الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الحجر හි පරිවර්තනය
Verse 1
අලිෆ්, ලාම්, රා. එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ.
Verse 2
(මෙලොවදී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ප්‍රිය කරනු ඇත.
Verse 3
ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන් ව වෙනතකට යොමු කරයි. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.
Verse 4
තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නොකළෙමු.
Verse 5
කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නොකරයි. තවද ඔවුහු ප්‍රමාද ද නොවෙති.
Verse 6
තවද තමන් වෙත මෙනෙහි කරන දේව ග්‍රන්ථය පහළ කරනු ලැබූ අයලුවනි, නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ.
Verse 7
නුඹ සත්‍යවාදීන් අතුරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නොවේ ද?
Verse 8
සත්‍යයෙන් යුතු ව මිස අපි මලක්වරුන් පහළ නොකරන්නෙමු. තවද ඔවුහු එවිට අවකාශ දෙනු ලබන්නන් නොවූහ.
Verse 9
නියත වශයෙන්ම අපමය මෙනෙහි කරන දේව ග්‍රන්ථය (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එය ආරක්ෂා කරන්නන් වෙමු.
Verse 10
තවද නුඹට පෙර වූ පැරණි පිරිස් අතරට ද සැබැවින්ම අපි (රසූල්වරුන්) එව්වෙමු.
Verse 11
තවද රසූල්වරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුහු ඔහු ගැන සමච්චල් කරමින් සිටියාහු මිස නැත.
Verse 12
ﮰﮱﯓﯔﯕ
ﯖ
වැරදිකරුවන්ගේ හදවත් තුළට අපි එය කාවද්දනුයේ එලෙසය.
Verse 13
ඔවුහු එය විශ්වාස නොකරති. තවද සැබැවින්ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත.
Verse 14
තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නොකරති.)
Verse 15
නියත වශයෙන්ම අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. එසේ නොව අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු පවසනු ඇත.
Verse 16
තවද සැබැවින්ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු.
Verse 17
ﭙﭚﭛﭜﭝ
ﭞ
තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන්ම අපි එය ආරක්ෂා කළෙමු.
Verse 18
නමුත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත.
Verse 19
තවද අපි මහපොළොව දිගු හැරියෙමු. එහි අපි කඳුහෙල් හෙළුවෙමු. තවද අපි එහි සෑම වස්තුවකින්ම නිර්ණය කළ දෑ හට ගැන්වූයෙමු.
Verse 20
තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටද ජීවන පහසුකම් ඇති කළෙමු.
Verse 21
කිසිදු දෙයක් එහි ගබඩාවන් අප වෙත මිස නැත. අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නොකරන්නෙමු.
Verse 22
තවද අපි සුළඟ පිරිසිදු (ජලය උසුලන) අයුරින් එව්වෙමු. පසු ව අහසින් ජලය පහළ කළෙමු. පසු ව නුඹලා එයට රැස් කරන්නන් ලෙස නොසිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු.
Verse 23
ﮕﮖﮗﮘﮙﮚ
ﮛ
තවද නියත වශයෙන්ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අපමය. තවද අපි උරුමක්කරුවෝ වෙමු.
Verse 24
සැබැවින්ම අපි නුඹලා අතුරින් පෙර ගියවුන් පිළිබඳ ව දනිමු. එමෙන්ම පසු පැමිණෙන්නවුන් පිළිබඳ ව ද අපි දනිමු.
Verse 25
තවද නියත වශයෙන්ම නුඹේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් ව එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම ඔහු සියුම් ඥානය ඇති සර්වඥානීය.
Verse 26
සැබැවින්ම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු.
Verse 27
මීට පෙර දුමෙන් තොර වූ ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු.
Verse 28
නියත වශයෙන්ම මම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු.
Verse 29
පසු ව මම ඔහු ව විධිමත් ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (නුඹගේ පරමාධිපති පැවසීය.)
Verse 30
ﯶﯷﯸﯹ
ﯺ
එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනාම සිරස නමා සුජූද් කළහ.
Verse 31
ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමග වීමට පිටුපෑවේය.
Verse 32
අහෝ ! ඉබ්ලීස්, නුඹ සුජූද් කරන්නන් සමග නොවීමට නුඹට කුමක් වී දැයි ඔහු විමසුවේය.
Verse 33
විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කිරීමට මම (සූදානම්) නොවෙමි යැයි ඔහු පැවසුවේය.
Verse 34
ﭦﭧﭨﭩﭪ
ﭫ
එසේ නම් නුඹ මින් බැහැර ව යනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේය.
Verse 35
ﭬﭭﭮﭯﭰﭱ
ﭲ
තවද විනිශ්චය දිනය දක්වා නුඹට එරෙහි ව ශාපය ඇත.
Verse 36
ﭳﭴﭵﭶﭷﭸ
ﭹ
මාගේ පරමාධිපතියාණනි, ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේය.
Verse 37
ﭺﭻﭼﭽ
ﭾ
එසේනම් නියත වශයෙන්ම නුඹ අවකාශය දෙනු ලැබූ අය අතුරිනි යැයි ඔහු පැවසුවේය.
Verse 38
ﭿﮀﮁﮂ
ﮃ
නියමිත වේලාවේ දිනය දක්වා.
Verse 39
මාගේ පරමාධිපතියාණනි, නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කරන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි. යැයි ඔහු කීවේය.
Verse 40
ﮏﮐﮑﮒ
ﮓ
නමුත් ඔවුන් අතුරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර.
Verse 41
ﮔﮕﮖﮗﮘ
ﮙ
මෙය මා වෙත පිහිටි ඍජු මාර්ගය යැයි ඔහු පැවසුවේය.
Verse 42
නියත වශයෙන්ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්‍යයක් නුඹට නැත. නමුත් සීමාව ඉක්මවා ගියවුන් අතුරින් නුඹව පිළිපදින්නන්ට හැර.
Verse 43
ﮦﮧﮨﮩ
ﮪ
තවද නියත වශයෙන්ම නිරය (සීමාව ඉක්මවා ගිය) සියලු දෙනා හටම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි.
Verse 44
එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවකටම ඔවුන් අතුරින් වෙන් කරන ලද කොටසක් ඇත.
Verse 45
ﯕﯖﯗﯘﯙ
ﯚ
නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා උල්පත් වල වෙති.
Verse 46
ﯛﯜﯝ
ﯞ
නුඹලා එහි නිර්භය ව සාමයෙන් පිවිසෙනු.
Verse 47
ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු කවිච්චි මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති.
Verse 48
එහි ඔවුනට කිසිදු වෙහෙසක් ඇති නොවේ. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නොවෙති.
Verse 49
නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු.
Verse 50
ﯻﯼﯽﯾﯿ
ﰀ
තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එය වේදනීය දඬුවම බවද ඔවුනට දන්වා සිටිනු.
Verse 51
ﰁﰂﰃﰄ
ﰅ
තවද නුඹ ඉබ්‍රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳ ව ඔවුනට දන්වා සිටිනු.
Verse 52
ඔවුහු ඔහු වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝය. නියත වශයෙන්ම අපි නුඹලා පිළිබඳ ව තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේය.
Verse 53
නුඹ (අප ගැන) තැති නොගනු. නියත වශයෙන්ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳ ව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝය.
Verse 54
මහලු විය මා වෙළා ගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේය.
Verse 55
අපි නුඹට සැබෑ ව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂාභංග වූවන් අතුරින් නොවනු.
Verse 56
නොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ කවුරුන්දැයි ඔහු පැවසුවේය.
Verse 57
ﭽﭾﭿﮀﮁ
ﮂ
අහෝ ! එවනු ලැබූවනි, නුඹලාගේ දෙසුම කුමක් දැයි ඔහු විමසුවේය.
Verse 58
ﮃﮄﮅﮆﮇﮈ
ﮉ
නියත වශයෙන්ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය.
Verse 59
ﮊﮋﮌﮍﮎﮏ
ﮐ
ලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන්ම ඔවුන් සියලු දෙනා ව අපි මුදවා ගන්නන් වෙමු.
Verse 60
ﮑﮒﮓﮔﮕﮖ
ﮗ
නමුත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන්ම ඇය ඉතිරිවූවන් අතුරින් යැයි අපි තීන්දු කළෙමු.
Verse 61
ﮘﮙﮚﮛﮜ
ﮝ
එවිට දූතයෝ ලූත්ගේ පරපුර වෙත පැමිණි කල්හි
Verse 62
ﮞﮟﮠﮡ
ﮢ
නියත වශයෙන්ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේය.
Verse 63
නමුත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමග අපි ඔබ වෙත පැමිණියෙමු යැයි ඔවුහු පැවසුවෝය.
Verse 64
ﮫﮬﮭﮮ
ﮯ
තවද සත්‍යය සමග ඔබ වෙත අපි පැමිණියෙමු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය.
Verse 65
එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමග විගස යනු. ඔවුන්ගේ පසුපසින් නුඹද පරව යනු. නුඹලා අතුරින් කිසිවකු හෝ හැරී නොබැලිය යුතුය. නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු.
Verse 66
නියත වශයෙන්ම උදෑසන මොවුන්ගේ මුදුන් මුල කපා හරිනු ලබනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු.
Verse 67
ﯪﯫﯬﯭ
ﯮ
නගර වැසියෝ සතුටට පත්වෙමින් පැමිණියහ.
Verse 68
ﯯﯰﯱﯲﯳﯴ
ﯵ
නියත වශයෙන්ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නොකරනු යැයි ඔහු පැවසුවේය.
Verse 69
ﯶﯷﯸﯹ
ﯺ
තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නොකරනු.
Verse 70
ﯻﯼﯽﯾﯿ
ﰀ
ලෝවැසියන්ගෙන් අපි නුඹ ව නොවැළැක්වෙමු දැයි ඔවුහු පැවසුවෝය.
Verse 71
ﭑﭒﭓﭔﭕﭖ
ﭗ
නුඹලා එසේ සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් මේ මාගේ දියණිවරුන් වෙති යැයි ඔහු පැවසුවේය.
Verse 72
ﭘﭙﭚﭛﭜ
ﭝ
නුඹගේ ආයු කාලය නමින් දිවුරමින්, නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ (මනෝ ආශාවන්හි) මත්භවෙහි ව්‍යාකූලත්වයට පත් ව සිටිති.
Verse 73
ﭞﭟﭠ
ﭡ
එවිට ඔවුන් උදා වෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.
Verse 74
එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වැස්සවීමු.
Verse 75
ﭫﭬﭭﭮﭯ
ﭰ
නියත වශයෙන්ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත.
Verse 76
ﭱﭲﭳ
ﭴ
තවද නියත වශයෙන්ම එය ප්‍රධාන මාර්ගයේ විය.
Verse 77
ﭵﭶﭷﭸﭹ
ﭺ
නියත වශයෙන්ම එහි දේව විශ්වාසවන්තයින් හට සංඥාවක් ඇත.
Verse 78
ﭻﭼﭽﭾﭿ
ﮀ
තවද සැබැවින්ම අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ.
Verse 79
ﮁﮂﮃﮄﮅ
ﮆ
එහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන්ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්‍රකට මාවතක් විය.
Verse 80
ﮇﮈﮉﮊﮋ
ﮌ
තවද සැබැවින්ම හිජ්ර් වැසියෝ ද රසූල්වරුන් ව බොරු කළෝය.
Verse 81
ﮍﮎﮏﮐﮑ
ﮒ
තවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා නොසලකන්නන් වූහ.
Verse 82
ﮓﮔﮕﮖﮗﮘ
ﮙ
තවද ඔවුහු වාසස්ථාන වශයෙන් කඳු වල ලෙන් හාරා සුරක්ෂිතයින් වූහ.
Verse 83
ﮚﮛﮜ
ﮝ
එවිට ඔවුන් අලුයම උදාවෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.
Verse 84
ﮞﮟﮠﮡﮢﮣ
ﮤ
එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.
Verse 85
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නොමැව්වෙමු. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නේමය. එහෙයින් අලංකාර සමාවකින් නුඹ (ඔවුන් ව) නොසලකා හරිනු.
Verse 86
ﯗﯘﯙﯚﯛ
ﯜ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව ඥානී වූ මහා මැවුම්කරු.
Verse 87
තවද (නබිවරය,) සැබැවින්ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන දැයින් හතක්) ද අතිමහත් කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.
Verse 88
ඔවුන් අතුරින් පිරිසකට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නොකරනු. තවද ඔවුන් පිළිබඳ ව නුඹ දුක් නොවනු. දේව විශ්වාසවන්තයින් හට නුඹගේ පියාපත් පහත් කරනු.
Verse 89
ﯵﯶﯷﯸﯹ
ﯺ
නියත වශයෙන්ම පැහැදිලි අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු.
Verse 90
ﯻﯼﯽﯾ
ﯿ
බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන්
Verse 91
ﭑﭒﭓﭔ
ﭕ
ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝය.
Verse 92
ﭖﭗﭘ
ﭙ
එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන්ම අපි විමසන්නෙමු.
Verse 93
ﭚﭛﭜ
ﭝ
ඔවුහු සිදුකරමින් සිටි දෑ පිළිබඳ ව (විමසන්නෙමු.)
Verse 94
ﭞﭟﭠﭡﭢﭣ
ﭤ
එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නොසලකා හරිනු.
Verse 95
ﭥﭦﭧ
ﭨ
සමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන්ම අපි නුඹට ප්‍රමාණවත් වන්නෙමු.
Verse 96
ඔවුහු වනාහි ඔවුහු අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
Verse 97
තවද නියත වශයෙන්ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත් ව ඇති බව සැබැවින්ම අපි දනිමු.
Verse 98
ﭻﭼﭽﭾﭿﮀ
ﮁ
එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රසංශා ව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමග වනු.
Verse 99
ﮂﮃﮄﮅﮆ
ﮇ
තවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ ගැතිකම් කරනු.
تقدم القراءة