ترجمة معاني سورة المنافقون باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
ﰡ
آية رقم 1
කුහකයෝ නුඹ වෙත පැමිණි විට “නියත වශයෙන්ම නුඹ අල්ලාහ්ගේ දූතයාණන් යැයි අපි සාක්ෂි දරන්නෙමු” යැයි ඔවුහු පවසති. තවද නියත වශයෙන්ම නුඹ ඔහුගේ ගැත්තා බව අල්ලාහ් දනී. නියත වශයෙන්ම කුහකයෝ බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරයි.
آية رقم 2
ඔවුන්ගේ දිවුරීම් ඔවුන් (තම අයහපත් කාර්යයන්ට) පලිහක් ලෙස ගෙන (ජනයා) අල්ලාහ්ගේ මාර්ගයෙන් වළකා සිටියහ. නියත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
آية رقم 3
එය නියත වශයෙන්ම ඔවුන් විශ්වාස කොට පසු ව ප්‍රතික්ෂේප කළ හේතුවෙනි. එවිට ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ලැබීය. එහෙයින් ඔවුහු වටහා නොගනු ඇත.
آية رقم 4
තවද නුඹ ඔවුන් දුටු විට ඔවුන්ගේ ශරීර(හැඩරුව) නුඹ ව පිනවනු ඇත. ඔවුන් (යමක්) පවසන්නේ නම් ඔවුන්ගේ ප්‍රකාශයට නුඹ සවන් දෙනු ඇත. නියත වශයෙන්ම ඔවුන් මුක්කුවට තැබු කොට මෙනි. සෑම හඬක්ම තමන්ට එරෙහි වූවක් යැයි ඔවුහු සිතති. ඔවුහුමය සතුරෝ. එහෙයින් නුඹ ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. අල්ලාහ් ඔවුන් විනාශ කරත්වා ! ඔවුන් (සත්‍යයෙන්) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
آية رقم 5
“නුඹලා එනු. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලා වෙනුවෙන් සමාව අයැදිනු ඇතැයි” ඔවුනට කියනු ලැබූ විට ඔවුහු ඔවුන්ගේ හිස් හරවා ගනිති. ඔවුන් උඩඟු වූවන් ලෙස සිට (අල්ලාහ්ගේ මාර්ගයෙන්) ඔවුන් වැළැක්වීම නුඹ දකිනු ඇත.
آية رقم 6
නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටිය ද ඔවුන් වෙනුවෙන් නුඹ සමාව නොඇයද සිටිය ද ඔවුන් වෙත එක සමානය. අල්ලාහ් ඔවුනට සමාව නොදෙන්නේමය. නියත වශයෙන්ම අල්ලාහ් පාපතර ජනයාට මග නොපෙන්වයි.
آية رقم 7
ඔවුන් වනාහි ‘අල්ලාහ්ගේ දූතයාණන් අබියස සිටින්නන් කෙරෙහි ඔවුන් වෙන් ව යන තුරු නුඹලා වියදම් නොකරනු’ යැයි පවසන්නෝ වෙති. අහස් හා මහපොළොවෙහි සම්පත් අල්ලාහ් සතුය. එනමුත් කුහකයින් වන ඔවුහු වටහා නොගනිති.
آية رقم 8
“අප මදීනාව වෙත හැරී ආවෙහු නම් උසස් අය පහත් අය ව එයින් පිටුවහල් කරනු ඇතැ”යි ඔවුහු පවසති. සියලු ගෞරවයන් අල්ලාහ් සතුය. තවද ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසවන්තයින් සතුය. නමුත් කුහකයින් වටහා නොගනිති.
آية رقم 9
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් අල්ලාහ් මෙනෙහි කිරීමෙන් නුඹලා වෙනතකට යොමු නොකරත්වා ! කවරෙකු එය සිදු කරන්නේ ද එවිට ඔවුහුමය අලාභවන්තයෝ.
آية رقم 10
නුඹලා අතුරින් කෙනෙකුට මරණය පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. එවිට “මාගේ පරමාධිපතියාණනි! මද කලකට ඔබ මා ප්‍රමාද කළ යුතු නොවේ ද? එවිට මම පරිත්‍යාග කරමි.තවද දැහැමියන් අතුරින් කෙනෙකු වෙමි” යැයි ඔහු පවසයි.
آية رقم 11
තවද එහි අවසන් කාලය පැමිණි විට කිසිදු ආත්මයක් අල්ලාහ් ප්‍රමාද නොකරන්නේමය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
تقدم القراءة