ﯻ
                    surah.translation
            .
            
    
                                    من تأليف: 
                                            فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
                                                            .
                                                
            ﰡ
                                                                                                                
                                    ﭑﭒ
                                    ﰀ
                                                                        
                    කුමක් පිළිබඳව ද ඔවුන් විමසා ගනුයේ.
                                                                        මහඟු වූ ආරංචිය පිළිබඳව ය.
                                                                        එය ඔවුන් භේද බින්න වී සිටි දෑය.
                                                                        
                                                                                                                
                                    ﭝﭞ
                                    ﰃ
                                                                        
                    නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය.
                                                                        යළි නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය.
                                                                        අපි මහපොළොව ඇතිරිල්ලක් ලෙස පත් නොකළෙමු ද?
                                                                        
                                                                                                                
                                    ﭩﭪ
                                    ﰆ
                                                                        
                    තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද?)
                                                                        
                                                                                                                
                                    ﭬﭭ
                                    ﰇ
                                                                        
                    තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් නොමැව්වෙමු ද?
                                                                        තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් නොකළෙමු ද?
                                                                        තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් නොකළෙමු ද?
                                                                        තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් නොකළෙමු ද?
                                                                        තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි නොකළෙමු ද?
                                                                        තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් නොකළෙමු ද?
                                                                        තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ නොකළෙමු ද?
                                                                        එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.
                                                                        
                                                                                                                
                                    ﮏﮐ
                                    ﰏ
                                                                        
                    තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)
                                                                        නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.
                                                                        සූර් (හොරණෑව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
                                                                        තවද අහස විවෘත කරනු ලැබේ. එවිට එය දොරටු බවට පත් වනු ඇත.
                                                                        කඳු (තිබූ තැන් වලින්) ඉවත් කරනු ලැබේ. එවිට එය මිරිඟුවක් මෙන් වනු ඇත.
                                                                        නියත වශයෙන්ම නිරය පහර දෙන ස්ථානයක් විය.
                                                                        
                                                                                                                
                                    ﮮﮯ
                                    ﰕ
                                                                        
                    (එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.
                                                                        එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙති.
                                                                        ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති.
                                                                        නටන උණු දිය සහ (නිරයේ වැසියන්ගේ තුවාල වලින් ගලන) සැරව මිස. (වෙන කිසිවක් නැත)
                                                                        
                                                                                                                
                                    ﯡﯢ
                                    ﰙ
                                                                        
                    (එසේ ඔවුනට ලැබෙනුයේ) සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.
                                                                        නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටිය හ.
                                                                        තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝය.
                                                                        තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව සංස්කරණය කළෙමු.
                                                                        “එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස (අන් කිසිවක්) අපි නුඹලාට වැඩි නොකරන්නෙමු.” (යැයි නිරයේ වැසියන්ට පවසනු ලැබේ.)
                                                                        නියත වශයෙන්ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ද
                                                                        
                                                                                                                
                                    ﭕﭖ
                                    ﰟ
                                                                        
                    වතු හා මිදි ද ඇත.
                                                                        
                                                                                                                
                                    ﭘﭙ
                                    ﰠ
                                                                        
                    තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද
                                                                        
                                                                                                                
                                    ﭛﭜ
                                    ﰡ
                                                                        
                    පිරුණු කුසලාන ද ඇත.
                                                                        නිෂ්ඵල කථා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නොකරති.
                                                                        (එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ ප්‍රමාණවත් දායාදයක් වන ප්‍රතිඵලයකි.
                                                                        (එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කථා කිරීමට ඔහුගෙන් ඔවුන් (කිසිවෙකු)ට බලය නොමැත.
                                                                        රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටින දින. (එදින) අර් රහ්මාන් (අපරිමිත දයාන්විතයා) අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කථා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කථා නොකරයි.
                                                                        එයමය සත්‍යය වූ දිනය. එබැවින් යමෙක් අභිමත වන්නේ ද ඔහු තම රබ් (පරමාධිපති) වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා !
                                                                        නියත වශයෙන්ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳ ව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් පෙරටු කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ ! මා පස් බවට පත් විය යුතු නොවෙම් දැ”යි පවසයි.