سورة الدخان

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الدّخان හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 2
පැහැදිලි දේව ග්‍රන්ථය මත දිවුරමින්
නියත වශයෙන්ම භාග්‍යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන්ම අපි අවවාද කරන්නන් වූයෙමු.
එහි ප්‍රඥාවෙන් යුක්ත සෑම නියෝගයක්ම තීරණය කරනු ලබයි.
(එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි (දහම් දූතයින්) එවන්නන් වූයෙමු.
(එය) ඔබේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු. ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.
ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. නුඹලාගේ පරමාධිපතිය. තවද නුඹලාගේ ප්‍රාරම්භක මුතුන් මිත්තන්ගේ ද පරමාධිපතිය.
එසේ නොව ඔවුහු සැකයෙහි කෙළි දෙළති.
එහෙයින් පැහැදිලි ව පෙනෙන දුමාරයකින් යුතු ව අහස පැමිණෙන දිනය (නබිවරය) ඔබ බලාපෙරොත්තුවෙන් සිටිනු.
එය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි.
“අපගේ පරමාධිපතියාණනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)
ඔවුනට උපදෙස කෙසේ නම් වන්නේ ද? තවද සැබැවින්ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත.
පසු ව ඔවුහු ඔහුගෙන් හැරී ගොස් “(ඔහු) පුහුණු කරනු ලැබූ උම්මත්තකයෙකි” යැයි ඔවුහු පැවසූහ.
නියත වශයෙන්ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන්ම නුඹලා නැවත හැරී යන්නෝය.
දැඩි ග්‍රහණයකින් අප ග්‍රහණය කරන දින නියත වශයෙන්ම අපි දඬුවම් කරන්නෝ වෙමු.
තවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය දහම් දූතයකු පැමිණියේය.
“අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දහම් දූතයකු වෙමි” (යැයි ඔහු පැවසීය.)
“තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නොවනු. නියත වශයෙන්ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවෙමි.”
“තවද නුඹලා මා ගල් ගසා මැරීම සම්බන්ධයෙන් නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින් එමෙන්ම නුඹලාගේ පරමාධිපති වෙතින් ආරක්ෂාව පතමි.”
“තවද නුඹලා මා විශ්වාස නොකළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත් ව සිටිනු.”
(ඔවුන් කලහකම් කළහ) එවිට ඔහු ‘නියත වශයෙන්ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේය.
(ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන්ය.”
“මුහුද ඒ අයුරින්ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන්ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.”
ඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද?
Verse 26
කෙත්යායන් හා ගෞරවනීය ස්ථාන
Verse 27
එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත්
එලෙසය ! තවද අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු.
එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නොවූහ.
තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින්ම අපි මුදවා ගත්තෙමු.
ෆිර්අවුන්ගෙන්. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතුරින් උද්දච්ච ප්‍රධානියකු විය.
(එකල විසූ) ලෝවැසියනට දැනුවත් ව සැබැවින්ම අපි ඔවුන් තෝරා ගත්තෙමු.
තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය.
Verse 34
නියත වශයෙන්ම මොවුහු මෙසේ පවසති.
“මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.”
එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.”
ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම ඔවුහු අපරාධකරුවන් වූහ.
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද කෙළි ලොල් සඳහා අපි නොමැව්වෙමු.
ඒ දෙක සත්‍යයෙන් යුතු ව මිස අපි නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
නියත වශයෙන්ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි.
එදින කිසිදු මිතුරෙකු මිතුරෙකට කිසිවකින් ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු උදව් කරනු නොලබති.
නමුත් අල්ලාහ් කරුණාව පෙන් වූ අය හැර. නියත වශයෙන්ම ඔහුමය සර්ව බලධාරී මහා කරුණාවන්ත වනුයේ.
Verse 43
නියත වශයෙන්ම zසක්කූම් ගස
Verse 44
පාපතරයින්ගේ ආහාරයයි.
Verse 45
(එය) තෙල් මණ්ඩිය මෙන්ය. එය උදර තුළ කැකෑරෙයි.
Verse 46
ලෝ දිය කැකෑරෙන්නක් මෙනි.
නුඹලා ඔහු හසු කරනු. පසු ව නුඹලා ඔහු නිරය මැදට ඇද ගෙන යනු.
පසු ව ඔහුගේ හිසට ඉහළින් ලෝ දිය දඬුවමින් නුඹලා වක් කරනු.
ඔබ විඳිනු. නියත වශයෙන්ම ඔබ ගරුසරු ඇති බලධාරියෙකි.
නියත වශයෙන්ම මෙය නුඹලා කවර දෙයක් පිළිබඳ සැක කරමින් සිටියෙහු ද එයයි (යැයි කියනු ලැබේ.)
නියත වශයෙන්ම බිය බැතිමතුන් ආරක්ෂිත ස්ථානයක වෙති.
Verse 52
උයන් වතු හා දිය උල්පත් අතරය.
ඔවුහු සිනිඳු සේද හා ඝන සේද වලින් ඇඳ පැළඳ එකිනෙකා මුහුණලමින් සිටිති.
Verse 54
එලෙසය. තවද අපි ඔවුනට නෙත් පිනවන කුමරියන් විවාහ කර දෙමු.
ඔවුහු බියෙන් තොර වූවන් ලෙසින් සෑම පලතුරක්ම එහි පතති.
මුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නොවිඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කර ඇත.
(එය) ඔබේ පරමාධිපතිගේ භාග්‍යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්‍රහණය.
එහෙයින් ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස අපි එය ඔබේ දිවට පහසු කළෙමු.
Verse 59
එහෙයින් ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.
تقدم القراءة