ترجمة معاني سورة المطفّفين باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
ﰡ
آية رقم 1
ﯖﯗ
ﯘ
කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශය ය.
آية رقم 2
ﯙﯚﯛﯜﯝﯞ
ﯟ
තමන් මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන්ම කිරා ගනිමින්,
آية رقم 3
ﯠﯡﯢﯣﯤ
ﯥ
කිරා දෙන විට හෝ මැන දෙන විට කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශය ය.
آية رقم 4
ﯦﯧﯨﯩﯪ
ﯫ
නියත වශයෙන්ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නොසිතන්නෝ ද?
آية رقم 5
ﭑﭒ
ﭓ
මහත් වූ දිනයක
آية رقم 6
ﭔﭕﭖﭗﭘ
ﭙ
එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.
آية رقم 7
ﭚﭛﭜﭝﭞﭟ
ﭠ
නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ය.
آية رقم 8
ﭡﭢﭣﭤ
ﭥ
(නබිවරයාණනි!) සිජ්ජීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
آية رقم 9
ﭦﭧ
ﭨ
(එය මිනිසාගේ සියලු ක්‍රියාවන්) ගති පැවතුම්) ලියන ලද වාර්තා පොතකි.
آية رقم 10
ﭩﭪﭫ
ﭬ
මුසා බස් පවසන්නන් හට එදින විනාශයය.
آية رقم 11
ﭭﭮﭯﭰ
ﭱ
විනිශ්චය දිනය බොරු යැයි (මුසා බස් පවසන්නන්)
آية رقم 12
සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු යැයි නොකියයි.
آية رقم 13
අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ මනඃකල්පිත කතා යැයි ඔහු පවසයි.
آية رقم 14
නොඑසේය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ (මගින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.
آية رقم 15
ﮍﮎﮏﮐﮑﮒ
ﮓ
නොඑසේය. නියත වශයෙන්ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝය.
آية رقم 16
ﮔﮕﮖﮗ
ﮘ
තවද නියත වශයෙන්ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.
آية رقم 17
ඉන්පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.
آية رقم 18
ﮡﮢﮣﮤﮥﮦ
ﮧ
නොඑසේය. නියත වශයෙන්ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිමය.
آية رقم 19
ﮨﮩﮪﮫ
ﮬ
තවද ඉල්ලීයියීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
آية رقم 20
ﮭﮮ
ﮯ
(එය) ලියන ලද වාර්තා පොතකි.
آية رقم 21
ﮰﮱ
ﯓ
(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරන්නෝය.
آية رقم 22
ﯔﯕﯖﯗ
ﯘ
නියත වශයෙන්ම දැහැමියෝ සැප පහසුකම් පිරුණු ස්වර්ගයන්හි වෙති.
آية رقم 23
ﯙﯚﯛ
ﯜ
කවිච්චි මතට වී (සිරි) නරඹමින්
آية رقم 24
ﯝﯞﯟﯠﯡ
ﯢ
(ඔවුනට ලැබුණු) සැප පහසුකම් හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.
آية رقم 25
ﯣﯤﯥﯦ
ﯧ
මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබන්නෝය.
آية رقم 26
එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.
آية رقم 27
ﯰﯱﯲ
ﯳ
තවද එහි මිශ්‍රණය තස්නීම්ගෙන්ය.
آية رقم 28
ﯴﯵﯶﯷ
ﯸ
දේව සමීපතයින් එයින් පානය කරන උල්පතක් වන
آية رقم 29
නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින් සිටියෝය.
آية رقم 30
ﰂﰃﰄﰅ
ﰆ
තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගන්නෝය.
آية رقم 31
ﰇﰈﰉﰊﰋﰌ
ﰍ
තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට සමච්චල් කරමින් සතුටු වන්නන් ලෙස හැරී ගියෝය.
آية رقم 32
ﰎﰏﰐﰑﰒﰓ
ﰔ
තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් මුළාවූවන්මය” යැයි පවසති.
آية رقم 33
ﰕﰖﰗﰘ
ﰙ
තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය.
آية رقم 34
ﭑﭒﭓﭔﭕﭖ
ﭗ
එහෙයින් අද දින විශ්වාස කළ අය ප්‍රතික්ෂේපකයින් පිළිබඳ සිනහසෙමින්
آية رقم 35
ﭘﭙﭚ
ﭛ
කවිච්චි මත වී (සිරි) නරඹන්නෝය.
آية رقم 36
ﭜﭝﭞﭟﭠﭡ
ﭢ
ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද? (යැයි විමසනු ලබනන්නේය.)
تقدم القراءة