الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා المسد හි පරිවර්තනය
Verse 1
ﮈﮉﮊﮋﮌ
ﮍ
අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා !
Verse 2
ﮎﮏﮐﮑﮒﮓ
ﮔ
ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.
Verse 3
ﮕﮖﮗﮘ
ﮙ
මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.
Verse 4
ﮚﮛﮜ
ﮝ
(ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත)
Verse 5
ﮞﮟﮠﮡﮢ
ﮣ
ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳි වලින් යුත් කඹයකි.
تقدم القراءة