الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الأحقاف හි පරිවර්තනය
Verse 1
ﮑ
ﮒ
හා මීම්
Verse 2
ﮓﮔﮕﮖﮗﮘ
ﮙ
මෙම දේව ග්‍රන්ථයේ පහළ කිරීම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූවකි.
Verse 3
සත්‍යයෙන් යුතුව හා නියමිත කාලයක් සඳහා මිස අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නොමැව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් ඔවුනට අවවාද කරනු ලැබූ දෑ පිටුපාන්නන්ය.
Verse 4
අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන දෑ දෙස නුඹලා බැලුවෙහු ද? ඔවුන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැයි මට නුඹලා පෙන්වනු. එසේ නැතහොත් අහස්(මැවීමෙ)හි යම් හවුලක් ඔවුනට තිබේ ද? නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මීට පෙර වූ ග්‍රන්ථයක් හෝ ඥානාන්විත සලකුණක් හෝ මා වෙත ගෙන එනු.” යැයි නුඹ පවසනු.
Verse 5
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් අල්ලාහ් හැර තමන්ට පිළිතුරු නොසපයන අයට ඇරයුම් කරන්නාට වඩා නොමග ගිය අය කවුද? තවද මොවුන්ගේ ඇරයුම ගැන ඔවුහු වැටහීමක් නැත්තෝය.
Verse 6
තවද ජනයා එක්රැස් කරනු ලැබූ විට ඔවුහු මොවුනට සතුරු වනු ඇත. මොවුන්ගේ ඇදහීම පිළිබඳ ව ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන් වනු ඇත.
Verse 7
ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් පාරායනය කරනු ලබන විට ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක්” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.
Verse 8
එසේ නැතහොත් “ඔහු එය ගෙතුවේ යැයි පවසන්නෝ ද? මම එය ගෙතුවේ නම් අල්ලාහ්ගෙන් (වූ දඬුවමින්) මා වැළැක්වීමට නුඹලා ශක්තිය නොදරනු ඇත. නුඹලා කවර කරුණක ගිලී සිටින්නෙහු ද ඒ පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය. මා අතර හා නුඹ අතර සාක්ෂිකරුවෙකු වශයෙන් ඔහු ප්‍රමාණවත්ය. තවද ඔහු අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය” යැයි නුඹ පවසනු.
Verse 9
“දහම් දූතවරුන් අතුරින් මා නවකයෙකු නොවූයෙමි. තවද මට හෝ නුඹලාට කුමක් සිදු කරනු ලබන්නේ දැයි මම නොදනිමි. මා වෙත හෙළිදරව් කරනු ලබන දෑ හැර මම නොපිළිපදිමි. තවද මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැතැ”යි (නබිවරය) නුඹ පවසනු.
Verse 10
“එය අල්ලාහ් වෙතින් වී ඉස්රාඊල් දරුවන් අතුරින් සාක්ෂිකරුවකු එයට සමාන දෙයක් මත සාක්ෂි දරා පසු ව ඔහු විශ්වාස කර සිටිය දී නුඹලා එය ප්‍රතික්ෂේප කොට උඩගු වූයේ නම් (ඒ ගැන) නුඹලා කුමක් සිතන්නෙහුද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.” යැයි (නබිවරය) නුඹ පවසනු.
Verse 11
“එය යහපතක් වී නම් ඔවුහු ඒ කෙරෙහි අපට ඉදිරියෙන් ගොස් නැතැයි ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් හමුවේ පැවසූහ. තවද එමගින් ඔවුහු යහමග නොලැබූ විට ‘මෙය පුරාණ ප්‍රබන්ධයක්’ යැයි ඔවුහු පවසනු ඇත.
Verse 12
තවද එයට පෙර මග පෙන්වන්නක් වශයෙන් හා ආශිර්වාදයක් වශයෙන් මූසාගේ ග්‍රන්ථය විය. මෙය අරාබි බසින් වූ (එය) තහවුරු කරන ග්‍රන්ථයයි. මෙය අපරාධ කරන්නන්හට අවවාද කරනු පිණිස ද දැහැමියන්ට ශුභාරංචි දන්වන්නක් පිණිස ද වේ.
Verse 13
‘අපගේ පරමාධිපති අල්ලාහ්’ යැයි ප්‍රකාශ කොට පසුව (එහි) ස්ථාවර ව සිටියවුන් වන ඔවුනට කිසිදු බියක් නැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නෝ ද නොවෙති.
Verse 14
ඔවුහු ස්වර්ග වැසියෝය. එහි සදාතනිකයින්ය. (එය) ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි.
තවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතු ව ඉසිලුවාය. තවද දුෂ්කරත්වයෙන් යුතු ව ඇය ඔහු ප්‍රසූත කළාය. ඔහු ව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත් ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපත්යාණනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්‍යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන්ම මම පාප සමාව ඇයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන්ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතුරිනි යැයි ඔහු පැවසුවේය.
Verse 16
ඔවුන් සිදු කළ අලංකාර දෑ ඔවුන්ගෙන් අප පිළිගත් අය ඔවුහුමය. තවද අපි ඔවුන්ගේ පාපකම් නොසළකා හරිමු. (ඔවුහු) ස්වර්ගවාසීහු අතරය. (එය) ඔවුනට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි සත්‍යයේ ප්‍රතිඥාවක් වශයෙනි.
Verse 17
තම දෙමාපියන්ට (අකීකරු වචනයෙන්) ‘චී’ යැයි පැවසූ අය “නුඹ දෙදෙනා මා (මිනි වළෙන්) ගොඩ ගනු ලබනු ඇතැයි පවසා මා බිය වද්දන්නෙහු ද? මට පෙර ද පරම්පරාවන් ඉකුත් ව ගොස් ඇතැ”යි පැවසීය. තවද ඔවුන් දෙදෙනා අල්ලාහ්ගෙන් උදව් පතමින් “නුඹට විනාශයයි. නුඹ විශ්වාස කරනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍යයකි.” එවිට ඔහු “මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස නැතැ”යි පවසයි.
Verse 18
තමන් වෙත (දඬුවමේ ප්‍රකාශය) නියම වූ ඔවුහු ඔවුනට පෙර ඉකුත් ව ගිය ජින්නුන් හා මිනිසුන් අතුරින් වූ සමූහයන් අතරය. නියත වශයෙන්ම ඔවුහු පරාජිතයින් වූහ.
Verse 19
සෑම කෙනෙකුටම ඔවුන් සිදු කළ දැයින් තරාතිරම් ඇත. තවද ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුනට පූර්ණ ව ප්‍රතිඵල දෙනු ඇත. තවද ඔවුහු අපරාධ සිදු කරනු නොලබති.
Verse 20
තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්නට ඉදිරිපත් කරනු ලබන දින, නුඹලාගේ මෙලොව ජීවිතයේ දී නුඹලාගේ යහපත් දෑ නුඹලා ඉවත් කර ගෙන ඇත. තවද නුඹලා ඒවා භුක්ති විඳ ඇත. එහෙයින් අද දින නුඹලා කිසිදු සාධාරණයකින් තොර ව උඩගුකම් පෑ හේතුවෙන් ද නුඹලා පාපකම් සිදුකරමින් සිටි හේතුවෙන් ද නින්දිත දඬුවම ප්‍රතිඵල වශයෙන් දෙනු ලබන්නෙහුය.
Verse 21
තවද ආද්ගේ සහෝදරයා අහ්කාෆ්හි (වැලිකඳු මත) සිට තම ජනයාට අවවාද කළ අවස්ථාව නුඹ මෙනෙහි කරනු. ඔහුට පෙර ද ඔහුට පසු ද මෙවන් අවවාද කරන්නන් ඉකුත් ව ගොස් ඇත. “අල්ලාහ් හැර නුඹලා (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකරනු. නියත වශයෙන්ම මහත් වූ දිනයක දඬුවම නුඹලා වෙත පැමිණීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි” (යැයි ඔහු පැවසීය).
Verse 22
“අපගේ දෙවිවරුන්ගෙන් අප වෙනතකට යොමු කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? එසේ නම්, නුඹ සත්‍යවාදීන් අතුරින් කෙනෙකු වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු” යැයි ඔවුහු පැවසූහ.
Verse 23
“නියත වශයෙන්ම එම දැනුම අල්ලාහ් අබියසය. තවද කවර දෙයක් සමග මා එවනු ලැබුවේ ද එය මා නුඹලාට දැනුම් දෙමි. නමුත් නුඹලා වටහා නොගන්නා පිරිසක් ලෙස මම නුඹලා දකිමි” යැයි ඔහු පැවසීය.
Verse 24
ඔවුන්ගේ මිටියාවත දෙසට එය වලාකුළක් සේ ළඟා වනු ඔවුහු දුටු කල්හි, “මෙය අපට වැසි ගෙන දෙන වලාකුළකි” යැයි ඔවුහු පැවසූහ. “එසේ නොව, එය නුඹලා කවර දෙයක් ඉක්මණින් පැතුවෙහු ද එයයි. දැඩි සුළගකි. එහි වේදනීය දඬුවමක් ඇත.”
Verse 25
“එය එහි පරමාධිපතිගේ නියෝගය අනුව සියලු දෑ සුනු විසුනු කරනු ඇත.” එවිට ඔවුන්ගේ වාසස්ථාන හැර (කිසිවෙකු) දකින්නට නොලබන තත්ත්වයට ඔවුහු පත් වූහ. අපරාධකාරී ජනයාට අපි ප්‍රතිවිපාක පිරිනමනුයේ එලෙසය.
Verse 26
කවර විෂයක අපි නුඹලාට පහසුකම් ලබා නොදුන්නෙමු ද එවන් දෑහි සැබැවින්ම අපි ඔවුනට පහසුකම් ලබා දුනිමු. තවද අපි ඔවුනට සවන් බැල්ම හා හදවත් ද ඇති කළෙමු. නමුත් අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් ඔවුන්ගේ සවන් හෝ ඔවුන්ගේ බැල්ම හෝ ඔවුන්ගේ හදවත් කිසිවකින් හෝ ඔවුනට ඵලක් නොවීය. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වට කළේය.
Verse 27
තවද නුඹලා අවට පිහිටි ගම්මාන (රාශියක්) සැබැවින්ම අපි විනාශ කළෙමු. ඔවුන් නැවත යොමු විය හැකි වනු පිණිස එම සංඥා අපි විවිධාකාරයෙන් ගෙන හැර පෑවෙමු.
Verse 28
අල්ලාහ්ට අමතර ව සමීපවීමේ මාර්ගයක් ලෙස ඔවුන් ගත් (වෙනත්) දෙවිවරුන් ඔවුනට උදව් කර තිබිය යුතු නොවේ ද? එසේ නොවේ. ඔවුහු ඔවුන්ගෙන් මුළා වී ඇත. තවද එය ඔවුන්ගේ බොරුවය. තවද ඔවුන් ගොතමින් සිටි දෑය.
Verse 29
අප නුඹ වෙත අල් කුර්ආනය සවන් දෙන්නට ජින් වර්ගයාගෙන් පිරිසක් යොමු කළ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඔවුන් ඔහු වෙත පැමිණි කල්හි “නුඹලා නිහඬ ව සවන් දෙනු” යැයි ඔවුහු පැවසූහ. පසු ව (පාරායනය)අවසන් වූ කල්හි ඔවුහු තම සමූහයා වෙත අවවාද කරන්නන් ලෙස හැරී ගියහ.
Verse 30
අහෝ අපගේ ජනයිනි! මූසාගෙන් පසු ව, (එයට පෙර) තමන් අතර පැවති දෑ තහවුරු කරමින් පහළ කරන ලද දේව ග්‍රන්ථයකට නියත වශයෙන්ම අපි සවන් දුනිමු. එය සත්‍යය වෙත හා ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ඇත.
Verse 31
“අහෝ අපගේ ජනයිනි! අල්ලාහ්ගේ කැඳවුම්කරුට නුඹලා ප්‍රතිචාර දක්වනු. තවද නුඹලා ඔහු විශ්වාස කරනු. නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙන්නේය. තවද වේදනීය දඬුවමින් ඔහු නුඹලා මුදවා ගන්නේය.
Verse 32
“තවද, කවරෙකු අල්ලාහ්ගේ කැඳවුම්කරුට ප්‍රතිචාර නොදක්වන්නේ ද එවිට ඔහු මහපොළොවේ (අල්ලාහ්ව අබිබවා යන්නට) හැකියාව ඇත්තෙක් නොවේ. තවද ඔහුගෙන් තොර ව ඔහුට ආරක්ෂකයෙක් නොමැත. ඔවුහු පැහැදිලි මුළාවෙහිය.
Verse 33
නියත වශයෙන්ම අහස් හා මහපොළොව මවා, ඒවා මැවීමෙන් නිරායාසයට පත් නොවූ අල්ලාහ් මළවුනට යළි ජීවය දෙන්නට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ ද? එසේය නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
Verse 34
තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්න වෙත ඉදිරිපත් කරනු ලබන දිනයේ “මෙය සත්‍යය නොවේ ද” (යැයි විමසනු ලබති). “අපගේ පරමාධිපති මත දිවුරා (එය) එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් එම දඬුවම නුඹලා භුක්ති විඳිනු” යැයි ඔහු පවසයි.
Verse 35
එහෙයින් දහම් දූතවරුන් අතුරින් දැඩි අධිෂ්ඨානයෙන් වූවන් ඉවසුවාක් මෙන් නුඹ ද ඉවසනු. තවද ඔවුන් සඳහා නුඹ ඉක්මන් නොවනු. ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින දින දහවල් කාලයේ හෝරාවක් මිස තමන් නතර නොවූවාක් මෙනි. (නුඹේ කාර්යය) දැනුම් දීමකි. පාපතර ජනයා හැර (වෙනත් කිසිවෙකු) විනාශ කරනු ලබන්නේද?
تقدم القراءة