الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الفرقان හි පරිවර්තනය
Verse 1
ලෝවැසියන්ට එය අවවාදයක් වනු පිණිස තම ගැත්තා මත මිනුම් දණ්ඩය (හෙවත් අල් කුර්ආනය) පහළ කළා වූ ඔහු උත්කෘෂ්ට විය.
Verse 2
ඔහු වනාහි, අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය ඔහු සතුය. තවද ඔහු දරුවකු නොගත්තේය. තවද එම ආධිපත්‍යය තුළ ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද එය නිර්ණයකින් නිර්ණය කළේය.
Verse 3
ඔවුහු ඔහුගෙන් තොර ව වෙනත් දෙවිවරුන් ගත්තෝය. ඔවුහු පවා මවනු ලැබූවන් ලෙස සිටිය දී ඔවුහු කිසිවක් නොමවති. තවද ඔවුනට යම් හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ සැලසීමට ඔවුහු බලය නොදරති. තවද ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ නැවත නැගිටුවීමට හෝ ඔවුහු බලය නොදරති.
Verse 4
මෙය ඔහු ගෙතූ ප්‍රබන්ධයක් මිස නැත. මේ සඳහා වෙනත් පිරිසක් ඔහුට උදව් කළේ යැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝය. එහෙයින් සැබැවින්ම ඔවුහු අපරාධයක් හා අවලාදයක් ගෙන ආවෝය.
Verse 5
ඒවා ඔහු ලියවා ගත් මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් වෙති. ඒවා ඔහු වෙත උදේ සවස කියවා පෙන්වනු ලැබේ යැයි ඔවුහු පවසති.
Verse 6
අහස්හි හා මහපොළොවේ රහස්‍ය දෑ දන්නා, එය පහළ කළේය. නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී හා මහා කරුණාන්විතයාණන් විය යැයි නුඹ පවසනු.
Verse 7
මෙම දූතයාණන්ට කුමක් වී ද? ඔහු ආහාර අනුභවය කරයි. වෙළඳ පොළ වල්හි සැරිසරයි. මොහු වෙතට මලක්වරයකු පහළ කරනු ලැබ මොහු සමග (එක්) වී ඔහු අවවාද කරන්නකු ලෙස සිටිය යුතු නොවේ ද? ඔවුහු පවසති.
Verse 8
එසේ නැතහොත් ඔහු වෙතට නිධානයක් දෙනු ලැබියු යුතු නොවේ ද එසේත් නැතහොත් ඔහුට උයනක් වී එමගින් අනුභව කළ යුතු නොවේ ද? තවද නුඹලා අනුගමනය කරනුයේ හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස නැතැයි අපරාධකරුවෝ පැවසූහ.
Verse 9
ඔවුහු නුඹට උපමා ගෙන හැර පානුයේ කෙසේ දැ?යි නුඹ අධීක්ෂණයෙන් බලනු. ඔවුහු නොමග ගියහ. එහෙයින් ඔවුහු (යහ) මගක් ලබන්නට හැකියාව නොදැරූහ.
Verse 10
ඔහු (අල්ලාහ්) උත්කෘෂ්ට විය. ඔහු වනාහි ඔහු අභිමත කළේ නම් මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ වශයෙන්, ඒවාට යටින් ගංගා ගලා බස්නා උයන් නුඹට තනා දෙන්නට තිබිණ. තවද ඔහු නුඹට මාලිගාවන් තනා දෙනු ඇත.
Verse 11
නමුත් ඔවුහු අවසන් හෝරාව පිළිබඳ ව බොරු කළෝය. තවද අවසන් හෝරාව බොරු කළවුනට අපි ඇවිළෙන නිරා ගින්න සූදානම් කළෙමු.
Verse 12
ඈත ස්ථානයක සිට එය ඔවුන්ව දකින විට එහි ඇවිළෙන මහා හඬට ද ගර්ජනයට ද ඔවුහු සවන් දෙති.
Verse 13
තවද ඔවුන් බැඳ දමනු ලැබූවන් ලෙසින් එහි පටු තැනකට හෙළනු ලැබූ විට, ඔවුහු එහි විනාශය අයැදිති.
Verse 14
අද දින නුඹලා එක් විනාශයක් පමණක් නොඅයැදිනු. නුඹලා විනාශයන් රාශියක් අයැදිනු.
Verse 15
එය උතුම් ද? එසේ නැතහොත් බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ සදාතනික ස්වර්ගය ද? එය ඔවුනට ප්‍රතිඵලයක් හා ගමනාන්තයක් විය යැයි පවසනු!
Verse 16
ඔවුනට එහි අභිමත කරන දෑ ඇත. සදාතනිකයින්ය. එය නුඹගේ පරමාධිපති වෙත පතනු ලැබූ ප්‍රතිඥාවක් විය.
Verse 17
තවද එදින ඔවුන් හා අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් නමදිමින් සිටි දෑ ඔහු එක් රැස් කොට මාගේ ගැත්තන් වන මොවුන් නොමග යැව්වේ නුඹලා ද? එසේ නැතහොත් මොවුන් ම ඍජු මාර්ගයෙන් නොමග ගියෝ දැ?යි විමසනු ඇත.
Verse 18
නුඹ සුපිවිතුරුය. නුඹගෙන් තොර ව භාරකරුවන් ගැනීමට අපට යුතු නොවීය. එනමුත් ඔවුන් මෙනෙහි කිරීම අමතක කරන තරමට නුඹ ඔවුනට හා ඔවුන්ගේ මුතුන් මිත්තන් හට භුක්ති විඳින්නට සැප පහසුකම් සැළැස්වූවෙහිය. තවද ඔවුහු විනාශ වී යන පිරිසක් වූහ. යැයි ඔවුහු පවසා සිටිනු ඇත.
Verse 19
නමුත් නුඹලා පවසන දෑ සම්බන්ධයෙන් සැබැවින්ම ඔවුහුම නුඹලා බොරු කළෝය. එහෙයින් (දඬුවමින්) හැරෙන්නට හෝ උදව් ලබන්නට හෝ නුඹලා ශක්තිය නොදරන්නෙහුය. තවද නුඹලා අතුරින් කවරෙකු අපරාධ කරන්නේ ද අපි ඔහුට මහත් වූ දඬුවමක් භුක්ති විඳින්නට සළස්වමු.
Verse 20
නුඹට පෙර වූ දහම් දූතයින් අතුරින් ඔවුන් ආහාර අනුභව කරන්නන් හා වෙළඳපොළවල්හි ගමන් කරන්නන් ලෙසින් මිස අපි නොඑව්වෙමු. තවද නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට පරීක්ෂණයක් බවට පත් කළෙමු. නුඹලා ඉවසා දරා ගන්නෙහු ද? තවද නුඹගේ පරමාධිපති සර්ව නිරීක්ෂක විය.
Verse 21
අප වෙත මලක්වරුන් පහළ කරනු ලැබ තිබිය යුතු නොවේ ද? එසේ නැතහොත් අපගේ පරමාධිපති අපි දැකිය යුතු නොවේ ද? (යැයි කියමින්) සැබැවින්ම ඔවුනොවුන් තුළම උඩඟු වූහ. මහත් ලෙස ඉක්මවා යමින් සීමාව ඉක්මවා කටයුතු කළෝය.
Verse 22
ඔවුන් මලක්වරුන් දකින දින කිසිදු ශුභාශිංසනයක් අපරාධකරුවන්ට එදින නොමැත. තවද වළක්වනු ලබන බාධකයක් විය යැයි ඔවුහු පවසති.
Verse 23
ක්‍රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි පැමිණියෙමු. පසු ව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කළෙමු.
Verse 24
(ස්වර්ග) උයනේ වැසියෝ එදින වාසස්ථානයෙන් ශ්‍රේෂ්ඨයෝ වෙති. තවද (මධ්‍යහ්න) විවේකී ස්ථානයෙන් ද වඩාත් අලංකාර වෙති.
Verse 25
එදින වලාකුළු මගින් අහස පැළී, මලක්වරුන් පියවරෙන් පියවර පහළ කරනු ලබති.
Verse 26
එදින සැබෑ ආධිපත්‍යය කරුණාන්විතයාණන් සතුය. තවද එය දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් හට දුෂ්කර දිනයක් විය.
Verse 27
තවද එදින අපරාධකරු, තම දෑත් සපා කමින් අහෝ ! දූතයාණන් සමග මා මගක් ගන්නට තිබුණා නොවේ දැයි ඔහු පවසයි.
Verse 28
ﮣﮤﮥﮦﮧﮨ
ﮩ
අහෝ ! මාගේ විනාශය ! මම අසවල් පුද්ගලයා මිතුරෙකු සේ නොගන්නට තිබුණා නොවේ ද?
Verse 29
මෙනෙහි කිරීම (හෙවත් අල් කුර්ආනය) මා වෙත පැමිණි පසු ව සැබැවින්ම ඔහු මා එයින් නොමග යැවීය. තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්‍රෝහියකු විය.
Verse 30
අහෝ! මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මාගේ ජනයා මෙම කුර්ආනය අත හැර දමනු ලබන්නක් වශයෙන් ගත්තෝ යැයි රසූල්වරයා පැවසීය.
Verse 31
එලෙස අපි සෑම නබිවරයෙකුටම අපරාධකරුවන් අතුරින් සතුරෙකු පත් කළෙමු. මඟ පෙන්වන්නෙකු වශයෙන් හා උදව්කරුවෙකු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත් වේ.
Verse 32
ඔහු වෙත අල් කුර්ආනය එකවර එකම ගොනුවක් සේ පහළ කළ යුතු නොවේ දැ? යි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ. (අහෝ මුහම්මද්!) එලෙසය අපි එමගින් නුඹගේ හදවත් ස්ථාවර කරනු පිණිසය අපි එය කොටසින් කොටස පාරායනය කළෙමු.
Verse 33
තවද ඔවුහු නුඹ වෙත උපමාවක් ගෙන නොඑති. සත්‍යය හා වඩාත් අලංකාර විග්‍රහයක් නුඹ වෙත අපි ගෙන ආවා මිස.
Verse 34
තම මුහුණු මතින් (ඇඳගෙන ගොස්) නිරය වෙත රැස් කරනු ලබන්නන් වන ඔවුහුමය නවාතැනින් නපුරෝ. තවද මාර්ගයෙන් වඩාත් නොමග වූවෝ.
Verse 35
අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද අපි ඔහු සමග ඔහුගේ සහෝදර හාරූන් උදව් කරුවකු බවට පත් කළෙමු.
Verse 36
අපගේ සංඥාවන් බොරු කළවුන් වෙත නුඹලා යනු යැයි පැවසුවෙමු. තවද අපි ඔවුන් සහමුලින්ම විනාශ කළෙමු.
Verse 37
තවද නූහ්ගේ ජනයා ද, ඔවුහු එම දහම් දූතවරුන් බොරු කළ කල්හි අපි ඔවුන් දියේ ගිල්වීමු. තවද අපි ඔවුන් ජනයාට සංඥාවක් බවට පත් කළෙමු. තවද අපි අපරාධකරුවන්ට වේදනීය දඬුවමක් පිළියෙල කළෙමු.
Verse 38
තවද ආද් ජනයා සමූද් ජනයා රස් වාසීන් හා ඒ අතර වූ බොහෝමයක් පරම්පරාවන් ද (අපි විනාශ කළෙමු.)
Verse 39
තවද සියල්ලන් ගැන අපි ඔහුට උපමා ගෙන හැර පෑවෙමු. තවද ඒ සියල්ලන් අපි දරුණු ලෙස විනාශ කර දැමුවෙමු.
Verse 40
තවද ශාපකාරී වැසි වස්සනු ලැබූ ගම්මානය ඔස්සේ සැබැවින්ම ඔවුහු පැමිණියහ. එවිට ඔවුහු එය නොදුටුවෝ ද? නමුත් (මරණින් පසු) නැවත නැගිටුවනු ලැබීම ගැන ඔවුහු අපේක්ෂා නොකරන්නන් ලෙස සිටියහ.
Verse 41
තවද ඔවුන් නුඹ ව දුටු විට ‘දූතයකු වශයෙන් අල්ලාහ් එවා සිටියේ මොහුව දැ?’යි (පවසමින්) සරදමක් ලෙසින් මිස ඔවුහු නුඹ ව නොගනිති.
Verse 42
අප අපගේ දෙවිවරුන් මත (ස්ථීර ලෙස) රැඳී නොසිටියා නම් ඔහු ඔවුන්ගෙන් අප නොමඟ යවන්නට තිබුණි. (යැයි ඔවුහු පවසති.) එම දඬුවම ඔවුන් දකින විට මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් කවුරුන්දැයි ඔවුහු මතු දැන ගනු ඇත.
Verse 43
තම ආශාවන් තම දෙවියන් ලෙස ගත් අය නුඹ නුදුටුවෙහි ද? එවිට නුඹ ඔහු වෙත භාරකරුවකු වන්නෙහි ද?
Verse 44
නියත වශයෙන්ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සවන් දෙනු ඇතැයි හෝ වටහා ගනු ඇතැයි නුඹ සිතන්නෙහි ද? ඔවුන් ගොවිපළ සතුන් මෙන් මිස නැත. එසේ නොව, මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් මොවූහුය.
Verse 45
නුඹගේ පරමාධිපති දෙස ඔහු හෙවණැල්ල කෙසේ දිගු හැරියේ දැයි නුඹ නොබැලුවෙහි ද? තවද ඔහු අභිමත කළේ නම් එය එක්තැන් වූවක් බවට ඔහු පත් කරන්නට තිබුණි. පසු ව අපි ඒ වෙත සාධකයක් බවට හිරු පත් කළෙමු.
Verse 46
ﭳﭴﭵﭶﭷ
ﭸ
පසු ව අපි එය සීරුවෙන් අප වෙත හසුකරගනිමින් අත්පත් කර ගන්නෙමු.
Verse 47
රාත්‍රිය වස්ත්‍රයක් බවටත් නින්ද විවේකයක් බවටත් නුඹලාට ඇති කළේ ඔහුය. තවද දහවල ජීවනෝපාය සඳහා ඇති කළේද ඔහුය.
Verse 48
ඔහුගේ ආශිර්වාදය අතුරින් සුළඟ ශුභාසිරි වශයෙන් එව්වේ ඔහුය. තවද අපි අහසින් පිරිසිදු ජලය පහළ කළෙමු.
Verse 49
එමගින් අප මළ භූමියක් ජීවමාන කරනු පිණිසත්. අප මැවූ දෑ අතුරින් ගොවිපළ සතුන් හා බොහෝමයක් මිනිසුනට අප ජලය සපයනු පිණිසත්ය.
Verse 50
ඔවුන් මෙනෙහි කරනු පිණිස ඔවුන් අතරට එය අපි (හරව) හරවා එව්වෙමු. නමුත් ජනයා අතුරින් බොහෝමයක් දෙනා ගුණමකුභාවයෙන් මිස එය පිළිගත්තේ නැත.
Verse 51
අපි අභිමත කළේ නම් සෑම ගම්මානයකටම අවවාද කරන්නෙකු එවන්නට තිබුණි.
Verse 52
එහෙයින් දේව ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවනත නොවනු. තවද නුඹ ඔවුන් සමග එමගින් දැඩි පරිශ්‍රමය කින් යුතු ව වෙහෙසෙනු.
Verse 53
මෙය ඉමිහිරි මිරිදියයි. එය ලුණු රසැති කරදියයි යනුවෙන් මුහුදු දෙක අතර වෙන් කළේ ඔහුය. තවද ඒ දෙක අතර බාධකයක් හා තහනම් කරනු ලැබූ තහනම් සීමාවක් ඔහු ඇති කළේය.
Verse 54
ජලයෙන් මිනිසා මැව්වේ ඔහුය. පසු ව ඔහු ඔහුට පරම්පරානුගත නෑකම් ද විවාහ නෑකම් ද ඇති කළේය. තවද නුඹගේ පරමාධිපති සර්ව ශක්තිය ඇත්තාය.
Verse 55
තවද ඔවුහු අල්ලාහ්ගෙන් තොර වූ තමන්හට ප්‍රයෝජනයක් ලබා දිය නොහැකි එමෙන්ම තමන්හට හානියක් සිදු කළ නොහැකි දෑට ගැතිකම් කරති. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නා ඔහුගේ පරමාධිපතිට එරෙහි ව උර දෙන්නකු විය.
Verse 56
ﭑﭒﭓﭔﭕ
ﭖ
ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි නුඹ ව නොඑව්වෙමු.
Verse 57
කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම පරමාධිපති වෙත වූ මගක් සොයා ගන්නට මිස (වෙනත්) කිසිදු කුලියක් මම ඒ සඳහා නුඹලාගෙන් නොඉල්ලමි යැයි නුඹ පවසනු.
Verse 58
තවද අමරණීය වූ සදා ජීවමානයාණන් වෙත නුඹ භාර කරනු. තවද ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු. තම ගැත්තතන්ගේ පාපකම් පිළිබඳ තොරතුරු දන්නා වශයෙන් ඔහු ප්‍රමාණවත්ය.
Verse 59
ඔහු වනාහි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේය. පසු ව මහාකරුණාන්විතයාණන් අර්ෂ් මත විය. එහෙයින් ඒ පිළිබඳ ව අභිඥානවන්තයා(වන ඔහු) ගෙන්ම විමසනු.
Verse 60
තවද මහාකරුණාන්විතයාණන්ට සුජූද් කරනුයි ඔවුනට කියනු ලැබූ විට මහා කරුණාන්විතයාණන් කවුරුන් ද? නුඹ අපට අණ කරන දෑට අපි සුජූද් කළ යුතු දැයි ඔවුහු පවසා සිටියහ. තවද එය ඔවුනට (දේව විශ්වාසයෙන්) පලා යෑම අධික කළේය.
Verse 61
අහසෙහි තාරකා මණ්ඩල ඇති කළ ඔහු උත්කෘෂ්ට විය. තවද පහන (හෙවත් සූර්යයා)ද ආලෝකය විහිදුවන සඳු ද ඔහු එහි ඇති කළේය.
Verse 62
තවද උපදෙස් ලබන්නට අපේක්ෂා කරන්නන්ට හෝ කෘතවේදීත්වය අපේක්ෂා කරන්නන්ට හෝ රාත්‍රිය හා දහවල විවිධත්වයෙන් යුතුව ඇති කළේ ඔහුය.
Verse 63
මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානී ව ගමන් කරති. අඥානයෝ ඔවුන් සමග කතා කළ විට සාමය වේවා! යැයි පවසති.
Verse 64
ﯟﯠﯡﯢﯣ
ﯤ
තවද ඔවුහු වනාහි තම පරමාධිපතිට සුජූද් කරමින් ද නැගිට සිටිමින් ද රාත්‍රිය ගත කරන්නෝ වෙති.
Verse 65
තවද අපෙග් පරමාධිපතියාණනි, නිරයේ දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම එහි දඬුවම අනිවාර්යය වන්නක් විය.
Verse 66
ﯲﯳﯴﯵ
ﯶ
නියත වශයෙන්ම එය වාසස්ථානයෙන් හා නවාතැනින් නපුරු විය.
Verse 67
තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති නොකරති. තවද මසුරු ද නොවෙති. ඒ අතර මැද මාවතක එය විය.
Verse 68
තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට කන්නලව් නොකරති. තවද අල්ලාහ් (විනාශ කිරීමට) තහනම් කළ ආත්මය යුක්තියෙන් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති. තවද කවරෙකු එය සිදු කරන්නේ ද ඔහු ප්‍රතිවිපාකය ලබනු ඇත.
Verse 69
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවම ඔහුට ගුණ කරනු ලැබේ. ඔහු එහි නින්දාවට පත් ව සදාකල් වෙසෙනු ඇත.
Verse 70
නමුත් පශ්චාත්තාප වී විශ්වාස කොට යහකම් සිදු කළ අය හැර. තම පාපකම් යහකම් බවට අල්ලාහ් පරිවර්තනය කරන උදවිය ඔවුහුමය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විතයාණන් විය.
Verse 71
තවද කවරෙකු පශ්චාත්තාප වී යහකම් සිදු කළේ ද එවිට නියත වශයෙන්ම ඔහු පාප ක්ෂමාව පිළිගත හැකි අයුරින් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමුවන්නෙකු වනු ඇත.
Verse 72
තවද ඔවුහු වනාහි බොරුව ට සාක්ෂි නොදරති. තවද ඵලක් නැති දෑ අසලින් ඔවුන් ගමන් ගත් විට ගෞරවාන්විත අයුරින් ඔවුහු ගමන් ගනිති.
Verse 73
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලබන විට බිහිරි බවින් හෝ අන්ධ බවින් හෝ ඒ මත නොවැටෙති.
Verse 74
තවද ඔවුහු වනාහි ‘අපගේ පරමාධිපතියාණනි, අපගේ බිරියන්ගෙන් ද අපගේ දරු පරපුරෙන් ද නෙත් පිනවන සිසිල අපට ඇති කරනු මැනව ! තවද බිය බැතිමතුන් මෙහෙයවන්නන් බවට අප පත් කරනු මැනව ! යැයි පවසන්නන් වෙති.
Verse 75
ඔවුන් ඉවසා සිටි බැවින් (ස්වර්ග) කුටි පිරිනමනු ලබන්නෝ ඔවුහුමය. තවද ඔවුහු එහි සුබ පැතුම් හා සලාම් සමග පිළිගනු ලබති.
Verse 76
ﯜﯝﯞﯟﯠﯡ
ﯢ
ඔවුහු එහි සදාතනිකයින් වෙති. වාසස්ථානයෙන් හා නවාතැනින් එය යහපත් විය.
Verse 77
නුඹලාගේ කන්නලව් නොවී නම් මාගේ පරමාධිපති නුඹලා ව නොසලකා හරිනු ඇත. නමුත් නුඹලා බොරු කළෙහුය. එහෙයින් (දඬුවමේ) නියමය මතු සිදු වනු ඇත.
تقدم القراءة