سورة الشعراء

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الشعراء හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
තා, සීන්, මීම්
Verse 2
එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන්ය.
ඔවුහු දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් නොවීම හේතුවෙන් නුඹ නුඹගේ ආත්මය විනාශ කරගන්නට තැත් කරන්නාක් මෙනි.
අපි අභිමත කරන්නේ නම් අහසින් සංඥාවක් ඔවුනට එරෙහි ව අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට යටහත් වන්නන් බවට පත් වනු ඇත.
මහා කරුණාන්විතයාණන්ගෙන් යම් නව මෙනෙහි කිරීමක් ඔවුන් වෙත පැමිණියේ නැත. ඔවුහු ඒ ගැන පිටුපාමින් සිටියා මිස.
එවිට සැබැවින්ම ඔවුහු බොරු කළෝය. එහෙයින් ඔවුහු කවර දෙයක් ගැන සරදම් කරමින් සිටියෙහු ද එහි පුවත ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.
එහි අපි ගරුසැරැති සෑම ජෝඩුවකින්ම කොපමණක් දෑ හට ගන්වා ඇති දැයි මහපොළොව දෙස ඔවුහු නොබැලුවෙහු ද?
නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් නොවූහ.
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන්, මහා කරුණාන් විතයාණන් වූ සර්ව බලධාරී ඔහුමය.
අපරාධකාරී ජනයා වෙත නුඹ යනු යි මූසාට නුඹගේ පරමාධිපති ඇමතූ අවස්ථාව සිහියට නගනු.
ෆිර්අවුන්ගේ ජනයා වෙත ඔවුහු බිය බැතිමත් විය යුතු නොවේ ද?
මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන්ම මම බිය වෙමි යැයි ඔහු පැවසුවේය.
මාගේ හදවත පීඩනයට පත් ව ඇත. මාගේ දිව ක්‍රියාකාරී නොවෙයි. එහෙයින් හාරූන් වෙත ද (දේව පණිවිඩ) නුඹ එවනු.
මා වෙත පැටවුණු පාපයක් ඔවුන් සතු ව ඇත. එහෙයින් ඔවුහු මා මරා දමනු ඇතැයි මම බිය වෙමි
එසේ නොව, අපගේ සංඥා රැගෙන නුඹලා දෙදෙනා යනු. නියත වශයෙන්ම අපි නුඹලා සමග සිට සවන් දෙන්නෝ වෙමු.
එහෙයින් නුඹ දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් නියත වශයෙන්ම අපි සර්ව ලෝකයන්හි පරමාධිපතිගේ දහම් දූතයන් වෙමු යැයි ද
අප සමඟ ඉස්රාඊල් දරුවන් යවන මෙන් ද නුඹ දෙදෙනා පවසනු.
අපි නුඹ ව අප තුළ දරුවකු සේ හදා වඩා නොගත්තෙමු ද? නුඹගේ ආයු කාලයෙන් වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියෙහිය යැයි ඔහු පැවසීය.
තවද නුඹ ගුණමකුවන් අතුරින් සිටිය දී නුඹ සිදු කළ නුඹගේ ක්‍රියාව නුඹ සිදු කළෙහිය.
මුළාවූවන් අතුරින් කෙනෙකු ව මා සිටිය දී එවිට මම එය සිදු කළෙමි යැයි ඔහු පැවසීය.
එවිට මම නුඹලාට බිය වූ කල්හි මම නුඹලාගෙන් පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්‍රඥාව ප්‍රදානය කළේය. මා දහම් දූතයින් අතුරින් කෙනෙකු බවට පත් කළේය.
තවද එය ආශිර්වාදයකි. ඉස්රාඊල් දරුවන් (ෆිර්අවුන් වන) නුඹ වහල් භාවයට පත් කරමින් නුඹ මට එය කියා පෙන්වන්නෙහිය.
සර්ව ලෝකයන්හි පරමාධිපති යනු කවරෙක් දැ? යි ෆිර්අවුන් විමසීය.
නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) අහස් හි හා මහපොළවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය.
නුඹලා සවන් නොදෙන්නේ දැයි අවට සිටියවුන්ගෙන් ඔහු (ෆිර්අවුන්) පැවසීය.
(ඔහු) නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුල් මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වේ යැයි (මූසා) පැවසීය.
නුඹලා වෙත එවනු ලැබූ නුඹලාගේ දහම් දූතයා නියත වශයෙන්ම උම්මත්තකයෙකි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) නැගෙනහිර බටහිර හා ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන් (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය.
මා හැර වෙනත් දෙවියකු නුඹ ගත්තෙහි නම් සැබැවින්ම මම නුඹ ව සිරකරුවන් අතරට පත් කරමි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
මම නුඹ වෙත පැහැදිලි කරුණක් ගෙන ආවේ නම් වුව) දැයි ඔහු (මූසා) විමසීය.
එසේ නම් නුඹ සත්‍යවාදීන් අතුරින් නම් එය නුඹ ගෙන එනු යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
එවිට ඔහු (මූසා) ඔහුගේ සැරයටිය (බිම) හෙළුවේය. එවිට එය පැහැදිලි නාගයකු විය.
තවද ඔහුගේ අත ඉවතට ගත්තේය. එවිට එය නරඹන්නන් හට (දීප්තියෙන් බැබළෙන) සුදුවන් (සේ දිස්) විය.
නියත වශයෙන්ම මොහු මනා දැනුමැති හූනියම් කරවෙකි යැයි තමන් අවට සිටි ප්‍රධානීන් හට ඔහු පැවසීය.
ඔහුගේ හූනියම මගින් නුඹලා ව නුඹලාගේ දේශයෙන් පිටුවහල් කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් (ඔහු ගැන මට) නුඹලා කුමක් අණ කරන්නෙහු ද?
ඔහු හා ඔහුගේ සහෝදරයාට කල් දෙනු. තවද නගරවලට (ජනයා) එක්රැස් කරන්නන් එවනු යැයි ඔවුහු (ප්‍රධානීහු) පැවසුවෝය.
Verse 37
මනා දැනුමැති සියලුම හූනියම්කරුවන් නුඹ වෙත ඔවුහු ගෙන එනු ඇත.
එසේ නියමිත දිනක නියමිත වේලාවක හූනියම් කරුවන් එක්රැස් කරන ලදී.
තවද නුඹලා ද එක්රැස්වන්නෝ දැයි ජනයාගෙන් විමසන ලදී.
හූනියම් කරුවන් වන ඔවුහු අබිබවා යන්නන් වූයෙහු නම් අපට ඔවුන් පිළිපැදිය හැකි වනු ඇත.
හූනියම්කරුවෝ පැමිණි කල්හි අප අබිබවා යන්නන් වූයේ නම් අපට කුලියක් තිබේ දැයි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසූහ.
එසේය: එවිට නියත වශයෙන්ම නුඹලා (මට) සමීපතයින් අතුරින් වන්නෙහුය.
නුඹලා හෙළන දෑ හෙළනු යැයි මූසා ඔවුනට පැවසීය.
එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ යෂ්ටි හෙළූහ. තවද ෆිර්අවුන්ගේ අනුහසින් නියත වශයෙන්ම අබිබවා යන්නෝ අපමය යැයි ඔවුහු පැවසූහ.
එවිට මූසා ඔහුගේ සැරයටිය හෙළීය. එවිට එය ඔවුන් මවා පාන දෑ ගිල ගත්තේය.
Verse 46
පසුව හූනියම්කරුවන් සිරස නමා නමස්කාර කරන්නන් බවට පත් කර දමන ලදී.
Verse 47
සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් ගැන අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසූහ.
Verse 48
ඔහු මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති ය.
මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු විශ්වාස කළෙහු ද?. නුඹලාට හූනියම ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට මම කපා දමමි. තවද මම නුඹලා සියල්ල කුරිසියේ දමා ඇණ ගසමි යැයි පැවසීය.
කිසිදු ප්‍රශ්නයක් නොමැත. නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපතියාණන් වෙත හැරෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
අප දෙවියන් කෙරෙහි විශ්වාස තැබූ මුල් අය වූ බැවින් අපගේ වැරදි වලට අපගේ පරමාධිපති අපට සමාව දෙනු ඇතැයි නියත වශයෙන්ම අපි ප්‍රිය කරන්නෙමු.
තවද මාගේ ගැත්තන් රැගෙන නුඹ රාත්‍රියේ පිටත් ව යනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන් යැයි මූසා වෙත අපි දේව පණිවිඩ එව්වෙමු.
එවිට ෆිර්අවුන් (මොවුන් ගැන නිවේදනය කරනු වස්) නගර වලට රැස් කරන්නන් එවීය.
Verse 54
නියත වශයෙන්ම මොවුන් (මූසාගේ පිරිස) ස්වල්ප පිරිසක් පමණි.
Verse 55
තවද නියත වශයෙන්ම මොවුහු අපට කෝපය ඇති කළවුන් වෙති.
Verse 56
තවද නියත වශයෙන්ම අපි සියලු දෙනා අවදියෙන් සිටිය යුත්තෝ වෙමු.
Verse 57
එහෙයින් ඔවුන් (භුක්ති විඳිමින් සිටි) උයන් වලින් හා උල්පත් වලින් ද අපි ඔවුන් බැහැර කළෙමු.
Verse 58
නිධන් වලින් හා ගෞරවනීය ස්ථානයෙන් ද (අපි ඔවුන් බැහැර කළෙමු.)
එලෙස අපි එ(ම සම්පත්වලින් පිරුණු දේශ)ය ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුන්නෙමු.
Verse 60
පසුව උදෑසන උදාවූවන් ලෙසින් ඔවුහු ඔවුන් ලුහු බැන්දෝය.
කණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි, නියත වශයෙන්ම අපි කොටු කරනු ලබන්නන් වූයෙමු යැයි මූසාගේ සගයෝ පැවසූහ.
එසේ නොව නියත වශයෙන්ම මා සමග මාගේ පරමාධිපති සිටියි. ඔහු මට මග පෙන්වනු ඇතැයි ඔහු පැවසීය.
ඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය.
Verse 64
තවද අපි එහි (ෆිර්අවුන්ගේ සේනාව වූ) අනෙක් අයද සමීප කළෙමු.
තවද අපි මූසා හා ඔහු සමග සිටි සියලු දෙනා මුදවා ගත්තෙමු.
Verse 66
පසුව අපි අනෙක් අය දියේ ගිල්වීමු.
නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව බලධාරියාණන් මහා කරුණාන්විතයාණන්.
Verse 69
තවද නුඹ ඔවුන් වෙත ඉබ්‍රාහීම්ගේ පුවත කියවා පෙන්වනු.
නුඹලා කුමක් නමදින්නෙහුදැයි ඔහු තම පියාණන් හා තම ජනයාගෙන් විමසීය.
අපි පිළිම නමදින්නෙමු. එහෙයින් ඒ වෙනුවෙන්ම අපි රැඳී සිටින්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
නුඹලා අමතන විට නුඹලාට ඔවුන් සවන් දෙන්නේ ද? එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද?
Verse 73
එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ?යි ඔහු විමසීය.
නමුත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු පැවසූහ.
නුඹලා සිතා බැලුවෙහු දැ?යි ඔහු (ඉබ්‍රාහිම්) විමසීය.
Verse 76
නුඹලා හා නුඹලාගේ මුල් මුතුන් මිත්තන් නමදිමින් සිටින දෑ ගැන
හේතුව සර්ව ලෝකයන්හි පරමාධිපති(අල්ලාහ්) හැර ඔවුන් (සියලු දෙනා) මාගේ සතුරන් වන බැවිනි.
Verse 78
ඔහු(අල්ලාහ්) වනාහි මා මවා මට මග පෙන්වයි.
Verse 79
තවද ඔහු වනාහි මට ආහාර සපයයි. මට පානය දෙයි.
Verse 80
තවද මා රෝගී වූ විට ඔහු මට සුවය දෙයි.
Verse 81
තවද ඔහු වනාහි මා මරණයට පත් කොට පසුව මට (යළි) ජීවිය දෙයි.
තවද ඔහු වනාහි මාගේ වැරදි වලට විනිශ්චය දිනයේ දී මට සමාව දෙනු අතැයි මම ආශා කරන්නෙමි.
මාගේ පරමාධිපතියාණනි, මට ප්‍රඥාව පිරිනමනු මැනව ! තවද මා දැහැමියන් සමඟ එක් කරනු මැනව!
තවද පසු ව පැමිණෙන්නන් අතර සැබෑ ලෙස අගයන කතාවක් බවට මා පත් කරනු මැනව !
සුව පහසුකම් ඇති ස්වර්ගයේ උරුමක්කරුවන් අතුරින් මා පත් කරනු මැනව !
තවද මාගේ පියාණන්ට සමාව දෙනු මැනව ! නියත වශයෙන්ම ඔහු මුළා වූවන් අතුරින් කෙනෙකු විය.
Verse 87
(ජනයා) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹ මා දුකට පත් නොකරනු මැනව !
(එය) ධනය හා දරුවන් ප්‍රයෝජනවත් නොවන දිනකි.
නමුත් ශාන්තමය හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන් හැර.
Verse 90
බිය බැතිමතුන් හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.
Verse 91
තවද සීමාව ඉක්මවා ගියවුන්ට නිරය හෙළි කරනු ලැබේ.
අල්ලාහ්ගෙන් තොර නුඹලා නමදිමින් සිටි දෑ කොහේදැ?යි ඔවුන්ගෙන් විමසනු ලැබේ.
ඔවුහු නුඹලාට උදව් කරන්නෝ ද? එසේ නැතිහොත් ඔවුහු උදව් ලබන්නෝද?
Verse 94
එවිට එහි ඔවුන් හා සීමාව ඉක්මවූවන් මුණින් අතට හෙළනු ලැබේ.
Verse 95
ඉබ්ලීස්ගේ සේනාව යන සියලු දෙනා ද මුණින් අතට හෙළනු ලැබේ.
Verse 96
තවද ඔවුහු එහි වාද කර ගනිමින් මෙසේ පවසති.
අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන්ම අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.
Verse 98
සර්ව ලෝකයන්හි පරමාධිපතිට සමානයන් ලෙස අපි නුඹලා ව පත් කළ අවස්ථාවේ
Verse 99
අපරාධකරුවෝ මිස වෙනත් කිසිවකු අප ව නොමග නොයැවීය.
Verse 100
එහෙයින් අප වෙනුවෙන් මැදිහත්වන්නන් කිසිවකු හෝ නොමැත.
Verse 101
තවද උණු වන (හදවතක් ඇති) මිතුරෙකු හෝ නොමැත.
එහෙයින් අපහට තවත් වාරයක් වී නම් එවිට අපි දෙවියන් විශ්වාස කරන්නන් අතුරින් වන්නෙමු.
නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. එහෙත්, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
Verse 104
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන්.
Verse 105
නූහ්ගේ ජනයා දූතවරුන් බොරු කළහ.
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුනට පැවසූ අවස්ථාවේ..
Verse 107
නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දූතයකි.
Verse 108
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
Verse 110
එහෙයින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
පහත් අය නුඹ ව අනුගමනය කරමින් සිටියදී අපි නුඹ ව විශ්වාස කරන්නෙමු දැයි ඔවුහු විමසූහ.
ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව මට දැනුම නොමැතැයි ඔහු පැවසුවේය.
නුඹලා වටහා ගන්නේ නම් ඔවුන්ගේ ගිණුම ද මාගේ පරමාධිපති මත මිස නැත.
Verse 114
තවද මම දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් පලවා හරින්නෙකු නොවෙමි.
Verse 115
මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැත.
අහෝ ! නූහ්, නුඹ මෙයින් නොවැළකුණෙහි නම් සැබැවින්ම නුඹ ගල් ගසනු ලබන්නන් අතුරින් වනු ඇතැයි ඔවුහු පැවසූහ.
Verse 117
මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මාගේ ජනයා මා බොරු කළහ යැයි ඔහු පැවසීය.
එහෙයින් මා අතර හා ඔවුන් අතර විවෘත තීන්දුවක් දෙනු මැනව! තවද මා ද මා සමග සිටින්නවුන් අතුරින් දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් ද නුඹ මුදවා ගනු මැනව!
එවිට (ජීවීන්) පටවනු ලැබූ නැවෙහි සිටි ඔහු ද ඔහු සමග සිටියවුන් ද අපි මුදවා ගත්තෙමු.
Verse 120
ඉන් අනතුරු ව අපි ඉතිරිවූවන් (දියෙහි) ගිල්වූයෙමු.
නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
Verse 122
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන්.
Verse 123
ආද් ජනයා ද දහම් දූතයින් බොරු කළහ.
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ දැයි ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහියට නගනු.
Verse 125
නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය දූතයකි.
Verse 126
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
Verse 128
සෑම උස් තැනකම නුඹලා විනෝදය පිණිස සංඥා (කුලුනු) තනන්නෙහු ද?
Verse 129
නුඹලා සදා ජීවත් විය හැකි වනු පිණිස මන්දිර තනා ගන්නෙහු ද?
Verse 130
තවද නුඹලා (කිසිවකු) හසු කළ විට දැඩි පාලකයින් ලෙසින් නුඹලා හසු කර ගන්නෙහුය.
Verse 131
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
Verse 132
නුඹලා දන්නා දෑ මගින් නුඹලාට උපකාර කළ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
Verse 133
ගොවිපළ සතුන් පිරිමි දරුවන් ඔහු නුඹලාට උපකාර කළේය.
Verse 134
උයන් හා උල්පත් මගින් ද ඔහු නුඹලාට උපකාර කළේය.
නියත වශයෙන්ම මම නුඹලා කෙරෙහි මහත් දිනයක දඬුවම ගැන බිය වෙමි.
නුඹ උපදෙස් කළ ද එසේ නැතහොත් නුඹ උපදෙස් කරන්නන් අතුරින් නොවූව ද අප වෙත එක සමානය යැයි ඔවුහු පැවසූහ.
Verse 137
මෙය මුතුන් මිත්තන්ගේ ගති පැවතුම් මිස වෙනෙකක් නොවීය.
Verse 138
තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවූයෙමු.
එසේ ඔවුහු බොරු කළෝය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
Verse 140
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය මහාකරුණාන්විත සර්ව බලධාරීයාණන්.
Verse 141
සමූද් ජනයා ද දහම් දූතයින් බොරු කළහ.
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ දැ?යි ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහියට නගනු.
Verse 143
නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය දූතයකු වෙමි.
Verse 144
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
Verse 146
මෙහි සුරක්ෂිතයින් ලෙස නුඹලා අතහැර දමනු ලබන්නෙහු ද?
Verse 147
උයන් හා උල්පත් වල ඇති දෑ සමග
Verse 148
තවද කෙත් වතු හා පැහුණු වලුබරැති ඉඳි ගස්හි ද ඇති දෑ සමග
Verse 149
තවද නුඹලා දක්ෂ ලෙසින් කඳු තුළ හාරා නිවෙස් තනා ගන්නෙහුය.
Verse 150
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
Verse 151
තවද නුඹලා සීමාව ඉක්මවූවන්ගේ නියෝගයට අවනත නොවනු.
ඔවුහු වනාහි මහපොළොවේ කලහකම් කරන්නෝ වෙති. තවද ඔවුහු විධිමත් ව කටයුතු නොකරති.
Verse 153
නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතුරින් කෙනෙකු යැයි ඔවුහු පැවසූහ.
නුඹ අප මෙන් මිනිසෙකු මිස නැත. එහෙයින් නුඹ සත්‍යවාදීන් අතුරින් නම් සංඥාවක් ගෙන එනු.
මෙය ඔටු දෙනයි. ඇය වෙනුවෙන් පානය (සඳහා වූ දිනය)කි. තවද නුඹලා වෙනුවෙන් පානය සඳහා නම් කරනු ලැබූ දිනයකි.
තවද නුඹලා නපුරු අයුරින් ඌ ස්පර්ශ නොකරනු. එවිට මහත් දිනයක දඬුවම නුඹලා ග්‍රහණය කරනු ඇත.
Verse 157
නමුත් ඔවුහු උගේ නහර කපා මරා දැමූහ. එවිට ඔවුහු වැලපෙන්නන් බවට පත් වූහ.
එවිට එම දඬුවම ඔවුහු ග්‍රහණය කළෝය. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් නොවූහ.
Verse 159
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන්.
Verse 160
ලූත්ගේ ජනයා ද දහම් දූතයින් බොරු කළහ.
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර ලූත් ඔවුනට පැවසූ අවස්ථාව සිහියට නගනු.
Verse 162
නියත වශයෙන්ම මම නුඹලා වෙත (එවනු ලැබුවා) වූ විශ්වාසනීය දූතයකු වෙමි.
Verse 163
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
Verse 165
නුඹලා ලෝවැසියන් අතුරින් පිරිමින් වෙත (සම ලිංගික අවශ්‍යතා සඳහා) යන්නෙහු ද?
නුඹලාගේ බිරියන් අතුරින් නුඹලාගේ පරමාධිපති නුඹලා වෙනුවෙන් මැවූ දෑ අත හැර දමා (පිරිමින් වෙත) යන්නෙහුය. නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි.
අහෝ! ලූත්, නුඹ එයින් නොවැළකුණෙහි නම්, සැබැවින්ම නුඹ බැහැර කරනු ලබන්නන් අතුරින් වන්නෙහුය යැයි ඔවුහු පැවසුවෝය.
Verse 168
නියත වශයෙන්ම මම නුඹලාගේ ක්‍රියාව පිළිකුල් කරන්නන් අතුරින් කෙනෙකු වෙමි යැයි ඔහු පැවසීය.
Verse 169
පරමාධිපතියාණනි, ඔවුන් සිදු කරන දැයින් මා හා මාගේ පවුල මුදවා ගනු මැනව!
Verse 170
ඔහු හා ඔහුගේ දරුපවුලේ සෙසු සියලු දෙනා අපි මුදවා ගත්තෙමු.
Verse 171
එවිට රැඳී සිටියවුන් අතර වූ මැහැල්ලියක් හැර
Verse 172
පසු ව අපි අනෙක් අය විනාශ කර දැමුවෙමු.
තවද අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. එවිට අවවාද කරනු ලැබූවන් සඳහා වූ වර්ෂාව දරුණු විය.
නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
Verse 175
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන්.
Verse 176
අය්කා වාසීහු ද දහම් දූතයින් බොරු කළහ.
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ෂුඅයිබ් ඔවුනට පැවසූ අවස්ථාව සිහියට නගනු.
Verse 178
නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය දූතයකු වෙමි.
Verse 179
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් ලෙසින් ඉටු කරනු. තවද නුඹලා පාඩු කරන්නන් අතුරින් නොවනු.
Verse 182
ඍජු තුලනයෙන් නුඹලා කිරනු.
තවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩුපාඩු නොකරනු. තවද නුඹලා මහපොළොවේ කලහකාරීන් ලෙස සැරිනොසරනු.
Verse 184
නුඹලා හා මුල් මැවීම් මැවූ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
Verse 185
නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතුරිනි යැයි ඔවුහු පැවසූහ.
තවද නුඹ අප මෙන් මිනිසෙකු මිස නැත. තවද අපි නුඹ බොරුකාරයින් අතුරින් යැයි සිතමු.
එසේ නම් නුඹ සත්‍යවාදීන් අතුරින් කෙනෙකු නම් අහසින් කැබැල්ලක් අප වෙත වැටෙන්නට සලස්වනු.
Verse 188
නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය.
එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එහෙයින් අඳුරු (වළාවෙන්) ආවරණ කරන දිනයේ දඬුවම ඔවුන් ග්‍රහණය කළේය. නියත වශයෙන්ම එය දරුණු දිනයක දඬුවමක් විය.
නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
Verse 191
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්වබලධාරී මහාකරුණාන්විතයාණන්.
Verse 192
තවද නියත වශයෙන්ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.
Verse 193
විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය.
Verse 194
නුඹ අවවාද කරන්නන් අතුරින් වනු පිණිස නුඹේ හදවතට
Verse 195
පැහැදිලි අරාබි බසින්
Verse 196
තවද නියත වශයෙන්ම එය මුතුන් මිත්තන්ගේ ග්‍රන්ථ වල විය.
තවද ඉස්රාඊල් දරුවන්ගේ විද්වත්හු ඒ ගැන දැන සිටීම ඔවුනට සංඥාවන් නොවී ද?
Verse 198
තවද අරාබි නොවන ඇතැමුන් වෙත අපි එය පහළ කොට
එය ඔහු ඔවුනට කියවා පෙන්වූයේ නම් ඔවුහු ඒ ගැන විශ්වාස කරන්නන් නොවනු ඇත.
Verse 200
වැරදිකරුවන්ගේ හදවත් තුළ අපි එය ඇතුළත් කළේ එලෙසය.
වේදනීය දඬුවම ඔවුන් දකින තෙක් ඒ පිළිබඳ ව ඔවුහු විශ්වාස නොකරති.
Verse 202
එහෙයින් ඔවුන් නොහඟමින් සිටියදී ක්ෂණික ව ඔවුන් වෙත එය (දඬුවම) පැමිණෙනු ඇත.
Verse 203
එවිට ඔවුහු අප කල් දෙනු ලබන්නන් වන්නෙමු දැ?යි අසති.
Verse 204
එසේනම් ඔවුහු අපගේ දඬුවම ඉක්මණින් පතන්නෙහු ද?
Verse 205
ඔවුනට වසර ගණනාවක් අප භුක්ති විඳීමට සලස්වා
Verse 206
පසු ව ඔවුනට පොරොන්දු දෙනු ලබමින් සිටී දෑ ඔවුන් වෙත පැමිණි විට
ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවනු ඇත.
තවද කිසිදු ගම්මානයක් එහි අනතුරු අඟවන්නන්ගෙන් තොර ව අපි විනාශ නොකළෙමු.
Verse 209
(මෙය අල්ලාහ්ගේ දඬුවම ගැන) මෙනෙහි කිරීමකි. තවද අපි අපරාධකරුවන් නොවූයෙමු.
Verse 210
තවද ෂෙයිතානුන් එය පහළ නොකළහ.
Verse 211
තවද ඔවුනට එය අවශ්‍ය (කාර්යයක්) නොවීය. තවද ඔවුහු එයට ශක්තිය නොදරති.
Verse 212
නියත වශයෙන්ම ඔවුහු (එයට) සවන්දීමෙන් ඉවත් කරනු ලැබූවන් වෙති.
එහෙයින් නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් නොකරනු. එවිට නුඹ දඬුවම් කරනු ලබන්නන් අතුරින් කෙනෙකු වන්නෙහිය.
Verse 214
තවද නුඹගේ සමීප ඥාතීන්ට නුඹ අවවාද කරනු.
තවද දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් අතුරින් නුඹ ව අනුගමනය කළවුන් හට නුඹගේ පියාපත් පහත් කරනු.
නමුත් ඔවුහු නුඹට පිටුපෑවෙහු නම්, නියත වශයෙන්ම නුඹලා සිදු කරන දැයින් මම නිදහස් වූ අයෙකි යැයි නුඹ පවසනු.
Verse 217
තවද නුඹ සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන් මත (සියල්ල) භාර කරනු.
Verse 218
ඔහු වනාහි නුඹ නැගිට නැමදුම් කරන විට ද
Verse 219
සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද ඔහු දකින්නාය.
Verse 220
නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව ඥානී.
ෂෙයිතානුන් පහළ වන්නේ කවුරුන් වෙත දැයි මම නුඹලාට දන්වන්න ද?
Verse 222
පාපකම් කරන බොරු ගොතන සෑම කෙනෙකු වෙතම ඔහු පහළ වෙයි.
Verse 223
සවනට වැකුණු දෑ ඔවුහු ඉදිරිපත් කරති. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මුසාවාදීහුය.
Verse 224
තවද කවිවරුන් වන ඔවුන් ව නොමග ගියවුන් අනුගමනය කරති.
නියත වශයෙන්ම ඔවුන් සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරෙනු නුඹ නොදුටුවෙහි ද?
Verse 226
තවද නියත වශයෙන්ම ඔවුහු තමන් සිදු නොකරන දෑ පවසති.
නමුත් විශ්වාස කර යහකම් කර අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කර අපරාධ කරනු ලැබූවායින් පසු උදව් කරනු ලැබූවන් හැර. තමන් කවර තැනකට යොමු කරනු ලබන්නේ දැයි අපරාධ කළවුන් මතු දැන ගනු ඇත.
تقدم القراءة