سورة التكوير

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා التكوير හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
හිරු හකුළනු ලබන විට
Verse 2
තවද තරු කඩා හැළුණු විට
Verse 3
තවද කඳු ගමන් කරවනු ලබන විට
Verse 4
තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට
Verse 5
තවද වන සතුන් රැස් කරනු ලබන විට
Verse 6
තවද මුහුදු ගිනිගනු ලබන විට
Verse 7
තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට
Verse 8
තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලැබූ විට
Verse 9
තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැ?යි
Verse 10
තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලැබූ විට
Verse 11
තවද අහස නිරාවරණය කරනු ලැබූ විට
Verse 12
තවද නිරය මොලවනු ලැබූ විට
Verse 13
තවද (දේව විශ්වාසවන්තයින් වෙත) ස්වර්ගය සමීප කරවනු ලැබූ විට
Verse 14
ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක්දැයි දැන ගනු ඇත.
Verse 15
එබැවින් ගමන් කරන ග්‍රහතාරකාව මත දිවුරමි.
Verse 16
සැඟ වී නොපෙනී (යන ග්‍රහතාරකාව මත දිවුරමි.)
Verse 17
රාත්‍රිය මත දිවුරමින්. එය ගෙවී යන විට.
Verse 18
පෙරවරුව මත දිවුරමින්. එය උදා වී පවතින විට
Verse 19
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.
බලයෙන් යුක්ත ස්ථාවර ව පවතින සර්වරාජ්‍යයේ හිමිකරු අබියස සිටින,
Verse 21
තවද එහි යටහත් වනු ලබන විශ්වාසවන්ත, (දූතයකුගේ වදන වේ.)
Verse 22
තවද නුඹලාගේ සගයා උම්මත්තකයෙකු නොවේ.
Verse 23
තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේය.
තවද ඔහු (සත්‍ය) සඟවන මසුරෙකු නොවේ.
තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නොවේ.
Verse 26
එබැවින් නුඹලා කොහේ යන්නෙහු ද?
එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.
නුඹලා අතුරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද ඔහුටය.
තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත වන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය.
تقدم القراءة