ترجمة معاني سورة الطور باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
ﰡ
آية رقم 1
ﮞ
ﮟ
තූර් කන්ද මත දිවුරමින්
آية رقم 2
ﮠﮡ
ﮢ
ලියන ලද ග්‍රන්ථය මත දිවුරමින්
آية رقم 3
ﮣﮤﮥ
ﮦ
දිගු හරින ලද ලේඛණයෙහි
آية رقم 4
ﮧﮨ
ﮩ
බයිතුල් මඃමූර් (හෙවත් නිරතුරු ව බැහැ දකින නිවස) මත දිවුරමින්
آية رقم 5
ﮪﮫ
ﮬ
ඉහළට ඔසවන ලද වියන මත දිවුරමින්
آية رقم 6
ﮭﮮ
ﮯ
ගිනි මොළාවනු ලබන (රැලිවලින් යුත්) මුහුද මත දිවුරමින්
آية رقم 7
ﮰﮱﯓﯔ
ﯕ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ බරපතල දඬුවම සිදුවන්නක්මය.
آية رقم 8
ﯖﯗﯘﯙ
ﯚ
වළක්වන කිසිවෙකු එයට නැත.
آية رقم 9
ﯛﯜﯝﯞ
ﯟ
(එය) අහස තදබල දෝලනයකින් දෝලනය වන දිනයයි.
آية رقم 10
ﯠﯡﯢ
ﯣ
තවද කඳු භයානක සලිතයකින් සලිත වනු ඇත.
آية رقم 11
ﯤﯥﯦ
ﯧ
එහෙයින් බොරු කළවුනට එදින විනාශයයි.
آية رقم 12
ﯨﯩﯪﯫﯬ
ﯭ
ඔවුහු වනාහි (පුහු කටයුතු වල) නිරත ව කෙළිලොල් කරමින් සිටින්නෝ වෙති.
آية رقم 13
ﯮﯯﯰﯱﯲﯳ
ﯴ
එදින නිරයේ ගින්න වෙත දක්කාගෙන යමින් වැරෙන් තල්ලු කරනු ලැබේ.
آية رقم 14
ﯵﯶﯷﯸﯹﯺ
ﯻ
“මෙය නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නය.”
آية رقم 15
ﭑﭒﭓﭔﭕﭖ
ﭗ
මෙය හූනියමක් ද? එසේ නැතහොත් නුඹලා නොදකින්නෙහු ද?
آية رقم 16
නුඹලා එහි පිවිස දැවෙනු. එවිට නුඹලා ඉවසා දරා ගත්ත ද නොඉවසුව ද නුඹලාට එක සමානය. නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑය.
آية رقم 17
ﭦﭧﭨﭩﭪ
ﭫ
නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා සැපතෙහිය.
آية رقم 18
ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව සතුටු වන්නන් ලෙසින්. තවද ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේය.
آية رقم 19
ﭵﭶﭷﭸﭹﭺ
ﭻ
නුඹලා (මෙලොව) සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සතුටින් අනුභව කරනු. තවද පානය කරනු.
آية رقم 20
පෙළට තබන ලද ඇඳන් මත හාන්සිවන්නන් ලෙසින්. තවද අපි ඔවුනට හූරුන් ඊන් (හෙවත් දැකුම් කලු යුවතියන්) සරණපාවා දෙන්නෙමු.
آية رقم 21
තවද විශ්වාස කළවුන් හා ඔවුන්ගේ පරපුර විශ්වාසයෙන් යුතු ව ඔවුන් අනුගමනය කළවුන් වනාහි ඔවුන්ගේ පරපුර අපි ඔවුන් සමග එක් කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවෙන් අපි ඔවුනට කිසිවක් අඩු නොකරන්නෙමු. සෑම පුද්ගලයකුම ඔහු උපයා ගත් දෑට ඇපයකි.
آية رقم 22
ﮚﮛﮜﮝﮞ
ﮟ
ඔවුන් ප්‍රිය කරන දැයින් පලතුරු හා මාංශ අපි ඔවුනට සපයන්නෙමු.
آية رقم 23
ඔවුහු එහි (පැන්) කුසලාන හුවමාරු කර ගනිති. කිසිදු නිෂ්ඵල දැයක් හෝ පාපයට පොලඹවීමක් හෝ එහි නැත.
آية رقم 24
තවද ඔවුනට හිමි ළමුත් ඔවුන් වටා යති. නියත වශයෙන්ම ඔවුහු සුරක්ෂා කරන ලද මුතු මෙන් වෙති.
آية رقم 25
ﯓﯔﯕﯖﯗ
ﯘ
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙතට මුහුණලමින් එකිනෙකා විමසා ගනිති.
آية رقم 26
“මීට පෙර නියත වශයෙන්ම අපි අපගේ පවුල සම්බන්ධයෙන් බියට පත්වන්නන් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති.
آية رقم 27
ﯡﯢﯣﯤﯥﯦ
ﯧ
“එවිට අල්ලාහ් අප වෙත උපකාර කළේය. තවද පිලිස්සෙන ගින්නේ වේදනාවෙන් ඔහු අප මුදවා ගත්තේය.”
آية رقم 28
“නියත වශයෙන්ම අපි පෙර සිටම ඔහුට අයැදිමින් සිටියෙමු. නියත වශයෙන්ම ඔහු උපාකාරශීලී මහා කරුණාවන්තය.”
آية رقم 29
එහෙයින් නුඹ උපදෙස් දෙනු. නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදයෙන් නුඹ පේන කියන්නෙකු හෝ උම්මත්තකයකු හෝ නොවේ.
آية رقم 30
“එසේ නැතහොත් ඔහු කවියෙකි. කාලයාගේ ඇවෑම (ඔහු විනාශ කරනු ඇතැයි) අපි ඔහු ගැන බලාපොරොත්තු වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?
آية رقم 31
ﰄﰅﰆﰇﰈﰉ
ﰊ
“නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට නියත වශයෙන්ම මම ද බලාපෙරොත්තු වන්නන් අතුරින් වෙමි” යැයි (නබිවරය) නුඹ පවසනු.
آية رقم 32
එසේ නැතහොත් ඔවුන්ගේ සිතුවිලි ඔවුනට මේ ගැන නියෝග කරන්නේ ද? එසේ නැතහොත් ඔවුහු සීමාව ඉක්මවා ගිය පිරිසක් ද?
آية رقم 33
එසේ නැතහොත් “මෙය ඔහු ගෙතුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔවුහු විශ්වාස නොකරති.
آية رقم 34
ﭣﭤﭥﭦﭧﭨ
ﭩ
ඔවුන් සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මේ හා සමාන ප්‍රකාශයක් ඔවුහු ගෙන ආ යුතුය.
آية رقم 35
එසේ නැතහොත් කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?
آية رقم 36
එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝද? එසේ නොව ඔවුහු විශ්වාස නොකරති.
آية رقم 37
එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ නිදන් වස්තු තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද?
آية رقم 38
(අහසට නැග) එහි ඔවුන් සවන් දෙන ඉණිමගක් ඔවුනට තිබේ ද? එසේ නම් ඔවුන්ගෙන් සවන්දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා !
آية رقم 39
ﮏﮐﮑﮒﮓ
ﮔ
එසේ නැතහොත් ඔහුට දූවරුන් වී නුඹලාට පුතුන් වීද?
آية رقم 40
එසේ නැතහොත් නුඹ ඔවුන්ගෙන් කුලියක් ඉල්ලන්නෙහි ද? ඒ හේතුවෙන් ඔවුහු ණය බර උසුලන්නෝ ද?
آية رقم 41
ﮝﮞﮟﮠﮡ
ﮢ
එසේ නැතහොත් ඔවුන් අබියස ගුප්ත දෑ (පිළිබඳ ඥානය) තිබී ඔවුහු සටහන් කරන්නෝ ද?
آية رقم 42
එසේ නැතහොත් ඔවුහු කුමන්ත්‍රණයක් (නුඹට එරෙහිව) අදහස් කරන්නෝ ද? ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය කුමන්ත්‍රණයේ හසු වී සිටින්නෝ.
آية رقم 43
එසේ නැතහොත් අල්ලාහ්ගෙන් තොර ව (වෙනත්) දෙවිඳෙකු ඔවුනට සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
آية رقم 44
තවද අහසින් කැබැල්ලක් වැටෙනු ඔවුහු දුටුවේ නම් ගොඩගැසුනු වලාකුළු සමූහයක් යැයි ඔවුහු පවසති.
آية رقم 45
එහෙයින් එහි ඔවුන් විනාශ කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තෙක් නුඹ ඔවුන් අතහැර දමනු.
آية رقم 46
එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි. තවද ඔවුහු උදව් කරනු නොලබති.
آية رقم 47
තවද නියත වශයෙන්ම අපරාධ කළවුනට ඒ හැර තවත් දඬුවමක් ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
آية رقم 48
නුඹගේ පරමාධිපතිගේ නියෝගය උදෙසා ඉවසා සිටිනු. මන්ද නියත වශයෙන්ම නුඹ සිටිනුයේ අපගේ ඇස් ඉදිරිපිටය. තවද නුඹ අවදි වන අවස්ථාවේ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් නුඹ සුවිශුද්ධ කරනු.
آية رقم 49
ﰋﰌﰍﰎﰏ
ﰐ
තවද රාත්‍රියෙහි ද තරු බැස යන අවස්ථාවෙහි ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු.
تقدم القراءة