الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා المزّمّل හි පරිවර්තනය
Verse 1
ﭑﭒ
ﭓ
අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
Verse 2
ﭔﭕﭖﭗ
ﭘ
සුළු කාලයක් හැර රාත්රියෙහි නැගිට සිට නැමදුම් කරනු.
Verse 3
ﭙﭚﭛﭜﭝ
ﭞ
එයින් අඩක් හෝ එයින් ස්වල්පයක් හෝ නුඹ අඩු කර ගනු.
Verse 4
ﭟﭠﭡﭢﭣﭤ
ﭥ
නැතහොත් ඊට වඩා වැඩි කර ගනු. තවද අල් කුර්ආනය තාලයට (පිළිවෙළට) පාරායනය කරමින් පාරායනය කරනු.
Verse 5
ﭦﭧﭨﭩﭪ
ﭫ
නියත වශයෙන්ම අපි නුඹ වෙත බරැති ප්රකාශයක් මතු හෙළන්නෙමු.
Verse 6
නියත වශයෙන්ම රාත්රියේ අවදිවීම සිත් දමනයට වඩාත් බලගතුය. තවද කියවීමට වඩාත් උචිතය.
Verse 7
ﭵﭶﭷﭸﭹﭺ
ﭻ
දහවල් කාලයේ නියත වශයෙන්ම ඔබට දිගු කාර්ය භාරයක් ඇත.
Verse 8
ﭼﭽﭾﭿﮀﮁ
ﮂ
තවද ඔබේ පරමාධිපතිගේ නාමය ඔබ මෙනෙහි කරනු. තවද (නැමදුමෙහි) ඔහු වෙත පූර්ණ ව යොමු වනු.
Verse 9
ඔහු නැගෙනහිර හා බටහිරෙහි හිමිපාණන්ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් භාරකරුවකු වශයෙන් ඔබ ඔහු ගනු.
Verse 10
තවද ඔවුන් පවසන දෑ ගැන නුඹ ඉවසනු. තවද අලංකාර මග හැරීමකින් ඔවුන් මග හරිනු.
Verse 11
ﮕﮖﮗﮘﮙﮚ
ﮛ
සැප පහසුකමින් යුත් බොරු පවසන්නන් මා සමග නුඹ අත්හැර දමනු. තවද ඔවුනට ස්වල්ප කාලයක් අවකාශ දෙනු.
Verse 12
ﮜﮝﮞﮟ
ﮠ
නියත වශයෙන්ම අප වෙත විලංගු හා නිරය ද
Verse 13
ﮡﮢﮣﮤﮥ
ﮦ
උගුර හිර කරන ආහාර හා වේදනීය දඬුවම ද ඇත.
Verse 14
එදින මහපොළොව හා කඳු කම්පනය වෙයි. තවද කඳු හැළෙන සුළු ගොඩ ගසා ඇති පස් බවට පත් වනු ඇත.
Verse 15
ෆිර්අවුන් වෙත අපි දූතයකු එව්වාක් මෙන් නුඹලා මත සාක්ෂි දරන දූතයකු නුඹලා වෙත සැබැවින්ම අපි එව්වෙමු.
Verse 16
ﯝﯞﯟﯠﯡﯢ
ﯣ
නමුත් ෆිර්අවුන් එම දූතයාණන්ට පිටුපෑවේය. එහෙයින් අපි ඔහු දරුණු ග්රහණයකින් ග්රහණය කළෙමු.
Verse 17
නුඹලා ප්රතික්ෂේප කළේ නම් දරුවන් පවා මහලුන් බවට පත් කරන දිනයෙහි නුඹලා කෙසේ නම් ආරක්ෂා වන්නෙහු ද?
Verse 18
අහස ඒ හේතුවෙන් පිපිරී යන්නකි. ඔහුගේ ප්රතිඥාව සිදු කරනු ලබන්නක් විය.
Verse 19
නියත වශයෙන්ම මෙය මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එය තම පරමාධිපති වෙත වූ මාර්ගයක් ලෙස ගනිත්වා !
Verse 20
නියත වශයෙන්ම නුඹ රාත්රියෙන් තුනෙන් දෙකකට වඩා අඩු කාලයක් ද ඉන් අඩක් ද තුනෙන් එකක කොටසක් ද නැගී සිටින බවත් නුඹ සමග සිටින අය අතුරින් පිරිසක් ද (එසේ) සිටින බවත් නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දන්නේය. අල්ලාහ් රාත්රිය හා දහවල ප්රමාණ කරන්නේය. නුඹලා එය (නිවැරදි ව) ගණන් නොකරන බව ඔහු දන්නේය. එවිට ඔහු නුඹලාට සමාව දුන්නේය. එහෙයින් අල් කුර්ආනයෙන් පහසු දෑ නුඹලා පාරායනය කරනු. නුඹලා අතර රෝගීන් හා අල්ලාහ්ගේ භාග්යයන් සොයා මහපොළොවේ සැරිසරන තවත් අය හා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින තවත් අය සිටින බව ඔහු දන්නේය. එහෙයින් එයින් පහසු දෑ නුඹලා පාරායනය කරනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාත් ද දෙනු. අල්ලාහ්ට අලංකාර ණයක් දෙනු. නුඹලා වෙනුවෙන් කවර යහපතක් නුඹලා ඉදිරිපත් කරන්නේ ද නුඹලා එය අල්ලාහ් අබියස දැක ගනු ඇත. එය ශ්රේෂ්ඨය. ප්රතිඵලයෙන් වඩාත් ඉමහත්ය. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතය.
تقدم القراءة