الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා البينة හි පරිවර්තනය
Verse 1
වේද ග්‍රන්ථ සතු ජනයා හා ආදේශ තබන්නන් අතුරින් වූ ප්‍රතික්ෂේප කළ අය තමන් වෙත පැහැදිලි සාධකය පැමිණෙන තෙක් (ප්‍රතික්ෂේප කිරීමෙන්) ඉවත්වන්නෝ නොවූහ.
Verse 2
ﮤﮥﮦﮧﮨﮩ
ﮪ
එනම් පිවිතුරු කරන ලද පත්‍රිකා කියවන අල්ලාහ්ගෙන් වූ දේව දූතයා ය.
Verse 3
ﮫﮬﮭ
ﮮ
එහි නිවැරදි නීති රීති ඇත.
Verse 4
තවද වේද ග්‍රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසු ව මිස ඔවුහු වෙන් ව නොගියහ.
Verse 5
පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහු ව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය. තවද ඍජු දහම වනුයේ එයයි.
Verse 6
සැබැවින්ම පුස්තක ලත් ජනයා හා ආදේශ තබන්නන් අතුරින් වූ ප්‍රතික්ෂේප කළවුන් නිරා ගින්නෙහිය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන්මය මැවීම් අතුරින් ඉතා අයහපත්ම මැවීම වනුයේ.
Verse 7
සැබැවින්ම විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වන ඔවුහුමය මැවීම් අතුරින් ශ්‍රේෂ්ඨ වන්නෝ.
Verse 8
ඔවුන්ගේ පරමාධිපති අබියස වූ ඔවුන්ගේ ප්‍රතිඵල වනුයේ පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් ස්වර්ග උයන්ය. ඔවුහු එහි සදහටම සදාතනිකයෝ වෙති. අල්ලාහ් ඔවුන් ව පිළිගත්තේය. ඔවුහුද ඔහු ව පිළිගත්තෝය. එය තම පරමාධිපතිට බිය වූ අයටය.
تقدم القراءة