الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා المعارج හි පරිවර්තනය
Verse 1
ﮮﮯﮰﮱ
ﯓ
සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේය.
Verse 2
ﯔﯕﯖﯗ
ﯘ
දේව ප්‍රතික්ෂේපකයින්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.
Verse 3
ﯙﯚﯛﯜ
ﯝ
ආරෝහණ ක්‍රියාවලිය හිමි අල්ලාහ්ගෙන් (වළක්වාලන කිසිවකු නොමැත)
Verse 4
එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් හා ආත්මය (ජිබ්රීල්) ඔහු වෙත ආරෝහණය වෙයි.
Verse 5
ﯪﯫﯬ
ﯭ
එහෙයින් ඔබ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.
Verse 6
ﯮﯯﯰ
ﯱ
නියත වශයෙන්ම එය අධික දුරින් ඇති බව ඔවුහු සිතති.
Verse 7
ﯲﯳ
ﯴ
නමුත් අපි එය සමීපයෙන් දකිමු.
Verse 8
ﯵﯶﯷﯸ
ﯹ
එදින අහස උණු වූ තඹ මෙන් වනු ඇත.
Verse 9
ﯺﯻﯼ
ﯽ
තවද කඳු ලොම් මෙන් වනු ඇත.
Verse 10
ﯾﯿﰀﰁ
ﰂ
මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නොකරයි.
Verse 11
ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා තම දරුවන්
Verse 12
ﭜﭝ
ﭞ
තම බිරිය තම සහෝදරයා
Verse 13
ﭟﭠﭡ
ﭢ
ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්
Verse 14
ﭣﭤﭥﭦﭧﭨ
ﭩ
හා මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු ව ඒවා තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
Verse 15
ﭪﭫﭬﭭ
ﭮ
එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.
Verse 16
ﭯﭰ
ﭱ
(එය හිස්කබලේ) චර්මය ගලවා දමන්නකි.
Verse 17
ﭲﭳﭴﭵ
ﭶ
එය (මෙලොවෙහි දේව විශ්වාසය නොතකා) පසුපස හැරී පලා ගොස්
Verse 18
ﭷﭸ
ﭹ
(වස්තුව) රැස් කොට එය තැන්පත් කර (සඟවා) තැබු අයට ආරාධනා කරයි.
Verse 19
ﭺﭻﭼﭽﭾ
ﭿ
නියත වශයෙන්ම මිනිසා කලබලකාරී ලෙසින් මවනු ලැබීය.
Verse 20
ﮀﮁﮂﮃ
ﮄ
ඔහුට අයහපතක් වැලඳුණු විට නොසන්සුන්වන්නකු ලෙස සිටියි.
Verse 21
ﮅﮆﮇﮈ
ﮉ
තවද ඔහුට යහපත වැලඳුණු විට (නොදී) රඳවා ගන්නකු ලෙස සිටියි.
Verse 22
ﮊﮋ
ﮌ
නමුත් සලාතය ඉටු කරන්නන් හැර.
Verse 23
ﮍﮎﮏﮐﮑ
ﮒ
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නන් වෙති.
Verse 24
ﮓﮔﮕﮖﮗ
ﮘ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිතකොටසක් ඇත
Verse 25
ﮙﮚ
ﮛ
අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට
Verse 26
ﮜﮝﮞﮟ
ﮠ
තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳ ව සත්‍යය කරති.
Verse 27
ﮡﮢﮣﮤﮥﮦ
ﮧ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ ව බියෙන් සිටිති.
Verse 28
ﮨﮩﮪﮫﮬ
ﮭ
නියත වශයෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම සුරක්ෂිත භාවයෙන් තොරවු කරුණකි.
Verse 29
ﮮﮯﮰﮱ
ﯓ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
Verse 30
නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.
Verse 31
එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට සොයන්නේ ද එවිට ඔවුහුමය උල්ලංඝනය කරන්නෝ.
Verse 32
ﯧﯨﯩﯪﯫ
ﯬ
තවද ඔවුහු වනාහි ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් (නිසි අයුරින්) රකින්නන් වෙති.
Verse 33
ﯭﯮﯯﯰ
ﯱ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවර ව සිටින්නන් වෙති.
Verse 34
ﯲﯳﯴﯵﯶ
ﯷ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් මත සුරක්ෂා කරන්නෝ වෙති.
Verse 35
ﯸﯹﯺﯻ
ﯼ
ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහුමය.
Verse 36
ﯽﯾﯿﰀﰁ
ﰂ
ප්‍රතික්ෂේප කළවුන් නුඹ ඉදිරියේ සිට කඩිනම් පැමිණෙනුයේ ඇයි?
Verse 37
ﰃﰄﰅﰆﰇ
ﰈ
දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන්
Verse 38
ඔවුන් අතුරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?
Verse 39
ﰒﰓﰔﰕﰖﰗ
ﰘ
එසේ නොවේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන්ම අපි ඔවුන් මැව්වෙමු.
Verse 40
පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන්ම අපි බලය දරන්නෝ වෙමු.
Verse 41
(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අය ආදේශ කිරීමට. තවද අපි අබිබවා යනු ලබන්නන් නොවෙමු.
Verse 42
ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.
Verse 43
පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනී වළවල් වලින් ඔවුහු බැහැර වෙති.
Verse 44
ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.
تقدم القراءة