ترجمة معاني سورة الجمعة باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
ﰡ
آية رقم 1
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. (ඔහු) රජුය. පාරිශුද්ධය. සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.
آية رقم 2
ඔහු වනාහි ලිවීමට හෝ කියවීමට නොහැකි අය අතරට ඔහුගේ වදන් ඔවුනට පාරායනය කර පෙන්වන, තවද ඔවුන් පිවිතුරු කරන, එමෙන්ම දේව ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන දහම් දූතයකු එවීය. මීට පෙර ඔවුහු පැහැදිලි මුළාවක සිටියෝ ය.
آية رقم 3
තවද ඔවුන් සමග මෙතෙක් එකතු නොවූ, ඔවුන් අතර සිටි පසුගාමීන් අතරට ද (එවීය.) තවද ඔහු සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.
آية رقم 4
එය අල්ලාහ්ගේ (අමතර) භාග්‍යයකි. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. තවද අල්ලාහ් අතිමහත් වූ භාග්‍යය සම්පන්නය.
آية رقم 5
තව්රාතය උසුලන්නට සලස්වනු ලැබ, පසු ව එය නොඉසිලූ අයට උපමාව පොත් පොදියක් උසුලන බූරුවාගේ උපමාව වැනිය. අල්ලාහ්ගේ වදන් බොරු කළ ජනයාගේ උපමා ව නපුරුය. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග නොපෙන්වයි.
آية رقم 6
“අහෝ යුදෙව්වූවනි! සෙසු ජනයාට වඩා නියත වශයෙන්ම නුඹලා අල්ලාහ්ගේ සුමිතුරන් යැයි තරයේ විශ්වාස කළෙහු නම් එසේම නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා මරණයට ආශා කරනු” යැයි නුඹ පවසනු.
آية رقم 7
ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුහු එය (මරණය) කිසිවිටෙක ආශා නොකරති. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ ව සර්ව ඥානීය.
آية رقم 8
“නියත වශයෙන්ම නුඹලා එයින් පලා යන මරණය වනාහි සැබැවින්ම එය නුඹලා ව හමුවනු ඇත. පසු ව ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥයාණන් වෙත නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහුය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වනු ඇත.
آية رقم 9
අහෝ විශ්වාස කළවුනි! ජුමුආ දින සලාතය සඳහා ඇරයුම් කරනු ලැබූ විට අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා යුහුසුලු ව යනු. තවද ව්‍යාපාරය නුඹලා අත හැර දමනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට යහපත්ය.
آية رقم 10
සලාතය ඉටු කරනු ලැබූ විට නුඹලා මහපොළොවේ විසිර ගොස් අල්ලාහ්ගේ භාග්‍යය සොයනු. තවද නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරනු.
آية رقم 11
එහෙත්, ඔවුහු යම් වෙළඳාමක් හෝ යම් විනෝදයක් දුටු විට නුඹ ව සිටගත් තත්ත්වයේම අත හැර දමා ඒ වෙත ඔවුහු යති. අල්ලාහ් අබියස ඇති දෑ විනෝදයට හා වෙළඳාමට වඩා ශ්‍රේෂ්ඨය. තවද අල්ලාහ් පෝෂකයින්ගෙන් වඩාත් ශ්‍රේෂ්ඨය.
تقدم القراءة