الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා لقمان හි පරිවර්තනය
Verse 1
ﭑ
ﭒ
අලිෆ්, ලාම්, මීම්
Verse 2
ﭓﭔﭕﭖ
ﭗ
ඒවා ප්‍රඥාවෙන් සපිරුණු දේව ග්‍රන්ථයේ වදන්ය.
Verse 3
ﭘﭙﭚ
ﭛ
එය දැහැමියන්ට මගපෙන්වීමක් හා ආශිර්වාදයකි.
Verse 4
ඔවුහු වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. තවද සකාත් ද පිරිනමති. තවද ඔවුහු මතු ලොව පිළිබඳ ව තරයේම විශ්වාස කරන්නෝ වෙති.
Verse 5
ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ මග පෙන්වීම මත වෙති. තවද ඔවුහුමය ජයග්‍රාහකයෝ.
Verse 6
තවද ජනයා අතුරින් කිසිදු දැනුමකින් තොර ව අල්ලාහ්ගේ මාර්ගයෙන් මුළා කරනු වස් පුහු වදන් මිලට ගෙන ඒවා විහිළුවක් බවට ගන්නා අය ද වෙති. තමන් හට නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහුමය.
Verse 7
තවද ඔහු වෙත අපගේ වදන් පාරායනා කර පෙන්වනු ලබන අවස්ථාවේ තම දෙකන්හි බිහිරි බව ඇත්තාක් මෙන් තමන්ට එය නොඇසුණාක් මෙන් අහංකාරයකු සේ හැරී ගියේය. එහෙයින් වේදනීය දඬුවම ගැන ඔහුට ශුභාරංචි දන්වනු.
Verse 8
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සුව පහසුකම් සහිත (ස්වර්ග) උයන් ඇත.
Verse 9
ඔවුන් එහි සදාතනිකයින්ය. අල්ලාහ්ගෙන් සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. තවද ඔහු සර්ව බලධාරීය මහා ප්‍රඥාවන්තය.
Verse 10
නුඹලා එය දකින අයුරින් කිසිදු කුලුනකින් තොර ව අහස් ඔහු මැව්වේය. තවද නුඹලා නොසෙලවනු පිණිස මහපොළොවේ කඳු ඇති කළේය. තවද එහි සෑම ජීවියකුම ව්‍යාප්ත කළේය. තවද අපි අහසින් ජලය පහළ කොට එහි යහපත් සෑම ජෝඩුවකින්ම පැළෑටි හටගැන්වූයෙමු.
Verse 11
මෙය අල්ලාහ්ගේ මැවීමය. එහෙයින් ඔහුගෙන් තොරවූවන් මැව්වේ කුමක් ද? නමුත් අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහිය.
Verse 12
තවද අල්ලාහ්ට කෘතවේදී වන්නට සැබැවින්ම අපි ලුක්මාන්ට ප්‍රඥාව පිරිනැමුවෙමු. තවද කවරෙකු කෘතවේදී වන්නේ ද එසේ ඔහු කෘතවේදී වනුයේ ඔහුටමය. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේද එවිට නියත වශයෙන්ම අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොරය ප්‍රශංසාලාභීය.
Verse 13
තවද ලුක්මාන් තම පුතණුවන්ට උපදෙස් දෙමින් ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු. අහෝ මාගේ පුතණුවනි, ඔබ අල්ලාහ්ට ආදේශ නොකරනු. නියත වශයෙන්ම ආදේශ කිරීම මහත් වූ අපරාධයකි.
Verse 14
ඔහුගේ මව දුර්වලත්වයෙන් දුර්වලත්වයට පත්වෙමින් ඔහු ඉසිලුවාය. ඔහුට කිරිවැරීම වසර දෙකක් තුළ විය. මට හා ඔබේ දෙමාපියන්ට කෘතවේදී වනු. නැවත යොමු වීමේ ස්ථානය මා වෙතය යැයි මිනිසාට ඔහුගේ දෙමව්පියන් පිළිබඳ ව අපි උපදෙස් දුනිමු.
Verse 15
ඔබට කවර දෙයක් ගැන දැනුම නැත්තේ ද එවන් දෑ මට ආදේශ කිරීමට ඔවුන් දෙදෙනා ඔබට උත්සාහ දැරුවේ නම් එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. තවද මෙලොවෙහි යහපත් අයුරින් ඔවුන් දෙදෙනා සමග මිත්‍රශීලී ව කටයුතු කරනු. තවද මා වෙත යොමුවූවන්ගේ මාර්ගය ඔබ අනුගමනය කරනු. පසු ව නුඹලාගේ නැවත හැරී එන ස්ථානය ඇත්තේ මා වෙතය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව මම නුඹලාට දන්වමි.
Verse 16
අහෝ ! මාගේ පුතණුවනි, නියත වශයෙන්ම අඹ ඇටයක තරම් ප්‍රමාණකින් යමක් වී එය කළු ගලක් තුළ හෝ අහස් තුළ හෝ මහපොළොව තුළ හෝ තිබුණ ද අල්ලාහ් එය ගෙන එනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් කුලුණැතිය මහා ප්‍රඥාවන්තය.
Verse 17
මාගේ පුතණුවනි, ඔබ සලාතය විධිමත් ව ඉටු කරනු. තවද යහපත් දෑ අණ කරනු. තවද පිළිකුල් සහගත දැයින් වළක්වනු. ඔබට ඇති වූ දෑ මත ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන්ම එය කරුණු වල අධිෂ්ඨාන පූර්වක කරුණකි.
Verse 18
ඔබේ කම්මුල ජනයාට නොහරවනු. තවද මහපොළොවේ අහංකාරයෙන් ගමන් නොකරනු. උඩඟු ලීලාවෙන් උද්දච්චකමින් ගමන් කරන සෑම කෙනෙකුවම නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය නොකරයි.
Verse 19
තවද ඔබේ ගමනෙහි නිහතමානී වනු. තවද ඔබේ හඬ පහත් කරනු. නියත වශයෙන්ම හඬ අතුරින් වඩාත් පිළිකුල් සහගත (හඬ) වනුයේ බූරුවාගේ හඬය.
Verse 20
අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට වසඟ කර දුන් බවත් ඔහුගේ ආශිර්වාදය නුඹලා වෙත මතුපිටින් ද ඇතුළාන්තයෙන් ද සම්පූර්ණ කර දී ඇති බවත් නුඹලා නොදුටුවෙහුද? කිසිදු දැනුමකින් හෝ මග පෙන්වීමකින් හෝ ආලෝකය ලබා දෙන දේව ග්‍රන්ථයකින් හෝ තොර ව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නෝ ද ජනයා අතුරින් වෙති.
Verse 21
තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනුයි ඔවුනට කියනු ලැබූ කල්හි අපගේ පියවරු කවර දෙයක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පැවසූහ. ඇවිළෙන ගින්නේ දඬුවම වෙත ෂෙයිතාන් ඔවුන් ඇරයුම් කර සිටිය ද (ඔවුන් එසේ අනුගමනය කරයි ද?)
Verse 22
තවද කවරෙකු දැහැමියකු ව සිට තම මුහුණ අල්ලාහ් වෙතට යටහත් කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු බලවත් බැඳියාවක් තදින් ග්‍රහණය කර ගත්තේය. තවද සියලු කරුණු වල අවසානය අල්ලාහ් වෙතය.
Verse 23
තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔබ දුකට පත් නොකළ යුතුය. ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙතය. එවිට ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව අපි ඔවුනට දන්වා සිටිමු. නියත වශයෙන්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
Verse 24
අපි ඔවුනට ටික කලක් භුක්ති විඳින්නට සලස්වමු. පසු ව අපි ඔවුන් දැඩි දඬුවමක් වෙත යොමු කරන්නෙමු.
Verse 25
තවද අහස් හා මහපොළොව මැව්වේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවේ නම් සැබැවින්ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ට යැයි ඔබ පවසනු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
Verse 26
අහස්හි හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නියත වශයෙන්ම අල්ලාහ්, ඔහුමය අවශ්‍යතාවන්ගෙන් තොර වූ ප්‍රශංසාලාභී වනුයේ.
Verse 27
මහපොළොවේ ගස් අතුරින් පන්හිදවල් වී තවද මුහුද ද එයට පසු ව තවත් මුහුදු හතක් එයට එකතු වුව ද අල්ලාහ්ගේ වදන් නිමා නොවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.
Verse 28
නුඹලා මැවීම හෝ නුඹලා නැවත නැගිටුවීම හෝ එකම ආත්මයක් මෙන් මිස නැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්ව නිරීක්ෂකය.
Verse 29
නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවල තුළ ඇතුළත් කරන බවත් දහවල රාත්‍රිය තුළ ඇතුළත් කරන බවත් ඔබ නොදුටුවෙහි ද? තවද හිරු හා සඳු ඔහු වසඟ කළේය. (එය) සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. තවද නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
Verse 30
නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සත්‍යය. තවද නියත වශයෙන්ම ඔහුගෙන් තොර ව ඔවුන් ඇරයුම් කරන දෑ අසත්‍යය වේ. තවද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය උත්තරීතර අතිමහත් වනුයේ.
Verse 31
ඔහුගේ සංඥා අතුරින් නුඹලාට ඔහු පෙන්වීම පිණිස නියත වශයෙන්ම අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මුහුදෙහි ගමන් කරන නැව් ඔබ නොදුටුවෙහි ද? ඉවසිලිවන්ත කෘතගුණ සලකන සෑම කෙනෙකුටම එහි සාධක ඇත.
Verse 32
කඳු මෙන් රළ ඔවුන් වසා ගත් විට දහම අල්ලාහ්ට පමණක් පුද කරන්නන් ලෙසින් ඔවුහු ඔහු ඇරයුම් කළෝය. නමුත් ඔහු ඔවුන් ගොඩබිම වෙත මුදවාගෙන ආ කල්හි එවිට ඔවුන් අතුරින් මධ්‍යස්ථ ව කටයුතු කරන්නන් ද විය. එමෙන්ම වංචාකාර ගුණමකු සෑම කෙනෙකුම මිස අපගේ සංඥා පිටු නොදකිනු ඇත.
Verse 33
අහෝ ! ජනයිනි, නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. තවද පියකු තම දරුවා සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි එමෙන්ම දරුවකුට තම පියා සම්බන්ධයෙන් කිසිවක් කටයුතු කරන්නකු විය නොහැකි දිනයකට නුඹලා බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලාව රවටා නොදැමිය යුතුය. තවද රැවටිලි දෑද අල්ලාහ් ගැන නුඹලා රවටා නොදැමිය යුතුය.
Verse 34
අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ නියත වශයෙන්ම අල්ලාහ් වනාහි ඔහු අබියස ය. ඔහු වැසි පහළ කරයි. තවද ගර්භාෂයන් තුළ ඇති දෑ දනී. හෙට දින උපයනුයේ කුමක්දැයි කිසිදු ආත්මයක් නොදනී. තවද කවර භූමියක මරණයට පත් වන්නේ දැයි කිසිදු ආත්මයක් නොදනී. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අභිඥානවන්තය.
تقدم القراءة