الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الفتح හි පරිවර්තනය
Verse 1
ﭑﭒﭓﭔﭕ
ﭖ
(අහෝනබිවරය!)නියත වශයෙන්ම අපි නුඹට ප්‍රකට ජයකින් ජයක් ලබා දුනිමු.
Verse 2
නුඹේ පාපයෙන් පෙර සිදු වූ දෑ හා පසු සිදු වූ දෑ සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය නුඹ වෙත සම්පූර්ණ කරනු පිණිසත් ඍජු මාර්ගය වෙත නුඹට ඔහු මග පෙන්වනු පිණිසත්ය.
Verse 3
ﭧﭨﭩﭪ
ﭫ
තවද අති බලවත් උපකාරයකින් අල්ලාහ් නුඹට උදව් කරනු ඇත.
Verse 4
දේව විශ්වාසවන්තයින්ගේ සිත් තුළට ඔවුන්ගේ විශ්වාසය සමගම විශ්වාසය වැඩි කර ගනු පිණිස ශාන්තභාවය පහළ කළේ ඔහුය. අහස්හි හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සර්ව ඥානී මහා ප්‍රඥාවන්ත විය.
Verse 5
තවද ඔහු දේව විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරනු පිණිසය. ඔවුන් එහි සදාතනිකයින්ය. ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු පහ කරනු ඇත. එය අල්ලාහ් අබියස අතිමහත් ජයග්‍රහණයයි.
Verse 6
තවද අල්ලාහ් පිළිබඳ නරක සිතුවිලි ඇති කර ගත් කුහකයින් හා කුහක කාන්තාවන්ටත් දෙවියන්ට ආදේශ තබන්නන් හා ආදේශ තබන්නියන්ටත් ඔහු දඬුවම් කරනු ඇත. ඔවුන් වෙත නපුර වෙළා ගනු ඇත. අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝප විය. තවද ඔවුනට ඔහු ශාප කළේය. තවද ඔවුනට නිරය සූදානම් කළේය. තවද යොමු වන ස්ථානයෙන් එය නපුරු විය.
Verse 7
අහස් හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතුය. තවද අල්ලාහ් මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරියා විය.
Verse 8
ﯛﯜﯝﯞﯟ
ﯠ
නියත වශයෙන්ම අපි නුඹ සාක්ෂිකරුවෙකු හා ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් එව්වෙමු.
Verse 9
නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට තවද නුඹලා ඔහුට උදව් කොට තවද නුඹලා ඔහුට ගරුබුහුමන් කොට තවද නුඹලා ඔහු(අල්ලාහ්) උදේ සවස සුවිශුද්ධ කරනු පිණිසය.
Verse 10
නියත වශයෙන්ම නුඹට ප්‍රතිඥා දෙන්නන් වනාහි ඔවුහු ප්‍රතිඥා දෙනුයේ අල්ලාහ්ටය. අල්ලාහ්ගේ අත ඔවුන්ගේ අත් වලට ඉහළිනි. එහෙයින් කවරෙකු (ප්‍රතිඥාව) කඩ කළේ ද නියත වශයෙන්ම එසේ ඔවුන් ප්‍රතිඥාව කඩ කරනුයේ තමන්ට එරෙහිවය. තවද කවර දෙයක් වෙත තමන් අල්ලාහ්ට ප්‍රතිඥා දුන්නේ ද එය ඉටු කළ විට ඔහු මහත් වූ තිළිණයක් ඔහුට පිරිනමනු ඇත.
Verse 11
අපගේ ධනසම්පත් හා අපගේ පවුල් අප ව නිරත කරවීය. එහෙයින් අපට සමාව දෙනු යැයි ගැමි අරාබිවරුන් අතුරින් පමාවී රැඳී සිටියවුන් නුඹට මතු පවසනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නැති දෑ ඔවුන්ගේ දිවවල් වලින් ඔවුහු පවසති. ඔහු නුඹලාට යම් හානියක් අපේක්ෂා කළේ නම් හෝ නුඹලාට යම් ප්‍රයෝජනයක් අපේක්ෂා කළේ නම් හෝ අල්ලාහ් වෙත (මැදිහත් වීමට) ශක්තිය දරනුයේ කවුරුන් ද? එසේ නොව, නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් ප්‍රඥාවන්තය.
Verse 12
එසේ නොව, රසූල්වරයා හා විශ්වාසවන්තයෝ ඔවුන්ගේ පවුල් වෙත කිසිවිටෙක නැවත හැරී නොඑන්නේම යැයි නුඹලා සිතුවෙහුය. එය නුඹලාගේ සිත් තුළ (සාධාරණයක් ලෙස) අලංකාර කර පෙන්වන ලදී. තවද නුඹලා අයපත් සිතුවිල්ලක් ඇති කර ගත්තෙහුය. තවද නුඹලා විනාශ කරනු ලබන පිරිසක් බවට පත්වූයෙහුය.
Verse 13
කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාණන් විශ්වාස නොකළේ ද එවිට නියත වශයෙන්ම එම ප්‍රතික්ෂේපකයින්ට අපි ඇවිළෙන ගින්නක් සූදානම් කළෙමු.
Verse 14
තවද අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන් විය.
Verse 15
යුද බිමේ (සතුරා දමා ගිය) වස්තුව ගැනීම සඳහා අපත් නුඹලා පසුපසින් එන්නට නුඹලා අපට ඉඩ දෙනුයි පමාවී රැඳී සිටියවුන් කියති. අල්ලාහ්ගේ වදන වෙනස් කිරීමට ඔවුහු අපේක්ෂා නරති. “නුඹලා අප පසුපසින් නොපැමිණෙන්නේය. මීට පෙර අල්ලාහ් පවසා සිටියේ ද එලෙසය” යැයි (නබිවරය) නුඹ පවසනු. එවිට ඔවුහු, “එසේ නොව නුඹලා අපට ඊර්ෂ්‍යා කරන්නෙහුය” යැයි පවසනු ඇත. එසේ නොව ස්වල්පයක් මිස ඔවුහු වටහා නොගන්නන් වූහ.
Verse 16
නුඹලා වඩාත් බලාධිකාරයෙන් යුත් පිරිසකට එරෙහිව කැඳවනු ලබන්නේය. නුඹලා ඔවුන් සමග සටන් කරනු ඇත, එසේ නැතහොත් ඔවුන් යටත් වනු ඇත යැයි ගැමි අරාබිවරුන් අතුරින් පමාවී රැඳී සිටියවුන්හට (නබිවරය) නුඹ පවසනු. එහෙයින් නුඹලා (නියෝගයට) අවනත වූයෙහු නම් අල්ලාහ් නුඹලාට යහපත් කුලියක් පිරිනමනු ඇත. නමුත් නුඹලා මීට පෙර හැරී ගියාක් මෙන් නුඹලා හැරුණේ නම් ඔහු නුඹලාට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත.
Verse 17
(සටනට සහභාගී නොවීම) අන්ධයා මත වරදක් නොවේ. තවද ආබාධිතයා මත ද වරදක් නොවේ. රෝගියා මත ද වරදක් නොවේ. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඔහු ව ඇතුළත් කරයි. නමුත් කවරෙකු පිටුපාන්නේ ද ඔහු වේදනීය දඬුවමකින් ඔහුට දඬුවම් කරයි.
Verse 18
ගස යට සිට දේව විශ්වාසීන් නුඹට ප්‍රතිඥා දුන් විට අල්ලාහ් ඔවුන් සැබැවින්ම පිළිගත්තේය. එවිට ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔහු දැන සිටියේය. එවිට ඔවුන් වෙත ශාන්තභාවය පහළ කළේය. තවද සමීපයෙන් පවත්නා ජයග්‍රහණයක් ඔවුනට ඇති කළේය.
Verse 19
(යුද පිටියේ හැර දමා යන) අධික යුද සම්පත් ද (පිරිනැමීය.) ඔවුහු එය ගනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත විය.
Verse 20
අධික ලෙසින් (සතුරන් විසින් යුද පිටියේ හැර දමා ගිය) යුද සම්පත්, නුඹලා එය ලබාගනු ඇතැයි අල්ලාහ් නුඹලාට ප්‍රතිඥා දුන්නේය. එමෙන්ම නුඹලාට ඔහු මෙය කල් ඇති ව ද දී ඇත. තවද ඔහු ජනයාගේ අත් නුඹලාගෙන් වැළැක්වීය. තවද එය විශ්වාස කරන්නන් හට සංඥාවක් වනු පිණිස හා ඔහු නුඹලාට ඍජු මාර්ගය පෙන්වනු පිණිසය.
Verse 21
නුඹලා (තවමත්) ඒ මත බලය නොමැති තවත් (ජයග්‍රාහී) දෑ ද ඇත. අල්ලාහ් ඒවා සැබැවින්ම වට කරගෙන සිටියි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලාධිකාරියෙකු විය.
Verse 22
තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹලා සමග සටන් වැදුණේ නම් ඔවුන් පසුපස හැරී (දුව) යනු ඇත. පසු ව ඔවුන් කිසිදු ආරක්ෂකයකු හෝ උදව්කරුවෙකු හෝ නොලබනු ඇත.
Verse 23
(එය) මීට පෙර ඉකුත් ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතයි. තවද අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් නුඹ නොදකින්නේමය.
Verse 24
ඔවුනට එරෙහි ව ඔහු නුඹලාට ජය ලබා දුන් පසුව මක්කාව තුළ ඔවුන්ගේ අත් නුඹලාගෙන් ද නුඹලාගේ අත් ඔවුන්ගෙන් ද වැළැක්වූයේ ඔහුය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක විය.
මස්ජිදුල් හරාම් (හෙවත් ශුද්ධ දේවස්ථානයෙන්) හා රඳවා තබනු ලැබූ සත්ව කැපයන් එම ස්ථානයට ළඟා වීමෙන් නුඹලා ව වැළැක්වූයේ ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය. නුඹලා නොදන්නා විශ්වාස කරන පිරිමින් හා විශ්වාස කරන කාන්තාවන් එහි නොවී නම්, නුඹලා ඔවුන් පාගා දමන්නට අවස්ථා තිබුණි. එවිට ඔවුන් හේතුවෙන් නොදැනුවත්වම නුඹලාට පාපයක් ඇතිවන්නට තිබුණි. (එය මක්කාව තුළ සිටි අය අතුරින්) අල්ලාහ් අභිමත කරන අයට ඔහුගේ දයාව තුළ ඔහු ඇතුළත් කරනු පිණිසය. ඔවුන් (විශ්වාස කළවුන්) මොවුන්ගෙන් වෙන් ව සිටියා නම් මොවුන් අතුරින් වු ප්‍රතික්ෂේප කළවුනට සැබැවින් දැඩි දඬුවමකින් අපි දඬුවම් කරන්නට තිබුණි.
Verse 26
අඥාන කාලයේ පිළිකුල මෙන් පිළකුල තම හදවත් තුළ ප්‍රතික්ෂේප කළවුන් ඇති කර ගත් අවස්ථාවේ අල්ලාහ් තම දූතයාණන් හා විශ්වාසීන් කෙරෙහි තම ශාන්තභාවය පහළ කළේය. බිය බැතිමත්භාවයේ ප්‍රකාශය ඔවුන් වෙත ස්ථාවර කළේය. තවද ඔවුහු එයට වඩාත් සුදුස්සෝ හා එහි හිමිකරුවෝ වූහ. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානියෙකු විය.
Verse 27
ඇත්ත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින්ම හීනය සත්‍යය කළේය. අල්ලාහ් අභිමත කළේ නම් බියකින් තොර ව නුඹලාගේ හිස් මුඩු කරන්නන් ලෙසින් හා කොට කරන්නන් ලෙසින් ද ආරක්ෂා සහගත ලෙසින් ද මස්ජිදුල් හරාමය වෙත පිවිසෙනු ඇත. නුඹලා නොදන්නා දෑ ඔහු දැන සිටී. ඊට අමතර ව සමීප (කාලය තුළ) ජයග්‍රහණයක් ඔහු ඇති කළේය.
Verse 28
ඔහු වනාහි, එය ඒ සියලු දහම් වලට ඉහළින් පිහිටීම පිණිස යහමග හා සත්‍යය දහම සමග ඔහුගේ දූතයාණන් එව්වේය. අල්ලාහ් සාක්ෂිකරුවෙකු වශයෙන් ප්‍රමාණවත්ය.
මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන්ය. තවද ඔහු සමග සිටින්නවුන් දේව ප්‍රතික්ෂේපකයින් මත දැඩි ව කටයුතු කරන්නෝ වෙති. තමන් අතර කාරුණික ව කටයුතු කරන්නෝ වෙති. ඔවුන් රුකූඃ කරන්නන් ලෙසින් ද සුජූද් කරන්නන් ලෙසින් ද අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ තෘප්තිය සොයනු නුඹ දකිනු ඇත. සුජූද් හේතුවෙන් ඔවුන්ගේ මුහුණු මත ඔවුන්ගේ සලකුණු පවතී. එය තව්රාත්හි සඳහන් ඔවුන්ගේ උපමාවයි. ඉන්ජීලයේ සඳහන් ඔවුන්ගේ උපමාව එහි දලු දමන භෝගයක් මෙනි. පසු ව එය ශක්තිමත් කරයි. පසු ව එය විශාල වෙයි. පසුව ගොවීන් මවිත කරන අයුරින් එහි කඳන් මත ස්ථාවර ව පිහිටයි. එය දේව ප්‍රතික්ෂේපකයින් එමගින් ඔහු කෝප කරවනු පිණිස. ඔවුන් අතුරින් විශ්වාස කොට යහකම් කළවුන්ට සමාව හා අතිමහත් ප්‍රතිඵල ඇති බව අල්ලාහ් ප්‍රතිඥා දුන්නේය.
تقدم القراءة