الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الممتحنة හි පරිවර්තනය
අහෝ විශ්වාස කළවුනි! මාගේ සතුරා හා නුඹලාගේ සතුරා වන ඔවුන් වෙත නුඹලා ආදරය දක්වමින් මිතුරන් ලෙස නොගනු. තවද සත්‍යයෙන් යුතු ව නුඹලා වෙත පැමිණි දෑ ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ් ව නුඹලා විශ්වාස කිරීම හේතුවෙන් රසූල්වරයා හා නුඹලා ව ඔවුහු පිටුවහල් කරති. මාගේ මාර්ගයේ කැපවෙමින් ද මාගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් ද නුඹලා පිටත් වූයෙහු නම් ආදරය පෙන්වමින් නුඹලා ඔවුන් වෙත රහසින් සම්බන්ධකම් පාන්නෙහුය. නුඹලා සැඟ වූ දෑ ද නුඹලා හෙළි කළ දෑ ද අල්ලාහ් මැනවින් දන්නාය. තවද නුඹලා අතුරින් කවරෙකු එය සිදු කරන්නේ ද සැබැවින්ම ඔහු ඍජු මාර්ගයෙන් නොමග ගියේය.
Verse 2
ඔවුන් නුඹලාව ජයගත්තේ නම් නුඹලාට ඔවුහු සතුරන් වනු ඇත. තවද නපුරකම් කරමින් තම අත් හා තම දිවවල් නුඹලා වෙත දිගු කරනු ඇත. තවද නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ නම් යැයි ඔවුහු ප්‍රිය කරති.
Verse 3
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ ඥාතීන් හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. (එදින) ඔහු නුඹලා අතර විනිශ්චය කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
ඉබ්රාහීම් හා ඔහු සමග වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින්ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට ‘නියත වශයෙන්ම අපි නුඹලාගෙන් ද අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ගැතිකම් කරන දැයින් ද අපි ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්‍රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහු ව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඉස්මතු වී ඇත.’ නමුත් ‘මම ඔබ වෙනුවෙන් සමාව අයැදිමි. අල්ලාහ්ගෙන් කිසිවක් (ලබා දීම) මා සතු නැත’ යැයි ඉබ්රාහීම් තම පියාණන්ට කළ ප්‍රකාශය හැර. “අපගේ පරමාධිපතියාණනි! ඔබ වෙත අපි (සියල්ල) භාර කළෙමු. තවද ඔබ වෙතම අපි යොමු වූයෙමු. තවද නැවත යොමු වන ස්ථානය ද ඇත්තේ ඔබ වෙතය.”
Verse 5
“අපගේ පරමාධිපතියාණනි! ප්‍රතික්ෂේප කළවුනට පරීක්ෂණයක් ලෙසින් අප පත් නොකරනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම නුඹ සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.
Verse 6
අල්ලාහ් හා මතු ලොව අපේක්ෂා කරන අයට අලංකාර (යහපත්) ආදර්ශයක් සැබැවින්ම ඔවුන් තුළ නුඹලාට විය. තවද කවරෙකු පිටුපාන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අවශ්යතාවන්ගෙන් තොරය. ප්‍රසංශාලාභීය. (යැයි නුඹලා දැන ගනු)
Verse 7
නුඹලා අතර හා නුඹලා සමග සතුරුකම ඇති කර ගත්තවුන් අතර සෙනෙහස ඇති කරවීමට අල්ලාහ්ට පුළුවන. තවද අල්ලාහ් සර්ව ශක්තිය ඇත්තාය. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය.
Verse 8
දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවදින, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකරන අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. සාධාරණීය ලෙසින් කටුයුතු කරනන්නහට නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරයි.
Verse 9
නියත වශයෙන්ම අල්ලාහ් වළක්වනුයේ දහම සම්බන්ධව නුඹලා සමග සටන් වැද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා පිටුවහල් කොට නුඹලා ව පිටුවහල් කිරීමට උරදුන් අයගෙනි. තවද නුඹලා ඔවුන් මිතුරන් ලෙස ගැනීමත්ය. තවද කවරෙකු ඔවුන් මිතුරන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ.
අහෝ විශ්වාස කළවුනි! විශ්වාසවන්ත කාන්තාවන් (උපන් දේශයෙන්) නික්මවූවන් ලෙස නුඹලා වෙත පැමිණි විට නුඹලා ඔවුන්(ගේ විශ්වාසය) පරීක්ෂා කර බලනු. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ ව මැනවින් දන්නා අල්ලාහ්ය. ඔවුන් දේව විශ්වාසවන්ත කාන්තාවන් බව නුඹලා හඳුනා ගත්තේ නම් එවිට දේව ප්රතික්ෂේපකයින් වෙත නුඹලා ඔවුන් හරවා නොයවනු. මොවුන් ඔවුනට අනුමත නොවේ. තවද ඔවුහු මොවුනට අනුමත නොවෙති. ඔවුන් වියදම් කළ දෑ ඔවුනට නුඹලා ගෙවනු. මොවුන්ට හිමි විවාහ ත්‍යාග මුදල නුඹලා මොවුනට පිරිනැමූ විට නුඹලා මොවුන් විවාහ කර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. තවද දේව ප්‍රතික්ෂේපිත කාන්තාවන් සමග වූ සරණ බන්ධනය නුඹලා රඳවා නොගනු. නුඹලා ඔවුනට (මහර් වශයෙන්) වියදම් කළ දෑ නුඹලා නැවත ඉල්ලා ගනු. (දේව ප්‍රතික්ෂේප කරන්නන් වන) ඔවුහු ද ඔවුන් වියදම් කළ දෑ ඉල්ලා ගනිත්වා! එය අල්ලාහ්ගේ තීන්දුවයි. ඔහු නුඹලා අතර තීන්දු දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානීය. මහා ප්‍රඥාවන්තය.
Verse 11
නුඹලාගේ බිරියන් අතුරින් කිසිවෙක් නුඹලා හැර දමා දේව ප්රතික්ෂේපකයින් වෙත ගියේ නම් පසුව (යුද්ධයකදී) නුඹලා ජය ගත්තෙහු නම් (නුඹලාගේ) බිරියන් හැර දමා ගිය ඔවුනට ඔවුන් වියදම් කළ හා සමාන දෙයක් ලබා දෙනු. තවද නුඹලා කවර අයකු විශ්වාස කරන්නන් ලෙස සිටින්නෝද එවන් අල්ලාහ්ට බිය බැතිමත් වනු.
Verse 12
අහෝ නබිවරය! දෙවියන් විශ්වාස කරන කාන්තාවෝ ඔවුන් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන බවටත්, ඔවුන් සොරකම් නොකරන බවටත්, ඔවුන් කාම අපචාරයේ නිරත නොවන බවටත්, ඔවුන් තම දරුවන් ඝාතනය නොකරන බවටත්, ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද අතර ඔවුන් කවර කරුණක් ගෙතුවේ ද එවන් අවලාදයක් ඔවුන් නොගෙනන බවටත්, යහපත් කටයුතු වලදී ඔවුන් නුඹට පිටු නොපාන බවටත්, නුඹට ප්‍රතිඥා දෙන්නට නුඹ වෙත පැමිණි විට නුඹ ද ඔවුනට ප්‍රතිඥා දෙනු. තවද නුඹ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලනු. නියත වශයෙන්ම අල්ලාහ් අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය.
Verse 13
අහෝ විශ්වාස කළවුනි! අල්ලාහ් කවුරුන් වෙත කෝප වූයේද එවන් පිරිසක් නුඹලා මිතුරන් කර නොගනු. මිනී වළවල්හී තබන ලැබුවන් ගැන දේව ප්රතික්ෂේපකයෝ බලාපොරොත්තු සුන් කර ගත්තාක් මෙන් සැබැවින්ම මොවුන් මතු ලොව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගෙන ඇත.
تقدم القراءة