الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා النبأ හි පරිවර්තනය
Verse 1
ﭑﭒ
ﭓ
කුමක් පිළිබඳව ද ඔවුන් විමසා ගනුයේ.
Verse 2
ﭔﭕﭖ
ﭗ
මහඟු වූ ආරංචිය පිළිබඳව ය.
Verse 3
ﭘﭙﭚﭛ
ﭜ
එය ඔවුන් භේද බින්න වී සිටි දෑය.
Verse 4
ﭝﭞ
ﭟ
නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය.
Verse 5
ﭠﭡﭢ
ﭣ
යළි නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය.
Verse 6
ﭤﭥﭦﭧ
ﭨ
අපි මහපොළොව ඇතිරිල්ලක් ලෙස පත් නොකළෙමු ද?
Verse 7
ﭩﭪ
ﭫ
තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද?)
Verse 8
ﭬﭭ
ﭮ
තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් නොමැව්වෙමු ද?
Verse 9
ﭯﭰﭱ
ﭲ
තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් නොකළෙමු ද?
Verse 10
ﭳﭴﭵ
ﭶ
තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් නොකළෙමු ද?
Verse 11
ﭷﭸﭹ
ﭺ
තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් නොකළෙමු ද?
Verse 12
ﭻﭼﭽﭾ
ﭿ
තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි නොකළෙමු ද?
Verse 13
ﮀﮁﮂ
ﮃ
තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් නොකළෙමු ද?
Verse 14
ﮄﮅﮆﮇﮈ
ﮉ
තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ නොකළෙමු ද?
Verse 15
ﮊﮋﮌﮍ
ﮎ
එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.
Verse 16
ﮏﮐ
ﮑ
තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)
Verse 17
ﮒﮓﮔﮕﮖ
ﮗ
නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.
Verse 18
ﮘﮙﮚﮛﮜﮝ
ﮞ
සූර් (හොරණෑව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
Verse 19
ﮟﮠﮡﮢ
ﮣ
තවද අහස විවෘත කරනු ලැබේ. එවිට එය දොරටු බවට පත් වනු ඇත.
Verse 20
ﮤﮥﮦﮧ
ﮨ
කඳු (තිබූ තැන් වලින්) ඉවත් කරනු ලැබේ. එවිට එය මිරිඟුවක් මෙන් වනු ඇත.
Verse 21
ﮩﮪﮫﮬ
ﮭ
නියත වශයෙන්ම නිරය පහර දෙන ස්ථානයක් විය.
Verse 22
ﮮﮯ
ﮰ
(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.
Verse 23
ﮱﯓﯔ
ﯕ
එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙති.
Verse 24
ﯖﯗﯘﯙﯚﯛ
ﯜ
ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති.
Verse 25
ﯝﯞﯟ
ﯠ
නටන උණු දිය සහ (නිරයේ වැසියන්ගේ තුවාල වලින් ගලන) සැරව මිස. (වෙන කිසිවක් නැත)
Verse 26
ﯡﯢ
ﯣ
(එසේ ඔවුනට ලැබෙනුයේ) සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.
Verse 27
ﯤﯥﯦﯧﯨ
ﯩ
නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටිය හ.
Verse 28
ﯪﯫﯬ
ﯭ
තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝය.
Verse 29
ﯮﯯﯰﯱ
ﯲ
තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව සංස්කරණය කළෙමු.
Verse 30
ﯳﯴﯵﯶﯷ
ﯸ
“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස (අන් කිසිවක්) අපි නුඹලාට වැඩි නොකරන්නෙමු.” (යැයි නිරයේ වැසියන්ට පවසනු ලැබේ.)
Verse 31
ﭑﭒﭓ
ﭔ
නියත වශයෙන්ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ද
Verse 32
ﭕﭖ
ﭗ
වතු හා මිදි ද ඇත.
Verse 33
ﭘﭙ
ﭚ
තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද
Verse 34
ﭛﭜ
ﭝ
පිරුණු කුසලාන ද ඇත.
Verse 35
ﭞﭟﭠﭡﭢﭣ
ﭤ
නිෂ්ඵල කථා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නොකරති.
Verse 36
ﭥﭦﭧﭨﭩ
ﭪ
(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ ප්‍රමාණවත් දායාදයක් වන ප්‍රතිඵලයකි.
Verse 37
(එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කථා කිරීමට ඔහුගෙන් ඔවුන් (කිසිවෙකු)ට බලය නොමැත.
Verse 38
රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටින දින. (එදින) අර් රහ්මාන් (අපරිමිත දයාන්විතයා) අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කථා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කථා නොකරයි.
Verse 39
එයමය සත්‍යය වූ දිනය. එබැවින් යමෙක් අභිමත වන්නේ ද ඔහු තම රබ් (පරමාධිපති) වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා !
Verse 40
නියත වශයෙන්ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳ ව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් පෙරටු කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ ! මා පස් බවට පත් විය යුතු නොවෙම් දැ”යි පවසයි.
تقدم القراءة