الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الهمزة හි පරිවර්තනය
Verse 1
ﭢﭣﭤﭥ
ﭦ
දොස් නගමින් නින්දා බස් කියන අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා!
Verse 2
ﭧﭨﭩﭪ
ﭫ
ඔහු ධනය රැස් කොට එය ගණන් කරන්නෙක්ය.
Verse 3
ﭬﭭﭮﭯ
ﭰ
නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරනු ඇතැ යි ඔහු සිතයි.
Verse 4
ﭱﭲﭳﭴﭵ
ﭶ
එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.
Verse 5
ﭷﭸﭹﭺ
ﭻ
හුතමා ව යනු කුමක්දැ යි නුඹලා ව දැනුවත් කළේ කුමක්ද?
Verse 6
ﭼﭽﭾ
ﭿ
එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
Verse 7
ﮀﮁﮂﮃ
ﮄ
එය සිත් මත එබිකම් කරයි. (පසාරු කරයි)
Verse 8
ﮅﮆﮇ
ﮈ
සැබැවින්ම එය,ඔවුන් වට කර ගන්නකි.
Verse 9
ﮉﮊﮋ
ﮌ
උස් කුලුනු තුළ (හිරකර)
تقدم القراءة