الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා النساء හි පරිවර්තනය
Verse 1
අහෝ මිනිසුනි ! එක ම ආත්මයකින් නුඹලා ව මවා එයින් එහි කළත්‍රය ද මවා ඔවුන් දෙදෙනාගෙන් අධික පිරිමින් ද කාන්තාවන් ද මැවූ නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. තවද කවර(නාමය)ක් වෙනුවෙන් නුඹලා එකිනෙකා අයිතීන් ඉල්ලා සිටින්නේ ද ඔහුට ද (එවැනි) ලේඥාතීත්වය (බිඳ දැමීම)ට ද බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය.
Verse 2
අනාථයින්ට ඔවුන්ගේ වස්තුව දෙනු. තවද නුඹලා කිලිටි දෑ වෙනුවට පිවිතුරු දෑ හුවමාරු නොකරනු. නුඹලාගේ වස්තුව සමඟ ඔවුන්ගේ වස්තුව එකතු කර අනුභව නොකරනු. සැබැවින් ම එය මහත් වූ පාපයකි.
Verse 3
අනාථයින් විෂයෙහි නුඹලා යුක්තිය ඉටු කිරීමට නොහැකි වනු ඇතැයි නුඹලා බිය වූයෙහු නම් එවිට කාන්තාවන්ගෙන් නුඹලාට ප්‍රිය මනාප දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ සිව් දෙනෙකු හෝ නුඹලා විවාහ කර ගනිවු. එවිට (ඔවුන් අතර) යුක්ති ගරුක ව කටයුතු කිරීමට නොහැකි වේ යැයි නුඹලා බිය වූයෙහු නම් එවිට එක් තැනැත්තියක් හෝ නුඹලාගේ දකුණත හිමි කර ගත් අය හෝ විවාහ කරගත යුතුය. නුඹලා අයුක්තිය ඉටු නොකිරීමට එය වඩා සමීප ය.
Verse 4
තවද නුඹලා (විවාහ වන) කාන්තාවන්ට ඔවුන්ගේ මහර් හෙවත් විවාහ දීමනාවන් පිරිනමනු. නමුත් ඔවුන් ඉන් කිසිවක් නුඹලාට ස්වකැමැත්තෙන් පිරිනැමුවේ නම් එවිට නුඹලා එය සතුටින් හා රසවත් ව අනුභව කරනු.
Verse 5
තවද නඩත්තුව පිණිස අල්ලාහ් නුඹලාට පැවරූ නුඹලාගේ වස්තුව බුද්ධි මට්ටම හීනවී ඇත්තන්ට පිරි නොනමනු. තවද ඒවායෙහි ඔවුනට පෝෂණය ලබා දෙනු. තවද වස්ත්‍ර ද ලබා දෙනු. තවද ඔවුනට යහ වදනින් කතා කරනු.
අනාථයින් විවාහ වියට පත් වන තුරු ඔවුන් ප්‍රවේශමෙන් රැක බලා ගනු. ඔවුන් අතුරින් (වගකීම් දරන) නිවැරදි මඟක් දුටුවෙහු නම් එවිට ඔවුනට ඔවුන්ගේ වස්තුව නුඹලා බාර දෙනු. තවද ඔවුන් වැඩිවියට පත්වනු ඇත (එවිට ඒවා ලබා දිය යුතු වේ) යැයි ඉක්මන් හා නාස්තිකාර ලෙස ඒවා අනුභව නොකරනු. තවද කවරෙකු පොහොසත් වන්නේ ද ඔහු (එය පරිහරණය කිරීමෙන් වැළකී) තැන්පත් බව රැකිය යුතුය. තවද කවරෙකු දිළිඳු වන්නේ ද ඔහු යහ අයුරින් (සාධාරණ ලෙස) අනුභව කළ යුතු ය. නුඹලා ඔවුන්ගේ වස්තුව ඔවුනට පවරන විට ඔවුන් වෙත සාක්ෂිකරුවන් ඉදිරිපත් කරනු. ගිණුම් බලන්නන්ගෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.
Verse 7
දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කොටසක් පිරිමි පාර්ශවයට ඇත. එමෙන් ම දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කාන්තා පාර්ශවයට ද කොටසක් ඇත. එයින් අඩු වූ දෑ වුව ද අධික වූ දෑ වුව ද නියම කරන ලද කොටසක් වශයෙන් ඇත.
Verse 8
බෙදීමේ දී (වස්තුවට උරුමකම් නොලබන) ඥාතීන් ද අනාථයින් ද දුගියන් ද සහභාගී වූයේ නම් එවිට නුඹලා එයින් ඔවුන් ව පෝෂණය කරනු. තවද යහ වදනින් ඔවුනට කතා කරනු.
Verse 9
තමන්ට පසුව දුර්වල පරපුරක් හැර දමා ගොස් ඔවුන් සම්බන්ධයෙන් බිය වන අය මෙන් (අනාථයින් සම්බන්ධව ද) ඔවුන් බිය විය යුතුය. එබැවින් අල්ලාහ්ට ඔවුන් බිය බැතිමත් විය යුතුය. තවද ඔවුන් ඍජු වදනින් (අවංක ව) කතා කළ යුතුය.
Verse 10
නියත වශයෙන් ම අනාථයින් ගේ වස්තුව අයුක්ති සහගත ව අනුභව කරන්නන් (සැබැවින් ම) ඔවුන්ගේ කුසෙහි ඔවුන් අනුභව කරනුයේ (නිරයේ) ගින්න ය. තවද ඔවුහු ඇවිළෙන ගින්නට (පිවිස) දැවෙති.
අල්ලාහ් නුඹලාගේ දරුවන් විෂයෙහි පිරිමියාට කාන්තාවන් දෙදෙනෙකුගේ කොටස මෙන් විය යුතු යැයි උපදෙස් දෙන්නේය. නමුත් දෙදෙනෙකුට වඩා කාන්තාවන් (පමණක්) වූයේ නම් එවිට තමන් හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුනට විය යුතු ය. එක් තැනැත්තියක පමණක් වූවා නම් එවිට ඇයට අඩකි. තවද තම දෙමාපියන් විෂයෙහි ඔහුට දරුවෙකු වී ඔහු හැර දමා ගිය දැයින් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් අයෙකුට හයෙන් එක් කොටසක් විය යුතුය. නමුත් ඔහුට දරුවෙකු නොවී එයට තම දෙමාපියන් උරුමකම් කියන්නේ නම් එවිට තම මවට තුනෙන් එකකි. නමුත් ඔහුට සහෝදර යෙකු සිටී නම් ඔහු කවර දෙයක් සම්බන්ධ ව අන්තිම කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව තම මවට හයෙන් එක් කොටසක් සතු වේ. නුඹලාගේ දෙමාපියන් හා නුඹලාගේ දරුවන් වන ඔවුන් අතුරින් නුඹලාට ප්‍රයෝජනය ගෙන දීමට වඩාත් සමීපතයින් කවුරුන් දැ යි නුඹලා නොදන්නෙහුය. (මෙය) අල්ලාහ්ගෙන් වූ නියමයකි. නියත වශයෙන් ම අල්ලාහ් සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත විය.
නුඹලාගේ බිරියන් හැර දමා ගිය දැයින් අඩක්, ඔවුනට දරුවෙකු නොමැති නම් නුඹලාට හිමි ය. ඔවුනට දරුවෙකු සිටී නම් එවිට ඔවුන් උපදෙස් දුන් අන්තිම කැමැත්තට පසුව හා ණය පියවීමෙන් පසුව ඔවුන් හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් නුඹලාට හිමි ය. එමෙන් ම නුඹලාට දරුවෙකු නොසිටි නම්, නුඹලා හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් ඔවුනට හිමි ය. නමුත් නුඹලාට දරුවෙකු සිටී නම් එවිට නුඹලා කවර දෙයක් ගැන අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව අටෙන් කොටසක් ඔවුනට හිමි ය. මිනිසෙකු හෝ කාන්තාවක් (දරුවන් හෝ දෙමාපියින් නොමැති) කලාලා නම් ගණයට අයත් කෙනෙකු වශයෙන් උරුමකම් පාන කෙනෙකු සිට ඔහුට සහෝදරයෙකු හෝ සහෝදරියක සිටී නම් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් කෙනෙකුට හයෙන් කොටසක් දිය යුතුය. නමුත් ඊට වඩා අධික ව ඔවුහු සිටියෙහු නම් එවිට ඔවුහු තුනෙන් කොටසක් තුළ හවුල්කරුවෝ වෙති. එය කවර දෙයක් ගැන අන්තිම ප්‍රකාශය කරනු ලබන්නේ ද එය හා ණය පිය වීමෙන් පසුව ය. (උරුම කරුවන් කිසිවෙකුට) හිංසා කරන්නෙකු නොවිය යුතුය. මෙය අල්ලාහ්ගේ උපදෙසකි. තවද අල්ලාහ් සර්ව ඥානීය. ඉවසිලිවන්තය.
Verse 13
මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද ඔහු ව ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඇතුළත් කරන්නේය. එහි ඔවුහු සදාතනිකයෝ ය. ඉමහත් ජයග්‍රහණය එයයි.
Verse 14
තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටු පා ඔහු (අල්ලාහ්)ගේ සීමාවන් ඉක්මවා යන්නේ ද ඔහු ව (අල්ලාහ්) ගින්නට ඇතුළත් කරන්නේය. එහි ඔහු සදාතනික ය. තවද ඔහුට නින්දා සහගත දඬුවමක් ඇත.
Verse 15
නුඹලාගේ කාන්තාවන් අතුරින් (ඇතැමුන්) අශීලාචාර දෑ (දුරාචාරය) වෙත පැමිණෙන්නි යන්ට, නුඹලා ඔවුනට එරෙහි ව නුඹලා අතුරින් සිව් දෙනෙකු සාක්ෂි වශයෙන් ගෙන එනු. එසේ ඔවුන් සාක්ෂි පැවසුවේ නම් එවිට ඔවුනට මරණය අත්වන තුරු හෝ ඔවුන් වෙනුවෙන් අල්ලාහ් යම් මඟක් ඇති කරන තුරු නිවාස අඩස්සියෙහි ඔවුන් ව රඳවා ගනු.
Verse 16
නුඹලා අතුරින් ඒ වෙත (කාමයේ වරදවා හැසිරීමට) පැමිණෙන දෙදෙනෙකු ට, නුඹලා ඔවුන් දෙදෙනා ට දඬුවම් කරනු. පසුව ඔවුන් දෙදෙනා පශ්චාත්තාප වී හැඩ ගැසුනේ නම් එවිට නුඹලා ඔවුන් දෙදෙනා ව අත හැර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමා ශීලී හා පරම කරුණාභරිත විය.
Verse 17
අල්ලාහ් වෙතින් වූ පාපක්ෂමාව ඇත්තේ නොදැනුවත්කමින් නපුරක් කර පසුව ඉතා ඉක්මණින් ම පාශ්චාත්තාපයෙහි නිරත වන අයට ය. එවිට අල්ලාහ් ඔවුනට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් සර්ව ඥානී හා සර්ව ප්‍රඥාවන්ත විය.
Verse 18
ඔවුන් නපුරුකම් (පාපකම්) කර ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණෙන තෙක් සිට “දැන් මම පාපක්ෂමාව අයැදිමි“ යැයි පවසන්නන්ට පාපක්ෂමාව නොමැත. එමෙන් ම ප්‍රතික්ෂේප කයින් ලෙස සිටිය දී මරණයට පත්වන්නන්ට ද නොමැත. අපි වේදනා සහගත දඬුවමක් ඔවුන්ට සූදානම් කර ඇත්‍තෙමු.
Verse 19
අහෝ විශ්වාස කළවුනි! බලහත් කාරයෙන් කාන්තාවන් හිමි කර ගැනීම නුඹලාට අනුමත නොවෙයි. ඔවුන්ට නුඹලා පිරිනැමූ දැයින් සමහරක් ඔවුන් ගෙන යෑමට නුඹලා ඔවුන් ව නොවළක්වනු. නමුත් ඔවුන් ප්‍රසිද්ධියේ අශීලාචාර දෙයක් කළහොත් මිස. නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන් ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැක. (එසේ පිළිකුල් කරන) එහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන.
Verse 20
බිරියකගේ ස්ථානයට වෙනත් බිරියක් (විවාහ කර) ගැනීමට නුඹලා සිතුවේ නම් ඔවුන්ගෙන් (නුඹලා දික්කසාද කරන) එක් තැනැත්තියට ධන සම්භාරයක් පිරිනමා තිබුණ ද නුඹලා එයින් කිසිවක් නොගනු. නුඹලා එය අයුක්ති සහගත ලෙසින් හා මහා පාප කර්මයක් ලෙසින් ගන්නෙහු ද?
Verse 21
නුඹලාගෙන් කෙනෙකු තවත් කෙනෙකු වෙත ගොස් තිබිය දී ද (විවායේ දී) නුඹලාගෙන් ස්ථීර ගිවිසුමක් ඔවුන් ගෙන තිබිය දී ද නුඹලා එය (දුන් දෑ) ගනුයේ කෙසේ ද ?
Verse 22
කාන්තාවන් අතුරින් නුඹලාගේ පියවරුන් විවාහ කර ගත් අය ව නුඹලා විවාහ නොකරනු. නමුත් ඉකුත් වී ගිය දෑ හැර. නියත වශයෙන් ම එය අශීලාචාර හා පිළිකුල් සහගත ක්‍රියාවක් විය. තවද ක්‍රියා මාර්ගයෙන් එය ඉතා නපුරුය.
නුඹලාගේ මව්වරුන් ද නුඹලාගේ දූවරුන් ද නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ පියාගේ සහෝදරියන් (නැන්දාවරුන්) ද නුඹලාගේ මවගේ සහෝදරියන් ද (නුඹලාගේ) සහෝදරයාගේ දූවරුන් ද සහෝදරියගේ දූවරුන් ද නුඹලාට කිරි පෙවූ නුඹලාගේ මව්වරුන් ද කිරි පෙවීම හේතු වෙන් වූ නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ බිරින්දෑවරුන්ගේ මව්වරුන් ද නුඹලා ඔවුන් සමඟ (විවාහ ජීවිතයට) ඇතුළත් වූ බිරින්දෑ වරුන්ගෙන් (පෙර විවාහයකින් ඉපද) නුඹලාගේ උකුලෙහි හැදී වැඩුණු නුඹලාගේ (බිරියගේ) දූරුවන් ද නුඹලාට (විවාහ වීමට) තහනම් කරන ලදී. නමුත් නුඹලා ඔවුන් (එම බිරියන්) සමඟ (ලිංගික ඇසුරු කමට) අතුළත් නොවූයේ නම් (එම දූවරුන් විවාහ කර ගැනීම) නුඹලාට වරදක් නැත. නුඹලා ගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ දරුවන්ගේ බිරින්දෑ වරුන් (ලේලියන්) ද, ඉකුත් වී ගිය දෑ හැර, සහෝදරි යන් දෙදෙනෙකු නුඹලා (බිරියන් වශයෙන්) එකට තබා ගැනීම ද තහනම් කරන ලදී. නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය. පරම කරුණාභරිත ය.
(යුද සිරකාරියන් අතුරින්) නුඹලාගේ දකුණත් හිමි කර ගත් අය හැර සෙසු විවාහක කාන්තාවන් (අනුමත නොවන්නේය. එය) නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ නියමයක් ලෙසිනි. නමුත් එයට ඔබ්බෙන් වූ අය ව්‍යභිචාරයෙන් තොරව නුඹලාගේ සම්පත් (පිරිනැමීම) තුළින් සෙවීම නුඹලාට අනුමත කරන ලදී. එබැවින් ඔවුන් සමඟ කවර දෙයක නුඹලා පහස විඳින්නෙහු ද ඒ වෙනුවෙන් වගකීමක් වශයෙන් ඔවුන්ගේ කුලී(මහර්) නුඹලා ලබා දෙනු. (මහර්) නියම කළ පසු (මහර් හි අඩු වැඩි කිරීම සම්බන්ධයෙන්) කවර දෙයක් පිළිබඳ ව නුඹලා එකිනෙකා එකඟතාවට පැමිණෙන්නේ ද එහි නුඹලාට වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානීය සර්ව ප්‍රඥාවන්තය.
විශ්වාසවන්ත නිදහස් කාන්තා වන් විවාහ කර ගැනීමට නුඹලා අතුරින් කවරෙකුට වත්කම් නොමැත්තේ ද එවිට නුඹලාගේ දකුණත් (වහල් වශයෙන්) හිමි කර ගත් කාන්තාවන් අතුරින් නුඹලා අතර සිටින විශ්වාස වන්ත වහල් කාන්තාවන් (විවාහ) විය යුතුය. තවද අල්ලාහ් නුඹලාගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නාය. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙනි. එබැවින් නුඹලා ඔවුන්ගේ පවුලේ (භාරකරුවන්ගේ) අනුමැතිය මත පතිවත රකින ප්‍රසිද්ධියේ දුරාචාරයේ නොයෙදන එමෙන්ම රහසිගත ව හෝ දුරාචාරයේ නොයෙදන කාන්තා වන් ව ඔවුනට ඔවුන්ගේ කුලී (මහර්) ලබා දී නුඹලා විවාහ කර ගනු. විවාහ කරනු ලැබ පසුව ඔවුන් අශික්ෂිත දෙයක් රැගෙන ආවේ ද එවිට නිදහස් කාන්තාවන් මත පැවරෙන දඬුවමින් අඩක් ඔවුනට හිමි වේ. මෙය නුඹලා අතුරින් දුරාචාරයේ යෙදීම ගැන බිය වන අයටය. නමුත් නුඹලා ඉවසිල්ලෙන් කටයුතු කිරීම නුඹලාට උතුම් ය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
Verse 26
නුඹලාට (මේවා) පැහැදිලි කිරීමටත් නුඹලාට පෙරවූවන්ගේ පිළිවෙත නුඹලාට පෙන්වා දීමටත් නුඹලාට සමාව දීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය. සර්ව ප්‍රඥාවන්තය.
Verse 27
තවද අල්ලාහ් නුඹලාගේ පාපක්ෂමාව පිළිගැනීමට අපේක්ෂා කරයි. නමුත් මනෝ ආශාවන් අනුගමනය කරන්නවුන් නුඹලා මහත් නැඹුරුවකින් (සත්‍යයෙන් දුරස් ව නොමඟට) නැඹුරු වීම අපේක්ෂා කරති.
Verse 28
මිනිසා දුර්වලයෙකු ලෙස මවනු ලැබූ හේතුවෙන් නුඹලාගෙන් (නීති රීති) සැහැල්ලු කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි.
Verse 29
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අතර එකඟතාවයකින් යුතු ව්‍යාපාරයකින් හැර නුඹලාගේ වස්තුව නුඹලා වැරදි ලෙස අනුභව නොකරනු. තවද නුඹලා (ගැටලු ඇති කර ගනිමින්) නුඹලාවම ඝාතනය නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි අසමසම කරුණාන්විතය.
Verse 30
කවරෙකු සීමාව ඉක්මවා යමින් හා අයුක්ති සහගත ලෙසින් එය සිදු කරන්නේ ද එවිට අපි ඔහු ව නිරයට ඇතුළත් කරන්නෙමු. එය අල්ලාහ්ට පහසු කාර්යයක් විය.
Verse 31
කවර දෙයක් නුඹලාට තහනම් කරනු ලැබුවේ ද එවැනි මහා පාපයන්ගෙන් නුඹලා වැළකුණේ නම් අපි නුඹලාගේ (සුළු) පාපයන් නුඹලාගෙන් ඉවත් කරන්නෙමු. තවද නුඹලා ව ගෞරවනීය පිවිසෙන ස්ථානයකට අපි ඇතුළත් කරන්නෙමු.
Verse 32
තවද නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා අල්ලාහ් කවර දෙයකින් උසස් කොට ඇත්තේ ද එවැනි දෙයකට නුඹලා ආශා නොකරනු. පුරුෂයින්ට තමන් ඉපැයූ දැයින් කොටසක් ඇත. එමෙන්ම කාන්තාවන්ට ද තමන් ඉපැයූ දැයින් කොටසක් ඇත. තවද නුඹලා අල්ලාහ්ගෙන් ඔහුගේ භාග්‍යය පතනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
Verse 33
(ස්ත්‍රී පුරුෂ) සෑම කෙනෙකුටම දෙමාපියන් ද සමීප ඥාතීන් ද අතහැර දමා ගිය දෑ ට භාරකරුවන් පත් කළෙමු. නුඹලාගේ දිවුරුම් ගිවිස ගත් උදවියට ඔවුන්ගේ කොටස ඔවුනට පිරිනමනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සාක්ෂිකරුය.
පුරුෂයින් කාන්තාවන් මත වූ පාලකයෝය. හේතුව අල්ලාහ් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් කර ඇති බැවින් ද ඔවුන්ගේ ධනයෙන් ඔවුන් වියදම් කරන බැවින් ද වේ. (සැමියාට) අවනත වන දැහැමි කාන්තාවෝ අල්ලාහ් ආරක්ෂා කර ඇති පරිදි ගුප්ත දෑ සුරක්ෂිත කරන අය වෙති. ඔවුන්ගේ අඩදබර ගැන නුඹලා බියවන අයට නුඹලා උපදෙස් දෙනු. තවද නිදියහනින් ඔවුන් ව නුඹලා දුරස් කරනු. තවද ඔවුනට (සැහැල්ලුවෙන්) ගසනු. ඉන්පසුව ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුන් කෙරෙහි (වෙනත් වැරදි ඉදිරිපත් කරමින්) මඟක් නොසොයනු. සැබැවින්ම අල්ලාහ් අති උත්තරීතර අති මහත් විය.
Verse 35
තවද ඔවුන් දෙදෙනා අතර වෙන්වීමක් ඇති වේවි යැයි නුඹලා බිය වෙතොත් ඔහුගේ පවුලෙන් තීරකයෙකු ද ඇයගේ පවුලෙන් තීරකයෙකු ද (ඔවුන් වෙත යවනු) සමාදානය කළ හැකි යැයි ඔවුන් දෙදෙනා අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් ඔවුන් දෙදෙනා අතර ආශිර්වාද කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. සර්ව ප්‍රඥාවන්තය.
Verse 36
තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නොතබනු. තවද දෙමා පියන් සමඟ උපකාරශීලී ව කටයුතු කරනු. තවද ඥාතී වූවන් සමඟ ද ආනථයින් දුගියන් ඥාති අසල්වැසියා (ඥාති නොවන) අසල්වැසියා අසලින් සිටින සගයා මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය (වහලුන්) සමඟ ද උපාකරශීලී ව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අහංකාරකම් පාන පුරසාරම් දොඩන අය ව ප්‍රිය නොකරන්නේය.
Verse 37
මසුරුකම් පා මසුරුකම මිනිසුනට නියෝග කර අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුන්ට පිරිනැමූ දෑ වසන් කරන්නවුන් (වන) ප්‍රතික්ෂේපකයින්ට අපි නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු.
Verse 38
තවද, ජනයාට ප්‍රදර්ශනය කිරීම පිණිස තම ධනය වියදම් කර අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන ඔවුන් (ෂෙයිතාන්ගේ මිතුරන්ය) ෂෙයිතාන් කවරෙකුට මිතුරෙකු වන්නේ ද ඔහු මිතුරෙකු වශයෙන් නපුරු විය.
Verse 39
ඔවුහු අල්ලාහ් ව ද අවසන් දිනය ද විශ්වාස කොට අල්ලාහ් ඔවුන්ට පෝෂණය කළ දැයින් වියදම් කළේ නම් ඔවුනට කවර (නපුර)ක් සිදුවන්නේද? තවද අල්ලාහ් ඔවුන් පිළිබඳ ව සර්වඥානී විය.
Verse 40
සැබැවින්ම අල්ලාහ් අණුවක තරමක් වුව ද අපරාධයක් සිදු නොකරයි. එය යම් යහපතක් වූයේ නම් එය ඔහු(අල්ලාහ්) ප්‍රගුණ කරයි. තවද ඔහු වෙතින් අතිමහත් ප්‍රතිඵල ඔහු පිරිනමයි.
Verse 41
සෑම සමූහයකින්ම අප සාක්ෂි කරුවෙකු ගෙනැවිත් මොවුන් ට එරෙහිව නුඹව සාක්ෂිකරුවෙකු වශයෙන් අප ගෙන ආ විට කෙසේ වන්නේ ද?
Verse 42
ප්‍රතික්ෂේප කර රසූල්වරයාට පිටු පෑ අය එදින තමන් මහ පොළොව සමඟ සමතලා වූයේ නම් යැයි ප්‍රිය කරති. කිසිදු සිදුවී මක් ඔවුන්ට අල්ලාහ්ගෙන් වසන් කළ නොහැකිය.
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා මත් ව සිටිය දී නුඹලා පවසන දෑ නුඹලා වටහා ගන්නා තෙක් සලාතයට ළං නොවනු. තවද (ස්නානය අනිවාර්යය වූ) කිලිටි තත්ත්වයේ සිටින්නා ද (මස්ජිදයට) ළං නොවිය යුතුය. නමුත් (එහි) මාර්ගය හරහා ගමන් කරන්නෙකු හැර. එසේම නුඹලා රෝගී බවින් හෝ යම් ගමනක හෝ පසුවෙත් නම් හෝ නුඹලා අතුරින් මළපහ කිරීමෙන් පසු කිසිවෙකු පැමිණියේ නම් හෝ බිරියන් සමඟ ලිංගික ස්පර්ශයක යෙදුනෙහු නම් හෝ එවිට (පිරිසිදු වීමට) නුඹලාට ජලය නොලැබූවේ නම් නුඹලා පිරිසිදු පස් සොයා ගනු. තවද නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද නුඹලා (එයින්) පිරිමදිනු. සැබැවින්ම අල්ලාහ් වැරදි දරාගන්නාය. පාපක්ෂමාව පිරිනමන්නාය.
Verse 44
දේව ග්‍රන්ථයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු මුළාව මිලට ගනිති. තවද නුඹලා මං මුළා වීම ඔවුහු ප්‍රිය කරති.
Verse 45
තවද අල්ලාහ් නුඹලාගේ සතුරන් පිළිබඳ ව මැනවින් දන්නාය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය. තවද උදව්කරු වශයෙන් ද අල්ලාහ් ප්‍රමාණවත්ය.
Verse 46
වචන එහි (නියමිත) ස්ථානයෙන් වෙනස් කරන, එමෙන්ම අපි සවන් දුනිමු, අපි පිටුපෑවෙමු, ඇහුම්කන් දීමකින් තොරව නුඹ සවන් දෙනු. යැයි දහමෙහි අඩු පාඩු ඇතිකරමින් වචන වෙනස් කරමින් රාඉනා යැයි පවසන්නන් යුදෙව්වන් අතුරින් වෙති. ඔවුන් අපි සවන් දුනිමු, අවනත වූයෙමු, සවන් දෙනු උන්ළුර්නා (අප වෙත සාවධානය යොමු කරනු.) යැයි පවසා සිටියේ නම් එය ඔවුනට යහපතක් වන්නට තිබුණි. තවද වඩාත් නිවැරැදි වන්නට ද තිබුණි. එනමුත් ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේය. එහෙයින් ස්වල්ප දෙනකු මිස ඔවුහු විශ්වාස නොකරති.
Verse 47
අහෝ දේව ග්‍රන්ථය දෙනු ලැබූවනි ! අප මුහුණු මකා දමා ඒවා එහි පිටුපසට හරවන්නට හෝ සෙනසුරාදා වැසියනට අපි ශාප කළාක් මෙන් ඔවුනට අප ශාප කිරීමට පෙර නුඹලා සමඟ වූ දෑ සත්‍යය කරවමින් අපි නුඹලාට පහළ කළ දෑ කෙරෙහි නුඹලා විශ්වාස කරනු. තවද (එලෙස හැඩරුව වෙනස් වීමේ) අල්ලාහ්ගේ නියෝගය සිදු කරනු ලබන්නක් විය.
Verse 48
සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීම ගැන සමාව නොදෙයි. ඒ හැර සෙසු දෑ ට ඔහු අභිමත වූ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු (අල්ලාහ්ට) මහත් පාපයක් ගෙතුවේය.
Verse 49
ඔවුන් ඔවුන්වම පිවිතුරු යැයි පවසා ගන්නන් දෙස නුඹ නොබැලුවෙහි ද? එසේ නොව තමන් අභිමත වූවන් ව පිවිතුරු කරනුයේ අල්ලාහ්ය. තවද අණු ප්‍රමාණයකින් වුව ද ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලැබේ.
Verse 50
අල්ලාහ් කෙරෙහි ඔවුන් බොරු ගොතනුයේ කෙසේ දැ යි නුඹ සැලකිල්ලෙන් බලනු. ප්‍රකට පාපයක් ලෙස එය ප්‍රමාණවත් විය.
Verse 51
දේව ග්‍රන්ථයෙන් කොටසක් පිරිනැමූ ලැබූවන් දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු පිළිම හා නපුරු බලවේගයන් විශ්වාස කරති. තවද ‘විශ්වාස කළවුන්ට වඩා (ප්‍රතික්ෂේප කළ) මොවුන් මාර්ගයෙන් ඉතා නිවැරදි‘ යැයි ඔවුහු පවසති.
Verse 52
අල්ලාහ් ශාප කළවුන් මොවූහමය. තවද අල්ලාහ් කවරෙකුට ශාප කළේ ද එවිට ඔහු වෙනුවෙන් උදව් කරුවෙකු නුඹ නොදකින්නෙහිමය.
Verse 53
එසේ නොමැති නම් ඔවුනට ආධිපත්‍යයෙන් කොටසක් හෝ තිබේ ද? එසේ තිබුණු විටෙක ජනයාට (එයින්) අල්පයක් හෝ ඔවුහු පිරි නොනමති.
Verse 54
එසේ නොමැති නම් අල්ලාහ් මිනිසුනට තම භාග්‍යයෙන් පිරිනැමූ දෑ ගැන ඔවුහු ඔවුනට ඊර්ෂ්‍යා කරන්නෝද? සැබැවින්ම ඉබ්‍රාහීම්ගේ පවුලට දේව ග්‍රන්ථය ද ප්‍රඥාව ද අපි පිරිනැමුවෙමු. තවද ඔවුනට අපි අතිමහත් රාජ්‍යය ද පිරිනැමුවෙමු.
Verse 55
ඒ අනුව ඔවුන් අතරින් එය විශ්වාස කළවුන් වෙති. එමෙන්ම ඔවුන් අතුරින් එයින් වැළකී සිටි අය ද වෙති ඇවිළෙන ගින්නෙන් නිරය (ඔවුන්ට) ප්‍රමාණවත් වේ.
Verse 56
සැබැවින්ම අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන් ව අපි මතු ගින්නට ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් (ගින්නෙන්) පිළිස්සුනු සෑම විටකම ඔවුන් දඬුවම විඳිනු පිණිස ඒ හැර අපි ඔවුනට (වෙනත්) හම් මාරුකර දෙන්නෙමු. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත විය.
Verse 57
විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වන ඔවුන් ව අපි යටින් ගංගාවන් ගලා බස්නා උයන් වලට ඇතුළත් කරන්නෙමු. නිරන්තරයෙන්ම ඔවුන් එහි සදාතනිකයින් වෙති. එහි ඔවුනට පිවිතුරු සහකාර අය වෙති. තවද අපි ඔවුන් ව වඩාත් හෙවණැති හෙවණකට ඇතුළත් කරන්නෙමු.
Verse 58
පැවරුණු වගකීම් එහි හිමියන්ට ඉටු කරන ලෙස ද නුඹලා ජනයා අතර තීන්දු දෙන විට, යුක්ති සහගත ව තීන්දු දෙන ලෙස ද නුඹලාට නියත වශයෙන්ම අල්ලාහ් අණ කරයි. සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳ ව නුඹලාට උපදෙස් දීම යහපත් විය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවක සර්ව නිරීක්ෂක විය.
Verse 59
විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද බලය ඇත්තවුනට ද අවනත වනු. නමුත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කරගත්තේ නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ව සිටියෙහු නම් එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්‍රේෂ්ඨය. එමෙන්ම (එහි) අවසානය ද වඩා අලංකාරය.
Verse 60
නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද ඇත්තෙන්ම තමන් විශ්වාස කරන බවට පවසමින් සිටි අය දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු නපුරු බලවේගයන් වෙත තීන්දු පැතීමට අපේක්ෂා කරති. එය ප්‍රතික්ෂේප කරන ලෙස සැබැවින්ම ඔවුහු නියෝග කරනු ලැබ සිටියහ. ෂෙයිතාන් අන්ත මුළාවක ඔවුන් ව මුළා කිරීමට අපේක්ෂා කරයි.
Verse 61
තවද අල්ලාහ් පහළ කළ දෑ වෙතට ද රසූල්වරයා වෙතට ද පැමිණෙන මෙන් ඔවුනට පවසනු ලැබූ විට කුහකයින් නුඹෙන් (පිළිකුලෙන්) එකවර වැළකීම නුඹ දුටුවෙහිය.
Verse 62
ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් දුර්භාග්‍ය යක් ඇති වූ විට කෙසේ වී ද? අනතුරුව අපි යහපත හා එකඟතාව හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකරමු යැයි අල්ලාහ් මත දිවුරමින් නුඹ වෙත ඔවුහු පැමිණෙති.
Verse 63
ඔවුහු කවරහුද යත් ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ අල්ලාහ් දන්නේය. එබැවින් ඔවුන් ව නොසලකා හරිනු. තවද ඔවුනට උපදෙස් දෙනු. ඔවුන්ගේ ආත්මයට (වැටහෙන සේ) පැහැදිලි වදනින් ඔවුනට පවසනු.
Verse 64
අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අවනත වනු ලබන්නට මිස කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අපරාධ කරමින් නුඹ වෙත පැමිණ තවද ඔවුන් අල්ලාහ් ගෙන් සමාව අයැද තවද රසූල් වරයා ද ඔවුන් වෙනුවෙන් සමාව ඇයද සිටියේ නම් අල්ලාහ් පාපක්ෂමාව පිළිගන්නා ලෙසත් අසමසම කරුණාවන්ත ලෙසත් ඔවුන් දැක ගනු ඇත.
Verse 65
එසේ නොව, නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් අතර ඇති වුණු ගැටලුවක දී ඔවුන් නුඹගෙන් තීන්දු විමසා, පසු නුඹ දුන් තීන්දුවේ වරදක් ඔවුන් තුළ නොදැක ඔවුන් පූර්ණ ව අවනත වන තෙක් ඔවුන් විශ්වාස වන්තයින් නොවනු ඇත.
Verse 66
නුඹලා නුඹලාවම ඝාතනය කරනු. නැතිනම් නුඹලාගේ නිවෙස් වලින් බැහැර කරනු යැයි අපි ඔවුනට නියම කළේ නම් ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර එය සිදු නොකරන්නෝය. ඔවුනට උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුහු සිදු කළේ නම් එය ඔවුනට යහපතක් හා (විශ්වාසයේ) දැඩි ස්ථාවරත් වයක් වන්නට තිබිණ.
Verse 67
ﭮﭯﭰﭱﭲﭳ
ﭴ
එවිට අපගෙන් වූ මහත් ප්‍රතිඵල ඔවුනට අප පිරිනමන්නට තිබුණි.
Verse 68
ﭵﭶﭷ
ﭸ
තවද අපි ඔවුනට ඍජු මඟ පිරිනමන්නට තිබුණි.
Verse 69
කවරෙකු අල්ලාහ් හා රසූල් වරයාට අවනත වන්නේ ද එවිට ඔවුනට අල්ලාහ් ආශිර්වාද කළා වූ නබිවරුන් සත්‍යවාදීන් දිවිපිදූවන් හා දැහැමියන් අතුරින් වන්නෝ ඔවුහුමය. මිතුරන් වශයෙන් ඔවුහුමය යහපත් වනුයේ.
Verse 70
මෙය අල්ලාහ්ගෙන් වූ භාග්‍ය යයි. තවද අල්ලාහ් සර්වඥානී වශයෙන් ප්‍රමාණවත් විය.
Verse 71
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ පූර්වාරක්ෂාව නුඹලා ගනු. එහෙයින් නුඹලා වෙන් වෙන් කණ්ඩායම් වශයෙන් හෝ සියල්ලෝම එකට හෝ පිටත් ව යනු.
Verse 72
තවද සැබැවින්ම නුඹලා අතුරින් (යුද්ධයට පිටත් ව යෑමට) පසුබට වන්නන් ද වෙති. එවිට නුඹලාට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට “මා ඔවුන් සමඟ සහාභාගී නොවූ හේතුවෙන් මට අල්ලාහ් ආශිර්වාද කර ඇතැයි ඔහු පවසයි.“
Verse 73
අල්ලාහ්ගෙන් භාග්‍යයක් නුඹලාට හිමි වූයේ නම් නුඹලා හා ඔහු අතර කිසිදු සෙනෙහසක් නොතිබුණාක් මෙන් අහෝ ! මා ද ඔවුන් සමඟ සිටියේ නම් මහත් ජයග්‍රහණයක් මම ද අත් කර ගන්නෙමි යැයි පවසයි.
Verse 74
මතු ලොව වෙනුවෙන් මෙලොව ජීවිතය විකුණන අය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිත්වා ! කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැද ඝාතනය කරනු ලැබුවේ නම් හෝ ජයග්‍රහණය කළේ නම් හෝ මහත් ප්‍රතිඵල අපි ඔහුට මතුවට පිරිනමන්නෙමු.
Verse 75
“අපගේ පරමාධිපතියාණනි! අපව අපරාධකාර ජනයා වෙසෙන මෙම නගරයෙන් පිට කරනු මැනව! තවද අපට ඔබ වෙතින් භාරකරුවකු පත් කරනු මැනව! තවද අපට ඔබ වෙතින් උදව්කරුවකු පත් කරනු මැනව!“ යැයි පවසන පිරිමින්ගෙන් වූ දුබලයින් ද කාන්තාවන් ද දරුවන් ද (අසරණ ව) සිටිය දී අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නොවැද සිටීමට නුඹලාට කුමක් වී ද?
Verse 76
විශ්වාස කළවුන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිති. එමෙන්ම ප්‍රතික්ෂේප කළවුන්, නපුරු බලවේගයන්ගේ මාර්ගයේ සටන් වදිති. එබැවින් ෂෙයිතාන්ගේ මිතුරන් සමඟ නුඹලා සටන් වදිවු. සැබැවින්ම ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණ දුර්වල විය.
නුඹලාගේ දෑත් (සටන් කිරීමෙන්) මැඩලනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාතය ද දෙනු යැයි පවසනු ලැබූවන් දෙස නුඹ නුදුටුවෙහි ද? ඔවුන් කෙරෙහි සටන් කිරීම නියම කරනු ලැබූ කල්හි එවිට ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ට බියවනවා සේ ජනයාට බිය වෙති. එසේ නොමැතිනම් (ඊටත් වඩා) දැඩි ලෙස බිය වෙති. තවද අපගේ පරමාධිපතියාණනි ! අප හට සටන් කිරීම නියම කළේ ඇයි? ටික කලක් අපව ප්‍රමාද කරන්නට තිබුණා නොවේදැ යි පවසති. (නබිවරය) පවසනු මෙලොව වින්ඳනය අල්පය. බිය බැතිමතුන් හට මතු ලොව ශ්‍රේෂ්ඨය. අණු ප්‍රමාණයකින් වුව ද නුඹලා අපරාධ කරනු නොලබන්නෙහුය.
Verse 78
නුඹලා කොතැනක සිටිය ද මරණය නුඹලාට පැමිණෙනු ඇත. නුඹලා බලවත් බලකොටු වක සිටිය ද. (නබිවරය) ඔවුනට යම් යහපතක් සිදු වන විට එය අල්ලාහ් වෙතින් යැයි ඔවුහු පවසති. ඔවුනට යම් නපුරක් සිදු වන විට මෙය ඔබ වෙතින් යැයි පවසති. සියල්ල අල්ලාහ් වෙතින් යැයි නුඹ පවසනු. මෙම ජනයා (මෙම) පුවත අවබෝධ කර ගැනීමට තැත් නොකරනුයේ මන් ද?
Verse 79
(නබිවරය!) ඔබට යම් යහපතක් වී නම් එය අල්ලාහ් වෙතිනි. තවද නුඹට යම් නපුරක් වී නම් එය නුඹ වෙතිනි (යැයි පවසනු) තවද අපි නුඹ ව මුළු මහත් ජනයාට දූතයකු ලෙස එව්වෙමු. තවද සාක්ෂිකරුවා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
Verse 80
කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. කවරෙකු පිටුපාන්නේ ද (දැන ගනු) අපි නුඹ ව ඔවුන් වෙත ආරක්ෂකයකු ලෙස නොඑව්වෙමු.
Verse 81
අපි අවනත වෙමු යැයි ඔවුහු පවසති. නමුත් නුඹ වෙතින් ඔවුහු බැහැර ව ගිය විට ඔවුන් අතුරින් පිරිසක් නුඹ නොපැවසූ දෑ ගැන රාත්‍රියේ කුමන්ත්‍රණය කරති. ඔවුන් රාත්‍රියේ කුමන්ත්‍රණ කරන දෑ ගැන අල්ලාහ් සටහන් කරයි. එබැවින් නුඹ ඔවුන් ගැන නොසලකා හරිනු. තවද අල්ලාහ් වෙත භාර කරනු. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
Verse 82
අල් කුර්ආනය ගැන ඔවුහු වටහා ගත යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වී නම් එහි ඔවුහු පරස්පරයන් බොහෝමයක් දකිනු ඇත.
Verse 83
(පොදු) සුරක්ෂාව හෝ භීතිය ගැන තොරතුරක් ඔවුන් වෙත පැමිණි විට ඔවුහු එය පතුරවා හරිති. තවද ඔවුන් එය (අල්ලාහ්ගේ) දූතයා වෙතටත් ඔවුන් අතුරින් කරුණු (අවබෝධය) ඇති උදවිය වෙතටත් යොමු කළේ නම් ඒ ගැන පරිශීලනය කරන්නන් එය දැන ගනු ඇත. නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව නොවී නම් ස්වල්ප දෙනකු හැර නුඹලා ෂෙයිතාන් ව අනුගමනය කරන්නට තිබිණ.
Verse 84
එසේ නම් (නබිවරය) නුඹ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිනු. නුඹ නුඹවම මිස වෙන කිසිවකු පිළිබඳව බල කිරීමට ලක් නොවේ. තවද දේව විශ්වාසවන්තයින් ව දිරි ගන්වනු. දේව ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රහාරය අල්ලාහ් මැඩපවත්වනු ඇත. තවද අල්ලාහ් ප්‍රහාර එල්ල කිරීමෙහි ඉතා දැඩිය. තවද දඬුවම් දීමෙහි ද ඉතා දැඩිය.
Verse 85
කවරෙකු යහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට එයින් කොටසක් හිමිය. එමෙන්ම කවරෙක් අයහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට ඉන් කොටසක් හිමිය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂකයා විය.
Verse 86
සුබ පැතුමකින් නුඹලා සුබ පතනු ලැබූ විට නුඹලා ද ඊට වඩා අලංකාර ලෙසින් සුබ පතන්න. එසේ නැතහොත් එයම ප්‍රතිචාර ලෙස දක්වන්න. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අවධානය කරන්නාය.
Verse 87
අල්ලාහ් වූ ඔහු හැර නැමදුමට දෙවිඳෙකු නොමැත. එහි කිසිදු සැකයක් නොමැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත ඔහු නුඹලා ව එකතු කරනු ඇත. අල්ලාහ්ට වඩා කතාවෙන් සත්‍යය වන්නේ කවරෙකු ද?
Verse 88
කුහකයින් විෂයයෙහි නුඹලා දෙපිරිසක් වන්නේ ඇයි? ඔවුන් ඉපැයූ (අයහපත්) දෑ හේතුවෙන් ඔවුන් ව අල්ලාහ් අවමානයට පත් කළේය. අල්ලාහ් නොමඟ යැවූවන් ව මඟපෙන්වීමට නුඹලා අපේක්ෂා කරන්නෙහු ද? අල්ලාහ් කවරෙකු නොමඟ හැරියේ ද එවිට නුඹ ඔහු වෙනුවෙන් කිසිදු මඟක් නොදකිනු ඇත.
Verse 89
ඔවුහු ප්‍රතික්ෂේප කළාක් මෙන් නුඹලා ද ප්‍රතික්ෂේප කර (ඔවුන්ට) සමාන වීම ගැන ඔවුහු ප්‍රිය කරති. එබැවින් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ දේශ තරණය කරන තෙක් ඔවුන් අතුරින් කිසිවකු නුඹලා මිතුරන් ලෙස නොගනු. ඔවුන් පිටුපෑවේ නම් ඔවුන් ව (සිරකරුවන් ලෙස) නුඹලා හසු කර ගනු. (ද්‍රෝහි වී ඉන් මිදීමට තැත් කළ විට) නුඹලා ඔවුන් ව දුටු තැන ඔවුන් ව නුඹලා මරා දමනු. ඔවුන්ගෙන් කිසිවකු භාරකරු වකු වශයෙන් හෝ උදව් කරුවකු වශයෙන් හෝ නොගනු.
Verse 90
නමුත් නුඹලා අතර හා ඔවුන් අතර ගිවිසුමක් ඇති පිරිසක් සමඟ සේන්දු වන අය හෝ නුඹලා සමඟ සටන් වැදීමෙන් හා ඔවුන්ගේ පිරිස සමඟ සටන් වැදීමෙන් තම හදවත් මැඩ පවත්වා ගනිමින් නුඹලා වෙත පැමිණි අය හැර. අල්ලාහ් අභිමත වී නම් නුඹලා මත බලය පවත්වන්නන් බවට ඔවුන් ව ඔහු පත් කරන්නට තිබිණ. එවිට ඔවුහු නුඹලා සමඟ සටන් වදිනු ඇත. එබැවින් ඔවුන් නුඹලා ගෙන් ඉවත් ව නුඹලා සමඟ සටන් නොවැද නුඹලාට සාමය ඉදිරිපත් කළේ නම් ඔවුනට එරෙහි ව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අල්ලාහ් නුඹලාට පත් නොකළේය.
Verse 91
නුඹලාගෙන් රැකවරණය පැතීමටත් (ඔබගේ ප්‍රතිවාදී) තම ජනයාගෙන් රැකවරණය පැතීම ටත් අපේක්ෂා කරන තවත් පිරිසක් නුඹලා මතු දකිනු ඇත. කලහකම් වෙත ඔවුන් ඇරයුම් කරනු ලබන සෑම විටකම ඔවුහු එහි දැඩි ව නියැළෙති. ඔවුන් (සටන් කිරීමෙන්) නුඹලාගෙන් ඉවත් වී නුඹලා වෙත සාමය ඉදිරිපත් කර ඔවුන්ගේ දෑත් ඔවුන් මඩලා නොගත්තේ නම් නුඹලා ඔවුන් ව හසු කර ගනු. තවද ඔවුන් දුටු තැන මරා දමනු. එවැනි අයට එරෙහි වීමට අපි ප්‍රකට බලයක් නුඹලාට ඇති කළෙමු.
වැරදීමකින් මිස දේව විශ්වාස වන්තයෙකු ඝාතනය කිරීමට දේව විශ්වාසවන්තයකුට සුදුසු නොවීය. තවද කවරෙකු දේව විශ්වාසවන්තයකු ව වැරැදීමකින් ඝාතනය කළේ නම් එවිට ඔහු දේව විශ්වාසවන්ත වහලෙක් නිදහස් කළ යුතු අතර ඔහුගේ නිවැසියන්ට වන්දියක්ද පිරිනැමිය යුතු වේ. නමුත් ඔවුන් දානයක් ලෙස (එය) අතහැර දැමුවේ නම් මිස. ඔහු නුඹලාට එරෙහි වූ පිරිසකගෙන් කෙනෙකු වී ඔහු දේව විශ්වාස වන්තයකුව ද සිටී නම් දේව විශ්වාසවන්ත වහලෙක් නිදහස් කළ යුතුය. තවද ඔහු නුඹලා අතර ද තමන් අතර ද ගිවිසුමක් ඇති පිරිසකගෙන් කෙනෙකු වී නම් ඔහුගේ නිවැසියන්ට වන්දියක්ද පිරිනැමිය යුතු වේ. කවරෙකු (මේවා) නොලැබුවේද ඔහු අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ක් වශයෙන් අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුය. තවද අල්ලාහ් සර්ව ඥානීය සර්ව ප්‍රඥාවන්තය.
Verse 93
කවරෙකු දේව විශ්වාස වන්තයකු ව උවමනාවෙන් ඝාතනය කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිඵලය නිරය වේ. එහි ඔහු සදාතනිකයකු වේ. තවද අල්ලාහ් ඔහු කෙරෙහි කෝප වෙයි. තවද ඔහුට ශාප කරයි. තවද ඔහු වෙනුවෙන් අතිමහත් දඬුවමක් පිළියෙල කරයි.
Verse 94
දේව විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ (යුද වැදීමට) ගිය විට (නුඹලා මුහුණ දෙන සතුරා විශ්වාසිවන්තයකු ද අවිශ්වාසවන්තයකු ද යන්න සොයා බලා) පැහැදිලි කර ගනිවු. නුඹලාට සලාම්-ශාන්තිය ඉදිරිපත් කළ අයට නුඹලා මෙලොව ජීවිතයේ සම්පත් සොයමින් ‘නුඹ දේව විශ්වාස වන්තයකු නොවේ’ යැයි නොපවසනු. අල්ලාහ් අබියස බොහෝ සම්පත් ඇත. මීට පෙර නුඹලා ද සිටියේ මෙලෙසමය. පසුව අල්ලාහ් නුඹලාට උපකාර කළේය. එබැවින් පැහැදිලි කර ගනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
Verse 95
දේව විශ්වාසවන්තයින් අතුරින් හේතු සහිත වූවන් හැර (සටනට නොගොස්) රැඳී සිටියවුන් හා අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව ද තම ජීවිත ද කැප කළවුන් සමාන නොවන්නේය. (එසේ) රැඳී සිටියවුන්ට වඩා තම වස්තුව ද තම ජීවිත ද කැපකළ වුන් ව අල්ලාහ් තරාතිරමින් උසස් කළේය. අල්ලාහ් සියල්ලට යහපත දෙන බව පොරොන්දු වී ඇත.
Verse 96
(නමුත් රැඳී සිටියවුනට වඩා කැප කළවුනට) අතිමහත් ප්‍රතිඵල වලින් ද ඔහුගෙන් වූ තරාතිරම් වලින් ද සමාව පිරීනැමීමෙන් ද ආශිර්වාද කිරීමෙන් ද අල්ලාහ් උසස් (කොට ගරු) කළේය. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. මහා කරුණාභරිතය.
Verse 97
තමන්ටම අපරාධ කර ගත්තවුන් ලෙස සිටිය දී ඔවුන් ව මලක්වරු මරණයට පත් කරන විට “නුඹලා කවර තත්ත්වයක සිටියෙහු දැ” යි විමසති. එවිට “මහපොළොවේ අපි දුබලයින් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති. “නුඹලාට අල්ලාහ්ගේ මහපොළොව ව්‍යාප්ත ව නොතිබුණේද එහෙයින් නුඹලා එහි දේශ තරණය කරන්නට තිබුණි” යැයි පවසති. මොවුන් පිවිසෙන ස්ථානය නිරය වේ. එය නවාතැනින් ඉතා නපුරුය.
Verse 98
ඔවුනට කිසිදු උපාය මාර්ගයක් ගැනීමට හැකියාවක් නොමැති කිසිදු මාර්ගයක් මඟ පෙන්වනු නොලැබූ පිරිමින් අතුරින් දුබලයින් ද කාන්තාවන් ද ළමුන් ද හැර.
Verse 99
එවැන්නන්ට අල්ලාහ් සමාව දිය හැකි ය. තවද අල්ලාහ් සමාව දෙන්නාය. අති ක්ෂමාශීලීය.
Verse 100
අල්ලාහ්ගේ මාර්ගයේ කවරෙකු දේශතරණය කරන්නේ ද ඔහු මිහිතලයේ විකල්ප ස්ථානයන් බොහෝමයක් ද ජීවන පහසුකම් ද ලබනු ඇත. කවරෙකු අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයාණන් වෙත තම නිවසින් බැහැර ව ගොස්, පසුව ඔහුට මරණය අත් වන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිඵල අල්ලාහ් වෙත නියම විය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
Verse 101
නුඹලා මහපොළොවෙහි ගමන් කළ විට දේව ප්‍රතික්ෂේපකයින් නුඹලාට කලහකම් ඇති කරනු ඇතැයි නුඹලා බිය වෙතොත් සලාතය කෙටි කිරීම නුඹලාට වරදක් නැත. සැබැවින්ම දේව ප්‍රතික්ෂේපකයින් නුඹලාට පැහැදිලි සතුරන් වූහ.
නුඹ ඔවුන් අතර වී ඔවුනට සලාතය මෙහෙය වන්නෙහි නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ සමඟ (සලාතය) ඉටු කළ යුතුය. ඔවුන් ඔවුන්ගේ ආයුධ (අතට) ගත යුතුය. ඔවුහු සුජූද් කළ පසුව නුඹලාට පිටුපසින් ඔවුන් විය යුතුය. සලාතය ඉටු නොකළ අනෙක් පිරිස (එහි) පැමිණිය යුතුය. නුඹ සමඟ ඔවුන් ද සලාතය ඉටු කළ යුතුය. ඔවුන්ගේ ආරක්ෂාව හා ඔවුන් ගේ ආයුධ ඔවුන් ගත යුතුය. දේව ප්‍රතික්ෂේප කළවුන් නුඹලාගේ ආයුධ හා නුඹලාගේ මෙවලම් පිළිබඳ නුඹලා අනවධානී ව සිටියේ නම් එවිට ඔවුහු නුඹලා වෙත එකවර යොමු වී කඩා පනින්නට ප්‍රිය කරති. වර්ෂාවෙන් ඇති වන බාධාවක් නිසා හෝ නුඹලා රෝගීන් ව සිටියේ නම් හෝ නුඹලාගේ අයුධ බිම තැබීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. නමුත් නුඹලාගේ ආරක්ෂාව ගැන නුඹලා (වග බලා) ගත යුතුය. සැබැවින්ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපක යින්ට නින්දනීය දඬුවමක් සූදානම් කොට ඇත.
Verse 103
නුඹලා සලාතය ඉටු කළේ නම් පසුව නුඹලා සිට ගනිමින් ද වාඩිවෙමින් ද නුඹලාගේ ඇලපත් මත(ට ඇල) වෙමින් ද අල්ලාහ් ව මෙනෙහි කරනු. නුඹලා අභයදායී වූයෙහු නම් දැන් නුඹලා සලාතය (පූර්ණ ව) ඉටු කරනු. සැබැවින්ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි.
Verse 104
එම (සතුරු) පිරිස සොයා යාමෙහි නුඹලා පසුනොබසිනු. නුඹලා වේදනාවට පත් වුව ද එසේ නුඹලා වේදනාවට පත්වනවාක් මෙන්ම ඔවුන් ද වේදනාවට පත් වනු ඇත. එමෙන්ම ඔවුන් අපේක්ෂා නොකරන දෙයක් නුඹලා අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන්නෙහුය. තවද අල්ලාහ් සර්වඥානීය. සර්ව ප්‍රඥාවන්තය.
Verse 105
(නබිවරය!) අල්ලාහ් නුඹට පෙන්වා දුන් දෑ තුළින් ජනයා අතර නුඹ තීන්දු ලබා දීම පිණිස සැබැවින්ම සත්‍යයයෙන් යුතුව අපි නුඹ වෙත අල් කුර්ආනය පහළ කළෙමු. වංචා කරන්නන් හට වාද කරන්නෙකු බවට නුඹ පත් නොවනු.
Verse 106
තවද නුඹ අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලී හා අසමසම කරුණාවන්ත විය.
Verse 107
තමන් තමන්ට ම වංචා කරන්නන් වෙනුවෙන් නුඹ වාද නොකරනු. සැබැවින් අල්ලාහ් වංචනික පාපතරයින් වූවනට ප්‍රිය නොකරයි.
Verse 108
ඔවුන් ජනතාවට සැඟවිය හැකිය. අල්ලාහ්ට සැඟවිය නොහැකිය. දෙවියන් ප්‍රිය නොකරන කථා රාත්‍රියේදී කතා කරමින් කුමන්ත්‍රණ කළ විට ඔහු ඔවුන් සමඟ සිටියේ ය. අල්ලාහ් ඔවුන් කරන දේ ගැන සහමුලින් ම දැන සිටින්නෙකි.
Verse 109
මෙන්න, නුඹලා මෙලොව ජීවිතයෙහි ඔවුන් වෙනුවෙන් වාද කරන්නෙහුය. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගැන අල්ලාහ් සමඟ වාද කරනුයේ කවුද? එසේ නොමැති නම් ඔවුන් කෙරෙහි භාරකරුවෙකු වනුයේ කවුද?
Verse 110
කවරෙකු (අනුන්ට) යම් නපුරක් සිදු කර හෝ නැතිනම් තමන්ටම අපරාධයක් සිදු කර පසුව අල්ලාහ්ගෙන් සමාව අයැදින්නේ ද ඔහු අල්ලාහ් ව අති ක්ෂමාශීලී අසමසම කරුණාන්විතයකු ලෙස දකියි.
Verse 111
කවරෙකු පාපයක් උපයන්නේ ද ඔහු එය උපයනුයේ තමන්ටම එරෙහිවය. තවද අල්ලාහ් සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත විය.
Verse 112
කවරෙකු වරදක් හෝ පාපයක් උපයා පසුව එය නිර්දෝෂී කෙනෙකු මත හෙළන්නේ ද එවිට ඔහු අවලාදයක් හා ප්‍රකට පාපයක් උසුලා ගත්තේය.
Verse 113
(නබිවරය!) තවද නුඹ කෙරෙහි අල්ලාගේ ආශිර්වාදය හා ඔහුගේ කරුණාව නොවී නම් ඔවුන් අතුරින් පිරිසක් නුඹ ව නොමඟ යැවීමට උත්සාහ දරන්නට තිබිණ. නමුත් ඔවුන්වම මිස (වෙන කිසිවකු) ඔවුන් නොමඟ හැරියේ නැත. කිසිවකින් හෝ ඔවුන් නුඹට පීඩාවක් නොකරනු ඇත. තවද අල්ලාහ් නුඹ කෙරෙහි පුස්තකය (අල් කුර්ආනය) හා ප්‍රඥාව පහළ කළේය. තවද නුඹ නොදැන සිටි දෑ ඔහු නුඹට ඉගැන්නුවේය. තවද නුඹ කෙරෙහි වූ අල්ලාහ් ගේ භාග්‍යය අතිමහත් විය.
Verse 114
කෙනෙකු දානයක් හෝ යහපතක් හෝ ජනයා අතර සමතයක් ගැන හෝ විධානය කිරීමකින් මිස ඔවුන් අතර කෙරෙන රහස් කතාවන් බොහෝමයක යහපත නොමැත. කවරෙකු එය අල්ලාහ්ගේ තෘප්තිය බලා පොරොත්තුවෙන් සිදු කරන්නේ ද එවිට අපි ඔහුට අතිමහත් ප්‍රතිඵල පිරිනමන්නෙමු.
Verse 115
කවරෙකුට යහමඟ පැහැදිලි වූවායින් පසුව මෙම රසූල් වරයාට පිටු පා දේව විශ්වාස වන්තයින්ගේ මඟ හැර වෙනත් මඟක් අනුගමනය කරන්නේ ද අපි ඔහු හැරී ගිය දෑ වෙතට ඔහු ව යොමු කරන්නෙමු. තවද ඔහු ව නිරයට ඇතුළත් කරන්නෙමු. නවාතැනින් එය නපුරු ස්ථානයක් විය.
Verse 116
සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීමට සමාව නොදෙන්නේය. ඒ හැර (අනෙකුත්) දෑ ට ඔහු අභිමත අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් නොමඟට විය.
Verse 117
(අල්ලාහ් වන) ඔහුගෙන් තොරව කාන්තාවන් ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත. තවද (සියලු යහකම් වලින්) බැහැර කරනු ලැබූ ෂෙයිතාන් ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත.
Verse 118
අල්ලාහ් ඔහුට ශාප කළේය. තවද ඔහු සැබැවින්ම මම නුඹගේ ගැත්තන් අතුරින් නියමිත කොටසක් (ජය) ගනිමි.
Verse 119
සැබැවින්ම මම ඔවුන් ව නොමඟ හරිමි. ඔවුනට (නොමනා) ආශාවන් ඇති කරමි. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් ගොවිපළ සතුන්ගේ කන් කපා හරිනු ඇත. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් අල්ලාහ්ගේ මැවීම් වෙනස් කරනු ඇත යැයි පැවසුවේය. තවද කවරෙකු අල්ලාහ් හැර ෂෙයිතාන් ව භාරකරුවකු ලෙස ගන්නේද සැබැවින්ම ඔහු පැහැදිලි පාඩුවකින් පාඩු වින්දේය.
Verse 120
ඔවුනට ඔහු(ෂෙයිතාන්) පොරොන්දු දෙයි. තවද ඔවුනට ආශාවන් ඇති කරයි. ෂෙයිතාන් රැවටීමට මිස ඔවුනට පොරොන්දු නොදෙයි.
Verse 121
ඔවුහු වනාහි තම නවාතැන නිරය වූ අය වෙති. එයින් කිසිදු ගැලවුමක් ඔවුහු නොදකිනු ඇත.
Verse 122
විශ්වාස කොට යහකම් කළා වූ ඔවුන් ව ඊට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තුළට අපි ඇතුළත් කරන්නෙමු. ඔවුහු එහි නිරන්තරයෙන්ම සදා තනික යෝ වෙති. අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අල්ලාහ්ට වඩා කියමනෙන් වඩාත් සැබෑවන්නේ කවරෙකු ද?
Verse 123
නුඹලාගේ ආශාවන් හෝ පුස්තක ලත් ජනයාගේ ආශාවන් පරිදි නොවේ. කවරෙකු නපුරක් කළේ ද ඒ අනුව ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ. අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔහු නොලබනු ඇත.
Verse 124
පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාසවන්තයකු ව සිටිය දී යහකම් අතුරින් කවරෙකු හෝ යහපත කරන්නේ නම් එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති. අල්ප ප්‍රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නොලබති.
Verse 125
යහපත් දෑ කරන්නෙකු ව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්‍රාහීම්ගේ පිළිවෙත අවංක ව පිළිපදින්නෙ කුට වඩා දහමින් වඩා අලංකාර වන්නේ කවරෙකු ද ? අල්ලාහ් ඉබ්‍රාහීම් ව මිතුරෙකු බවට ගත්තේය.
Verse 126
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ්ටම හිමිය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වප්‍රකාරයෙන් දන්නාය.
Verse 127
(නබිවරය!) කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුන් නුඹගෙන් ආගමික තීන්දු විමසති. නුඹ පවසනු! ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාට ආගමික තීන්දු දෙනු ඇත. ඔවුන්ට නියම කරනු ලැබූ දෑ ඔවුනට ලබා නොදී ඔවුන් ව විවාහ කර ගැනීමට නුඹලා ආශා කළ අනාථ කාන්තාවන් විෂයයෙහි ද දරුවන් අතුරින් දුර්වලයින් විෂයයෙහි ද අනාථයිනට යුක්ති ගරුක ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද (මීට පෙර පහළ කරනු ලැබූ) පුස්තකයෙහි කියා දී ඇත. නුඹලා කවර යහපතක් කළ ද අල්ලාහ් ඒ පිළිබඳ ව සර්වඥානීය.
Verse 128
කාන්තාවක් ඇයගේ සැමියා ගෙන් යම් මුරණ්ඩු කමක් හෝ පිටුපෑමක් ගැන බිය වෙතොත් ඔවුන් දෙදෙනා අතර එකඟතා වකින් සමතයට පැමිණීම ඔවුන් දෙදෙනා අතර වරදක් නොවේ. සමතය ශ්‍රේෂ්ඨය. ආත්මාවන් මසුරුකමට බඳුන් වී ඇත. නුඹලා (එකිනෙකාට) සහය දී බිය බැතිමත් වන්නේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥාන වන්තය (යන්න දැනගනු)
Verse 129
තවද නුඹලා ආශා කළ ද බිරියන් අතර සාධාරණ ව කටයුතු කිරීමට නුඹලා ශක්තිය නොදරන්නෙහුමය. එබැවින් (එක් බිරියක් වෙත පමණක්) පූර්ණ නැඹුරුවකින් නැඹුරු වී (අනෙක් බිරිය වන) ඇය ව (වැන්දඹුවක් ද අඹුවක් ද යන්න ගැන) එල්ලෙන්නියක් මෙන් අත හැර නොදමනු. නුඹලා සමතයට පත් වී බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය. (යන්න දැන ගනු)
Verse 130
ඔවුන් දෙදෙනා වෙන් වන්නේ නම් අල්ලාහ් සෑම කෙනෙකුටම (අනෙකාගේ) අවශ්‍යතාවන් ගෙන් තොර බවට කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය. සර්ව ප්‍රඥාවන්තය.
Verse 131
අහස්හි ඇති දෑ ද මහපොළො වෙහි ඇති දෑ ද අල්ලාහ්ට හිමිය. තවද නුඹලාට පෙර පුස්තක දෙනු ලැබූවනට ද නුඹලාට ද අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි සැබැවින්ම අපි උපදෙස් දුනිමු. තවද නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතුය. තවද අල්ලාහ් පොහොසත්ය ප්‍රශංසාලාභීය. (යැයි දැන ගනු)
Verse 132
අහස්හි ඇති දෑ ද මහපොළොවෙ හි ඇති දෑ ද අල්ලාහ්ට හිමිය. භාරකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
Verse 133
අහෝ ජනයිනි! අල්ලාහ් අභිමත කරන්නේ නම් නුඹලා ව පහ කොට (ඒ වෙනුවට) වෙනත් අය ගෙන එනු ඇත. ඒ කෙරෙහි අල්ලාහ් ශක්තිවන්තය.
Verse 134
කවරෙකු මෙලොව ප්‍රතිලාභ අපේක්ෂා කරමින් සිටියේ ද එවිට (දැන ගනු) මෙලොව හා මතු ලොව ප්‍රතිලාභ අල්ලාහ් අබියසය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව නිරීක්ෂකය.
Verse 135
අහෝ දේව විශ්වාස කළවුනි! නුඹලාට එරෙහි ව හෝ දෙමාපියන් හා සමීප ඥාතීන්ට එරෙහි ව වුව ද නුඹලා යුක්තිය ඉටු කරන්නන් ලෙසත් අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් ලෙසත් සිටිනු. ඔහු පොහොසතෙකු වුව ද දුගියකු වුව ද (කම් නැත) අල්ලාහ් ඔවුන් දෙදෙනාටම භාරකරුය. එබැවින් නුඹලා යුක්තිය ඉටු කිරීමෙහි මනෝ ආශාවන් පිළි නොපදිනු. තවද නුඹලා (සාක්ෂි දැරීමට) යොමු වුව ද පිටුපෑව ද සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
Verse 136
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ දූතයාණන් ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ පුස්තකය ද ඊට පෙර පහළ කළා වූ පුස්තක ද විශ්වාස කරනු. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ දූතවරුන් ද අවසන් දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් නොමඟ විය.
Verse 137
සැබැවින්ම විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කොට, නැවතත් විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කොට, පසුව ප්‍රතික්ෂේපය වර්ධනය කර ගත්තවුනට සමාව දීමට හෝ ඔවුනට යම් මඟක් පෙන්වීමට අල්ලාහ්ට (කිසිදු අවශ්‍යතාවක්) නැත.
Verse 138
ﮮﮯﮰﮱﯓﯔ
ﯕ
සැබැවින්ම තමන්ට වේදනීය දඬුවමක් ඇති බව කුහකයින්ට ශුභාරංචි දන්වනු.
Verse 139
දේව විශ්වාසවන්තයින් හැර දමා දේව ප්‍රතික්ෂේපකයින් ව භාරකරුවන් ලෙස ගත්තවුන් (දේව ප්‍රතික්ෂේපකයින් වන) ඔවුන්වෙතින් ගෞරවය සොයන්නෝ ද? (දැන ගනු) සැබැවින්ම සියලු ගෞරවයන් අල්ලාහ් සතුය.
Verse 140
අල්ලාහ්ගේ වදන් වලට නුඹලා සවන් දෙන විට ඒවා ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් හෝ එය සමච්චලයට ලක් කරනු ලබන්නේ නම් හෝ ඔවුහු ඒ හැර වෙනත් කතාවක නියැළෙන තෙක් නුඹලා ඔවුන් සමඟ වාඩි නොවවු. (නැතහොත්) නියත වශයෙන්ම නුඹලා ද එවිට ඔවුන් මෙන් වන්නෙහුය යැයි පුස්තකයේ නුඹලා වෙත පහළ කර ඇත. නියත වශයෙන්ම අල්ලාහ් කුහකයින් හා දේව ප්‍රතික්ෂේප කයින් යන සියල්ලෝම නිරයට එක් රැස් කරන්නාය.
Verse 141
ඔවුහු වනාහි නුඹලා ගැන මාන බලමින් සිටිති. එනම්, නුඹලාට අල්ලාහ් වෙතින් යම් ජයක් වී නම් ‘අපි නුඹලා සමඟ නොවූයෙම් දැ’ යි පවසති. නමුත් දේව ප්‍රතික්ෂේපකයින්ට (ජයග්‍රහණයෙන්) කොටසක් වූයේ නම් අප ‘නුඹලා ව අබිබවා යන්නට තිබුණද දේව විශ්වාස වන්තයින්ගෙන් නුඹලා ව අපි වැළැක්වූයේ නැති දැ’ යි (ඔවුනට) පවසති. අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹලා අතර තීන්දු දෙනු ඇත. දේව විශ්වාසවන්ත යින්ට එරෙහි ව (ක්‍රියා) මාර්ගයක් ගැනීමට දේව ප්‍රතික්ෂේපකයින්ට අල්ලාහ් (ඉඩ) නොතැබුවේමය.
Verse 142
නියත වශයෙන්ම කුහකයින් අල්ලාහ් ව රවටති. ඔහු (අල්ලාහ්) ද ඔවුන්ව රවටා දමන්නාය. තවද ඔවුහු සලාතය වෙත සිට ගත් විට කම්මැළියන් ලෙසත් ජනයාට පෙන්වන්නන් ලෙසත් සිට ගනිති. ඔවුහු ස්වල්පයක් මිස අල්ලාහ්ට මෙනෙහි නොකරති.
Verse 143
ඔවුහු (දේව විශ්වාසය හා ප්‍රතික්ෂේපය යන) ඒ අතර දෝලනය වෙමින් සිටිති. ඔවුහු මොවුන් වෙතද නොවෙති. තවද ඔවුන් වෙත ද නොවෙති. තවද අල්ලාහ් කවරෙකු ව නොමඟ යැව්වේද එවිට ඔහු වෙනුවෙන් වූ කිසිදු මඟක් නුඹ නොදකින්නෙහිමය.
Verse 144
අහෝ දේව විශ්වාස කළවුනි! නුඹලා දේව විශ්වාසවන්තයින් හැර දමා දේව ප්‍රතික්ෂේපකයින් ව මිතුරන් ලෙස නොගනු. (මෙමගින්) නුඹලාට එරෙහි ව අල්ලාහ් කෙරෙහි පැහැදිලි සාධකයක් ඇති කර දීමට නුඹලා ප්‍රිය කරන්නෙහු ද?
Verse 145
සැබැවින්ම කුහකයින් නිරා ගින්නෙහි පහළම තලයේ වන්නේය. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නොලබන්නේමය.
Verse 146
නමුත් පාප සමාව අයැද තමන් ව හැඩගස්වා අල්ලාහ් පිළිබඳ ව තදින් ග්‍රහණය කොට තම දහම අල්ලාහ්ට පමණක් අවංක ව පිළිපඳින්නන් හැර. ඔවුහු දේව විශ්වාසවන්තයින් සමඟය. දේව විශ්වාසවන්තයින්ට අල්ලාහ් අතිමහත් ප්‍රතිඵල දෙනු ඇත.
Verse 147
නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වී විශ්වාස කළේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනුයේ ඇයි? තවද අල්ලාහ් කෘතවේදීය. සර්වඥානීය.
Verse 148
අපරාධයට ලක්වූවන් හැර වෙනත් කිසිවෙකු නපුරු වදනින් ප්‍රසිද්ධියේ පැවසීම අල්ලාහ් ප්‍රිය නොකරයි. තවද අල්ලාහ් සර්වශ්‍රාවක සර්වඥානී විය.
Verse 149
යම් යහපතක් නුඹලා හෙළි කළ ද එය නුඹලා සැඟවුව ද යම් නපුරකට නුඹලා සමාව දුන්න ද සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලී මහා ශක්තිවන්තයා විය.
Verse 150
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් ප්‍රතික්ෂේප කර අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් අතර වෙනස්කම් කොට (රසූල් වරුන් අතුරින්) ඇතැමුන් ව අපි විශ්වාස කරමු. එමෙන්ම ඇතැමුන් ව අපි ප්‍රතික්ෂේප කරමු යැයි පවසා මේ (විශ්වාසය හා ප්‍රතික්ෂේපය) අතර මඟක් ගන්නට අපේක්ෂා කරන අය වනාහී.
Verse 151
සැබෑ ලෙසින් ප්‍රතික්ෂේප කළවුන් මොවුහුමය. තවද අපි ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු.
Verse 152
අල්ලාහ් ව හා ඔහුගේ රසූල්වරයා ව විශ්වාස කර ඔවුන්ගෙන් කිසිවෙකු අතර වෙනස් කම් නොකළවුන් වනාහී ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට ඔහු මතුවට ලබා දෙයි. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාවන්තය
Verse 153
දේව ග්‍රන්ථ ලද්දවුන් තමන් වෙත අහසින් ග්‍රන්ථයක් නුඹ පහළ කළ යුතු යැයි නුඹෙන් විමසා සිටිති. ඔවුහු මූසාගෙන් ද මීට වඩා බරතපතළ දෑ ඉල්ලා සිටියහ. එවිට ඔවුහු අපට අල්ලාහ් ව ප්‍රසිද්ධියේ පෙන්වන්නැයි පවසා සිටියහ. පසුව ඔවුන්ගේ අපරාධ හේතුවෙන් ඔවුන් ව අකුණු හඬ හසුකර ගත්තේය. පසුව ඔවුන් තමන්ට පැහැදිලි සාධක පැමිණි පසුව වසු පැටවා (නැමදුමට) ගත්හ. අනතුරු ව අපි ඒ සඳහා සමාව දුනිමු. තවද අපි මූසාට පැහැදිලි සාධකයක් පිරිනැමුවෙමු.
Verse 154
තවද අපි ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් ගැනීමට තූර් කන්ද ඔවුනට ඉහළින් ඔසවා තැබුවෙමු. තවද අපි හිස නමා දොරටුවෙන් ඇතුළු වනු යැයි ඔවුනට පැවසුවෙමු. තවද (මසුන් ඇල්ලීමෙහි) සෙනසුරාදා සීමාව ඉක්මවා නොයනු යැයි ද පැවසුවෙමු. තවද අපි ඔවුන්ගෙන් ඉතා බලවත් ප්‍රතිඥාවක් ගත්තෙමු.
Verse 155
ඔවුන්ගේ ප්‍රතිඥාවන් ඔවුන් බිඳ දැමූ හෙයින් ද අල්ලාහ්ගේ සංඥාවන් ඔවුන් ප්‍රතික්ෂේප කළ හෙයින් ද කිසිදු යුක්තියකින් තොරව නබිවරුන් ව ඔවුන් ඝාතනය කළ හෙයින් ද අපගේ හදවත් වැසී ඇතැයි ඔවුන් පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔවුන් ව විනාශ කළේය) එමෙන්ම ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් ඒ මත අල්ලාහ් මුද්‍රා තැබුවේය. එබැවින් ස්වල්ප දෙනෙකු මිස ඔවුහු විශ්වාස නොකරති.
Verse 156
ﭩﭪﭫﭬﭭﭮ
ﭯ
තවද ඔවුන් (අල්ලාහ් ව) ප්‍රතික්ෂේප කළ හෙයින් ද මර්යම් කෙරෙහි මහත් අවලාද පැවසූ හෙයින් ද
Verse 157
අල්ලාහ්ගේ දූතයකු වන මර්යම්ගේ පුත් ඊසා ව සැබැවින්ම අපි ඝාතනය කළෙමු යැයි ඔවුන් පැවසූ හෙයින් ද; නමුත් ඔවුහු ඔහු ව ඝාතනය නොකළහ. එමෙන්ම ඔවුහු ඔහු ව කුරුසයේ බැඳ නොතැබූහ. නමුත් ඔවුනට ඔහු ව ආදේශ කරන ලදී. තවද සැබැවින්ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් ඔහු පිළිබඳ ව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහු ව තිරසාර ව ඝාතනය නොකළෝය.
Verse 158
නමුත් අල්ලාහ් තමන් වෙත ඔහු ව ඔසවා ගත්තේය. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත විය.
Verse 159
දේව ග්‍රන්ථය ලැබූ කිසිවෙකු ඔහු (මෙලොවට පැමිණ) මරණයට පත් වීමට මත්තෙන් ඔහු ව විශ්වාස කරනවා මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ඔවුනට එරෙහි ව සාක්ෂිකරුවකු වනු ඇත.
Verse 160
යුදෙව් වූවන්ගේ අපරාධ හේතු වෙන් ඔවුනට අනුමත කරනු ලැබූ පිවිතුරු දෑ ඔවුනට අපි තහනම් කළෙමු. එය අල්ලාහ්ගේ මාර්ගයෙන්බොහෝ දෙනා ව ඔවුන් වැළකූ හෙයිනි.
Verse 161
තවද පොලිය තහනම් කරනු ලැබ තිබිය දී ඔවුහු එය ගත් හෙයින් ද අනිසි අයුරින් ජනයාගේ වස්තුව ඔවුන් අනුභව කළ හෙයින් ද වේ. තවද අපි ඔවුන් අතුරින් වූ දේව ප්‍රතික්ෂේපකයින්ට වේදනා සහගත දඬුවම් සූදානම් කළෙමු.
Verse 162
නමුත් ඔවුන් අතුරින් දැනුමෙහි ඉතා තීක්ෂකයින් ද දේව විශ්වාස වන්තයින් ද නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද සලාතය විධිමත් ව ඉටු කරන්නන් ද zසකාත් දෙන්නන් ද අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් ද වන මොවුනට අපි අතිමහත් ප්‍රතිඵල පිරිනමන්නෙමු.
Verse 163
සැබැවින්ම නූහ්ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින්ම අපි වහී පහළ කළෙමු. (ඒ අනුව) අපි ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ්, අස්බාත් (හෙවත් යඃකූබ්ගේ පරපුර) ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන් හා සුලෙයිමාන් යන අයට ද වහී පහළ කළෙමු. තවද අපි දාවූද්ට සබූර් පිරිනැමුවෙමු.
Verse 164
ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන මීට පෙර නුඹට අපි පවසා ඇත්තෙමු. තවද ඇතැම් රසූල්වරුන් ඔවුන් ගැන අපි නුඹට නොපැවසුවෙමු. තවද අල්ලාහ් මූසා සමඟ කතා කළේය.
Verse 165
ඇතැම් රසූල්වරුන් එම රසූල් වරුන්ට පසුව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහි ව ජනයාට නොවනු පිණිස ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත විය.
Verse 166
නමුත් නුඹ වෙත පහළ කළ දෑ ට අල්ලාහ් සාක්ෂි දරනු ඇත. එය ඔහුගේ අනු දැනුමෙන් පහළ කළේය. තවද මලාඉකාවරු ද සාක්ෂි දරති. සාක්ෂි දරන්නා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
Verse 167
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වූවෝ සැබැවින්ම අන්ත මුළාවකින් මුළා වූහ.
Verse 168
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට අපරාධ කළවුන් වනාහි ඔවුනට සමාව දීමට හෝ නිරයේ මාර්ගය මිස වෙනත් මාර්ගය කින් ඔවුන් ව යහමඟ යැවීමට හෝ අල්ලාහ්ට (කිසිදු අවශ්‍යතා වක්) නොවීය. ඔවුහු එහි නිරන්තරයෙන්ම සදාතනික යින් වෙති. තවද අල්ලාහ්ට එය පහසු කාර්යයක් විය.
Verse 169
ඔවුන් ජනතාවට සැඟවිය හැකිය. අල්ලාහ්ට සැඟවිය නොහැකිය. දෙවියන් ප්‍රිය නොකරන කථා රාත්‍රියේදී කතා කරමින් කුමන්ත්‍රණ කළ විට ඔහු ඔවුන් සමඟ සිටියේ ය. අල්ලාහ් ඔවුන් කරන දේ ගැන සහමුලින් ම දැන සිටින්නෙකි.
Verse 170
අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය රැගෙන මෙම රසූල්වරයා පැමිණ ඇත. එබැවින් නුඹලා විශ්වාස කරනු. නුඹලාට යහපතකි. නමුත් නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට (දැන ගනු) සැබැවින්ම අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත විය.
දේව ග්‍රන්ථ ලැබූවනි! නුඹලාගේ දහමෙහි නුඹලා සීමාව ඉක්මවා නොයනු. අල්ලාහ් කෙරෙහි සත්‍යය මිස (වෙන කිසිවක්) නොපවසනු. මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් අල්ලාහ්ගේ දූතයෙකි. එය ඔහුගේ නියෝගයකි. එය මර්යම් වෙත හෙළුවේය. තවද ඔහුගෙන් වූ ආත්මයකි. එබැවින් අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයා ද විශ්වාස කරනු. ත්‍රිත්වය යැයි නොපවසනු (එයින්) වැළකෙනු. (එය) නුඹලාට යහපත් වනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඒකීය දෙවියාමය. ඔහුට දරුවකු සිටීමෙන් ඔහු පිවිතුරුය. අහස්හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතුය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
Verse 172
අල්ලාහ්ට ගැත්තෙකු වීමෙන් මසීහ් හෝ සමීප මලාඉකාවරුන් හෝ දුරස් නොවන්නේමය. ඔහුට ගැතිකම් කිරීමෙන් කවරෙකු දුරස් වී උඩඟු වන්නේ ද එවිට (දැන ගනු) ඔහු වෙත ඔවුන් සියල්ලම (මතු ලොවෙහි) ඔහු එක් රැස් කරනු ඇත.
Verse 173
දේවවිශ්වාස කොට යහකම් කළ අය වූ කලී ඔවුනට ඔවුන්ගේ ප්‍රතිඵල ඔහු පූර්ණ ව දෙනු ඇත. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට අධික ව දෙනු ඇත. නමුත් දුරස් වී උඩඟු අය වූ කලී ඔවුනට වේදනා සහගත දඬුවමකින් ඔහු දඬුවම් කරනු ඇත. භාරකරුවකු වශයෙන් හෝ උදව්කරුවකු වශයෙන් හෝ අල්ලාහ්ගෙන් තොරව වෙනත් කිසිවකු ඔවුනට දැක ගත නොහැකි වනු ඇත.
Verse 174
අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සාධකයක් පැමිණ ඇත. තවද නුඹලා වෙත පැහැදිලි ආලෝකයක් අපි පහළ කළෙමු.
Verse 175
අල්ලාහ් ව විශ්වාස කොට ඔහු පිළිබඳ තදින් ග්‍රහණය කර ගත් අය වූ කලී ඔහුගෙන් වූ දයාවෙහි හා භාග්‍යයෙහි ඔහු ඇතුළත් කරනු ඇත. තවද ඔහු වෙත වූ ඍජු මාර්ගයෙන් ඔවුනට ඔහු මඟ පෙන්වනු ඇත.
(නබිවරය!) ඔවුහු ඔබෙන් ආගමික තීන්දු පතති. කලාලා සම්බන්ධයෙන් වූ ආගමික තීන්දු අල්ලාහ් නුඹලාට දෙනු ඇතැයි පවසනු. තමන්ට සහෝදරියක සිටිය දී තමන්ට දරුවකු නොවූ තත්ත්වයක පුද්ගලයකු මරණයට පත් වූයේ නම් එවිට ඔහු අත හැර දමා ගිය දැයින් අඩක් ඇයට හිමි විය යුතුය. එමෙන්ම ඇයට දරුවකු නොවූයේ නම් ඔහු ඇය(ගේ වස්තුව)ට උරුමකම් පානු ඇත. එමෙන්ම සහෝදරියන් දෙදෙනෙකු වී නම් ඔහු අත හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුන් දෙදෙනාට හිමි විය යුතුය. ඔහුට පිරිමි හා ගැහැනු සහෝදර සහෝදරියන් වී නම් කාන්තාවන් දෙදෙනකුට හිමි කොටස මෙන් (පංගුවක්) පිරිමියාට හිමිය. නුඹලා නොමඟ නොයනු පිණිස අල්ලාහ් නුඹලාට (මෙසේ) පැහැදිලි කරන්නේය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥානීය.
تقدم القراءة