الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الرّوم හි පරිවර්තනය
Verse 1
ﮫ
ﮬ
අලිෆ්, ලාම් මීම්
Verse 2
ﮭﮮ
ﮯ
රෝමය ආක්‍රමණය කරනු ලැබීය.
Verse 3
එම භූමියට කිට්ටුවෙහි. ඔවුන් ආක්‍රමණය කරනු ලැබුවායින් පසු ඔවුන් (නැවත) මතු ආක්‍රමණය කරනු ඇත.
Verse 4
(එය) වසර කිහිපයක් තුළ වේ. පෙර හා පසු සියලු කරුණු අල්ලාහ් සතුය. තවද එදින දෙවියන් විශ්වාස කරන්නෝ (මුඃමින්වරු) සතුටු වෙති.
Verse 5
අල්ලාහ්ගේ උදව් ව මගින් ඔහු අභිමත කරන අයට උපකාර කරයි. තවද ඔහුමය සර්ව බලධාරී මහා කරුණාන්විත.
Verse 6
තවද (රෝමය ආක්‍රමණය) අල්ලාහ්ගේ ප්රතිඥාවයි. අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව කඩ නොකරයි. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා නොදනිති.
Verse 7
මෙලොව ජීවිතයේ මතුපිටින් වූ දෑ ඔවුහු දනිති. නමුත් මතු ලොව පිළිබඳ ව ඔවුහු අනවධානීහුය.
Verse 8
ඔවුහු තමන් ගැන කල්පනා නොකළෙහු ද? අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද යුක්තියෙන් හා නියමිත කාල සීමාවක් සහිත ව මිස අල්ලාහ් නොමැව්වේය. තවද ජනයා අතුරින් බහුතරයක් දෙනා ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
Verse 9
මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු අධීක්ෂණය කර නොබැලුවෙහු ද? ඔවුහු මොවුනට වඩා ශක්තියෙන් අධික වූහ. ඔවුහු මහපොළොවේ අස්වැද්දූහ. මොවුන් පාලනය කළ දෑට වඩා ඔවුහු එය අධික ලෙස පරිපාලනය කළෝය. ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක සමඟ පැමිණියහ. ඔවුනට අපරාධ කිරීමට අල්ලාහ්ට නොවීය. එනමුත් ඔවුහු ඔවුනටම අපරාධ කරගන්නන් වූහ.
Verse 10
පසුව ඔවුන් අල්ලාහ්ගේ වදන් බොරු කළ බැවින් ද ඒවා පිළිබඳ ඔවුන් සරදම් කළ බැවින් ද (එවන්) නපුරුකම් කළවුන්ගේ අවසානය නපුරු විය.
Verse 11
අල්ලාහ් මැවීම් ප්රථමෝත්පාදනය කරයි. පසු ව එය ප්රතිඋත්පාදනය කරයි. පසු ව ඔහු වෙතටමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.
Verse 12
ﯝﯞﯟﯠﯡ
ﯢ
තවද අවසන් හෝරාව සිදු වන දින වැරදිකරුවෝ බලාපොරොත්තු සුන් කර ගනිති.
Verse 13
ඔවුන්ගේ හවුල්කරුවන් අතුරින් ඔවුන් වෙනුවෙන් මැදිහත්වන්නෝ ඔවුනට නොවීය. තවද ඔවුහු ඔවුන්ගේ හවුල්කරුවන් ප්‍රතික්ෂේප කරන්නන් වූහ.
Verse 14
ﯭﯮﯯﯰﯱ
ﯲ
තවද අවසන් හෝරාව සිදු වන දින ඔවුහු වෙන් වෙන් ව යති.
Verse 15
විශ්වාස කොට යහකම් කළ අය වූ කලී ඔවුහු (ස්වර්ග) උයනෙහි සතුටු කරවනු ලබති.
Verse 16
තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් හා මතු ලොව හමු ව බොරු කළ අය වූ කලී එවිට ඔවුහු දඬුවමෙහි සම්මුඛ කරවනු ලබන්නෝය.
Verse 17
ﭝﭞﭟﭠﭡﭢ
ﭣ
අල්ලාහ් සුවිශුද්ධය. නුඹලා සවස් කාලයට එළැඹෙන විටත් නුඹලා උදෑසන පිබිදෙන විටත් ඔහු සුවිශුද්ධ කරනු.
Verse 18
තවද සන්ධ්‍යා කාලයේ හා නුඹලා මධ්‍යාහ්න කාලයට එළැඹෙන විටත් අහස්හි හා මහපොළොවෙහි සියලු ප්‍රශංසා ඔහු සතුය.
Verse 19
ඔහු මළ දැයින් ජීවී දෑ හෙළි කරයි. තවද ජීවී දැයින් මළ දෑ හෙළි කරයි. මහපොළොවට, එය මිය ගිය පසු ව ඔහු යළි ජීවය දෙයි. එලෙසය නුඹලා (මළවුන් කෙරෙන්) බැහැර කරනු ලබනුයේ.
Verse 20
නුඹලා පසින් මැවීම ඔහුගේ සංඥා අතුරිනි. එවිට නුඹලා (මහපොළොවේ) විසිර සිටින මිනිසුන් වූහ.
Verse 21
නුඹලා ඇය සමග වාසය කරනු පිණිස නුඹලා තුළින්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතුරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේය. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
Verse 22
අහස් හා මහපොළොව මැවීම ද නුඹලාගේ භාෂා හා නුඹලාගේ වර්ණ විවිධත්වය ද ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම එහි දැනුමැත්තන්හට සංඥාවන් ඇත.
Verse 23
තවද රාත්‍රියේ හා දහවලේ නුඹලාගේ නින්ද ද ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා (සම්පත්) සෙවීමද ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම සවන් දෙන ජනයාට එහි සංඥා ඇත.
Verse 24
තවද භීතිය හා බලාපොරොත්තු තබන්නක් වශයෙන් ඔහු නුඹලාට අකුණු සැර පෙන්වීමත් අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව එය මළ පසු ව යළි ජීවමාන කිරීමත් ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
Verse 25
තවද අහස හා මහපොළොව ඔහුගේ නියෝගය අනුව ක්‍රියාත්මක වීමත් ඔහුගේ සංඥා අතුරිනි. පසුව නුඹලාව එක් ඇරයුමකින් ඔහු ඇරයුම් කරන විට මහපොළොවෙන් නුඹලා බැහැර වන්නෙහුය.
Verse 26
තවද අහස්හි හා මහපොළොවේ ඇති අය ඔහු සතුය. සියල්ල ඔහුට අවනත වන්නෝ වෙති.
Verse 27
මැවීම ප්රථමෝත්පාදනය කර පසු ව එය ප්රතිඋත්පාදනය කරනුයේ ඔහුය. එය ඔහුට සරල කාර්යයකි. තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්වබලධාරීය. මහා ප්‍රඥාවන්තය.
Verse 28
නුඹලා අතුරින්ම නුඹලාට උපමාවක් ඔහු ගෙන හැර පෙන්වීය. අපි නුඹලාට පෝෂණය කළ දෑහි හවුල්කරුවන් කිසිවෙකු හෝ නුඹලාගේ දකුණත් හිමිකරගත් අය අතුරින් නුඹලාට වෙත් ද? නුඹලා එහි සමානද? නුඹලා අතර නුඹලා බියවන්නාක් මෙන් නුඹලා ඔවුනට ද බියවන්නෙහුය. වටහා ගන්නා ජනයාට එම වදන් අපි පැහැදිලි කරනුයේ එලෙසය.
Verse 29
නමුත් අපරාධ කළවුන් කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ ආශාවන් පිළිපැද්දෝය. එහෙයින් කවරෙකු අල්ලාහ් නොමග හැරියේ ද ඔහුට මග පෙන්වනුයේ කවුද? තවද ඔවුනට උදව්කරුවන් කිසිවෙකු හෝ නොමැත.
Verse 30
එහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංක ව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ මැවීමට කිසිදු පෙරළීමක් නොමැත. එය ඍජු ධර්මයයි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නොදනිති.
Verse 31
ඔහු වෙත නැඹුරුවන්නන් ලෙසින් (ස්ථාපිත කරනු.) තවද නුඹලා ඔහුට බැතිමත් වනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. තවද නුඹලා ආදේශ කරන්නන් අතුරින් නොවනු.
Verse 32
ඔවුහු තම දහම වෙන්කර ගත් අය අතුරිනි. තවද ඔවුහු කණ්ඩායම් බවට පත් වූහ. සෑම කණ්ඩායමක්ම ඔවුන් සතුව ඇති දැයින් සතුටුවන්නෝය.
Verse 33
ජනයාට යම් හිංසනයක් ස්පර්ශ වූ විට ඔවුන්ගේ පරමාධිපති වෙත යොමුවන්නන් ලෙසින් ඔවුහු ඔහුට කන්නලව් කරති. පසු ව එයින් ආශිර්වාදය රස විඳින්නට සැලැස්වූ විට ඔවුන් අතුරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට සමානයන් තබති.
Verse 34
(එසේ සිදු කරනුයේ) ඔවුනට අපි පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔවුන් ගුණමකු වනු පිණිසය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. එවිට නුඹලා මතු දැන ගනු ඇත.
Verse 35
එසේ නැතහොත් ඔවුන් කවර දෙයක් මත ආදේශ කරමින් සිටියේ ද ඒ ගැන කතා කරන බලයක් ඔවුන් වෙත අපි පහළ කළෙමු ද?
Verse 36
ජනයාට ආශිර්වාදය භුක්ති විඳින්නට සැලැස්වූ විට ඔවුහු එමගින් සතුටු වෙති. නමුත් ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඔවුනට අත්වූයේ නම් ඔවුහු බලාපොරොත්තු සුන් කර ගනිති.
Verse 37
නියත වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් (ඇතැමුන්ට) සීමා කර දෙන බවත් ඔවුහු නොදුටුවෝ ද? නියත වශයෙන්ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
Verse 38
එහෙයින් ඥාතී වූවන්ට ඔහුගේ උරුමය දෙනු. දුප්පතාට ද තවද මගියාට ද (දෙනු.) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන් හට එය උතුම්ය. තවද ඔවුහුමය ජයග්‍රාහකයෝ.
Verse 39
තවද ජනයාගේ වස්තුවෙහි අධික වශයෙන් ලබා ගනු පිණිස පොළියෙන් නුඹලා දුන් දෑ අල්ලාහ් අභියස (කුසල්) වර්ධනය නොකරනු ඇත. නමුත් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවර පරිත්‍යාගයක් නුඹලා දුන්නේ ද එසේ දුන් ඔවුහුමය ගුණ කරනු ලබන්නන් වනුයේ.
Verse 40
අල්ලාහ් වන ඔහු නුඹලාව මැව්වේය. නුඹලාට පෝෂණය දුන්නේය. පසු ව ඔහු නුඹලා මරණයට පත් කරන්නේය. පසුව නුඹලාට ජීවය දෙන්නේය. මේවායින් කිසිවක් හෝ සිදු කරන නුඹලාගේ හවුල්කරුවන් කිසිවෙකු හෝ වෙත් ද? ඔහු සුපිවිතුරය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර විය.
Verse 41
මිනිසාගේ අත් උපයාගත් දෑ හේතුවෙන් ඔවුන් සිදු කළ දෑහි ඇතැමෙක් ඔවුන් විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්‍යසනයන් මතු විය. ඔවුන් නැවත හැරී ආ හැකි වනු පිණිසය.
Verse 42
මහපොළොවේ නුඹලා ගමන් කර මීට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි අධීක්ෂණයෙන් බලනු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ආදේශකයින් වූහ.
Verse 43
එහෙයින් එය නොවැළැක්විය හැකි දිනයක් අල්ලාහ් වෙතින් පැමිණීමට පෙර ඍජු පිළිවෙත වෙත ඔබේ මුහුණ ඔබ හරවනු. එදින ඔවුහු වෙන් වෙන් ව විසිර යති.
Verse 44
කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්රතික්ෂේපය ඔහු කෙරෙහිමය. තවද කවරෙකු දැහැමි දෑ සිදු කළේ ද එවිට එය ඔවුන් වෙනුවෙන්ම ඔවුහු සැලසුම් කර ගනිති.
Verse 45
විශ්වාස කොට යහකම් සිදු කළවුනට ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිසය. (ඔවුන් මතුලොවෙහි නැගිටුවනු ලබනුයේ.) නියත වශයෙන්ම ඔහු දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් ප්‍රිය නොකරයි.
Verse 46
තවද ඔහුගේ කරුණාවෙන් නුඹලා භුක්ති විඳින්නට සලස්වනු පිණිසත් ඔහුගේ නියෝගයෙන් නැව් ගමන් කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයෙන් නුඹලා සොයනු පිණිසත් එමෙන්ම නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ශුභාරංචි වශයෙන් ඔහු සුළඟ එවීම ඔහුගේ සංඥා අතුරිනි.
Verse 47
ඔබට පෙර ද දූතවරුන් ඔවුන්ගේ ජනයා වෙත සැබැවින්ම අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණියෝය. පසු ව (එය ඔවුහු නොපිළිගත් බැවින්) වැරදි කළවුන්ගෙන් අපි පළිගත්තෙමු. දෙවියන් විශ්වාස කරන්නන් හට උපකාර කිරීම අප වෙත පැවරුණු වගකීමක් විය.
Verse 48
සුළඟ එවනුයේ අල්ලාහ්ය. එවිට එය වලාකුළු නංවයි. එවිට ඔහු අභිමත කරන පරිදි අහසෙහි එය විසිරුවා හරියි. තවද එය කොටස් බවට පත් කරයි. එවිට ඒ අතුරින් වර්ෂාව පිට වනු ඔබ දකිනු ඇත. එවිට එය ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අය වෙත පතිත වූ විට ඔවුහු සතුටු වෙති.
Verse 49
තවද මීට පෙර ඔවුහු ඔවුන් වෙත පහළ කරනු ලැබීමට පෙර බලාපොරොත්තු සුන්වූවන් ලෙස සිටියහ.
Verse 50
එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදයේ සලකුණු දෙස ඔබ අධීක්ෂණයෙන් බලනු. පොළොව මළ පසු ව එයට ඔහු ප්‍රාණය දෙනුයේ කෙසේ ද? නියත වශයෙන්ම ඔහු මළවුන්ට යළි ජීවය දෙන්නාය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
Verse 51
තවද අපි (වියලි) සුළඟ එවා එවිට ඔවුහු එය (අස්වැන්න) කහ පැහැගන්වන්නක් ලෙස දුටුව ද ඉන් පසු ව ඔවුහු ප්‍රතික්ෂේප කරන්නට වූහ.
Verse 52
(නබි තුමනි!) එහෙයින් ඔබ මළවුනට සවන් දෙන්නට සැලැස්විය නොහැක. තවද ඔවුහු පසුපසු හැරී ගිය විට ද බිහිරාට එම ඇරයුම සවන් දෙන්නට සැලැස්විය නොහැක.
Verse 53
තවද අන්ධයින්ට ඔවුන්ගේ නොමග යෑමෙන් ඔබ මග පෙන්වන්නකු ලෙස නැත. අපගේ වදන් විශ්වාස කරන අයට මිස ඔබ සවන් දෙන්නට සැලැස්විය නොහැක. හේතුව ඔවුහු (අල්ලාහ්ට අවනත වූ) මුස්ලිම්වරුන්ය.
Verse 54
දුබලත්වයේ සිට නුඹලා ව මැව්වේ ඔහුය. අනතුරු ව දුබලත්වයෙන් පසු ව ඔහු ශක්තිමත් භාවයට පත් කළේය. පසු ව ශක්තිමත් භාවයෙන් පසු ව දුර්වලභාවයටත් කෙස් ඉඳී ගිය තත්ත්වයටත් ඔහු පත් කළේය.
Verse 55
අවසන් හෝරාව සිදු වන දින වැරදිකරුවෝ තමන් මොහොතක් මිස රැඳී නොසිටි බවට දිවුරා සිටිති. එලෙසය ඔවුහු බොරු ගොතමින් සිටියේ.
Verse 56
නැවත නැගිටුවනු ලබන දිනය දක්වා අල්ලාහ්ගේ ලේඛනයෙහි ඇති පරිදි නුඹලා රැඳී සිටියෙහුය. නැවත නැගිටුවනු ලබන දිනය මෙයයි. එනමුත් නුඹලා එය දැන සිටියේ නැත යැයි ඥානය හා විශ්වාසය දෙනු ලැබූවන් පැවසූහ.
Verse 57
එහෙයින් එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු (අල්ලාහ්ගේ තෘප්තිය වෙත) නැවත හැරී එන මෙන් ඉල්ලා සිටිනු ලබන්නන් නොවෙති.
Verse 58
තවද අපි මෙම අල් කුර්ආනයේ සෑම උපමාවකින්ම ජනයාට උපමා ගෙන හැර පෑවෙමු. ඔවුන් වෙත ඔබ යම් සංඥාවක් ගෙන ආ විට නුඹලා අසත්යවාදීහු මිස නැතැයි ප්‍රතික්ෂේප කළවුන් නියත වශයෙන්ම පවසනු ඇත.
Verse 59
වටහා නොගන්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ එලෙසය.
Verse 60
එහෙයින් ඔබ ඉවසා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද විශ්වාස නොකරන්නන් ඔබ ව සුළු කොට නොතැකිය යුතුය.
تقدم القراءة