ترجمة سورة الفيل

الترجمة السنهالية
ترجمة معاني سورة الفيل باللغة السنهالية من كتاب الترجمة السنهالية .
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේදැ යි නුඹ නුදුටුවෙහිද?
ඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමෙහි පත් නොකළේද?
තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේය.
උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේය.
එවිට ඔවුන් ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේය.
Icon