ترجمة سورة الفلق

الترجمة السنهالية
ترجمة معاني سورة الفلق باللغة السنهالية من كتاب الترجمة السنهالية .
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

(නබි මුහම්මද්) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
ඔහු මැවූ දෑහි හානියෙන් ද
තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද
තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද
ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)
Icon