الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الإسراء හි පරිවර්තනය
Verse 1
අපගේ සංඥාවන් ඔහුට පෙන්වනු පිණිස (මක්කාහ්වේ පිහිටි) මස්ජිදුල් හරාම්හි සිට ඒ අවට අපි සමෘද්ධිමත් කළ (ජෙරුසලමේ පිහිටි) මස්ජිදුල් අක්සා දක්වා තම ගැත්තා ව එක් රාත්‍රියක ගමන් කෙරෙව්වා වූ ඔහු (අල්ලාහ්) සුවිශුද්ධය. නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක. සර්ව නිරීක්ෂක.
Verse 2
තවද අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. නුඹලා මගෙන් තොර ව භාරකරුවකු නොගනු යැයි පවසා ඉස්රාඊල්ගේ දරුවන්ට එය මග පෙන්වීමක් බවට පත් කළෙමු.
Verse 3
නූහ් සමග අප ඉසිලූ අයගේ පරපුරයි. නියත වශයෙන්ම ඔහු කෘතවේදී ගැත්තෙකු විය.
Verse 4
තවද අපි දේව ග්‍රන්ථයේ නුඹලා මහපොළොවේ දෙවරක් කලහකම් කරනු ඇතැයි ද නුඹලා මහත් උදම්වීමකින් උසස් වනු ඇතැයි ද අපි ඉස්රාඊල් දරුවන්ට තීන්දු කළෙමු.
Verse 5
ඒ දෙකින් පළමු ප්‍රතිඥාව පැමිණි විට අප සතු වඩාත් බලවත් ගැත්තන් නුඹලාට එරෙහි ව අපි එව්වෙමු. එවිට ඔවුහු නිවෙස් අතර සොයා (නුඹලා ව) විනාශ කර දැමුවෝය. එය සිදු කරනු ලබන ප්‍රතිඥාවක් විය.
Verse 6
පසු ව ඔවුනට එරෙහි ව වාරය නුඹලා වෙත අපි නැවත ලබා දුනිමු. තවද ධනයෙන් හා දරුවන්ගෙන් අපි නුඹලාට උපකාර කළෙමු. තවද අපි නුඹලා ව පිරිස් බලයෙන් අධික කළෙමු.
Verse 7
නුඹලා යහපත කර ඇත්නම් (එසේ) නුඹලා යහපත කර ඇත්තේ නුඹලාගේ ආත්මාවන්ටය. තවද නුඹලා නපුරක් කර ඇත්නම් එය ද එයටමය. එහෙයින් අවසන් ප්‍රතිඥාව පැමිණි විට නුඹලාගේ මුහුණු ඔවුන් නරක් කිරීමටත් ඔවුන් එහි මුල් වරට පිවිසුණාක් මෙන් මස්ජිදයට පිවිසීමටත් ඔවුහු උදම් වූ දෑ දැඩි ලෙස විනාශ කර දැමීමටත් (අපි ඔවුන් ව එවන්නෙමු.)
Verse 8
නුඹලාගේ පරමාධිපති නුඹලාට කරුණාව පෙන්විය හැක. තවද නුඹලා නැවත හැරුණේ නම් අපි ද හැරෙන්නෙමු. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට නිරය සිර ගෙයක් බවට අපි පත් කළෙමු.
Verse 9
නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. තවද යහකම් කරන්නා වූ දේව විශ්වාසවන්තයින් වනාහි, සැබැවින්ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට ශුභාරංචි දන්වයි.
Verse 10
තවද නියත වශයෙන්ම මතුලොව පිළිබඳව විශ්වාස නොකරන්නන් වන ඔවුනට වේදනීය දඬුවමක් අපි සූදානම් කළෙමු.
Verse 11
තවද යහපත පිළිබඳ මිනිසා පතනවාක් මෙන් අයහපත පිළිබඳව ද ඔහු පතයි. තවද මිනිසා ඉක්මන් සුළු විය.
Verse 12
රාත්‍රිය හා දහවල සංඥාවන් දෙකක් බවට අපි පත් කළෙමු. එවිට අපි රාත්‍රියේ සංඥාව මකා දමා දහවලේ සංඥාව පෙනෙන්නක් බවට පත් කළෙමු. එය නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍ය්‍ය සොයනු පිණිසත් වසර ගණන් හා කාල ගණනය නුඹලා දැන ගනු පිණිසත්ය. තවද සියලු දෑ අපි විස්තරාත්මකව පැහැදිලි කළෙමු.
Verse 13
සෑම මිනිසකුටම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ ගෙලෙහි අපි හෙළුවෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්‍රියා ලේකනය අපි ඔහුට හෙළි කරන්නෙමු. ඔහු එය විවෘත කරනු ලැබූවක් ලෙස දකිනු ඇත.
Verse 14
නුඹ නුඹේ ක්‍රියා ලේකනය කියවනු. අද දින නුඹට එරෙහිව පිහිටන විනිශ්චය නුඹට ප්‍රමාණවත්ය.
Verse 15
කවරෙකු යහමඟ ලැබුවේ ද එසේ ඔහු යහමඟ ලබනුයේ ඔහුගේ ආත්මය වෙනුවෙනි. තවද කවරෙකු නොමඟ ගියේ ද එසේ ඔහු නොමඟ යනුයේ එයට එරෙහිවය. තවද බර උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර නොඋසුලයි. තවද අපි ධර්ම දූතයකු එවන තෙක් (කිසිදු සමාජයකට) දඬුවම් කරන්නන් ලෙස නොසිටියෙමු.
Verse 16
තවද යම් ගම්මානයක් අපි විනාශ කිරීමට සිතූ විට එහි (ආඩම්බර කමින්) භුක්ති විඳිමින් සිටින්නන් හට අණ කරන්නෙමු. එවිට ඔවුහු පාපකම් කරන්නෝය. එහෙයින් ඒ වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වෙයි. එවිට අපි එය කඩා බිඳ දමා සුණු විසුණු කළෙමු.
Verse 17
අපි නූහ්ගෙන් පසුව පරම්පරාවන් කොපමණක් විනාශ කළෙමු ද? තම ගැත්තන්ගේ පාපකම් පිළිබඳව නුඹගේ පරමාධිපති අභිඥානවන්තයකු ලෙසින් හා නිරීක්ෂක ලෙසින් ප්‍රමාණවත් විය.
Verse 18
කවරෙකු මෙලොව පතන්නේ ද අපි ප්‍රිය කරන අයට අපගේ අභිමතය පරිදි එහි ඔහුට ඉක්මන් කර දෙන්නෙමු. පසු ව නිරය ඔහුට නියම කරන්නෙමු. ඔහු එහි අවමානයට ලක් වූ අභාග්‍ය සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු ඇත.
Verse 19
කවරෙකු මතු ලොව අපේක්ෂා කොට දේව විශ්වාසවන්තයකු ව සිට ඒ වෙනුවෙන් එහි මහත් පරිශ්‍රමයකින් වෙහෙසෙන්නේ ද එවිට ඔවුන්ගේ පරිශ්‍රමය කෘතඥතාවට ලක් වූවෝ ඔවුහුමය.
Verse 20
ඔවුන් හා මොවුන් සියල්ලටම නුඹගේ පරමාධිපති(වන අප)ගේ අනුග්‍රහයෙන් අපි පිරිනැමුවෙමු. නුඹගේ පරමාධිපතිගේ අනුග්‍රහය වළක්වනු ලබන්නක් නොවීය.
Verse 21
ඔවුන්ගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා අපි උසස් කළේ කෙසේ දැයි නුඹ අධීක්ෂණයෙන් යුතු ව බලනු. තවද මතු ලොව තරාතිරම් වලින් අති මහත්ය. එමෙන්ම මහිමයට පත් කිරීමෙන් ද අති මහත්ය.
Verse 22
අල්ලාහ් සමග වෙනත් දෙවියකු නොගනු. එසේ කළහොත් නුඹ නින්දාවටත් අසරණ බවටත් පත්වනු ඇත
Verse 23
නුඹලා ඔහුට පමණක් මිස (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකළ යුතු බවටත් දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචනයෙන්) නොපවසනු. තවද ඔවුන් දෙදෙනා සමග පිළිකුල් අයුරින් කටයුතු නොකරනු. ඔවුන් දෙදෙනාව ගෞරවනීය වදනින් අමතනු.
Verse 24
කරුණාවෙන් යුත් මෘදු පියාපත් ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු. තවද මාගේ පරමාධිපතියාණනි ! ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ හදාවඩා ගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ද කරුණා කරනු මැනව !
Verse 25
නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සිත් තුළ ඇති දෑ මැනවින් දන්නාය. නුඹලා දැහැමියන් වන්නේ නම් නියත වශයෙන්ම ඔහු (පසුතැවිලි වී ඔහු වෙත) නැඹුරුවන්නන්හට අති ක්ෂමාශීලී විය.
Verse 26
සමීප ඥාතියාට ඔහුගේ උරුමය නුඹ දෙනු. තවද දුගියාට හා මගියාට ද දෙනු. තවද නුඹලා නාස්තිකාර ලෙසින් අපතේ නොයවනු.
Verse 27
නියත වශයෙන්ම නාස්තිකාරයින් ෂෙයිතානුන්ගේ සහෝදරයෝ වූහ. තවද ෂෙයිතාන් තම පරමාධිපතිට මහා ගුණමකුවකු විය.
Verse 28
නුඹගේ පරමාධිපතිගෙන් නුඹ බලාපොරොත්තු වන දයාලුභාවය අපේක්ෂාවෙන් ඔවුන්ගෙන් නුඹ වැළකෙන්නෙහි නම් එවිට නුඹ ඔවුනට පහසු වදනින් අමතනු.
Verse 29
තවද නුඹ නුඹගේ අත නුඹගේ ගෙල වෙත විලංගු දමනු ලබන්නක් බවට පත් නොකරනු. තවද සම්පූර්ණ විවෘත කිරීමකින් නුඹ එය විවෘත නොකරනු. එවිට නුඹ (කිසිවක් නොමැති ව) නිරාවරණය වූ දොස් නගනු ලබන්නකු බවට පත් වනු ඇත.
Verse 30
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහු කැමැති අයට පෝෂණය වීවෘත කර දෙයි. එමෙන්ම ඔහු ව සීමා ද කරයි. නියත වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ මනා ඥානය ඇති සර්ව නිරීක්ෂක විය.
Verse 31
දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා මරා නොදමනු. ඔවුන්ට ද නුඹලාට ද පෝෂණය ලබා දෙනුයේ අපය. නියත වශයෙන්ම ඔවුන් ව මරා දැමීම මහත් පවක් විය.
Verse 32
තවද නුඹලා කාම අපචාරයට ළං නොවනු. නියත වශයෙන්ම එය අශික්ෂිත කරුණකි. තවද එය මාර්ගයෙන් නපුරු ද විය.
Verse 33
අල්ලාහ් තහනම් කළ ආත්මයක් යුක්තියකින් තොර ව නුඹලා ඝාතනය නොකරනු. තවද කවරෙකු අපරාධ කරනු ලැබූවකු ලෙසින් ඝාතනය කරනු ලැබුවේ ද ඔහුගේ භාරකරුට සැබැවින්ම අපි බලයක් පැවරුවෙමු. නමුත් ඔහු ඝාතනය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා නොයා යුතුය. නියත වශයෙන්ම ඔහු උදව් කරනු ලබන්නෙකි.
Verse 34
තවද අනාථයාගේ වස්තුවට ඔහු වැඩිවියට පත් වන තෙක් වඩාත් යහපත් වනුයේ කුමක් ද එවැනි දෙයකින් හැර නුඹලා සමීප නොවනු. තවද නුඹලා ගිවිසුම පූර්ණවත් කරනු. නියත වශයෙන්ම ගිවිසුම විමසනු ලබන්නක් විය.
Verse 35
තවද නුඹලා මනින විට මිණුම සම්පූර්ණ කරනු. තවද නිවැරදි තුලාවකින් නුඹලා කිරනු. එය උතුම්ය. තවද අවාසානයේ ද වඩාත් අලංකාරය.
Verse 36
නුඹට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ මත නුඹ රැඳී නොසිටිනු. නියත වශයෙන්ම ශ්‍රවණය බැල්ම හා සිත යන ඒවා සියල්ල ඒ පිළිබඳ ව විමසනු ලබන්නක් විය.
Verse 37
මහපොළොවේ උඩඟුවෙන් ගමන් නොකරනු. නියත වශයෙන්ම නුඹට මහපොළොව හාරා ගමන් කළ නොහැක්කේමය. තවද කඳුවලට උසින් ළං විය නොහැක්කේමය.
Verse 38
මේ සියල්ල, එහි නපුර නුඹේ පරමාධිපති වෙත පිළිකුල් සහගත විය.
Verse 39
මෙය ප්‍රඥාවෙන් යුතු ව නුඹගේ පරමාධිපති නුඹ වෙත දන්වා සිටි දැයිනි. තවද නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු පත් නොකරනු. එවිට නුඹ දොස් නගනු ලැබ (සියල්ල) අහිමි කර ගත් අයකු සේ නිරයට හෙළනු ලබනු ඇත.
Verse 40
නුඹලාගේ පරමාධිපති නුඹලාට පිරිමි දරුවන් තෝරා දී ඔහු මලක්වරුන් අතුරින් ගැහැනුන් ගත්තේ ද? නියත වශයෙන්ම නුඹලා අතිමහත් (භයානක) ප්‍රකාශයක් පවසන්නෙහුය.
Verse 41
ඔවුන් මෙනෙහි කරනු පිණිස මෙම කුර්ආනයේ සැබැවින්ම අපි බොහෝ කරුණු පැහැදිලි කළෙමු. නමුත් එය පලා යෑම මිස වෙන කිසිවකු ඔවුනට වැඩි නොකළේය.
Verse 42
ඔවුන් පවසන අයුරින් ඔහු සමග දෙවියකු වී නම් එවිට අර්ෂ් හිමිපාණන් වෙත ඔවුන් මග සොයන්නට තිබුණි යැයි නුඹ පවසනු.
Verse 43
ﮋﮌﮍﮎﮏﮐ
ﮑ
ඔහු සුවිශුද්ධය. ඔවුන් පවසන දැයින් අතිමහත් උත්තරීතර භාවයෙන් ඔහු උසස් විය.
Verse 44
අහස් හත හා මහපොළොව ද ඒවායෙහි සිටින දෑ ද ඔහුව සුවිශුද්ධ කරයි. (ඒ) කිසිවක් හෝ ඔහුගේ ප්‍රශංසාව තුළින් ඔහුව සුවිශුද්ධ කරනු මිස නැත. නමුත් ඔවුන් සුවිශුද්ධ කරන අයුරු නුඹලා වටහා නොගන්නෙහුය. නියත වශයෙන්ම ඔහු දයාලුය. අති ක්ෂමාශීලීය.
Verse 45
නුඹ අල් කුර්ආනය පාරායනය කරන විට නුඹ අතර හා මතු ලොව විශ්වාස නොකරන්නන් අතර ආවරණය කරනු ලබන තිරයක් ඇති කළෙමු.
Verse 46
තවද ඔවුන් එය වටහා නොගන්නා අයුරින් ඔවුන්ගේ හදවත් මත අපි වහන්තරාවක් ද ඔවුන්ගේ කන් තුළ බිහිරිබව ද ඇති කළෙමු. අල්කුර්ආනයේ නුඹ නුඹේ පරමාධිපති ගැන පමණක් මෙනෙහි කළ විට ඔවුන් (ඉන්) ඈත් වී ඔවුන්ගේ පසුපස ලා හැරී යති.
Verse 47
ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සවන් දෙන්නේ ද ඒ පිළිබඳ ව මැනවින් දන්නේ අපය. ඔවුන් නුඹ වෙත සවන් දෙන විට ද ‘නුඹලා හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස අනුගමනය නොකරන්නෙහුය’ යැයි අපරාධකරුවෝ පවසන විට ද ඔවුහු රහස් සාකච්ඡා වල නිරත ව සිටියහ.
Verse 48
ඔවුහු නුඹට උපමාවන් ගෙන හැර පෑවේ කෙසේ දැයි නුඹ අවධානයෙන් බලනු. එවිට ඔවුහු නොමග වූහ. එහෙයින් කිසිදු මගක් (සොයා ගැනීමට) ඔවුහු හැකියාව නොලබති.
Verse 49
තවද නියත වශයෙන්ම අපි අස්ථි හා දූවිලි බවට පත් වූ විට නව මැවීමක් ලෙස නැවත නැගිටුවනු ලබන්නන් වෙමු දැයි ඔවුහු විමසුවෝය.
Verse 50
ﭑﭒﭓﭔﭕﭖ
ﭗ
නුඹලා ගලක් හෝ යකඩයක් හෝ වනු යැයි නුඹ පවසනු.
Verse 51
නැතහොත් නුඹගේ සිත් තුළ විශාල ලෙස මවා ගන්නා දැයින් වූ මැවීමක් හෝ වනු. එවිට අපව නැවත ගෙන එනුයේ කවුරුන්දැයි ඔවුහු විමසති. නුඹලා ව මුල් වරට මැවූ අය වේ යැයි නුඹ පවසනු. එවිට නුඹ වෙත ඔවුන්ගේ හිස් සොලවා එය කවදා දැයි විමසා සිටිති. එය සමීපයෙන් විය හැකැයි නුඹ පවසනු.
Verse 52
ඔහු නුඹලා ව කැඳවන දින නුඹලා ඔහුගේ ප්‍රශංසාව තුළින් ප්‍රතිචාර දක්වනු ඇත. තවද ස්වල්ප කාලයක් මිස (මෙලොවෙහි) නුඹලා රැඳී නොසිටි බව නුඹලා සිතනු ඇත.
Verse 53
තවද වඩාත් අලංකාර වනුයේ කුමක් ද එය පවසන්නැයි මාගේ ගැත්තන්හට නුඹ පවසනු. නියත වශයෙන්ම ෂෙයිතාන් ඔවුන් අතර බෙදුම් ඇති කරයි. නියත වශයෙන්ම ෂෙයිතාන් මිනිසාට ප්‍රකට සතුරෙකු විය.
Verse 54
නුඹලා පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපතියාය. ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට කරුණාව දක්වනු ඇත. නැතහොත් ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට ඔහු දඬුවම් කරනු ඇත. තවද ඔවුන් වෙත භාරකරුවකු ලෙස අපි නුඹ ව නොඑව්වෙමු.
Verse 55
අහස්හි හා මහපොළොවේ සිටින අය පිළිබඳ ව මැනවින් දන්නා නුඹගේ පරමාධිපතිය. නබිවරුන්ගෙන් ඇතැමෙකුට වඩා ඇතැමෙකු ව සැබැවින්ම අපි උසස් කළෙමු. තවද අපි දාවූද් ට සබූර් (ග්‍රන්ථය) පිරිනැමුවෙමු.
Verse 56
ඔහු හැර නුඹලා විශ්වාස කරමින් සිටි අයව අයැදිනු. නමුත් නුඹලාගෙන් පීඩා ඉවත් කිරීමට හෝ (එය වෙනතකට) හැරවීමට හෝ ඔවුහු බලය නොදරති.
Verse 57
ඔවුන් අයැද සිටින්නන් වන ඔවුහු ඔවුන්ගෙන් කවරෙකු හෝ වේවා ඔවුන්ගේ පරමාධිපති වෙත වඩා සමීප විය හැකි මං සොයති. තවද ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙති. තවද ඔහුගේ දඬුවමට එකිනෙකා බිය වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම ප්‍රවේශම් විය යුත්තකි.
Verse 58
කිසිදු ගම්මානයක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනට පෙර එය අපි විනාශ කරන්නන් ලෙස හෝ එයට දැඩි දඬුවමකින් දඬුවම් කරන්නන් ලෙස මිස අපි නොසිටියෙමු. එය දේව ග්‍රන්ථයේ සටහන් කරනු ලබන්නක් විය.
Verse 59
අප සංඥාවන් එවන විට පෙර සිටියවුන් ඒවා බොරු කිරීම මිස වෙනත් කිසිවක් අප ව වැළැක්වූයේ නැත. තවද අපි සමූද් ජනයාට ඔටු දෙන පැහැදිලි සංඥාවක් ලෙස පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඌට අපරාධ කළෝය. බිය වැද්දීමට මිස අපි සංඥාවන් නොඑවන්නෙමු.
Verse 60
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා වට කර ගෙන සිටින බව නුඹට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹට අප පෙන් වූ සිහිනය ද කුර්ආනයේ සඳහන් ශාප කරන ලද ගස ද ජනයාට පරීක්ෂණයක් ලෙස මිස අපි ඇති නොකළෙමු. තවද අපි ඔවුන් බිය ගන්වන්නෙමු. මහත් සේ සීමාව ඉක්මවා යෑම මිස වෙනකක් ඔවුනට එය වර්ධනය නොකරනු ඇත.
Verse 61
නුඹලා ආදම්ට සුජූද් කරනු යැයි අපි මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු අය) සුජූද් කළෝය. නුඹ මැටියෙන් මැවූ අයට මම සුජූද් කළ යුතු දැයි ඔහු(ඉබ්ලීස්) විමසුවේය.
Verse 62
මට වඩා නුඹ ගරු කළ ඔහු ගැන නුඹ කුමක් පවසන්නෙහු ද? මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් නුඹ මා ප්‍රමාද කරන්නේ නම් ස්වල්ප දෙනෙකු ව හැර ඔහුගේ පරපුර මම (යහමගින්) ලිස්සා යෑමට සලස්වමි යැයි ඔහු පැවසුවේය.
Verse 63
නුඹ යනු. ඔවුන් අතුරින් නුඹ ව කවරෙකු අනුගමනය කළේ ද නියත වශයෙන්ම ප්‍රතිවිපාකයක් වශයෙන් පූර්ණ ව දෙනු ලබන නුඹලාගේ කුලිය නිරය වේ යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
Verse 64
ඔවුන් අතුරින් නුඹේ හඬින් නුඹට හැකියාව ඇත්තන් පොලඹවා ගනු. ඔවුනට එරෙහි ව නුඹගේ අශ්වාරෝහකයින් හා නුඹගේ පාබල සේනාව විධිමත් කර ගනු. වස්තුවෙහි හා දරුවන්හි නුඹ ඔවුනට හවුල් වනු. තවද නුඹ ඔවුනට ප්‍රතිඥා දෙනු. ෂෙයිතාන් ඔවුනට රැවටීම මිස වෙනත් කිසිවක් පොරොන්දු නොදෙයි.
Verse 65
නියත වශයෙන්ම මාගේ ගැත්තන්ට, ඔවුනට එරෙහි ව නුඹට කිසිදු බලයක් නොමැත. තවද භාරකරු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත්ය.
Verse 66
නුඹලා ඔහුගේ භාග්‍යය සෙවීම පිණිස නුඹලා වෙනුවෙන් මුහුදෙහි නැව් යාත්‍රා කරවනුයේ නුඹලාගේ පරමාධිපතිය. නියත වශයෙන්ම ඔහු නුඹලාට මහා කාරුණික විය.
Verse 67
නුඹලාට මුහුදෙහි පීඩාවක් ඇති වූ කල්හි ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය මුළා වී යනු ඇත. ඔහු නුඹලා ව මුදවා ගොඩබිම වෙත ගෙන ආ විට නුඹලා පිටුපාන්නෙහුය. තවද මිනිසා මහා ගුණමකුවකු විය.
Verse 68
ඔහු නුඹලා ව පොළොවේ පැත්තක ගිල්වීමෙන් හෝ නුඹලා වෙත සුළී සුළඟක් යැවීමෙන් හෝ නුඹලා නිර්භිය ව සිටින්නෙහු ද? පසු ව නුඹලා වෙනුවෙන් කිසිදු භාරකරුවකු නුඹලා නොදකිනු ඇත.
Verse 69
එසේ නැතහොත් නුඹලා ව එහි නැවත වාරයක් ගෙන්වා නුඹලා වෙත චණ්ඩමාරුතයක් එවා නුඹලා ප්‍රතික්ෂේප කළ හේතුවෙන් නුඹලා ව ගිල්වීම පිළිබඳ නුඹලා නිර්භිය ව සිටින්නෙහු ද? පසු ව නුඹලා වෙනුවෙන් අපගෙන් ඒ ගැන විමසන්නට කිසිදු ලුහුබඳින්නෙකු නුඹලා නොදකිනු ඇත.
Verse 70
තවද සැබැවින්ම අපි ආදම්ගේ දරුවන්ට ගරු කළෙමු. ගොඩබිමෙහි හා මුහුදෙහි අපි ඔවුන් ඉසිලීමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය කළෙමු. තවද අප මැව්වා වූ දැයින් බොහෝ දෑට වඩා අපි ඔවුන් මහිමයට පත් කරමින් උසස් කළෙමු.
Verse 71
සෑම ජන සමූහයක්ම ඔවුන්ගේ මෙහෙයුම්කරු සමග අපි අමතන දින, කවරෙකුට තම දකුණතෙහි තම වාර්තා පොත දෙනු ලැබුවේ ද එවිට ඔවුහු ඔවුන්ගේ වාර්තා පොත කියවති. කීතුවක් තරම් හෝ ඔවුහු අපරාධ කරනු නොලබති.
Verse 72
තවද කවරෙකු මෙ(ලොවෙ)හි අන්ධයකු වූයේ ද ඔහු මතු ලොවෙහි ද අන්ධයකු වේ. තවද මාර්ගයෙන් දැඩි මුළාවූවකු ද වේ.
Verse 73
නුඹ වෙත අපි දන්වා සිටි දැයින් නුඹ අප වෙත ඒ හැර වෙනත් දෙයක් ගොතා පවසනු පිණිස ඔවුහු නුඹ ව අර්බුදයට පත් කිරීමට තැත් කළේ නම් එවිට නුඹ ව මිතුරෙකු සේ ඔවුන් ගනු ඇත.
Verse 74
තවද අපි නුඹ ව ස්ථාවර නොකළේ නම් සැබැවින්ම නුඹ අල්ප දෙයකින් ඔවුන් වෙත නැඹුරුවන්නට තිබුණි.
Verse 75
එවිට අපි (මෙලොව) ජීවිතයේ දෙගුණයක් ද මරණයේ දී දෙගුණයක් ද (දඬුවම්) අපි නුඹට විඳවන්නට සලස්වමු. පසු ව නුඹ අපට එරෙහි ව කිසිදු උදව්කරුවකු නොදකිනු ඇත.
Verse 76
නුඹ ව මෙම භූමියෙන් පිටමං කරනු පිණිස එයින් නුඹ ව පලවා හරින්නට ඔවුන් තැත් කළ ද එවිට ඔවුහු නුඹෙන් පසු ව මද කලක් මිස රැඳී නොසිටිනු ඇත.
Verse 77
අපගේ රසූල්වරුන් අතුරින් නුඹට පෙර සැබැවින්ම අප එවූ අයගේ පිළිවෙතය (මෙය). තවද අපගේ පිළිවෙතට වෙනස් කිරීමක් නුඹ නොදකිනු ඇත.
Verse 78
හිරු මුදුනින් අවරට යෑමේ සිට රාත්‍රි අන්ධකාරය හට ගන්නා තෙක් සලාතය විධිමත් ව ඉටු කරනු. අලුයම් කාලයේ පාරායනය (හෙවත් සුබ්හු සලාතය) ද ඉටු කරනු. නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය සාක්ෂි පවසනු ලබන්නක් විය.
Verse 79
රාත්‍රියෙහි නුඹ වෙත (පැවරුණු) අතිරේක(සලාත)යක් වශයෙන්ම එහි තහජ්ජුද් (සලාතය) ඉටු කරනු. නුඹේ පරමාධිපති නුඹ ව මකාම් මහ්මූද් (හෙවත් ප්‍රශංසාලාභී ස්ථානයෙ)හි සැබැවින්ම නුඹ ව නැගිටුවනු ඇත.
Verse 80
මගේ පරමාධිපතියාණනි, සත්‍යයේ පිවිසුමෙන් ඔබ මා ඇතුළු කරනු මැනව ! තවද සත්‍යයේ පිටවුමෙන් ඔබ මා පිටත් කරනු මැනව ! තවද නුඹ වෙතින් වූ උපකාරී වන බලයක් මා වෙත ඇති කරනු මැනව ! යැයි නුඹ පවසනු.
Verse 81
සත්‍යය පැමිණියේය. අසත්‍යය විනාශ වී ගියේය. නියත වශයෙන්ම අසත්‍යය විනාශ වී යන්නක්ම විය යැයි නුඹ පවසනු.
Verse 82
දේව විශ්වාසවන්තයින්ට දයාව හා සුවය ඇති දෑ අපි අල්කුර්ආනයෙන් පහළ කරන්නෙමු. නමුත් අපරාධකරුවන් ව අලාභය මිස (වෙනත් කිසිවක්) එය වැඩි නොකරනු ඇත.
Verse 83
තවද මිනිසාට අපි ආශිර්වාද කළ විට ඔහු පිටුපා ඔහුගේ ඉළ පැත්තෙන් හැරී ගියේය. නමුත් ඔහුට පීඩාවක් ස්පර්ශ වූ විට ඔහු අපේක්ෂාභංග විය.
Verse 84
සෑම අයෙකුම තම මාර්ගයට අනුව කටයුතු කරයි. එහෙයින් මාර්ගයෙන් වඩාත් නිවැරදි අය කවුරුන්දැයි නුඹලාගේ පරමාධිපති මැනවින් දන්නාය.
Verse 85
තවද ඔවුහු රූහ් (හෙවත් ප්‍රාණය) පිළිබඳ නුඹගෙන් විමසති. රූහ් (පිළිබඳ දැනුම) මාගේ පරමාධිපතිගේ කරුණු අතුරිනි. දැනුමෙන් නුඹලා වෙත පිරිනමනු ලැබ ඇත්තේ ස්වල්පයක් මිස නැතැයි නුඹ පවසනු.
Verse 86
තවද අපි අභිමත කළේ නම් නුඹ වෙත අපි දන්වා සිටි දෑ (නුඹෙන්) ඉවත් කරන්නෙමු. පසු ව නුඹ ඒ සම්බන්ධයෙන් අපට එරෙහි ව කිසිදු භාරකරුවකු නොදකිනු ඇත.
Verse 87
නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාලුභාවයක් ලෙසින් මිස නැත. නියත වශයෙන්ම නුඹ වෙත වූ ඔහුගේ භාග්‍යය අතිමහත් විය.
Verse 88
මෙම කුර්ආනය හා සමාන දෙයක් ගෙන ඒමට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා ඒකරාශී වුව ද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරට උර සිටිය ද ඒ හා සමාන දෙයක් ඔවුහු ගෙන එන්නේ නැත.
Verse 89
තවද මෙම කුර්ආනයෙහි සෑම උපමාවක් තුළින්ම (විවිධ පැතිකඩ වලින්) අපි විස්තර කළෙමු. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස සිටියා මිස (එය) පිළිගත්තේ නැත.
Verse 90
තවද මහපොළොවෙන් උල්පතක් අප වෙත නුඹ මතු කර දෙන තෙක් අපි නුඹ ව විශ්වාස නොකරන්නේමය යැයි ඔවුහු පැවසූහ.
Verse 91
නැතහොත් ඉඳි හා මිදි වලින් යුත් උයනක් නුඹට තිබී ඒ අතර ගංගාවන් නුඹ මතු කළ යුතුය.
Verse 92
නැතහොත් නුඹ ප්‍රතිඥා කළ පරිදි අප වෙත අහස කැබලි වලට කඩා නුඹ බිම හෙළිය යුතුය. නැතහොත් අල්ලාහ් හා මලක්වරුන් (අප) ඉදිරියට නුඹ ගෙන ආ යුතුය.
Verse 93
නැතහොත් නුඹට රනින් වූ නිවසක් තිබිය යුතුය. නැතහොත් අහසට නුඹ නැග යා යුතුය. නුඹ අප වෙත ග්‍රන්ථයක් පහළ කොට එය අපි කියවන තෙක් නුඹගේ ආරෝහණ ගමන සැබැවින්ම අපි විශ්වාස නොකරන්නෙමු. මාගේ පරමාධිපති සුවිශුද්ධය. මම ධර්ම දූතයකු වූ මිනිසෙකු විනා (වෙනත් ස්වරූපයකින්) මම සිටියෙම්දැයි (නබිවරය !) නුඹ විමසනු.
Verse 94
ජනයා වෙත යහ මග පැමිණි විට ඔවුහු විශ්වාස කිරීමෙන් ඔවුන් ව වැළැක්වූයේ අල්ලාහ් ධර්ම දූතයකු වශයෙන් මිනිසෙකු එව්වේදැයි විමසීම මිස (වෙනකක්) නොවීය.
Verse 95
මහපොළොවේ තැන්පත් ව ගමන් කරන මලක්වරුන් වී නම් අපි ඔවුන් වෙත අහසින් රසූල්වරයකු වශයෙන්ම මලක්වරයකු එවන්නට තිබුණි යැයි (නබිවරය !) නුඹ පවසනු.
Verse 96
මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය. නියත වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ ව අභිඥානවන්ත නිරීක්ෂකයා විය යැයි නුඹ පවසනු.
Verse 97
තවද අල්ලාහ් කවරෙකුට යහ මග පෙන්වන්නේ ද ඔහු යහ මග ලැබූවෙකි. තවද ඔහු කවරෙකු නොමග හරින්නේ ද එවිට ඔවුන් වෙනුවෙන් (අල්ලාහ් වන) ඔහු හැර වෙනත් කිසිවකු භාරකරුවන් වශයෙන් නුඹ නොදකිනු ඇත. තවද අපි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන්ගේ මුහුණු මුණින් අත තිබිය දී අන්ධ ගොළු හා බිහිරි ලෙසින් අපි ඔවුන් නැගිටුවන්නෙමු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එය නිවී ගිය සෑම විටකම අපි ඔවුනට දලු ලා ඇවිළෙන ගින්න අධික කළෙමු.
Verse 98
එය සැබැවින්ම ඔවුන් අපගේ වදන් ප්‍රතික්ෂේප කළ බැවින් හා අප අස්ථි හා දූවිලි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නව මැවීමක් ලෙස නැගිටුවනු ලබන්නන් වන්නෙමු දැයි ඔවුහු විමසා සිටි බැවින් ඔවුනට සතු ප්‍රතිවිපාකයයි.
Verse 99
අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ් ඔවුන් මෙන් දෑ මැවීමට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ ද? තවද ඔවුනට නියමිත කාලයක් ඔහු ඇති කළේය. එහි කිසිදු සැකයක් නැත. නමුත් අපරාධකරුවෝ දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස මිස එය පිළිගත්තේ නැත.
Verse 100
මාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩා නුඹලා සතු කර ඇත්තේ නම් එවිට නුඹලා දිළිඳුභාවයට බිය ව (කිසිවක් වියදම් නොකොට) නුඹලා රඳවා ගන්නෙහුය. තවද මිනිසා මසුරු විය.
Verse 101
තවද සැබැවින්ම අපි මූසාට පැහැදිලි සංඥා නවයක් පිරිනැමුවෙමු. එහෙයින් (ඒ ගැන) ඉස්රාඊල් දරුවන්ගෙන් විමසනු. ඔවුන් වෙත ඔහු පැමිණි විට අහෝ ! මූසා, නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවෙකි යැයි මම සිතමි යැයි ෆිර්අවුන් ඔහු අමතා පැවසුවේය.
Verse 102
මේවා පැහැදිලි සාධක ලෙස අහස් හි හා මහපොළොවේ පරමාධිපති මිස (වෙනත් කිසිවකු) පහළ නොකළ බව සැබැවින්ම නුඹ දන්නෙහිය. තවද අහෝ ! ෆිර්අවුන්, නුඹ විනාශ කරනු ලබන්නකු බව සැබැවින්ම මම සිතමි යැයි ඔහු කීවේය.
Verse 103
එවිට මහපොළොවෙන් ඔවුන් ව පන්නා දමන්නට ඔහු(ෆිර්අවුන්) සිතුවේය. එවිට අපි ඔහු හා ඔහු සමග වූ සියල්ලන් දියෙහි ගිල්වූයෙමු.
Verse 104
තවද ‘නුඹලා මෙම භූමියේ වාසය කරනු. අවසාන ප්‍රතිඥාව පැමිණි විට නුඹලා සියලු දෙනා ව (වෙළා ගනිමින්) අපි පැමිණෙන්නෙමු යැයි ඔහුගෙන් පසු ව ඉස්රාඊල් දරුවන්ට අපි කීවෙමු.
Verse 105
තවද අපි එය සත්‍යය පදනම් කර ගෙන පහළ කළෙමු. එය සත්‍යය පදනම් කර ගෙන පහළ විය. තවද නුඹ ව ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙස මිස අපි නොඑව්වෙමු.
Verse 106
කුර්ආනය, එය නවත නවතා ජනයාට නුඹ පාරායනා කරනු පිණිස අපි එය කොටස් කළෙමු. තවද අපි එය (වෙන් වෙන් වූ) පහළ කිරීම් වශයෙන් අපි එය පහළ කළෙමු.
Verse 107
නුඹලා එය විශ්වාස කරනු. නැතහොත් විශ්වාස නොකරනු යැයි (නබිවරය) නුඹ පවසනු. නියත වශයෙන්ම මීට පෙර දැනුම දෙනු ලැබූවන් වූ ඔවුන් වෙත එය පාරායනය කරනු ලබන විට සුජූද් කරන්නන් ලෙසින් ඔවුහු මුණින් ඇද වැටෙති.
Verse 108
තවද අපගේ පරමාධිපති සුවිශුද්ධය. අපගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නක්ම විය.
Verse 109
ﮃﮄﮅﮆﮇﮈ
ﮉ
තවද ඔවුහු අඩමින් (සුජූද් කරන්නන් ලෙසින්) මුණින් ඇද වැටෙති. තවද එය ඔවුනට යටහත් පහත්භාවය වර්ධනය කරයි.
Verse 110
නුඹලා අල්ලාහ් යැයි අමතනු. නැතහොත් රහ්මාන් යැයි අමතනු. නුඹලා කවර දෙයක් පවසා ඇමතුව ද ඔහුට අලංකාර නාමයන් ඇත. තවද නුඹගේ සලාතය හඬ නගා ඉටු නොකරනු. තවද එය පහත් හඬින් ද ඉටු නොකරනු. ඒ අතර වූ මාර්ගයක් සොයනු.
Verse 111
සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. (ඔවුන් පවසන අන්දමින්) ඔහු වනාහි ඔහු දරුවෙකු නොගත්තේ ය. තවද පාලනයෙහි ඔහුට කිසිදු හවුල්කරුවකු ද නොවීය. දුර්වලතාවෙන් යුත් ආරක්ෂකයින් ද නොවීය යැයි නුඹ පවසනු. තවද නුඹ ඔහු ව අති ශ්‍රේෂ්ඨ අන්දමින් විභූතිමත් කරනු.
تقدم القراءة