الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා العاديات හි පරිවර්තනය
Verse 1
ﮱﯓ
ﯔ
හති දමමින් වේගයෙන් දිව යන දෑ මත දිවුරමින්
Verse 2
ﯕﯖ
ﯗ
කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන දෑ මතද
Verse 3
ﯘﯙ
ﯚ
තවද අලුයමෙහි ආක්‍රමණය කරන දෑ මතද දිවුරමින්
Verse 4
ﯛﯜﯝ
ﯞ
එවිට එමගින් උන් දූවිලි නංවමින්
Verse 5
ﯟﯠﯡ
ﯢ
කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.
Verse 6
ﭑﭒﭓﭔ
ﭕ
නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.
Verse 7
ﭖﭗﭘﭙ
ﭚ
තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.
Verse 8
ﭛﭜﭝﭞ
ﭟ
තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ
Verse 9
නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද?
Verse 10
ﭩﭪﭫﭬ
ﭭ
තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද?
Verse 11
ﭮﭯﭰﭱﭲ
ﭳ
නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව සර්ව ප්‍රඥාවන්තය.
تقدم القراءة