා ද නැතහොත් අල්ලාහ් දැ” යි (නබිවරය!) අසනු. ඔහු අබියස වූ අල්ලාහ් ගේ සාධකයක් වසන් කරන්නන් ට වඩා මහා අපරාධකරුවා කවරෙක් ද? තව ද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් නොසැලකිලි මත් කෙනෙකු නොවේ.
آية رقم 141
එය ඉකුත් වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එය ට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලා ට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නොලබන්නෙහු ය.
آية رقم 142
ඔවුන් කවර දෙයක් මත වූවෝ ද එවන් ඔවුන්ගේ කිබ්ලාවෙන් ඔවුන් ව හැර වූයේ කුමක් දැ යි ජනයා අතුරින් අඥානයෝ විමසා සිටිති. (නබිවරය) නැගෙනහිරත් බටහිරත් අල්ලාහ්ට ම සතු ය. ඔහු අභිමත කරන්නන් හට ඍජු මාර්ගය වෙත ඔහු මඟ පෙන්වනු ඇතැයි පවසනු.
آية رقم 143
එලෙස ය නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් ධර්ම දූතයාණන් නුඹලාට සාක්ෂිකරුවෙකු වනු පිණිසත් අප නුඹලා ව මධ්‍යස්ථ (ජන) සමූහයක් ලෙස පත් කළේ. තම විලුඹ දෙක මත හැරී යන්නන් අතුරින් ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නන් කවරෙකු දැ යි අපි දැන ගනු පිණිස මිස ඔබ කවර දෙයක් මත (දැන්) සිටින්නේ ද එවන් කිබ්ලා ව අපි පත් නොකළෙමු. එය අල්ලාහ් මඟ පෙන් වූ අය කෙරෙහි හැර (අන් අයට) භාරදූර දෙයක් විය. අල්ලාහ්ට නුඹලාගේ විශ්වාසය නිශ්ඵල කිරීමට (අවශ්‍ය) නොවීය. සැබැවින් ම අල්ලාහ් සකල ජනයාටම සෙනෙහෙ වන්තය අසමසම කරුණා වන්තය.
آية رقم 144
නුඹගේ මුහුණ ඇතැම් විට අහස දෙසට හැරවීම සැබැවින් ම අපි දකින්නෙමු. නුඹ ප්‍රිය කරන කිබ්ලා ව දෙස සැබැවින් ම අපි නුඹ ව හරවන්නෙමු. එහෙයින් නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත හරවනු. (ජනයිනි) නුඹලා කොතැනක සිටිය ද (සලාතයේ දී) නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවනු. තවද නියත වශයෙන්ම දේව ග්‍රන්ථය දෙනු ලැබූවන් සැබැවින් ම මෙය තම පරමාධි පතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනු ඇත. ඔවුන් කරන දෑ පිළිබඳ ව අල්ලාහ් නොසලකා හරින්නෙකු නොවේ.
آية رقم 145
දේව ග්‍රන්ථය දෙනු ලැබූවනට නුඹ සෑම සාධකයක්ම ගෙන හැරපෑව ද ඔවුහු නුඹගේ කිබ්ලා (දිශාව) අනුගමනය නොකළහ. එසේම නුඹ ද ඔවුන්ගේ කිබ්ලා ව අනුගමනය කරන්නෙකු නොවේ. තවද ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුගේ කිබ්ලාව අනුගමනය කරන්නන් නොවෙති. තවද නුඹට ඥානය පැමිණි පසුව නුඹ ඔවුන්ගේ මනෝ ආශාවන් අනුගමනය කළෙහි නම් එවිට නියත වශයෙන්ම නුඹ අපරාධකරුවන් අතුරින් වන්නෙහිය.
آية رقم 146
දේව ග්‍රන්ථය අප ඔවුනට පිරිනැමූ අය තම දරුවන් හඳුනනවාක් මෙන් එය මැනවින් හඳුනති. තවද සැබැවින් ම ඔවුන් අතුරින් පිරිසක් තමන් දැන දැන ම සත්‍යය වසන් කරනු ඇත.
آية رقم 147
සත්‍යය නුඹගේ පරමාධි පතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නොවනු.
آية رقم 148
සෑම කෙනෙකුට ම ඔහු ඒ කෙරෙහි හැරෙන දිශාවක් ඇත. එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා කොතැනක සිටිය ද අල්ලාහ් නුඹලා සියල්ල ගෙන එනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
آية رقم 149
තවද නුඹ කොතැනක සිට පිට ව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය (වූ කඃබාව) වෙත හරවනු. සැබැවින්ම එය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයක්ම ය. තවද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් නොසලකා හරින්නෙකු නොවේ.
آية رقم 150
තවද නුඹ කොතැනක සිට පිට ව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත ම හරවනු. තවද ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර නුඹලාට එරෙහි ව ජනයිනට සාධකයක් නොවනු පිණිස නුඹලා කොතැනක සිටිය ද නුඹලා නුඹලාගේ මුහුණු ඒ දෙසටම හරවනු. එබැවින් නුඹලා ඔවුනට බිය නොවනු. මටම බිය වනු. තවද මම මාගේ දායාදයන් නුඹලාට පරිපූර්ණ කරන්නෙමි. නුඹලා යහ මඟ ලබන්නට හැකිය.
آية رقم 151
නුඹලාට අපගේ වදන් පාරායනය කර නුඹලා ව පිවිතුරු කර නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වා නුඹලා නොදැන සිටි දෑ නුඹලාට උගන්වන නුඹලා අතුරින්ම වූ ධර්ම දූතයෙකු නුඹලා වෙත අපි යැව්වාක් මෙනි..
آية رقم 152
ﯨﯩﯪﯫﯬﯭ
ﯮ
එබැවින් නුඹලා මා මෙනෙහි කරනු. මම නුඹලා ව මෙනෙහි කරන්නෙමි. නුඹලා මට කෘතඥ පූර්වක වනු. තවද මා ප්‍රතික්ෂේප නොකරනු.
آية رقم 153
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා ඉවසීම හා සලාතය තුළින් උදව් පතනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය.
آية رقم 154
තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන්ට මළවුන් යැයි නුඹලා නොපවසනු. ඔවුන් ජීවමානය. එනමුත් නුඹලා (එ ගැන) නොහඟන්නාහුය.
آية رقم 155
තවද බියෙන් හෝ සාගින්නෙන් හෝ වස්තුව, ජීවිත හා බවභෝග අඩු කරමින් හෝ යම් දෙයකින් අපි නුඹලා ව පිරික්සුමට ලක් කරන්නෙමු. (නබිවරය,) නුඹ ඉවසිලිවන්තයිනට ශුභාරංචි දන්වනු.
آية رقم 156
ඔවුහු කවරහු ද යත් යම් අභාග්‍යයක් තමන්ට ඇති වූ විටෙක සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම අපි ඔහු වෙතම නැවත යොමුවන්නන් වෙමු. යැයි පවසති.
آية رقم 157
තම පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයන් ද කරුණාව ද තමන් වෙත ඇත්තෝ මොවුන්ය. මොවුන්මය යහමඟ ලැබූවන් වන්නෝ
آية رقم 158
නියත වශයෙන්ම සෆා හා මර්වා (නම් කඳු වැටි දෙක) අල්ලාහ් ගේ සංකේත අතුරිනි. එබැවින් කවරෙකු මෙම ගෘහය වෙත හජ් හෝ උම්රා ඉටු කරන්නේ ද එවිට ඒ දෙක වටා යෑම ඔහුට වරදක් නොවේ. තවද කවරෙකු යම් යහපතක් අමතර ව කරන්නේ ද එවිට (දැන ගනු) සැබැවින්ම අල්ලාහ් කෘතඥ පූර්වකය. සර්වඥානීය.
آية رقم 159
පැහැදිලි සාධක හා යහමඟ අතුරින් අප පහළ කළ දෑ දේව ග්‍රන්ථයේ ජනයාට අප පැහැදිලි කළ පසුව පවා එය වසන් කරන්නන් වන ඔවුනට අල්ලාහ් ශාප කරනු ඇත. තවද ශාප කරන්නන් ද ඔවුනට ශාප කරනු ඇත.
آية رقم 160
නමුත් පශ්චාත්තාප වී හැඩ ගස්වා පැහැදිලි කළ අය හැරය. එවැනි අයට මම සමාව දෙමි. තවද මම අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
آية رقم 161
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වන ඔවුනට අල්ලාහ්ගේ ද දේව දූතයින්ගේ ද මිනිසුන් සියල්ල ගේ ද ශාපය ඇත. (එහෙයින් ඔවුන් නිරයට ඇතුල් වනු ඇත.)
آية رقم 162
ඔවුහු එහි සදාතනිකයින් වෙති. ඔවුන්ගෙන් දඬුවම ලිහිල් කරනු නොලැබේ. තවද ඔවුනට (දිගු කලක්) අවකාශ දෙනු නොලබනු ඇත.
آية رقم 163
නුඹලාගේ දෙවියා එකම දෙවියාය. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු හැර වෙනත් දෙවියෙකු නැත.
آية رقم 164
නියත වශයෙන්ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරුවෙහි ද ජනයාට ප්‍රයෝජනවත් දෑ රැගෙන මුහුදෙහි ගමන් කරන නැව්හි ද අහසින් ජලය පහළ කර මහපොළොව මිය ගිය පසුව එය එමගින් ජීවමාන කොට එහි සෑම සත්වයෙකුම ව්‍යාප්ත කිරීමෙහි ද සුළං හැමීමෙහි ද අහස හා මහපොළොව අතර වසඟ කරනු ලැබූ වලාවන්හි ද අවබෝධ කරන ජනයාට සාධක ඇත.
آية رقم 165
(අවනත වීමට) අල්ලාහ් හැර සමානයන් පත් කර ගන්නා අය ජනයා අතුරින් වෙති. අල්ලාහ්ට ප්‍රිය කරන්නාක් මෙන්ම ඔවුහු ඔවුනට ප්‍රිය කරති. නමුත් විශ්වාස කළවුන් අල්ලාහ්ට (පමණක්) දැඩි ලෙස ප්‍රිය කරන්නන් වෙති. අපරාධ කරුවන් දඬුවම දකින විට සියලු බලය අල්ලාහ්ට ය. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව ඔවුන් දැන ගත යුතු නොවේ ද ? (යැයි පවසති.)
آية رقم 166
අනුගමනය කරනු ලැබූවන් අනුගමනය කළවුන්ගෙන් වෙන් වී ඔවුහු දඬුවම දැක ඔවුන් අතර තිබූ සාධක නිෂ්ඵල වී ගිය විට (ඔවුහු දැඩි පීඩාවට පත් වෙති.)
آية رقم 167
සැබැවින්ම අපටත් වාරයක් ඇත්නම් ඔවුන් අපගෙන් වෙන් වී ගියාක් මෙන් අප ද ඔවුන්ගෙන් වෙන් වන්නෙමු යැයි පවසති. එලෙසය අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට පසුතැවිල්ලක් ලෙස පෙන්වනුයේ. තවද ඔවුහු නිරා ගින්නෙන් බැහැර වන්නන් නොවෙති.
آية رقم 168
අහෝ ජනයිනි ! මහපොළොවේ ඇති දැයින් (නුඹලාට අනුභව කිරීමට) අනුමත පිවිතුරු දෑ අනුභව කරනු. තවද ෂෙයිතාන් ගේ පියවරවල් අනුගමනය නොකරනු. සැබැවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
آية رقم 169
ඔහු නුඹලාට අණ කරනුයේ නපුර හා අශීලාචාරකම ද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත පැවසීමට ද වේ.
آية رقم 170
තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනු යැයි (ඔවුනට) පවසනු ලැබූ විට නැත! අපගේ මුතුන් මිත්තන් කවර දෙයක් මත සිටියෝ ද එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් වටහා නොගෙන තවද යහමඟ නොලැබූ තත්වයක වුව ද (එසේ ඔවුන් අනුගමනය කරති.)
آية رقم 171
ප්‍රතික්ෂේප කළවුනට උපමාව (සතුන් දක්කන විට) ඇමතුම හා කැඳවුම මිස වෙනත් කිසිවක් උන්ට නොඇසෙන (අර්ථයක් නොමැති) දෙයකින් කෑ ගසන කෙනෙකු මෙනි. ඔවුන් ගොළුය. බිහිරිය. අන්ධය. එබැවින් ඔවුහු (යථාර්ථය) වටහා නොගනිති.
آية رقم 172
අහෝ විශ්වාස කළවුනි ! අපි නුඹලාට පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට පමණක් නමදින්නෙහු නම් ඔහුට කෘතඥ වනු.
آية رقم 173
ඔහු නුඹලාට තහනම් කරනුයේ මළ දෑ ද රුධිරය ද ශූකර මාංශ ද අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කැප කළ දෑ ද වේ. නමුත් සීමාව ඉක්මවා යෑමෙන් තොරව හෝ පාපයක් සිදු කිරීමේ අරමුණින් තොරව හෝ කවරෙකු (මේවා අනුභව කිරීමට) බල කරනු ලැබුවේ නම්, එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
آية رقم 174
දේව ග්‍රන්ථයේ අල්ලාහ් පහළ කළ දෑ කවරෙකු වසන් කර එමගින් අල්ප මිලක් ලබා ගන්නේ ද ඔවුහු තම කුස තුළ (නිරා) ගින්න මිස වෙනත් කිසිවක් අනුභව නොකරන්නෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමඟ කතා නොකරයි. තවද ඔවුන් ව පිවිතුරු ද නොකරයි. තවද ඔවුනට වේදනීය දඬුවම ඇත.
آية رقم 175
ඔවුහු කවරහු ද යත්, යහමඟ වෙනුවට මුළාව ද සමාව වෙනුවට දඬුවම ද මිලට ගත්තවුන්ය. එබැවින් නිරා ගින්නෙහි ඔවුන් දරා ගන්නට සලස්වනුයේ කුමක් ද?
آية رقم 176
එය, සත්‍යය සමඟ අල්ලාහ් දේව ග්‍රන්ථය පහළ කර එම දේව ග්‍රන්ථයේ මත භේද ඇති කර ගත්තවුන් (සත්‍ය යෙන්) දුරස්ථ වූ ගැටුමෙහි සිටි බැවිනි.
නැගෙනහර හා බටහිර දෙසට නුඹලාගේ මුහුණ හැරවීම පමණක් යහපත නොවේ. නමුත් යහපත වනුයේ කවරෙකු අල්ලාහ් ව ද අවසන් දිනය ද මලක්වරුන් ද දේව ග්‍රන්ථය ද නබිවරුන් ව ද විශ්වාස කොට තමන් ධනය ඇලුම් කරමින් සිටිය දී එය ඥාතීත්වයෙන් යුත් අයට ද අනාථයින්ට ද දුප්පතුන්ට ද මගියන්ට ද යාචකයින්ට ද වහලුන් විෂයයෙහි ද පිරිනමා සලාතය ද ස්ථාපිත කොට zසකාත් ද පිරිනැමූ අය ද ඔවුන් ගිවිසුමක් කළ විට තම ගිවිසුම ඉටු කරන්නන් ද දූගී හා පීඩාකාරී අවස්ථාවන් හි ද අසහනකාරී (යුදමය) අවස්ථාවෙහි ද ඉවසිල්ලෙන් සිටින්නන් ද වෙති. ඔවුන්මය සත්‍ය පැවසූ අය වන්නේ. තවද ඔවුන්මය බියබැතිමත් අය වන්නේ.
آية رقم 178
අහෝ විශ්වාස කළවුනි ! ඝාතනය කරනු ලැබූවන් සම්බන්ධයෙන් සමප්‍රතිචාර දැක්වීම ඔබලාට නියම කරනු ලැබ ඇත. ස්වාධීනයෙකු ස්වාධීනයෙක් වෙනුවෙන් ද වහලෙකු වහලෙක් වෙනුවෙන් ද ස්ත්‍රියක් ස්ත්‍රියක වෙනුවෙන් ද (සමප්‍රතිචාරය) විය යුතුය. එය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සහනයක් හා දයාවකි. නමුත් කවරෙකු ඉන් පසුව සීමාව ඉක්මවා යන්නේ ද එවිට ඔහුට වේදනීය දඬුවම ඇත.
آية رقم 179
සමප්‍රතිචාර දැක්වීමෙහි නුඹලාට (ආරක්‍ෂා සහිත) ජීවිතයක් ඇත. අහෝ බුද්ධිමතුනි ! (එමගින්) නුඹලා බියබැතිමතුන් විය හැකිය.
آية رقم 180
නුඹලාගෙන් කෙනෙකුට මරණය පැමිණ ඔහු වස්තුව හැර දමා ගොස් ඇත්නම් දෙමව් පියන්ට ද සමීප ඥාතීන්ට ද යහපත් අයුරින් අන්තිම කැමැත්ත ඉටු කිරීම අනිවාර්යය කරන ලදී. මෙය බැතිමතුන් හට වූ යුතුකමකි.
آية رقم 181
එහෙයින් එයට සවන් දුන් පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එහි පාපය වනුයේ එය වෙනස් කරන්නන්හටය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්වඥානීය.
آية رقم 182
එබැවින් අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නාගෙන් යම් වරදක් හෝ පාපයක් ගැන කවරෙකු හෝ බිය වී එවිට ඔහු ඔවුන් අතර (එය) සංශෝධනය කළ විට ඔහු කෙරෙහි එය වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය අසමසම කරුණාන්විතය.
آية رقم 183
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය අනිවාර්යය කරනු ලැබීය.
آية رقم 184
(එය) ගණන් කරනු ලැබූ දින ගණනකි. එහෙයින් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකු ව හෝ ගමනක නිරත ව සිටියේ නම් හෝ එවිට ඔහු වෙනත් දින ගණන් ගණනය කර(උපවාසයේ නියැළෙ)ත්වා ! එයට හැකියාව ඇති උදවියට වන්දිය වනුයේ දුගියෙකුට ආහාර සැපයීමය. තවද කවරෙකු යම් යහපතක් අමතර ව ඉටු කළේ ද එය ඔහුට උතුම් වෙයි. නමුත් නුඹලා දැන සිටියෙහු නම් උපවාසයේ නිරත වීම නුඹලාට ශ්‍රේෂ්ඨය.
آية رقم 185
රමළාන් මාසය, එහි මිනිසාට මඟ පෙන්වන්නක් ලෙසත් යහමඟ පැහැදිලි කරන්නක් ලෙසත් (හොඳ නරක වෙන් කර පෙන්වන) නිර්ණායකයක් ලෙසත් අල්-කුර්ආනය පහළ කරනු ලැබීය. එබැවින් කවරෙකු එම මාසයට සම්මුඛ වන්නේ ද ඔහු එහි උපවාසය රකිත්වා ! තවද කවරෙකු රෝගියෙකු ව හෝ ගමනක නිරත ව සිටින්නේ ද එසේ නම් වෙනත් දින ගණන් කර(උපවාසයේ නියැළෙ)ත්වා ! අල්ලාහ් නුඹලාට පහසු ව ප්‍රිය කරයි. අපහසුතාව ඔහු ප්‍රිය නොකරයි. (මෙම සහනය) නුඹලා දින ගණන් සම්පූර්ණ කරනු පිණිස ද අල්ලාහ් නුඹලාට මඟ පෙන්වූ දෑ සඳහා ඔහු ව විභූතිමත් කරනු පිණිස ද නුඹලා කෘතඥතාව පුද කිරීමට හැකි වනු පිණිස ද වේ.
آية رقم 186
තවද මාගේ ගැත්තන් මා ගැන නුඹෙන් විමසූ විට සැබැවින්ම මම සමීපතය. යදින්නා මගෙන් කන්නලව්ව කළහොත්, ඔහුගේ කන්නලව්වට මම පිළිතුරු දෙමි. එබැවින් ඔවුන් මගේ ඇරයුමට පිළිතුරු දෙත්වා, තවද මා විශ්වාස කරත්වා. එමගින් ඔවුන් යහමඟ ලබන්නට හැකි වනු ඇත
උපවාස රාත්‍රියෙහි නුඹලාගේ භාර්යාවන් සමඟ ලිංගික ඇසුරු කිරීම නුඹලාට අනුමත කරනු ලැබීය. ඔවුන් නුඹලාට වස්ත්‍ර මෙන් වේ. නුඹලා ද ඔවුනට වස්ත්‍ර මෙන් වේ. සැබැවින්ම නුඹලා නුඹලාවම රවටා ගනිමින් සිටීම අල්ලාහ් දන්නේය. එබැවින් ඔහු නුඹලා වෙත පශ්චාත්තාපය පිරිනැමුවේය. නුඹලාගේ (වැරැද්ද) නොසලකා හැරියේය. එබැවින් දැන් නුඹලා ඔවුන් සමඟ ලිංගික ඇසුරෙහි නිරත වනු. තවද නුඹලාට අල්ලාහ් නියම කළ දෑ සොයනු. තවද අලුයමෙහි කළු නූලෙන් සුදු නූල පැහැදිලි වන තෙක් අනුභව කරනු. පානය කරනු. පසුව රාත්‍රිය දක්වා උපවාසය සම්පූර්ණ කරනු. නුඹලා මස්ජිදයන්හි රැඳෙන්නන් ව (ඉඃතිකාෆ්) සිටිය දී ඔවුන් සමඟ ලිංගික ඇසුරෙහි නිරත නොවනු. මේවා අල්ලාහ්ගේ සීමාවන්ය. එබැවින් නුඹලා ඒවාට සමීප නොවනු. එලෙසය අල්ලාහ් ඔහුගේ වදන් ජනයාට පැහැදිලි කරනුයේ. ඔවුන් බැතිමත් විය හැකි වනු පිණිස.
آية رقم 188
නුඹලාගේ වස්තුව නුඹලා අතර අයුක්ති සහගත ලෙස අනුභව නොකරනු. ජනයාගේ වස්තුවෙන් කොටසක් දැනුවත්ව ම නුඹලා (අයුක්ති සහගතව) භුක්ති විදිනු පිණිස ඒවා පාලකයින් වෙත (අල්ලස් ලෙස) යොමු නොකරනු.
آية رقم 189
නව සඳ පිළිබඳ ව ඔවුන් නුඹගෙන් විමසති. එය ජනයාට හා හජ් වන්දනාවට කාල නියමයන්ය. තවද නුඹලාගේ නිවෙස් වෙත නුඹලා එහි පිටු පසින් පැමිණීම යහපත් නොවේ. නමුත් යහපත වනුයේ බියබැතිමත් වන්නාය. තවද නුඹලා නිවෙස් තුළට එහි දොරටුවෙන් පැමිණෙනු. තවද නුඹලා ජයග්‍රහණය ලබා ගත හැකි වනු පිණිස අල්ලාහ්ට බියබැතිමත් වනු.
آية رقم 190
තවද නුඹලා සමඟ සටන් වදින්නන් සමග නුඹලා ද සටන් කරනු. නුඹලා සීමාව ඉක්මවා නොයනු. සැබැවින් අල්ලාහ් සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව ප්‍රිය නොකරන්නේය.
آية رقم 191
තවද නුඹලා (සටන් වදින) ඔවුන් ව දුටු තැන ඔවුන් ව මරා දමනු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ පරිදිම නුඹලා ඔවුන් ව පිටුවහල් කරනු. කලහකාරීත්වය ඝාතනයට වඩා ඉතා දුෂ්ටය. ශුද්ධ මස්ජිදය අබියස ඔවුන් නුඹලා සමඟ එහි සටන් වදින තුරු නුඹලා ඔවුන් සමඟ සටන් නොවදිනු. එසේ නුඹලා සමඟ ඔවුන් සටන් වැදුනේ නම් නුඹලා ඔවුන් ව ඝාතනය කරනු. එලෙසය දේව ප්‍රතික්ෂේපක යින්ගේ ප්‍රතිවිපාකය වනුයේ.
آية رقم 192
ﭯﭰﭱﭲﭳﭴ
ﭵ
නමුත් ඔවුන්(යුද්ධයෙන්) වැළකී සිටියේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය අසමසම කරුණාන්විතය.
آية رقم 193
තවද කලහකම් ඇති නොවී සම්පූර්ණ දහම අල්ලාහ්ට පමණක් සතු වන තෙක් ඔවුන් සමඟ නුඹලා යුද වදිනු. නමුත් ඔවුන් (කලහකම් කිරීමෙන්) වැළකී සිටියේ නම් එවිට අපරාධකරුවන් කෙරෙහි හැර (අන් අය කෙරෙහි) කිසිදු සතුරුකමක් නොවිය යුතුය.
آية رقم 194
ශුද්ධ මාසය ශුද්ධ මාසයටම සඳහාය. තවද සියලු තහනම් කරනු ලැබූ දෑ වෙනුවෙන් සමප්‍රතිචාර ඇත. එබැවින් කවරෙකු නුඹලාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළේ ද ඔහු නුඹලා කෙරෙහි සීමාව ඉක්මවා කටයුතු කළා සේම නුඹලා ද ඔහු කෙරෙහි සීමාව ඉක්මවා කටයුතු කරනු. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් බියබැතිමතුන් සමඟ බව දැන ගනු.
آية رقم 195
තවද අල්ලාහ්ගේ මාර්ගයේ විය පැහැදම් කරනු. (නුඹලා එසේ වියදම් නොකර) නුඹලාගේ දෑත් නුඹලා විනාශය කරා නොහෙළනු. තවද නුඹලා උපකාරශීලී ව කටයුතු කරනු. සැබැවින්ම අල්ලාහ් උපකාරශීලී ව කටයුතු කරන දැහැමියන් ව ප්‍රිය කරන්නේය.
තවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා සම්පූර්ණ කරනු. නමුත් නුඹලා (ඒවා ඉටු කළ නොහැකි පරිදි) කොටු කරනු ලැබුවෙහු නම් (සත්ව) කැප කිරීමෙන් තමන්ට පහසු දෑ දිය යුතුය. තවද කැප කිරීමට නියමිත සත්වයා එයට නියමිත ස්ථානයට ළඟා වන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරනු. නමුත් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකු ව හෝ තම හිසෙහි තමන්ට වේදනාවක් වූයේ නම් හෝ (හිස මුඩු කිරීමට සිදු වූයේ නම්) එවිට උපවාසයේ නියැළීමෙන් හෝ දානයකින් හෝ සත්ව කැප (පරිත්‍යාග) කිරීමකින් හෝ වන්දියක් ලබා දිය යුතුය. නමුත් (හජ් සහ උම්රා ව වළක්වනු ලැබූ බාධකය ඉවත් වී) නුඹලා අභයදායී තත්ත්වයට පත් වී එවිට යමෙක් උම්රා ඉටු කර හජ් දක්වා ඉහ්රාමයෙන් තොරව සිටියේ නම් සත්ව කැප කිරීමෙන් පහසු දෑ ලබා දිය යුතුය. නමුත් ඔහු (එය) නොලැබුවේ නම් එවිට හජ් හි දින තුනක් ද නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට දින හතක් ද (එනම්) එය පූර්ණ දින දහයක් ලෙස උපවාසයේ නියැළෙත්වා ! එය ශුද්ධ මස්ජිදය අවට (මක්කාහ්වෙහි) වාසය කරන වැසියන්ට නොවේ. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩි බව නුඹලා දැන ගනු.
آية رقم 197
හජ් වන්දනාව (ඉටු කිරීම සියලු දෙනා) හඳුනන මාසයන්හිය. එබැවින් ඒවායෙහි කවරෙකු හජ් සඳහා සූදානම් වූයේ ද හජ් සමයේ දී ඔහු ලිංගික ව නොහැසිරිය යුතුය. පාපයන් නොකළ යුතුය. අනවශ්‍ය තර්කයන්හි නිරත නොවිය යුතුය. යහපතින් යමක් නුඹලා ඉටු කරන දෑ අල්ලාහ් දන්නේය. තවද නුඹලා පොදි බැඳ ගනු. නමුත් පොදියෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ බියබැතිමත් භාවයයි. තවද අහෝ බුද්ධිය ඇත්තනි ! නුඹලා මට බිය වනු.
آية رقم 198
නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍යය නුඹලා සෙවීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. එබැවින් නුඹලා අරෆා ප්‍රදේශයන් හි සිට (බැහැර වී ගංගාවක් මෙන්) ගලා ආ විට මෂ්අරුල් හරාම් නම් ස්ථානයේ අල්ලාහ් ව සිහිපත් කරනු. මීට පෙර නුඹලා නොමඟ ගියවුන් අතුරින් සිටිය දී ඔහු නුඹලාට මඟපෙන් වූ අයුරින් නුඹලා ද ඔහු ව සිහිපත් කරනු.
آية رقم 199
ජනයා (බැහැර වී) ගලා එන පරිදි ම නුඹලා ද ගලා එනු. තවද අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැදිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
آية رقم 200
නුඹලාගේ (හජ්) වතාවත් නුඹලා ඉටු කළ විට නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් සිහිපත් කරනවාක් මෙන් හෝ ඊටත් වඩා දැඩි සිහිපත් කිරීමකින් අල්ලාහ් ව සිහිපත් කරනු. ජනයා අතුරින් ඇතැමුන් අපගේ පරමාධිපතියාණනි ! මෙලොවෙහි අපට පිරිනමනු මැනව ! යැයි පවසන්නන් වෙති. ඔහුට මතු ලොවෙහි කිසිදු කොටසක් නොමැත.
آية رقم 201
අපගේ පරමාධිපතියාණනි ! මෙලොවෙහි යහපත ද මතු ලොවෙහි යහපත ද අප හට පිරිනමනු මැනව ! තවද නිරයේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනව ! යැයි පවසන ඇතැමුන් ද ඔවුන් අතුරින් වෙති.
آية رقم 202
තමන් ඉපැයූ දැයින් කොටසක් තමන්ට ඇත්තෝ ඔවුන්මය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
آية رقم 203
තවද නියමිත දින ගණනක් තුළ නුඹලා අල්ලාහ් ව සිහිපත් කරනු. එබැවින් කවරෙකු (මිනාවෙහි රැඳී සිටීමෙන්) දින දෙකකින් ඉක්මන් වන්නේ ද එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. තවද කවරෙකු ප්‍රමාද වන්නේ ද ඔහු කෙරෙහි ද පාපයක් නොමැත. එය බිය බැතිමතුන් හටය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම නුඹලා ඔහු වෙත එක් රැස් කරනු ලබන බව දැන ගනු.
آية رقم 204
මෙලොව ජීවිතයෙහි තම ප්‍රකාශය නුඹ ව පුදුමයට පත් කරවන හා තම හදවතෙහි ඇති දෑ කෙරෙහි අල්ලාහ් ව සාක්ෂි වශයෙන් තබන අය මිනිසුන් අතුරින් වෙති. තවද ඔහු තර්ක කිරීමෙහි ඉතා දැඩි ය.
آية رقم 205
ඔහු හැරී ගිය විට මහපොළො වෙහි කලහකම් කිරීමටත් අස්වනු හා සත්ත්ව පරපුර විනාශ කර දැමීමටත් උත්සාහ දැරුවේය. තවද අල්ලාහ් කලහකම ප්‍රිය නොකරන්නේය.
آية رقم 206
නුඹ අල්ලාහ්ට බැතිමත් වනු යැයි ඔහුට පවසනු ලැබූ විට පාපී ලෙස ගරුත්වය ඔහු ව ග්‍රහණය කළේය. එබැවින් නිරය ඔහුට ප්‍රමාණවත්ය. තවද (අවසානයේ ලගින) යහන නපුරු විය.
آية رقم 207
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් තම ආත්මය මිල කරන්නන් ද ජනයා අතුරින් වෙති. තවද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්තය.
آية رقم 208
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා සාමය (නම් ඉස්ලාමය) තුළට මුළුමණින්ම පිවිසෙනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනු ගමනය නොකරනු. සැබැවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
آية رقم 209
නුඹලාට පැහැදිලි සාධක පැමිණි පසුව ද නුඹලා (ඉන්) ලිස්සී (ගැලවී) යන්නෙහු නම් එවිට සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරී හා සර්ව ප්‍රඥාවන්ත බව නුඹලා දැන ගනු. (එබැවින් නුඹලා ඉන් ලිස්සී නොයනු.)
آية رقم 210
වලාකුළු හෙවණැලි අතුරින් අල්ලාහ් ද මලක්වරුන් ද පැමිණ කාරණාව තීන්දු කරනු ලැබීම ඔවුහු අපේක්ෂා කරන්නෝ ද? තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.
آية رقم 211
(නබිවරය) කෙතරම් පැහැදිලි සාධක අපි ඔවුනට පිරිනමා ඇත්තෙමු දැයි ඉස්රාඊල් දරුවන්ගෙන් නුඹ විමසනු. තමන් වෙත අල්ලාහ්ගේ ආශිර්වාදය පැමිණි පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එවිට සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
آية رقم 212
ප්‍රතික්ෂේප කළවුනට මෙලොව ජීවිතය අලංකෘත කරනු ලැබීය. ඔවුහු විශ්වාස කළවුන්ට අවමන් කරති. නමුත් දේව බිය හැඟීම් ඇති කර ගත් අය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුනට ඉහළින් සිටිති. තමන් අභිමත කරන අයට අල්ලාහ් ගණනයකින් තොරව පෝෂණය කරන්නේය.
آية رقم 213
ජනයා එකම සමූහයක් විය. පසුව අල්ලාහ් ශුභාරංචි පවසන්නන් ලෙස ද අවවාද කරන්නන් ලෙස ද නබිවරුන් ව එවීය. තවද කවර දෙයක් මත මතභේද ඇති කර ගත්තේ ද ඒ ගැන ජනයා අතර තීන්දු කිරීම පිණිස ඔවුන් සමඟ දේව ග්‍රන්ථ ද පහළ කළේය. තමන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් දේව ග්‍රන්ථය ලත් ජනයා හැර (වෙනත් කිසිවෙක්) ඒ ගැන මතභේද ඇති කර නොගත්හ. පසුව සත්‍යයෙන් යුත් කවර දෙයක් තුළ ඔවුන් මත භේද ඇති කර ගත්තේ ද ඒ ගැන අල්ලාහ් තම අනුභාවයෙන් විශ්වාස කළවුනට මඟ පෙන්වීය. තවද අල්ලාහ් තමන් අභිමත කරන අයට ඍජු මඟ පෙන්වන්නේය.
آية رقم 214
නුඹලාට පෙර ඉකුත් වූවනට සේ නුඹලාට ද (යමක්) නොපැමිණම නුඹලා ස්වර්ගයට පිවිසෙන්නට සිතන්නෙහු ද? දුෂ්කරතා හා උවදුරු ඔවුන් ව ග්‍රහණය කළේය. රසූල්වරයා ද ඔහු සමඟ වූ විශ්වාස කළවුන් ද අල්ලාහ් ගේ ජයග්‍රහණය කවදා දැයි අසන තරමට ම ඔවුහු කම්පනය ට පත් කරනු ලැබූහ. සැබැවින්ම අල්ලාහ්ගේ උපකාරය ඉතා සමීප බව දැන ගනු.
آية رقم 215
තමන් වියදම් කළ යුත්තේ කුමක් දැයි ඔවුහු නුඹගෙන් විමසති. යහපත් දැයින් නුඹලා වියදම් කළ යුත්තේ දෙමාපියන් ට ද අනාථයින්ට ද දුප්පතුන්ට ද මගියන්ට ද වේ. තවද යහපත් දැයින් නුඹලා වියදම් කරන දෑ පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානීය.
آية رقم 216
සටන් කිරීම නුඹලාට එය පිළිකුල් වුව ද නුඹලා කෙරෙහි එය නියම කරන ලදී. නුඹලා යමක් පිළිකුල් කළ හැක. නමුත් එය නුඹලාට යහපතක් විය හැකිය. නුඹලා යමක් ප්‍රිය කළ හැක නමුත් එය නුඹලාට හානිදායක විය හැකිය. අල්ලාහ් (සියල්ල) දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය. (එබැවින් ඔහු එය නියම කළේය.)
ශුද්ධ මාසය එහි සටන් කිරීම පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එහි සටන් කිරීම මහත් පාපයකි. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වැළැක්වීමත් ඔහු(අල්ලාහ්) හා ශුද්ධ මස්ජිදය ප්‍රතික්ෂේප කිරීමත් එහි වැසියන් එයින් පිටුවහල් කිරීමත් අල්ලාහ් අබියස (ඊටත් වඩා) අති මහත් පාපයකි (බව පවසන්න). තවද කලහකම ඝාතනයට වඩා අති මහත් පාපයකි. ඔවුහු හැකියාව දරන්නෝ වෙත් නම් නුඹලාගේ දහමින් නුඹලා ව නැවත හරවන තෙක් නුඹලා සමඟ සටන් වැදීමෙන් ඉවත් නොවන්නෝ මය. තවද නුඹලා අතුරින් කවරෙක් තම දහමින් බැහැර වී පසුව ප්‍රතික්ෂේපක යෙකු ලෙස සිටිය දී මරණයට පත් වෙත් ද එවිට ඔවුහුමය මෙලොව හා පරලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය වන්නෝ. තවද ඔවුහුමය (නිරා) ගින්නේ සගයන් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
آية رقم 218
නියත වශයෙන්ම විශ්වාස කළ අය ද දේශය අත හැර දමා ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ කැප වූවෝ ද වන ඔවුහුමය අල්ලාහ්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වූවෝ. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
آية رقم 219
(නබිවරය) සුරාව හා සූදුව පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහි මහත් පාපය හා ජනයාට යම් ප්‍රයෝජන ඇති බවත්, නමුත් ඒ දෙකෙහි ප්‍රයෝජනයට වඩා ඒ දෙකෙහි පාපය අති මහත් බවත් පවසනු. තවද තමන් වියදම් කළ යුත්තේ කුමක් දැයි ද නුඹගෙන් ඔවුහු විමසති. අතිරේක දෑ යැයි පවසනු මෙලෙසය අල්ලාහ් නුඹලාට සිතන්නට හැකි වනු පිණිස නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ.
آية رقم 220
මෙලොව හා පරලොව තුළ (සිතා බලනු පිණිස). තවද අනාථයින් ගැන ඔවුහු නුඹගෙන් විමසන්නෝය. ඔවුන්ට (රැක බලාගනිමින්) යහ අයුරින් කටයුතු කිරීම ඉතා උතුම් ය. නුඹලා ඔවුන් සමඟ මිශ්‍ර වූ විට ඔවුහු නුඹලාගේ සහෝදරයෝ වෙති. (එබැවින් ඔවුනට සලකන්න.) යහ අයුරින් කටයුතු කරන්නන්ගෙන් කලහකරුවා කවරෙකු දැයි අල්ලාහ් දන්නේය. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා ව අපහසුතාව ට පත් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. සර්ව ප්‍රඥාවන්ත ය.
آية رقم 221
දේව ආදේශ තබන්නියන් ව ඔවුහු විශ්වාස කරන තෙක් විවාහ කර නොගනු. ඇය නුඹලා ව ආකර්ශනීයත්වයට පත් කළ ද දේව විශ්වාස වන්ත වහලිය ආදේශ තබන්නියට වඩා උතුම් ය. තවද ආදේශ තබන්නන් ව ඔවුහු විශ්වාස කරන තෙක් විවාහ කර නොදෙනු. ඔහු නුඹලා ව ආකර්ශනීයත්වයට පත් කළ ද දේව විශ්වාසවන්ත වහලා ආදේශ තබන්නාට වඩා උතුම් ය. මොවුහු (නිරයේ) ගින්න වෙත ඇරයුම් කරති. තවද අල්ලාහ් ඔහුගේ අනුභාවයෙන් ස්වර්ගය හා සමාව වෙත ඇරයුම් කරන්නේය. තවද ජනයා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස තම වදන් ජනයාට ඔහු (මෙසේ) පැහැදිලි කරන්නේය.
آية رقم 222
තවද ඔසප්භාවය පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එය කිලිටකි. එබැවින් ඔසප් සමයේ බිරියන් ගෙන් ඉවත් වනු. ඔවුන් පිරිසිදු වන තෙක් නුඹලා ඔවුනට (ලිංගික ඇසුරට) සමීප නොවනු. ඔවුන් පිරිසිදු වූ කල්හි අල්ලාහ් නුඹලාට අණ කළ පරිදි ඔවුන් වෙත යනු. සැබැවින්ම අල්ලාහ් පශ්චාත්තාපයේ නියැළෙන්නන් හා පිරිසිදු ව සිටින්නන්ට ප්‍රිය කරන්නේය යැයි පවසනු.
آية رقم 223
නුඹලාගේ බිරියන් නුඹලා සතු කෙත් බිමකි. එබැවින් නුඹලා කැමති පරිදි නුඹලාගේ කෙත වෙතට යනු. තවද නුඹලා වෙනුවෙන් (දැහැමි දෑ) ඉදිරිපත් කරනු. අල්ලාහ්ට බැතිමත් වනු. සැබැවින්ම නුඹලා ඔහු ව මුණ ගැසෙන්නන් බව දැන ගනු. තවද විශ්වාසවන්තයින්(වන ඔවුන)ට (අල්ලාහ්ව මුණ ගැසෙන බව) නුඹ ශුභාරංචි පවසනු.
آية رقم 224
නුඹලා දැහැමි දෑ කිරීම ද (අල්ලාහ්ට) බැතිමත් වීම ද ජනයා අතර යහ සම්බන්ධතා වන් ඇති කිරීම ද (වැනි යහකම් නොකිරීමට නුඹලා තබන) නුඹලාගේ දිවුරුම් තුළින් අල්ලාහ් ව හේතුවක් බවට පත් නොකරනු. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය, සර්ව ඥානීය.
آية رقم 225
පුහු ලෙස (හාස්‍යව) නුඹලා කරන දිවුරුම් හි අල්ලාහ් නුඹලා ව (වරදකරුවන් ලෙස) නොගන්නේය. නමුත් නුඹලාගේ හදවත් ඉපැයූ දෑ ගැන නුඹලා ව ඔහු ගණන් ගන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඉවසිලිවන්ත ය.
آية رقم 226
(ලිංගික ඇසුරෙන්) තම බිරියන්ගෙන් තමන් ඉවත් ව සිටින බවට දිවුරා සිටින්නවුනට මාස හතරක අවකාශ පොරොත්තු කාලයක් ඇත. නමුත් ඔවුන් (එම කාලය තුළ) නැවත හැරුණේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය, අසමසම කරුණාන්විතය.
آية رقم 227
(එම කාලය තුළ) ඔවුන් දික්කසාදය ස්ථීර කර ගත්තේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය
آية رقم 228
දික්කසාද කරනු ලැබූ තැනැත්තියන් තමන් විසින් (ඔසප් හෝ පිරිසිදු) වාර තුනක් පොරොත්තුවෙන් සිටිය යුතුය. ඔවුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේ නම් ඔවුන්ගේ ගර්භයන් තුළ අල්ලාහ් මැවූ දෑ සැඟවීම ඔවුන්ට අනුමත නොමැත. එම විෂයෙහි ඔවුන් දෙදෙනා සමාදානය අපේක්ෂා කරන්නේ නම් ඔවුන් ව නැවත (එක්කර) ගැනීමට වඩාත් උචිත වන්නෝ ඔවුන්ගේ ස්වාමි පුරුෂයෝය. ඔවුන් මත (ස්වාමි පුරුෂයා) යහ අයුරින් කටයුතු කරන සේම ඔවුනටත් (තම ස්වාමිපුරුෂයා කෙරෙහි යහ අයුරින් කටයුතු කිරීම) ඇත. නමුත් ඔවුනට වඩා පිරිමින්ට නිලයක් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය. සර්ව ප්‍රඥාවන්ත ය.
آية رقم 229
දික්කසාදය දෙමුරයකි. ඉන් පසුව යහපත් අයුරින් රඳවා ගැනීම හෝ කාරුණික අයුරින් මුදවා හැරිය යුතුය. අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ නොහැකි වේවි යැයි දෙදෙනාම බිය වෙතොත් මිස ඔවුනට පිරිනැමූ කිසිවකින් නුඹලා නැවත ගැනීම නුඹලාට අනුමත නොවේ. අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ නොහැකි වේවි යැයි නුඹලා බිය වෙතොත් එවිට ඇය ඔහුට යමක් වන්දි වශයෙන් ලබා දීම නුඹලා කෙරෙහි වරදක් නොවන්නේය. මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. ඒවා ඉක්මවා නොයනු. එවිට ඔවුහුමය අපරාධකරුවෝ වන්නෝ.
آية رقم 230
එබැවින් ඔහු ඇය ව දික්කසාද කළේ නම් ඇය වෙනත් සැමියෙකු හා විවාහ වී පසුව ඔහු ඇය ව දික්කසාද කරන තෙක් ඇය ඔහුට අනුමත නොවන්නීය. එවිට ඔවුන් දෙදෙනාට අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ හැකි යැයි දෙදෙනාම සිතන්නේ නම් ඔවුන් දෙදෙනා නැවත එක් වීම ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. තවද මෙය අල්ලාහ්ගේ සීමාවන් ය. වටහා ගන්නා ජනයාට ඒවා ඔහු පැහැදිලි කරන්නේය.
آية رقم 231
තවද නුඹලා බිරියන් ව දික්කසාද කොට ඔවුන්ගේ (ඉද්දා හි) අවසන් කාලය ළඟා වූයේ නම් එවිට නුඹලා ඔවුන් යහ අයුරින් රඳවා ගනු. එසේ නොමැති නම් යහ අයුරින් මුදවා හරිනු. සීමාව ඉක්මවා කටයුතු කිරීම පිණිස පීඩාකාරී ලෙස ඔවුන් ව රඳවා නොගනු. කවරෙක් එසේ කරන්නේ ද ඔහු තමන්ටම අපරාධ කර ගත්තේය. තවද අල්ලාහ්ගේ වදන් විහිළුවට නොගනු. නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදය ද දේව ග්‍රන්ථයෙන් හා ප්‍රඥාවෙන් නුඹලා වෙත පහළ කළ දෑ ද මෙනෙහි කරනු. ඔහු එමඟින් නුඹලාට උපදෙස් දෙන්නේය. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානී බව නුඹලා දැන ගනු.
آية رقم 232
තවද නුඹලා බිරියන් ව දික්කසාද කළේ නම් එවිට ඔවුන්ගේ (ඉද්දා හි) අවසන් කාලය ළඟා වූ විට ඔවුන් අතර සමතයක් ඇති වේවි යැයි ඔවුන් තෘප්තියට පත් වන්නේ නම් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සමඟ ඔවුන් නැවත විවාහ දිවියට යෑම පිළිබඳ ව නුඹලා ඔවුන් ව නොවැළැක්විය යුතුය. එය නුඹලා අතුරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කළවුනට මෙමගින් උපදෙස් දෙනු ලැබීමකි. එය නුඹලාට පාරිශුද්ධ ය, වඩා පිවිතුරු ය. තවද අල්ලාහ් දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
තවද කිරි දීම සම්පූර්ණ කිරීමට අපේක්ෂා කළ අයෙකු වෙනුවෙන් මව්වරු තම දරුවන්ට සම්පූර්ණ දෙවසරක් කිරි පොවන්නෝය. ඔවුන්ගේ පෝෂණයත් ඔවුන්ගේ වස්ත්‍රත් යහ අයුරින් පිරිනැමීම දරුවා සතු අය (පියා)ගේ වගකීම ය. කිසිදු ආත්මයක් තම ශක්තියේ ප්‍රමාණයට මිස පවරනු නොලැබේ. මව තම දරුවා හේතුවෙන් හා දරුවා සතු අය (පියා) තම දරුවා හේතුවෙන් පීඩා කරනු නොලැබේ. මෙලෙස උරුමක්කරුටත් පැවරේ. ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව හා පිළිගැනීම අනුව මව් කිරි නතර කිරීමට අපේක්ෂා කළේ නම් එසේ සිදු කිරීම ඔවුන් දෙදෙනාට වරදක් නැත. නුඹලාගේ දරුවන්ට කිරි පොවා ගැනීමට නුඹලා අපේක්ෂා කළේ නම් නුඹලා දෙන දෑ යහපත් අයුරින් නුඹලා ලබා දී එසේ සිදු කර ගැනීම නුඹලා වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක බව නුඹලා දැන ගනු.
آية رقم 234
නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් ගැන නම් ඔවුන් විසින් (බිරියන් විසින්) මාස හතරක් හා (දින) දහයක් ඉද්දා හෙවත් පොරොත්තුවෙහි සිටිය යුතුය. මොවුන්ගේ කාල අවසානය ළඟා වූ විට මොවුන් සම්බන්ධයෙන් මොවුන් යහපත් අයුරින් සිදු කරගන්නා දෑ පිළිබඳ ව නුඹලා කෙරෙහි වරදක් නැත. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය.
آية رقم 235
එම කාන්තාවට යම් (විවාහ) යෝජනාවක් නුඹලා ඉදිරිපත් කළ ද නුඹලාගේ හදවත් තුළ නුඹලා (ඔවුන් ගැන අදහසක්) සඟවා ගත්ත ද නුඹලා කෙරෙහි වරදක් නැත. සැබැවින්ම නුඹලා ඔවුන් ගැන මෙනෙහි කරන බව අල්ලාහ් දන්නේය. නමුත් ඔවුන් සමඟ නුඹලා යහ වචනයෙන් කතා කරනවා මිස රහසිගත ව ඔවුනට ප්‍රතිඥාවක් නොදෙනු. එහි නියමිත කාලය නිම වන තෙක් නුඹලා විවාහ ගිවිසුම ස්ථීර නොකරනු. තවද සැබැවින් ම අල්ලාහ් නුඹලාගේ සිත් තුළ ඇති දෑ දන්නේය. එබැවින් නුඹලා එයින් වැළකී සිටිනු. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා සෙනෙහෙවන්ත බව නුඹලා දැන ගනු.
آية رقم 236
නුඹලා ඔවුන් ව ස්පර්ශ නොකර තිබිය දී හෝ ඔවුනට (මහර්) නියමයක් නියම නොකර තිබිය දී හෝ කාන්තාවන් ව නුඹලා දික්කසාද කළෙහු නම් නුඹලා කෙරෙහි වරදක් නැත. තවද ධනවතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද දුප්පතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද (නඩත්තු මුදල් ලබා දී) භුක්ති විඳීමට සලස්වනු. එය දැහැමියන් කෙරෙහි වූ යුතුකමකි.
آية رقم 237
ඔවුනට (මහරයෙන්) නියමයක් නුඹලා නියම කර තිබිය දී ඔවුන් ව නුඹලා ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් ව දික්කසාද කළේ නම් එවිට නුඹලා නියම කරන දැයින් අඩක් (දිය යුතු)ය. නමුත් ඔවුන් එය අත හැර දැමුවේ නම් හෝ විවාහ ගිවිසුම කවර අයගේ දෑතෙහි ඇත්තේ ද ඔහු එය අත හැර දැමුවේ නම් හෝ මිස. නමුත් නුඹලා එය අත හැර දැමීම බැතිමත්භාවයට ඉතා සමීප ය. නුඹලා අතර මහිමය අමතක නොකරනු. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
آية رقم 238
සලාතයන් හා මධ්‍යකාල සලාතය මත සුරක්ෂිත ව රැඳී සිටිනු. තවද නුඹලා අල්ලාහ්ට යටහත් වූවන් ලෙස නැගී සිටිනු.
آية رقم 239
නුඹලා බිය වෙතොත් පා ගමනින් හෝ වාහනික ව හෝ (සලාතය ඉටු) කළ යුතුය. පසුව නුඹලා සුරක්ෂිත වූයෙහු නම් නුඹලා නොදැන සිටි දෑ නුඹලාට අල්ලාහ් ඉගැන් වූවාක් මෙන් ඔහු ව නුඹලා මෙනෙහි කරනු.
آية رقم 240
නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් තම බිරියන්ට වසරක් දක්වා (නිවසින්) ඔවුන් පිටුවහල් කිරීමකින් තොරව භුක්ති විඳීමට හැකි වන පරිදි අන්තිම කැමැත්ත ප්‍රකාශ කළ යුතුය. නමුත් ඔවුන් බැහැර ව ගියේ නම් ඔවුන් සම්බන්ධයෙන් ඔවුන් යහ දැයින් යමක් සිදු කර ගත්තේ නම් ඒ පිළිබඳ ව නුඹලා කෙරෙහි වරදක් නැත. තවද අල්ලාහ් සර්ව බලධාරීය අභිඥානවන්ත ය.
آية رقم 241
දික්කසාද කරනු ලැබූ කාන්තාවන්ට (දික්කසාද කළ අය විසින්) යැපීම් වියදම් ලබා දිය යුතු වේ. එය බැතිමතුන් කෙරෙහි වූ වගකීමකි.
آية رقم 242
නුඹලාට වටහා ගත හැකි වනු පිණිස අල්ලාහ් ඔහුගේ වදන් නුඹලාට පැහැදිලි කරනුයේ එලෙස ය.
آية رقم 243
ඔවුන් දහස් ගණනින් සිටිය දී මරණයට බියෙන් තම නිවෙස් වලින් බැහැර ව ගියවුන් දෙස නුඹ නොබැලුවෙහි ද? එවිට නුඹලා මිය යනු යැයි අල්ලාහ් ඔවුනට පැවසුවේය. පසු ව ඔහු ඔවුනට යළි ජීවය දුන්නේය. නියත වශයෙන් ම අල්ලාහ් ජනයා වෙත භාග්‍ය සම්පන්නයා ය. නමුත් ජනයාගෙන් බහුතරය කෘතවේදී නොවෙති.
آية رقم 244
අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් වදිනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවක, සර්ව ඥානී බව නුඹලා දැන ගනු.
آية رقم 245
කවරෙකු අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දෙන පුද්ගලයෙකු වන්නේ ද එවිට ඔහු එය අධික වශයෙන් ඔහුට ප්‍රගුණ කර දෙන්නේය. තවද අල්ලාහ් (එය) අකුළන්නේ ය. තවද දිගු හරින්නේය. තවද ඔහු වෙතම නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහුය.
මූසාගෙන් පසු වූ ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසක් දෙස නුඹ නොබැලුවෙහි ද? අප වෙත රජෙකු එවනු මැනව ! අපි අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින්නෙමු යැයි ඔවුන් නබිවරයාට පැවසූ අවස්ථාවේ දී නුඹලාට සටන් කිරීම නියම කරනු ලැබුවහොත් නුඹලා සටන් නොකර සිටීමට සිතන්නෙහු ද? යැයි ඔහු ඇසීය. අප ව අපගේ නිවෙස් වලින් හා අපගේ දරුවන්ගෙන් අපව බැහැර කරනු ලැබ සිටිය දී අප අල්ලාහ්ගේ මාර්ගයේ සටන් නොවදින්නට අපට කුමක් වීද? නමුත් සටන් කිරීමට ඔවුනට නියම කරනු ලැබූ කල්හි ඔවුන් අතුරින් කිහිප දෙනකු හැර (අන් අය) පිටුපෑවෝය. තවද අල්ලාහ් අපරාධරකරුවන් පිළිබඳ ව සර්ව ඥානීය.
آية رقم 247
තවද සැබැවින් ම අල්ලාහ් තාලූත් ව නුඹලාට රජෙකු ලෙස එවා ඇත්තේ යැයි ඔවුන්ගේ නබිවරයා ඔවුනට පැවසුවේය. අප ඔහුට වඩා පාලනය කිරීමට සුදුස්සන් ව සිටිය දී හා ධනයෙන් කිසිදු සමෘද්ධියක් ඔහුට දෙනු නොලැබ සිටිය දී අප වෙත පාලනය කිරීම ඔහුට කෙසේ නම් හැකි වේ දැයි ඔවුහු ඇසූහ. සැබැවින් ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා ගෙන ඇත්තේය. තවද දැනුමෙහි හා ශරීරයෙහි පුළුල් භාවය ඔහුට අමතර ව ලබා දී ඇත්තේය. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට තම පාලනය පිරිනමන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය. සර්ව ඥානී ය.
آية رقم 248
තවද සැබැවින් ම ඔහුගේ පාලනයේ සංකේතය වනුයේ නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් වූ ශාන්තිය ඇති මූසාගේ පරපුර හා හාරූන් ගේ පරපුර අත හැර දමා ගිය දැයින් ඉතිරි ව ඇති මලක් වරුන් උසුලා ගෙන සිටින මංජුසාවක් පහළ වීමය යැයි ඔහු පැවසුවේය. නුඹලා විශ්වාස වන්තයින් නම් නියත වශයෙන් ම එහි නුඹලාට සාධකයක් ඇත.
තාලූත් සේනාව සමඟ පිටත් ව ගිය කල්හි සැබැවින් ම අල්ලාහ් ගංගාවකින් නුඹලා ව පරීක්ෂාවට පත් කරන්නේය. එබැවින් කවරෙක් එයින් පානය කළේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය. කවරෙක් එහි සුවය නොවින්දේ ද එවිට සැබැවින් ම ඔහු මගෙන් කෙනෙකි. නමුත් තම දෑතින් අහුරක් අහුරා ගත් අය හැර යැයි ඔහු පැවසුවේය. එවිට ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර සෙසු අය පානය කළෝය. ඔහු හා ඔහු සමඟ විශ්වාස කළවුන් එය තරණය කළ කල්හි, අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ (සටන් කිරීමට) අපහට ශක්තියක් නොමැත යැයි පැවසුවෝය. තම පරමාධිපති ව හමුවන්නෝ යැයි තරයේ සිතූ අය අල්ලාහ්ගේ අනුමැතියෙන් කෙතරම්දෝ ස්වල්ප පිරිස් විශාල පිරිස් අබිබවා ගොස් ඇත. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය යැයි පැවසුවෝය.
آية رقم 250
ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ ඔවුන් පොර බඳින්නට සූදානම් ව සිටි කල්හි අපගේ පරමාධි පතියාණනි, අප වෙත ඉවසීම හෙළනු මැනව ! තවද අපගේ පාදයන් ස්ථීර කරනු මැනව ! ප්‍රතික්ෂේපිත පිරිසට එරෙහි ව අපට උදව් කරනු මැනව ! යැයි පැවසුවෝය.
آية رقم 251
එවිට අල්ලාහ්ගේ අනුමැතියෙන් ඔවුහු ඔවුන් ව පරාජය කළෝය. තවද දාවූද් ජාලූත් ව මරා දැමුවේය. තවද අල්ලාහ් ඔහුට පාලනය හා ප්‍රඥාව පිරිනැමුවේය. තවද ඔහු කැමති දැයින් ඔහුට ඉගැන්නුවේය. අල්ලාහ් ජනයා ව ඇතැමෙකු ගෙන් ඇතැමෙකු ව වැළැක්වූයේ නැති නම් මිහිතලය විනාශ වී යනු ඇත. නමුත් අල්ලාහ් ලෝවැසියන් කෙරෙහි භාග්‍යයෙන් යුක්තයා ය.
آية رقم 252
මේවා අල්ලාහ්ගේ වදන් ය. අපි ඒවා සත්‍ය සමඟ පාරායනය කර පෙන්වන්නෙමු. තවද සැබැවින්ම නුඹ ධර්ම දූතයින් අතුරින් අයෙකි.
මෙම රසූල්වරුන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා අපි උසස් කළෙමු. ඔවුන් අතුරින් අල්ලාහ් සමඟ කතා කළ අය වෙති. ඔවුන්ගෙන් ඇතැමුන් ව තරාතිරමින් උසස් කළෙමු. මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකය පිරිනැමුවෙමු. පිවිතුරු ආත්මය තුළින් ඔහු ව අපි ශක්තිමත් කළෙමු. අල්ලාහ් අභිමත වූයේ නම් ඔවුනට පසු පැමිණි සමහරුන් ඔවුනට පැහැදිලි සාධක පැමිණි පසුව මිස ඔවුන් මරා නොගන්නට තිබිණ. නමුත් ඔවුහු මත භේද ඇති කර ගත්හ. එනමුත් ඔවුන් අතුරින් විශ්වාස කළ අය ද ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද වෙති. අල්ලාහ් අභිමත වූයේ නම් ඔවුන් මරා නොගන්නට තිබුණි. එනමුත් අල්ලාහ් තමන් සිතන දේ සිදු කරන්නේය.
آية رقم 254
අහෝ ! විශ්වාස කළවුනි, කිසිදු ගනුදෙනුවක් නොමැති කිසිදු මිතු දමක් නොමැති කිසිදු මැදිහත්වීමක් නොමැති දිනයක් පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. ප්‍රතික්ෂේපකයින් වන ඔවුහු ම ය අපරාධකරුවෝ.
අල්ලාහ් ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය. මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්‍රහණය නොකරන්නේය. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නොකරති. ඔහුගේ අසුන (කුර්සි) අහස් හි හා මහපොළො වෙහි ව්‍යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය.
آية رقم 256
දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහ මගින් යහ මඟ පැහැදිලි විය. එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු ශක්තිමත් රැහැනක් අල්ලා ගන්නේය. එයට කැඩීමක් නොමැත. තව ද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය.
آية رقم 257
විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරන්නේය. තව ද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන්ගේ භාරකරුවන් නපුරු බලවේගයන් ය. ඔවුහු ඔවුන් ව ආලෝකයෙන් අන්ධකාරයන් කරා බැහැර කරන්නෝය. ඔවුහු නිරයේ සගයෝ ය. ඔවුහු එහි සදාතනිකයෝය.
آية رقم 258
ඉබ්‍රාහීම් සමඟ ඔහුගේ පරමාධිපති විෂයෙහි අල්ලාහ් ඔහුට රාජ්‍ය පාලනය පිරිනමා තිබූ හේතුවෙන් තර්ක කළ අය දෙස නුඹ නොබැලුවෙහි ද? මාගේ පරමාධිපති ප්‍රාණය ලබා දෙන්නා ය. මරණයට පත් කරන්නා ය යැයි පැවසූ අවස්ථාවේ ඔහු මම ජීවය දෙන්නෙමි. මරණයට ද පත් කරන්නෙමි යැයි පැවසුවේය. (ඔහු ගැනද එසේනම් සැබැවින් ම අල්ලාහ් හිරු නැගෙනහිරෙන් ගෙන එන්නේය. එබැවින් (නුඹට හැකි නම්) එය බටහිරෙන් ගෙන එනු යැයි ඉබ්‍රාහීම් පැවසුවේය. එවිට ප්‍රතික්ෂේප කළ ඔහු තිගැස්සී ගියේය. අපරාධ කරන ජනයාට අල්ලාහ් මඟ නොපෙන් වන්නේය.
එසේ නොමැති නම් එහි වහල වල් මත කඩා වැටී තිබූ ගමක් මතින් ගමන් ගත් අයෙකු මෙනි. (ඔහු ගැන ද නුඹ නොබැලුවෙහි ද?) ඔහු මෙය මිය ගිය පසු මෙයට ප්‍රාණය දෙන්නේ කෙසේ දැයි විමසුවේය. එවිට අල්ලාහ් වසර සියයක් ඔහු ව මරණයට පත් කළේය. පසු ව ඔහු ව අවදි කරවා නුඹ කොපමණ කළක් රැඳී සිටියෙහි දැයි විමසුවේය. දිනක් හෝ දිනක කොටසක් මම රැඳී සිටියෙමි යැයි ඔහු පැවසුවේය. නැත නුඹ වසර සියයක් රැඳී සිටියෙහිය. දැන් නුඹ නුඹේ ආහාරය හා නුඹේ පානය දෙස බලනු. එය නරක් වී නැත. තව ද නුඹේ බූරුවා දෙස බලනු. (මෙය) ජනයාට නුඹ ව සලකුණක් වශයෙන් අප පත් කරනු පිණිස ය. තව ද අප එම අස්ථි එක් රැස් කොට පසුව එය මසින් අන්දවනුයේ කෙසේ දැයි බලනු. ඔහුට පැහැදිලි වූ කල්හි සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා යැයි මම දැන ගත්තෙමි යැයි ඔහු පැවසුවේය.
آية رقم 260
තවද මාගේ පරමාධිපතියාණනි, මියගියවුන්ට නුඹ ජීවය දෙන්නේ කෙසේ දැයි මට පෙන්වනු යැයි ඉබ්‍රාහීම් පැවසූ විට නුඹ විශ්වාස නොකළෙහි දැ යි ඔහු විමසුවේය. එසේ නොව මාගේ හදවත තැන්පත් වනු පිණිස යැයි ඔහු පැවසුවේය. එසේ නම් පක්ෂීන් සිව් දෙනෙකු ගනු. උන් මරා කැබලි කොට (කොටසක්) ඔබ වෙත තබා ගනු. පසු ව ඒවායින් කොටසක් (බැගින්) සෑම කන්දක් මත ම තබනු. පසු ව නුඹ උන් කැඳවනු. ඒවා නුඹ වෙත කඩිනමින් පැමිණෙනු ඇත. තව ද සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත බව දැන ගනු.
آية رقم 261
තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ට උපමාව බීජයක උපමාව මෙනි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලක ම ධාන්‍ය සියයක් තිබේ. තව ද අල්ලාහ් තමන් අභිමත කරන අයට ප්‍රගුණ කරයි. තව ද අල්ලාහ් සර්ව ව්‍යාපක ය සර්ව ඥානී ය.
آية رقم 262
තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර පසුව ඔවුන් වියදම් කළ දෑ කියා පෑමක් හෝ (එමගින්) පීඩා කිරීමක් හෝ අනුගමනය නොකරන්නවුන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ වේතනය ඇත. ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තව ද ඔවුන් දුකට පත්වන්නේ ද නැත.
آية رقم 263
යහ වදන හා සමාව පීඩාකාරී තත්ත්වය අනුගමනය කරන දානයට වඩා අති ශ්‍රේෂ්ඨ ය. තව ද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය. සෙනෙහෙවන්ත ය.
آية رقم 264
විශ්වාස කළවුනි, නුඹලාගේ දානයන් කියා පෑමෙන් හා පීඩා ඇති කරමින් නිෂ්ඵල කර නොගනු. එය තම ධනය මිනිසුන්ගේ ප්‍රදර්ශනයට වියදම් කරන අයෙකු මෙනි. තව ද ඔහු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස නොකරන්නේය. එබැවින් ඔහුට උපමාව ලිස්සන ගල් කන්දක උපමාව ය. ඒ මත පස් ඇත. එවිට ඒ මත මහා වර්ෂාවක් පතිත විය. එහෙයින් එය මුඩු බවට අත හැර දැමීය.ඔවුන් උපයන දැයින් කිසිවක් මත ඔවුහු ශක්තිය නොදරන්නෝය. තව ද අල්ලාහ් ප්‍රතික්ෂේප කළ ජනයාට මඟ පෙන්වන්නේ නැත.
آية رقم 265
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා තම ආත්මය ස්ථාවරවත් කරමින් තම ධන සම්පත වියදම් කරන්නවුනට උපමා ව උස් තැනිතලාවක ඇති උයනක් මෙනි ය. එයට මහා වර්ෂාවක් ඇති විය. එහෙයින් එය එහි ආහාරය දෙගුණයක් බැගින් ගෙන ආවේය. නමුත් එසේ එයට මහා වර්ෂාවක් ඇති නොවී සුළු වර්ෂාවක් වුව ද ප්‍රමාණවත් ය. තව ද අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
آية رقم 266
යටින් ගංගාවන් ගලා බස්නා ඉඳි හා මිදියෙන් යුත් උයනක් තමන්ට තිබිය දී එහි සියලු වර්ගයේ පලතුරු ද තිබිය දී තමන්ට වයෝවෘද්ධභාවය ඇති වී ඔහුට දුර්වල පරපුරක් සිටින විටක දී එයට (එම වත්තට) ගින්නෙන් යුත් කුණාටුවක් ඇති වී එය ගිනිබත් වී යාමට ඔබ අතුරින් කිසිවෙකු හෝ ප්‍රිය කරන්නෙහි ද? නුඹලා වටහා ගත හැකි වනු පිණිස අල්ලාහ් නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ මෙලෙසය.
آية رقم 267
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා ඉපැයූ පිවිතුරු දැයින් ද අප නුඹලාට මහපොළොවෙන් පිට කළ දැයින් ද නුඹලා වියදම් කරනු. එයින් අයහපත් දෑ වියදම් කිරීමට නොසිතනු. නුඹලාගේ දෑස් වසා ගනිමින් මිස නුඹලා එවැනි දෑ ලබා ගන්නන් නොවන්නෙහුය. තවද සැබැවින්ම අල්ලාහ් සියලු අවශ්‍යතාවන්ගෙන් තොර වූ ප්‍රශංසාලාභී බව නුඹලා දැන ගනු.
آية رقم 268
ෂෙයිතාන් නුඹලාට දිළිඳුකම ප්‍රතිඥා කරන්නේය. තවද ඔහු නුඹලාට අශික්ෂිත දෑ නියම කරන්නේය. එනමුත් අල්ලාහ් ඔහුගෙන් වූ සමාව ද භාග්‍යය ද ප්‍රතිඥා දෙන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය සර්වඥානීය.
آية رقم 269
ඔහු තමන් අභිමත කරන අයට ප්‍රඥාව පිරිනමන්නේය. කවරෙකුට ප්‍රඥාව පිරිනමනු ලබන්නේ ද සැබැවින්ම ඔහුට අධික යහපත පිරිනමනු ලැබ ඇත. බුද්ධියෙන් යුත් අය මිස (වෙන කිසිවෙකු මෙය) මෙනෙහි නොකරන්නේය.
آية رقم 270
නුඹලා කිසියම් වියදමකින් වියදම් කළ ද නැතහොත් කිසියම් භාරයකින් භාරයක් කළ ද එවිට සැබැවින්ම අල්ලාහ් එය දන්නේය. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවෙකු නොමැත.
آية رقم 271
නුඹලා සදකාවන් හෙළි කරන්නේ නම් එවිට එය යහපත්ය. තවද නුඹලා එය සඟවා දිළින්ඳන්ට පිරිනැමුවේ නම් එවිට එය ද නුඹලාට උතුම්ය. එය නුඹලාගෙන් නුඹලාගේ පාපයන් පහ කරවයි. තවද අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
آية رقم 272
ඔවුන් ව යහමඟ යොමු කිරීම නුඹගේ වගකීම නොවේ. නමුත් අල්ලාහ් තමන් අභිමත කරන අයට මඟ පෙන්වන්නේය. තවද යම් යහපතකින් නුඹලා වියදම් කරන්නේ ද එය නුඹලාගේ ආත්මාවන්ටමය. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස නුඹලා වියදම් නොකරන්නෙහු ය. යම් යහපතකින් නුඹලා වියදම් කළ ද නුඹලාට එය පරිපූර්ණ ව දෙනු ලබන්නේය. තවද නුඹලා අපරාධ කරනු නොලබන්නෙහුය.
آية رقم 273
(නුඹලාගේ දානයන් සුදුසු වනුයේ තම ජීවනෝපාය පිණිස) මහපොළොවේ ගමන් කිරීමට හැකියාව නොදරන අල්ලාහ්ගේ මාර්ගයේ කොටු කරනු ලැබූ දිළින්ඳන්ටය. ඔවුහු (ඔවුන්ගේ) තැන්පත්භාවය හේතුවෙන් ඔවුන් ධනවතුන් බව අවබෝධයක් නොමැත්තා ඔවුන් ගැන සිතති. ඔවුන්ගේ සලකුණු මගින් නුඹ ඔවුන් ව හඳුනා ගන්නෙහිය. ඔවුහු යාචනය කරමින් ජනයාගෙන් (කිසිවක්) නොඉල්ලති. තවද නුඹලා යම් යහපතකින් වියදම් කරන දෑ සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳ ව සර්වඥානීය.
آية رقم 274
රාත්‍රියෙහි හා දහවලෙහි තම ධන සම්පත රහසිගත ව හා එළිපිට වියදම් කරන්නන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. තවද ඔවුන් මත කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට ද පත් නොවන්නෝය.
آية رقم 275
පොලිය අනුභව කරන්නවුන් ෂෙයිතාන් ස්පර්ශ කිරීමෙන් ඔහුගේ ප්‍රහාරයට ලක් වූ කෙනෙකු මෙන් මිස (කියාමත් දින) නො නැගිටින්නෝය. එය සැබැවින්ම ඔවුහු ඇත්ත වශයෙන්ම ව්‍යාපාරය ද පොලිය මෙනි යැයි පවසා සිටි හේතුවෙනි. අල්ලාහ් ව්‍යාපාරය අනුමත කොට පොලිය තහනම් කළේය. කවරෙකුට තම පරමාධිපතිගෙන් උපදෙසක් පැමිණ එයින් වැළකුණේ ද එවිට පසු ගිය දෑ ඔහු සතුය. ඔහුගේ විෂය අල්ලාහ් වෙතමය. කවරෙකු නැවත (එම පොලිය) වෙත යොමු වූයේ ද එවිට ඔවුහු නිරයේ සගයෝ වෙති. ඔවුහු එහි සදාතනිකයෝය.
آية رقم 276
අල්ලාහ් පොලිය විනාශ කරන්නේය. සදකාවන් වර්ධනය කරන්නේය. පාපිෂ්ඨ දේව ප්‍රතික්පේපිත සෑම කෙනෙකුවම අල්ලාහ් ප්‍රිය නොකරන්නේය.
آية رقم 277
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් ද සලාතය ස්ථාපිත කළවුන් ද zසකාත් පිරිනැමූවන් ද ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. ඔවුනට කිසිදු බියක් නොමැත. ඔවුහු දුකට පත්වන්නන් ද නොවෙති.
آية رقم 278
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු.
آية رقم 279
එලෙස නුඹලා කටයුතු නොකළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමග යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු. තවද නුඹලා පශ්චාත්තාප වූයෙහු නම් එවිට නුඹලාගේ ප්‍රාග්ධනය නුඹලා සතුය. නුඹලා අපරාධ නොකළ යුතුය. තවද නුඹලාට ද අපරාධ කරනු නොලබන්නෙහුය.
آية رقم 280
(ණය ගත්) ඔහු දුෂ්කරත්වයෙන් පෙළෙන අයෙකු නම් එවිට පහසුකම් ඇති වන තෙක් අවකාශයක් (ලබා දිය යුතුව) ඇත. නමුත් නුඹලා (එය) දානයක් ලෙස පිරිනැමීම නුඹලාට යහපතය. නුඹලා (ඒ බව) දැන සිටියෙහු නම්.
آية رقم 281
එහි නුඹලා ව අල්ලාහ් වෙත නැවත යොමු කරනු ලබන දිනයක් ගැන නුඹලා බියබැතිමත් වනු. පසුව සෑම ආත්මයකටම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලබන්නේය. තවද ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය.
අහෝ ! විශ්වාස කළවුනි, නියමිත කාලයක් දක්වා වූ ණයක් සම්බන්ධයෙන් නුඹලා ණය ගනු දෙනු කර ගන්නෙහු නම් එය ලේඛන ගත කරනු. නුඹලා අතර ලේඛකයකු එය සාධාරණ ලෙසින් ලියා ගත යුතුය. තවද ලේඛකයා අල්ලාහ් තමන්ට ඉගැන් වූ අයුරින් ලිවීමට ප්‍රතික්ෂේප නොකළ යුතුය. එබැවින් (ඒ අනුව) ඔහු ලිවිය යුතුය. වගකීම පැවරුණු අය එය ලිවීම පිණිස කියවිය යුතුය. ඔහු තම පරමාධිපති වන අල්ලාහ්ට බිය බැතිමත් විය යුතුය. තවද ඉන් කිසිවකින් වංචා නොකළ යුතුය. වගකීම පැවරුණු අය අවබෝධයක් නොමැත්තෙකු හෝ දුර්වලයෙකු හෝ ලිවීම සඳහා කියවීමට නොහැකි ව හෝ සිටියේ නම් ඔහුගේ භාරකරු සාධාරණ ලෙසින් කියවිය යුතුය. තවද නුඹලාගේ පුරුෂ පාර්ශවයෙන් සාක්ෂි කරුවන් දෙදෙනකු සාක්ෂි වශයෙන් තබනු. පුරුෂ පාර්ශවයෙන් දෙදෙනෙකු නොවූයේ නම් එක් පුරුෂයෙකු හා සාක්ෂිකරුවන් ගෙන් නුඹලා පිළිගන්නා අය අතුරින් ස්ත්‍රීන් දෙදෙනෙකු විය යුතුය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට වැරදුනු විටක ඔවුන් දෙදෙනාගෙන් අනෙක් තැනැත්තිය එය මතක් කර දිය හැකිය. කවර දෙයක් වෙත කැඳවනු ලබන්නේ ද එවිට සාක්ෂිකරුවන් (එය) ප්‍රතික්ෂේප නොකළ යුතුය. සුළු හෝ මහා (පරිමාණයේ) දෙයක් වුව ද නියමිත කලක් දක්වා එය ලිවීමට උදාසීන නොවනු. එයයි අල්ලාහ් අබියස ඉතා යුක්ති සහගත වන්නේ, සාක්ෂියට ද වඩා බලවත් වන්නේ. එමෙන්ම නුඹලා සැක නොසිතීමට ද වඩා සමීප වන්නේ, නමුත් නුඹලා අතර සිදුවන ක්ෂණික ව්‍යාපාරයක් හැර. එවිට එය ලේඛනගත නොකිරීම නුඹලා කෙරෙහි වරදක් නොවන්නේය. නමුත් නුඹලා ගනු දෙනු කරන විට නුඹලා ම පෙනී සිටින්න. නමුත් ලේඛකයා හා සාක්ෂිකරු පීඩාවට පත් නොවිය යුතුය. එසේ නුඹලා සිදු කරන්නෙහු නම් එවිට සැබැවින්ම එය මහා පාපයකි. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. අල්ලාහ් නුඹලාට උගන්වන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥානීය.
آية رقم 283
නුඹලා ගමනක සිටිය දී ලේඛනගත කරන්නෙකු නුඹලා නොලැබුවෙහු නම් එවිට උකසක් අත්පත් කර ගන්න. නමුත් නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු ව විශ්වාස කළේ නම් විශ්වාස කරනු ලැබූ අය ඔහුගේ වගකීම ඉටු කරත්වා ! තවද ඔහුගේ පරමාධිපතිට බියබැතිමත් වෙත්වා ! තවද නුඹලා සාක්ෂිය වසන් නොකරනු. කවරෙකු එය වසන් කරන්නේ ද එවිට සැබැවින්ම ඔහුගේ හදවත පාපීය. තවද අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
آية رقم 284
අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද අල්ලාහ් සතුය. නුඹලාගේ හදවත් තුළ ඇති දෑ නුඹලා හෙළිදරව් කරන්නේ නම් හෝ එය නුඹලා සඟවන්නේ නම් හෝ ඒ පිළිබඳ ව අල්ලාහ් නුඹලාගෙන් ප්‍රශ්න කරන්නේය. පසුව ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේය. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
آية رقم 285
ධර්ම දූතයා තම පරමාධිපති ගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව විශ්වාස කළේය. විශ්වාසවන්තයින් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්‍රන්ථ ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කළෝය. ඔහුගේ රසූල්වරුන් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි, ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝය.
අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස (නියමයන්) පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයටය. එයට එරෙහිව ඉපැයූ දෑ ද එයටය. අපගේ පරමාධිපති යාණනි, අප අමතක කළේ නම් හෝ අප වරදක් කළේ නම් අපව දඬුවමට ග්‍රහණය නොකරනු මැනව. තවද අපට පෙර සිටියවුන් මත කවර දෙයක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක් උසුලන්නට නොසලස්වනු මැනව ! කවර දෙයක් අපට සිදු කිරීමට ශක්තිය නොමැත්තේ ද එවැන්නක් අප මත නොපටවනු මැනව ! (අප කළ වැරදි) අපගෙන් නොසලකා හරිනු මැනව ! තවද අපට සමාව දෙනු මැනව ! තවද අපට කරුණා කරනු මැනව ! ඔබ අපගේ භාරකරුය. එබැවින් දේව ප්‍රතික්ෂේපිත පිරිසට එරෙහි ව අපට උදව් කරනු මැනව !
تقدم القراءة