الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الضحى හි පරිවර්තනය
Verse 1
ﮉ
ﮊ
පෙරවරු ව මත දිවුරමින්
Verse 2
ﮋﮌﮍ
ﮎ
තවද රාත්‍රිය මත දිවුරමින් එය (දහවල) ආවරණය කරන විට,
Verse 3
ﮏﮐﮑﮒﮓ
ﮔ
නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත.
Verse 4
ﮕﮖﮗﮘﮙ
ﮚ
සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.
Verse 5
ﮛﮜﮝﮞ
ﮟ
තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට මතු පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.
Verse 6
ﮠﮡﮢﮣ
ﮤ
ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දුටුවේය. එවිට ඔහු රැකවරණය දුන්නේය.
Verse 7
ﮥﮦﮧ
ﮨ
තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දුටුවේය. එවිට ඔහු මඟ පෙන්වූයේය.
Verse 8
ﮩﮪﮫ
ﮬ
තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දුටුවේය. එවිට ඔහු ස්වයංපෝෂිත කළේය.
Verse 9
ﮭﮮﮯﮰ
ﮱ
එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.
Verse 10
ﯓﯔﯕﯖ
ﯗ
තවද අයදින්නා ව පලවා නොහරිනු.
Verse 11
ﯘﯙﯚﯛ
ﯜ
තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.
تقدم القراءة