سورة القمر

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා القمر හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්‍රයා පැළී ගොස් ඇත.
තවද යම් සංඥාවක් ඔවුන් දුටු විට ඔවුන් පිටුපා (මෙය) ‘පැවත එන හූනියමක්’ යැයි පවසති.
තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කරති. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක්ම සිදුවන්නකි.
තවද වළක්වාලන අවවාදයන් සහිත තොරතුරු ඔවුන් වෙත සැබැවින්ම පැමිණ ඇත.
එහි ගැඹුරු ප්‍රඥාව ඇත. නමුත් එම අවවාදය ඵලක් නොවීය.
එහෙයින් (නබිවරය) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවන දිනයෙහි නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු.
ඔවුන්ගේ බැල්ම අවමන් පහත් භාවයෙන් යුතු ව නියත වශයෙන්ම ඔවුන් විසිරී සිටින පළඟැටියන් මෙන් මිනිවළ වල් වෙතින් බැහැර වෙති.
කැඳවන්නා වෙත බෙලි දිගු කරමින් වේගයෙන් පැමිණෙන්නන් ලෙසින් (ඔවුහු බැහැර වෙති.) “මෙය දුෂ්කර දිනයකි” යැයි ප්‍රතික්ෂේපකයෝ පවසති.
ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝය. එසේම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබීය.
එවිට ඔහු නියත වශයෙන්ම “මා අබිබවා යනු ලැබුවෙමි. එහෙයින් මට උදව් කරනු මැනව!” යැයි ඔහුගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කළේය.
එවිට අපි ධාරානිපාත වැසි ජලයෙන් අහස්හි දොරවල් විවෘත කළෙමු.
තවද අපි මහපොළොවෙහි උල්පත් හට ගැන්වූයෙමු. එවිට පෙර නිර්ණය කරන ලද කරුණක් අනුව එම ජලය (වැසි ජලය සමග) එකතු විය.
තවද ලෑලි හා ඇබ සහිත දෑ (නැව) මත අපි ඔහු උසුලුවෙමු.
ප්‍රතික්ෂේප කරනු ලැබ සිටි අයට තිළිණයක් වශයෙන් අපගේ ඇස් ඉදිරිපිට එය යාත්‍රා විය.
තවද සැබැවින්ම අපි එය සංඥාවක් වශයෙන් ඉතිරි කළෙමු. එහෙයින් උපදෙස් ලබන කිසිවකු හෝ වෙත් ද?
Verse 16
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වීද?
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
ආද් සමූහයා බොරු කළෝය. එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
අභාග්‍යය රැඳී පවතින දිනක නියත වශයෙන්ම අපි ඔවුන් වෙත සැඩ සුළගක් එව්වෙමු.
නියත වශයෙන්ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය ජනයා උගුලා දැමීය.
Verse 21
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
Verse 23
සමූද් ජනයා එම අවවාදය බොරු කළෝය.
අපගෙන් එක් මිනිසෙකු වූ ඔහු ව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන්ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු.
“අප අතුරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”
ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැයි හෙට (මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන) දින ඔවුහු දැන ගනු ඇත.
නියත වශයෙන්ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු.
නියත වශයෙන්ම ඔවුන් අතර (හා ඔටු දෙන අතර) ජලයට කොටසක් ඇත. සෑම පාන වාරයක්ම ඉදිරිපත් කරනු ලබන්නකි.
Verse 29
එවිට ඔවුහු ඔවුන්ගෙන් වූ සගයකු කැඳවූහ. එවිට ඔහු (කඩුව) අමෝරා ගෙන (උගේ) ගෙල නහර කපා හැරියේය.
Verse 30
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
නියත වශයෙන්ම අපි ඔවුන් වෙත එක් ගිගුරුම් හඬක් එව්වෙමු. එවිට ඔවුහු සත්ව ගාලක පෑගුණු පිදුරු මෙන් වූහ.
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
Verse 33
ලූත්ගේ ජනයා ද එම අවවාදය බොරු කළෝය.
නියත වශයෙන්ම අපි ඔවුන් වෙත ගල් කුණාටුවක් එව්වෙමු. (එය ඔවුන් විනාශ කළේය.) නමුත් ලූත්ගේ ජනයා වෙත හැර. අපි ඔවුන් අලුයම් කාලයේ මුදවා ගත්තෙමු.
(මෙය) අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. අපි ගුණගරුක වූවනට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
තවද අපගේ ග්‍රහණය පිළිබඳ සැබැවින්ම ඔහු(ලූත්) ඔවුනට අවවාද කළේය. නමුත් එම අවවාදය පිළිබඳ ඔවුහු සැක (කොට තර්ක) කළෝය.
ඔහුගේ ආගන්තුකයින් පිළිබඳ අශීලාචාර ලෙස හැසිරීමට ඔවුහු ඔහුට සැල කළෝය. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. එහෙයින් “මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු” (යැයි පැවසුවෙමු.)
තවද ස්ථීර දඬුවමක් උදෑසන සැබැවින්ම ඔවුනට උදා විය.
Verse 39
එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු.
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
තවද ෆිර්අවුන්ගේ ජනයා වෙත ද අවවාදය සැබැවින්ම පැමිණීයේය.
ඔවුහු අපගේ වදන් සියල්ල බොරු කළෝය. එවිට අපි බලවත් බලධාරියාගේ ග්‍රහණයෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.
මොවුනට වඩා නුඹලාගේ දේව ප්‍රතික්ෂේපකයින් ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් ග්‍රන්ථයන් හි නුඹලාට එවැනි නිදහසක් ලබා දී තිබේද?
එසේ නැතහොත් “අපි සියල්ලෝම එකිනෙකාට උදව් කරන සමුහයකි” (එයින් ජය ලබන්නෝ වෙමු) යැයි ඔවුහු පවසන්නෝ ද?
Verse 45
මෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත.
නමුත් අවසන් හෝරාව ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණුය. තවද වඩාත් අමිහිරිය.
නියත වශයෙන්ම වැරදි කරුවෝ නොමගෙහිය. තවද (නිරා ගින්නේ) දුෂ්කරත්වය තුළය.
ඔවුන්ගේ මුහුණු මතින් නිරයේ ගින්නට ඇදගෙන යනු ලබන දිනයේ සකර් (නම් නිරා ගින්නේ) ස්පර්ශය නුඹලා භුක්ති විදිනු (යැයි පවසනු ලැබේ.)
නියත වශයෙන්ම අපි සෑම දෙයක්ම එය ප්‍රමාණයකින් යුතු ව මැව්වෙමු.
තවද අපගේ නියෝගය එක් වරක් පමණි. (එය) ඇසි පිය ගසන්නාක් මෙනි.
තවද සැබැවින්ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?
තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛන වල (ලියවී) ඇත.
Verse 53
තවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය
නියත වශයෙන්ම බිය බැතිමතුන් උයන් හා ගඟ අතරය.
සර්ව බලාධිකාරී රජු අබියස සත්‍යය ස්ථානයෙහිය.
تقدم القراءة